ඩී.ඒ.රාජපක්ෂගේ පරාජය සනිටුහන් කළ මැදමූලන ගහ යටදීම මහින්දත් නාමලුත් තම දේශපාලන පාංශුකූලය දෙති: මෛත්‍රීගෙන් නාමයෝජනා නොලැබුනු ‘රාජපක්ෂ හොරු වෙනුවෙන් හොරු‘ නව පෙරමුණක් අරඹති.
තම දරුවා වූ නාමල් රාජපක්ෂගේ ශ්‍රීලනිප උරුමයද අනතුරේ දා ගනිමින් තම පියා ගේ පරාජය 1960 දී සනිටුහන් කළ මැදමූලන අතීත ගහ යටදී පරාජිත මෘග චෞර මහින්ද රාජපක්ෂ තම දේශපාලන පාංශුකූලය අද තමා විසින්ම පවත්වා ගත් බව ලංකා ඊ නිව්ස් සාතිශය සන්තුෂ්ඨියෙන් යුතුව වාර්තා කරයි. ජනතාව පිළිකුලින් පරදවා පළවා හැරිය මෘග චෞර මහින්ද රාජපක්ෂට හෝ රාජපක්ෂ කුලයේ චෞරයන්ට තමා නායකත්වය දරණ ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිසයෙන් ජනාධිපති මෛත්‍රී කිසිසේත්ම නාමයෝජනා ලබා නොදෙන බව ලංකා ඊ නිව්ස් පෙරේදා(ජුනි 29 දා) සිටම ස්ථිර ලෙසම පවසා සිටියේ ය. අද වන විට ඒ බව ස්ථිර ලෙසම තහවුරු කරගත් මහින්ද රාජපක්ෂ 1960 දී තම පියා වූ ඩී.ඒ.රාජපක්ෂගේ පරාජය සනිටුහන් කළ ගහ යටදී ප්‍රකාශයක් කරමින් තමා නව සන්ධානයකින් එළැඹෙන මැතිවරණයට තරඟ කරන බව නිල වශයෙන් ප්‍රකාශ කෙළේ දැනටමත් පරාජය වී සිටින ඔහුගේ දේශපාලන පාංශුකූලය පවත්වමිනි. මේ ආකාරයටම 1960 මාර්තු 19 දා මැතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ පියා ඩී.ඒ. රාජපක්ෂ ද ශ්‍රීලනිපයෙන් ඉවත්ව මහජන එක්සත් පෙරමුණ නමින් ඡන්දය ඉල්ලූ අතර එහිදී ඔහු අන්ත පරාජයට පත් විය. එදා ඩී.ඒ. ද කතා කෙළේ අද මහින්ද තම ඛේදනීය ආරම්භය සඳහා තෝරාගත් මෙකී ගහ යටදීම වීම දෛවෝපගත සරදමකි. ඔහු නොදන්නවා වූ නමුත් මේ සමගම ඔහු තම පුත්‍රයා වූ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය ද අද විනාශ කර දැම්මේ ය.
රාජපක්ෂලා බලාපොරොත්තු වූ ආකාරයට ශ්‍රීලනිපයෙන් මහ ලොකු පිරිසක් මැදමූලනට අද නොපැමිනි අතර මහින්ද, ශිරන්ති, ගෝඨා, චමල්(දේශපාලනයෙන් විශ්‍රාම ගෙන ඇත) ඇතුලු පවුලේ හොරු රැලට අමතරව පැමිණ සිටියේ බන්ධුල, ටී.බී. පවිත්‍රා, ජීඇල්, ලොකුගේ, වෙල්ගම, රත්තරන්, දුමින්ද සිල්වා, චන්ද්‍රෙස්න, මහින්දානන්ද, මුතුහෙට්ටිගම, කෙහෙලිය, මනුෂ, ජොන්ස්ටන්, සරණ, චන්දිම වීරක්කොඩි, මහ ඇමැති රණතුංග, එස්.එම්, මහීපාල ආදී යහපාලන මෛත්‍රීගෙන් නාමයෝජනා නොලැබෙන බව ඉන්තේරුවෙන්ම දන්නා රාජපක්ෂලාගේ හොරු කිහිප දෙනා සහ වීරවංශ දිනේෂ් ගම්මන්පිල වැනි දේශපාලන නන්නත්තාරයන් පිරිස පමණි. බැසිල් රාජපක්ෂ නමැති රාජපක්ෂ රෙජීමයේ ප්‍රධාන කකුල පවා මැදමූලන හොරුන්ගේ සන්ධානය ගොඩ නැගීමට මහින්ද සමග එක්ව සිටියේ නැත. එදා සිටි කලා කරුවන්ගෙන් අද සිටියේ මාලනී ෆොන්සේකා පමණි. රාජපක්ෂ හොර හැතිකරය බුදු රජානන් වහන්සේගේ නෑයෙක් යැයි කී ජැක්සන් ඇන්තනී කොහේදැයි පැමිණ සිටියවුන් සෙවූ නමුත් සොයා ගත නොහැකි විය. සුනාමි වංචාවෙන් මහින්ද බේරා ගත්තේ තමන්යැයි කියා ඊට ජනතාවගෙන් සමාව ඉල්ලූ හිටපු අගවිනි-සොරා සරත් එන් සිල්වා ද මැදමූලනට පැමිණ සිටීම තරම් උපහාසයක් තවත් තිබුනේ නැත. කහවත්තේ සුද්දා, මූර්ති, ආදී රාජපක්ෂලාගේ මිනීමරු මැරයන් නම් අඩුවක් නැතිව පැමිණ සිටියහ.
මහින්ද රාජපක්ෂගේ හොරු වෙනුවෙන් හොරු සන්ධානය අද දක්වා පෙන්වමින් සිටියේ තමන්ට මෛත්‍රීගෙන් නාම යෝජනා ලැබෙන බව නමුත් එය එසේ නොවන බව තහවුරු වීම නිසා ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් විශාල පිරිසක් විනාශය කරා යන රාජපක්ෂලා සමග එක්ව වළ පල්ලට නොයා මෛත්‍රී සමග, නිල ශ්‍රීලනිපය සමග එක්ව සිටීමට තීරණය කර ඇති බව අද ලෝකයාට පෙන්වා දුන්හ.
මෙම අවස්ථාවේදී කතාවක් කරමින් මෘග චෞර මහින්ද රාජපක්ෂ කී දේවල් අනුව මිනිසෙකුගේ විනාශයට පෙර දෙවියන් ඔහුව පිස්සු වට්ටනවා යන ප්‍රකාශය සත්‍ය බව පසක් කෙරිණ. සමහරු තමාව හඳුන්වන්නේ ‘සොඳුරු ආඥාදායකයා‘ ලෙස යැයි ඔහු කී නමුත් සත්‍ය වශයෙන්ම මිනිසුන් ඔහුව හඳුන්වන්නේ මෘග චෞර ඒකාධිපතියෙකු ලෙසිනි. ගත වූ කාලයේදී ඔහු සහ පිරිවර බියෙන් පසු වූ බව මහින්ද පැවසීය. එය සම්පූර්ණ සත්‍යයක් වූයේ ඔහුට සාක්කියක් ලෙස ප්‍රකාශයක් දෙන්නැයි අල්ලස් හෝ දූෂණ කොමිසමට එන්නැයි කී විට පවා ඔහු මහා බියකට පත්වූ නිසාය. ජනවාරි 8 දා මහජන බලවේගය ඉල්ලා සිටියේ හොරුන්ට සහ මිනීමරුවන්ට දඬුවම් දෙන්නය. රාජපක්ෂලා හොරු පමණක් නොව භයානක මිනීමරුවන්ද නිසා ඔවුන් බියෙන් සිටීම සාධාරණ ය. ‘ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පස්සේ සමහර ගෙවල්වල ලිප ගිනි මෙළවුණේ නෑ. හඬා වැටුණා‘ යි මහින්ද පැවසුවේ සත්‍යයකි. රාජපක්ෂලාගේ පවුල් වල ඥාති හැතිකරය සිදුවූ විනාශය ගැන කම්පා වී ‘යලි හොරකම් කරන්නේ කෙසේදෝ?‘ ‘කරපු හොරකම් අහුවේදෝ?‘ කියා හඬා වැටෙන්නට ඇත. අද දවසේද ඔවුන් කෙසේ හෝ බලයට එන්න වලිකන්නේ දඬුවම් ලැබීමෙන් ගැලවීමට මිස ජනතාවකට ඇති ආදරයක් නිසා නොවේ. ඒ බව තහවුරු කරමින් මාධ්‍යයට ප්‍රකාශයක් කළ රත්තරන් නමැති නීල කාස හොරා කියා සිටියේ ‘අපට කිසිවක් එපා අපට ඕනෑ මහින්ද‘ කියා මිස ‘අපට ඕනෑ ජනතාවට සෙතක් කරන්නැයි‘ කීවේ නැත. ඔවුන්ට මහින්ද ඕනෑ අන් කිසිවකට නොව මහින්ද පැමිණියහොත් ඔවුන් දඬුවම් ලැබීමෙන් බේරී යලි හොරකම් කිරීමට ඉඩ ලැබෙන නිසා ය.
විනාශයට පෙර පිස්සු හැදී ඇති මහින්ද රාජපක්ෂ තවදුරටත් අපූරු කතා ටිකක් කීවේය. “මේ දින සීය ඇතුලත විරුද්ධ දේශපාලන මත දරන දේශපාලනඥයන් හිරේ විලංගුවේ දැම්මා. දූෂිතයන්ගේ නඩු ඉවත් කළා.... අපේ යුගයේ නීතියේ ආධිපත්‍ය රැකුණා. ව්‍යවස්ථාවට පිටින් කිසිවක් කෙළේ නෑ. එදා ඇමැතිවරු අධිකරණයට බැන්නා නම් හිරේ දැම්මා.... මතුගමින් අපේ කෙනෙකු දන ගස්වලා තමයි පළිගැනීම් පටන් ගත්තේ..... එදා මැතිවරණය හොඳ පූර්වාදර්ශයක් සැපයූවා. පිටරට අයත් පුදුම වුණා....“ යි මහින්ද රාජපක්ෂ පැවසීය. මාස 5 කට පෙර අතීතය මතක මේ රටේ මිනිසුන් ‘‘මූට නම් ඇත්තටම පිස්සු.., මූ මේ ජනතාවට මතක් කර දෙන්නේ ඌම කළ දේවල් නේදැ“යි අවබෝධ කරගන්නවා ඇත.
අගෝස්තු මැතිවරණයෙන් පසු රාජපක්ෂලාගේ හොරු වෙනුවෙන් හොරු පෙරමුණද බොහෝ දේවල් ජනතාවගෙන් ඉගෙන ගනු ඇත. ඒ අතර ලබන ආත්මය ගැන අවබෝධය, සතර අපාය ගැන අවබෝධය, ආදිය ඇතුලත් වනවා නිසැක ය.