මැයි 01 ඉරිදා online මැයි රැලිය /// \\\Register to attend the 2016 May Day Online
මැයි 01 ඉරිදා ඔන්ලයින් මැයි රැලිය
ධනවාදය හා අධිරාජ්‍යවාදය අවසන් කරනු!
යුද්ධයට, ආඥාදායකත්වයට හා දුප්පත් කමට එරෙහිව කම්කරු පන්තිය ජාත්‍යන්තරව එක්සත් කරනු!
සාමය සඳහා, සමානාත්මතාවය සඳහා සහ සමාජවාදය සඳහා!

එලඹෙන මැයි 01 ඉරිදා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහයෝගිතාව පිලිබඳ ඓතිහාසික දිනය සැමරීම සඳහා, ඔන් ලයින් මැයි දින රැලියක් පවත්වනු ලැබේ.
මැයි දින රැලිය පවත්වනු ලබන්නේ, අධිරාජ්‍යවාදී යුද්ධය හා එය නිර්මානය කරන ධනපති ක්‍රමයට එරෙහිව පොදු අරගලයක පදනම මත ලෝකය පුරා කම්කරුවන් හා තරුනයින් බලමුලු ගැන්වීමටයි.
එක්සත් ජනපදය විසින් “ත්රස්තවාදයට එරෙහි යුද්ධය” දියත් කිරීමේ තැන් පටන් 15 වසරක් ගතව තිබෙන අතර, අධිරාජ්‍යවාදී ප්රචන්ඩත්වයේ නොනවත්වා පුලූල් වන වාසුලිය තුලට සමස්ත ලෝකයම ඇදගනිමින් තිබේ. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් සංවිධානය කරනු ලබන ආක්රමන හා මැදිහත්වීම් මගින් ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව හා සිරියාව වනසා දමනු ලැබ ඇත.
රුසියාව සමග යුද්ධය සඳහා වන සූදානමේදී නේටෝව, දැවැන්ත ප්‍රතිසන්නද්ධ ව්‍යායාමයක නිරතව සිටියි. අප්‍රිකාව, ඇමරිකානු හා යුරෝපීය නව යටත් විජිත යාන්ත්රනයන්ගේ නිරන්තර ඉලක්කය වී ඇත්තේ ය. දේශසීමා ඝර්ෂන, නැගෙනහිර යුරෝපයේ, අන්තර් කොකේෂියාවේ, ඉන්දියානු උප මහාද්වීපයේ හා දකුනු ඇමරිකාවේ අසල් වැසි රටවල් අතර ආතතීන් හා කාකොටා ගැනීම් අවුලුවයි. "ආසියාවට හැරීම" නමින් ඔබාමා පරිපාලනය චීනයට එරෙහි ගැටුම නැගෙනහිර ආසියානු කලාපයම අලලා ගත්තක් කරයි.
යුද්ධය කරා වන ධාවනය, ප්රජාතන්ත්රීය අයිතීන්ට එරෙහි නිමක් නැති ප්‍රහාර හා විදේශික-විරෝධී දක්ෂිනාංශික දේශපාලන ව්‍යාපාර ප්‍රවර්ධනය සමඟ අත්වැල් බැඳ ගනියි. යුරෝපීය ධනපති ප්රජාතන්ත්රයේ නිජබිම වන ප්රන්සය, හදිසි නීතිය යටතේ තබා ඇත. මූලික ව්‍යවස්ථාමය රැකවරන ඉවත් කර තිබේ. මැද පෙරදිග යුද්ධ නිසා ජර්මනිය හා යුරෝපයට සරනාගතයින් පලා ඒම පිලිබඳ කාරනය අන්ත ජාතිකවාදය හා මිලිටරිවාදය ඇවිස්සීම සඳහා නිමිත්තක් කරගෙන ඇත. ඇමරිකාවේදී ජනාධිපති තරඟයට රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින ප්රමුඛ අපේක්ෂකයා අර්ධ ෆැසිස්ට්වාදියෙකි. එය සමස්ත දේශපාලන පද්ධතිය පතුලටම කුනුවීම පිලිබඳ ඇඟවුමකි.
ලෝකය පුරා වැඩකරන ජන සමූහයන් අතර ඇත්තේ සාමය සඳහා වන ඉමහත් අභිලාශයකි. කෙසේ වෙතත් අධිරාජ්‍යවාදී යුද උන්මත්තකයින්ගේ ඉවබව නැති ප්‍රතිපත්ති වලට විරුද්ධ කිසිදු සංවිධිත ජාත්‍යන්තර දේශපාලන ව්‍යාපාරයක් මෙතෙකුදු නො පවතී.
තුන්වන ලෝක යුද්ධය කරා වන ධාවනය නතර කල යුතුය! ධනවාදයටත් අධිරාජ්‍යවාදයටත් විරුද්ධව වැඩකරන ජනතාවගේ මහා ජනස්කන්ධය හා තරුනයින් එකමුතු කරමින්, යුද්ධයට එරෙහි නව ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතුය. යුද්ධයේ උමතුව නිර්මානය කරන එම ධනපති අර්බුදයම, සමාජ විප්ලවය සඳහා ආවේෂය ද ඇති කරයි. කෙසේ වෙතත්, ලෝකය පුරා බිලියන සංඛ්‍යාත ජනතාවන්ගෙන් යුද්ධයට, සමාජ අසමානතාවට හා ප්රජාතන්ත්ර අයිතීන්ට එරෙහි ප්රහාරයන්ට විරුද්ධව නැගී එන කෝපය හා ප්‍රතිරෝධය, නව දේශපාලන ඉදිරිදර්ශනයකින් හා ක්රියාමාර්ගයකින් නියාමනය විය යුතුය.
මෙම ජාත්‍යන්තර ඔන් ලයින් මැයි දින රැලිය කැඳවනු ලබන්නේ, "යුද්ධයට එරෙහිව සමාජවාදය සඳහා සටන" යන මැයෙන් ජාත්‍යන්තර කමිටුවේ ප්රකාශනය තුල ගෙනහැර දක්වන ලද මූලධර්මයන්ගේ පදනම මත ලොව පුරා කම්කරුවන් සංවිධානය කිරීමටය:
යුද්ධයට එරෙහි අරගලය, සමාජය තුල සිටින මහා විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත පදනම් විය යුතුය. කම්කරු පන්තිය ජනගහනයේ අවශේෂ සියලු ප්රගතිශීලී ජනතාවන් තමන් පසුපස පෙලගස්වා ගන්නවා ඇත.
නව යුද විරෝධී ව්‍යාපාරයක් ධනේශ්වර විරෝධී හා සමාජවාදී විය යුතුය. මක්නිසා ද යත්, මූල්‍ය ප්රාග්ධනයේ ආඥාපතිත්වය හා මිලිටරිවාදය ද යුද්ධය ද සඳහා වන මූලික හේතුව වන, යල් පිනූ, ආර්ථික ක්‍රමය අවසන් කිරීමේ සටනකින් තොරව, යුද්ධයට එරෙහි බැරෑරුම් අරගලයක් ගෙන යා නොහැකි බැවිනි.
එබැවින්, නව යුද විරෝධී ව්‍යාපාරය අවශ්‍යයෙන්ම, මුලුමනින්ම හා පැහැදිලිවම ධනපති පන්තියේ සියලු දේශපාලන පක්ෂ හා සංවිධාන වලට සතුරු හා ඒවායින් ස්වාධීන විය යුතුය.
සියල්ලටත් වඩා නව යුද විරෝධී ව්‍යාපාරය, ජාත්‍යන්තර විය යුතුය. එය කම්කරු පන්තියේ දැවැන්ත ශක්තිය, අධිරාජ්‍යවාදයට එරෙහි එක්සත් ගෝලීය අරගලයක් තුල බලමුලු ගැන්විය යුතුය. ධනවාදයේ නොනවතින යුද්ධයට, කම්කරු පන්තිය, නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනයෙන් පිලිතුරු දිය යුතුය. එහි මූලෝපායික එල්ලය වන්නේ, ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීම හා ලෝක සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැගීමයි. ගෝලීය සම්පත් තර්කාන්විත හා සැලසුම්ගත සංවර්ධනයකට එමගින් කොන්දේසි සැකසෙන අතර, එම පදනම මත, දුප්පත්කම තුරන්කර මානව සංස්කෘතිය නව ඉහලකට ඔසවා තැබෙනු ඇත.
මෙම ව්‍යාපාරය මෙහෙයවීම සඳහා දේශපාලන නායකත්වයක් ගොඩනැඟිය යුතුය. අප මෙම මැයි රැලිය සංවිධානය කිරීමේ හේතුව මෙයයි. මැයි 01 ඉරිදා අප සමග එක් වන්න! අධිරාජ්‍යවාදී යුද්ධයට හා ධනපති ක්‍රමයට විරුද්ධව කම්කරු පන්තිය බලමුලූ ගැන්වීමේ සටනට එක්වන්න!