Skype, සියලුම පරිශීලකයන් සඳහා මැයි මාසයේදී වැසෙන බව Microsoft ප්රකාශ කරයි
සියලූම ලෝකය පුරා දසලක්ෂ ගණන් පරිශීලකයන් භාවිතා කරන වීඩියෝ /ඕඩියෝ ඇමතුම් සේවාවක් වූ Skype, මැයි මාසයේ සිට වසා දමන බව Mictosoft සමාගම නිල වශයෙන් ප්රකශ කොට ඇත.
එය ලෝකයේ ජනප්රියතම වෙබ්අඩවි අතරින් එකක් වුනා වගේම, පරිගණක හරහා නිදහසේ හඬ ඇමතුම් කිරීමට හැකියාව සලසා දුන් සේවාවකි.
Skype වඩාත් ජනප්රිය වූ හැටි
Skype මෙම සේවාව ලබා දුන් පළමු හෝ එකම සමාගම නොවුණද, නිදහසේ පරිගණක-පරිගණක ඇමතුම් කිරීමට ඉඩ ලබාදී, මෙම සංකල්පය ජනප්රිය කිරීමට උපකාරී විය.X (Twitter) තුළ දී කරන ලද නිවේදනයකින්, Skype පරිශීලකයින්ට Microsoft Teams හරහා සම්බන්ධ විය හැකි බව දන්වා ඇත.
Skype 2003දී නිකුත් වූ අතර 2011දී Microsoft විසින් $8.5 billion (£6.1 billion) ක් ගෙවා මිලදී ගනු ලැබීය.
Skype අතහැර දැමීමට Microsoft ගත් තීරණය
Microsoft 2017දී Skype නැවත සැලසුම් කළාය. නමුත් එය Snapchat වැනි විශේෂාංග ඇතුළත් කිරීම නිසා පරිශීලකයින් අතිශයින්ම අප්රසන්න විය.2021දී Windows 11 නව මෙහෙයුම් පද්ධතිය නිකුත් කළ විට, Skype මුල්වරට ඉවත් කෙරුණා.