මැයි 18 හෑල්ලක් (1)

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අද දුක හිතෙන දවසක්...හේතු දෙකක් නිසා. එක, උතුරෙ දකුණෙ ඝාතන සංස්කෘතිය කූටප්‍රාප්තියට ඇවිත් යුද්ධයක් අහවර වීම. දෙක, ලංකාව නිළ වශයෙන් බංකොලොත් වීම. මේ කාරනා දෙක මට අනුව නම් එකිනෙක බැඳිල තියෙන දේවල්නිසා මේ මොහොතෙ යම් දෙයක් ලිව්වෙ නැත්තම් මේ ෆෝරම් එකේ ඉඳල වැඩක් නෑ. මේ මොහොතෙ මේ ගැන සටහනක් දාල තියන්න ඕනෙ කියල හිතෙන නිසා ලියනව මිසක් මේවයින් කාටවත් ඇති වැඩක් නෑ. දැන් යුද්ධෙ වගේම රටත් ඉවරයි.


    මගෙ මිත්‍රයො එක්ක කතාවකදි ඇදිල ආපු දෙයක් තමයි යුද්ධෙන් පස්සේ මහින්දට අවස්ථාවක් තිබුනා යුද්ධය ගැනපසු විපරමක් කරලා, දෙමල සිංහල මුස්ලිම් අයට පොදුවේ යුද්ධය නිසා තමන්ට සිදුවූ වේදනාව කිවහැකි ප්ලැට්ෆෝම් එකක් දාලා, සාමය සමාදානය ප්‍රොජෙක්ට් එකක් විදිහට දියත් කරලා, ලංකාව වඩා ජාතික සමගිය ඇති රටක් කරන්න.

    සමහරවිට ඒ වෙලාවෙ මහින්දට තිබුන ජන බලය නිසා මෙහෙම එකක් කරන්න අවස්තාව තියෙන්න ඇති. ඒ වුනාට මට හිතෙන්නේ මේක කොහෙත්ම මෙයාලා අතින් සිද්ධ වෙන්න තිබ්බ වැඩක් නෙමෙයි කියල. මම දන්න මහින්ද මොනව උනත් යුද්ධෙ ඉවරකරායින් පහුවදා පාර්ලිමේන්තුවට ඇවිත් කිව්ව "මේ රටේ අදින් පස්සෙ ඉන්නෙ දෙවර්ගයයි: ඒ රටට ආදරය කරන සහ රටටආදරය නොකර අය" කියන සියලුම විවිධත්වයන් 'දේශප්‍රේමී' හෙජමොනියකට බලෙන් ඔබ්බවගන්න කරපු චණ්ඩි කතාව කියනවම තමයි. ඉතින් එයාකාරවම ඉදිරි වසර කීපයෙ වැඩ සිද්ධ උනා.

    2006න් පස්සේ සිංහල සමාජය අපේ සිත් සකස් කරගත්ත විදිහක් තිබුනා. සොල්දාදුවා රණවිරුවා වුනා. අපෙන් එකෙකි මේ මිනිසා කැම්පේන් එක එයාගේ බව ඊයේ දිලිත් සිහිකරලා තිබුනා. ජවිපෙ, හෙළ උරුමය වගේ අය තමන් පොළොවේ පැලකරපු මතවාද වල උපරිමය වෙත යන්න බලාගෙන හිටියා. (අදටත් සමහර ජෙප්පො ආඩම්බරෙන් කියන දෙයක් තමයි "අපි තමයි මහින්ද අදිමදි කරද්දි ඈතටම ගහන්න කියල ඇදන් ගියේ" කියන එක). යුද්ධෙට කලින් "මල්ටිබැරල් ගහන්න" කියපු ආන්ඩුවෙ සෙසු පාර්ශව වලට යුද්ධෙන් පස්සෙ දෙමළ ජනතාවට oops sorry කියන්න ටිකක් අමාරුයි. අනිත් අතට මුලින් no fire zone එකක් පනවල පස්සෙ ඒකෙ හිරවෙලා හිටපු දෙමළ සිවිල් ගම්මු උඩටම පොකුරු බෝම්බ අතඇරපු, පස්සෙ refugee කෑම්ප් වල තමන්ගෙම ක්‍රමයකට රාජ්‍යයට ඇති තර්ජන වාෂ්ප කරපු මහින්දලට කොහොමත් සාමයක් හදන්න පටන් ගන්න බෑ. මේව දකුණ නොදන්නව වගේ හිටියට මුලු ලෝකයක් දන්නව.

    මාධ්‍ය සාකච්චාවක සුදු කොඩි කතාවක් කීව නිසා ෆොන්සේකාට ආව ජන විරෝධය අපි දැක්කා. මේ ජන විරෝධය හැදුවේ දිග කැම්පේන් එකක ප්‍රතිඵල විදිහට ඔය කිව්ව ජවිපෙ, හෙළ උරුමය, නලින්, අමරසේකර වගේ අය තමයි. වයික්කල් වල දැකපු දේවල්වල බර දරාගන්න අපහසු නිසාම සමහර හමුදා නිලධාරියො වෙන රටවල් වලට ගියා. කොහොම හරි හෘද සාක්ෂිය සමනය කරගන්න සමත් උන අනිත් නිලධාරීන් ගරු බුහුමන් එක්ක සමාජයට ඇසිමිලේට් උනා.

    එතකොට දකුණෙ අපි? අපේ ජන මනස සංස්කරණය වෙලා තිබුනේ යුද්ධේ දිනුම් කිව්වම කිරිබත් කන්න. හැමෝම දෙමල මළකරදරය නැතුව පට පට ගාලා දියුණු වෙන අනාගතයට පියමනින ශ්‍රී ලංකාවක් ගැන සිහින මැවුවා. ඇත්තටම කිව්වොත් අපේ තුන්කාලක් විතර උතුරෙ මොනවද උනේ කියල දන්නෙත් නෑ. යුද්ධය ඉවර කරේ වලං කඩේට පැන්න ගොනා වගේ බව දන්න පාඨලී ල වගේ අය ඒ ගිල්ටිය අමතක කරල රටේ අනාගතය වෙනුවෙන් හිත හදාගත්ත. ඒකට තමයි මේ ජන මනස සංස්කරණය කියන්නෙ. පාඨලී මාස කීපෙකට උඩ කළ සම්මුඛ සාකච්ජාවක කියනව දැක්ක ඒ කාලෙ සිද්ධීන් උඩට ඇරගෙන තත්ත්වය අපහසු කරගන්න අවශ්‍ය නෑ කියල. අපේ අනාගත චින්තනය ඕක තමයි, කාළකන්නි ප්‍රැග්මැටික් කමක්.

    රටේ ඉරණමට ගැන කතාකලොත්...ඔය සංස්කරණය වුනු මනස ම නේද යුද්ධෙන් පසුවත් පේන්න තියෙන්නෙ. ඒකම නේද විපාකය? මම දන්නේ නෑ, මට හිතෙන්නේ පසුව රටට කෙළ උනේ යුද්දෙ කොහොම හරි ඇදගෙන යන්න සංස්කරණය කරපු ජන මනස නිසාමිස මහින්ද යුද්දේ දින්නට පස්සේ කල නොකළ දේවල් නෙමෙයි කියල. මහින්දගෙ වැඩ හේතුව නෙමේ ඵලයයි.

    අද දවල් පෝස්ට් එකක් දාපු කෙනෙක් කියල තිබුන අද දිනයෙ අපි කණගාටු වෙන්න ඕනෙ රාජපක්ෂල යුද්ධෙන් පස්සෙ රටට කරපු විනාශය ගැන ස්මරණය කරල කියල. මම එතනදිත් කිව්වෙ යුද්ධයට රාජපක්ෂලව තෝරගැනීම ඇතුලෙ රටට උන බොහෝ දේවල් සිදුවෙන්න නිශ්චය වෙලා තිබුන කියන එක. යුද්ධය කරපු මූලධර්ම රහිත chaos එකට එකඟ වෙන්න කැමති උන මනස යුද්ධයෙන් පසුවත් රට තුලින් දිගටම යනව. රටේ ගොඩක් දේවල් සිද්ධ උනෙත් හෘද සාක්ෂිය මරපු ක්‍රමයකටම තමයි. මේ අපි ගතකරමින් ඉන්නෙ ඒ මනසට සෙට් වෙන යථාර්තයෙ කියල මට හිතෙන්නේ. රාජපක්ෂලාගේ නායකත්වය කියන්නේ ඒ යථාර්තයෙ කොටසක් වගේම ඒක ක්‍රියාත්මක වෙන විදිහ කියන්නත් පුළුවන්.
     
    Last edited:

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    අන්තිමට සේරටම වැරදි රාජපක්සල උනා. ඔය කියල තියෙන විදිහට මූලදර්ම වලට අනුකූලව යුද්ධෙ කරානං අදටත් ප්‍රභාරකන් ජීවත් වෙනව. ඒ වගේම අදටත් බෝම්බ පුපුරවනව කොළඹ. එහෙනං අදටත් දෙමල මිනිස්සු සතුටින් උතුරෙ ජීවත් වෙනව. තමිල්නාඩුවෙ උන් උතුරු කෑල්ල ප්‍රාන්තයක් කරගන්න දත කනව.

    මේ රටේ ජීවත් වෙන බහුතර සිංහල මිනිස්සු කිසිමදාක සාමකාමීව ජීවත් වෙන්න කැමති කොටසක් නෙමෙයි. කොටිත් එක්ක ඇරගත්ත සිංහල උන් උන් පරාද වෙලා පැත්තට උනාම තම්බිත් එක්ක ඇරගන්න පටන් ගත්ත. ඊට පස්සේ තමුන්ගෙම උන් එක්ක ඇරගන්න පටන් ගත්ත. කොටින්ම කිව්වොත් තමුන්ගෙ එකකුස උපන් සහෝදරයා එක්කවත් සමගියෙන් ජීවත් වෙන මිනිස්සු නෙමෙයි සිංහල කියන්නෙ. තමුනගෙ දරුවන්ගෙ අම්මට සලකන්නෙ ජම්මාන්තර වෛරයකින්. හැම වෙලේම ඉන්නෙ ඇවිලිලා. මට අරක නෑ මේක නෑ බොන්ඩ නෑ කියාගෙන.

    මේ රටට කෙලවිලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ වරදින්. තනිකරම ඉන්නෙ වෛරයෙන් ඊර්සියාවෙන් කුහකකමින බල තන්හාවෙන්. පොඩි මිනිහගෙ ඉදල කරන්නෙ බලුකම. නමට විතරක් ආගම් අදහනව. කිසිමදාක ජීවත් වෙද්දි ඒව පිලිපදින්නෙ නෑ. කිසිම විනයක් නෑ. පාරෙ ගියාත් එහෙමයි එකාට එකා පරයන්න තමයි උවමනාව. අන්තිමට කියන්න තියෙන්නේ මේ මිනිස්සු එක්ක මේ රටට කිසිමදාක දියුණුවක්නම් ලැබෙන්නේ නෑ...
     

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    යුද්දෙ දින්න ජන මනස හැදුනෙ කොහොමද කියල ඔයා කියන්නෙ නෑනෙ
    ඔයා ඒ කෑල්ල හිතලම අමතක කරනව
    මොකද ඒක ඔයාගෙ ඇනලිසිස් එකට ගැලපෙන්නෙ නැති නිසා.
    ඉතිහාසය පටන් ගන්නෙ 2009 න් නෙමෙයිනේ
    බෝම්බ කාල කාල හෙම්බත් වෙච්ච මිනිස්සු 2009 ට කලින් හිටියෙ කියන එක ඔයාගෙ ඇනලිසිස් එකේ කොහෙවත් කියන්නෙ නෑනෙ
    ඔයාට පුලුවන්ද 2006,7 ලංකාවට ගන්න තිබ්බ alternative path එකක් යෝජනා කරන්න
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    යුද්දෙ දින්න ජන මනස හැදුනෙ කොහොමද කියල ඔයා කියන්නෙ නෑනෙ
    ඔයා ඒ කෑල්ල හිතලම අමතක කරනව
    මොකද ඒක ඔයාගෙ ඇනලිසිස් එකට ගැලපෙන්නෙ නැති නිසා.
    ඉතිහාසය පටන් ගන්නෙ 2009 න් නෙමෙයිනේ
    බෝම්බ කාල කාල හෙම්බත් වෙච්ච මිනිස්සු 2009 ට කලින් හිටියෙ කියන එක ඔයාගෙ ඇනලිසිස් එකේ කොහෙවත් කියන්නෙ නෑනෙ
    ඔයාට පුලුවන්ද 2006,7 ලංකාවට ගන්න තිබ්බ alternative path එකක් යෝජනා කරන්න

    යුද්ධෙ කිරීම නෙමේ වැරැද්ද. කරපු විදිහ. ආපහු කියවන්න. යුධ අපරාද නොකර යුද්ධ කරන්න පුලුවන්. බඩපිනුම් ගහල ඕක රැෂනලයිස් කරන්න සිදුවීම තමා ජන මනසට උන දේ.

    2009ට කලිනුත් ලොකු වෙනසක් තියෙනවද. 60 ගණන් වල ඉඳලම ඉතින් රාජ්‍යය විසින් ව්‍යුහාත්මක වෙනස් කොට සැළකීමක් තමයි දෙමළ මිනිස්සුන්ට උනේ. මුල සිටම මිලිටරිය අතින් සිවිලියන්ස්ල ඝාතනය වෙලා තියෙනව විටින් විට. එල්ටීටීය අතින් හමුදා භටයො හෝ අහිංසක සිංහල මිනිස්සුන්ව මැරෙනව. ඒකට ප්‍රතිපහාර ලෙස මිලිටරිය දෙමළ ගම්මාන වලට පැනල මරනව. කලු ජූලියෙ පවා මේ ආකෘතියමයි, එල්ටිටීය පොලිස් භටයන් 13ක් ඝාතනය කරනව, ප්‍රතිපහාර ලෙස සිංහල සිවිල් වැසියො කොහෙවත් හිටි දෙමළ සිවිල් වැසියන් 2000ක් පණ පිටින් ගිනි තියනව (එයින් පස්සෙ මරාගෙන මැරෙන බෝම්බ පාවිච්චි කරන්න එල්ටීටිය තීරණය ගන්නව). ඔය අසමමිතිකතාවය තවමත් නොපෙනෙන එකයි ජන මනසට උන දේ.

    ත්‍රස්තවාදීන් දකුණෙ අහිංසක සිංහල සිවිල් ජනතාව ඝාතනය කලා. ඉතින් ඒකට තමයි යුද්ධ කලේ. එදා නොකලත් කවදා හෝ යුද්ධයක් හෝ ෆෙඩරල් විසඳුමකට යා යුතුයි. කළ දේවල් වලට එල්ටිටීය වන්දි ගෙව්වා, එයාල දැන් මැරිලා. අද වෙද්දි එල්ටීටීය බ්ලැක් ලිස්ට් වෙලත් ඉවරයි රටවල් ගණනාවක වෙන්න ඕනෙ විදිහටම. නමුත් ඇයි යුද්ධයෙ අවසාන කාලයෙ අහක හිටි සිවිලියන්ස්ල ලොට් එකකටත් ටොපිය සෙට් වෙන්නෙ. ඒක ගැන කතා කරද්දි රට පටලවන ප්‍රශ්න ඇහීම තමා ජන මනසට උන දේ.
     
    Last edited:
    • Like
    Reactions: SK29 and Sabren

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    යුද්ධෙ කිරීම නෙමේ වැරැද්ද. කරපු විදිහ. ආපහු කියවන්න. යුධ අපරාද නොකර යුද්ධ කරන්න පුලුවන්. බඩපිනුම් ගහල ඕක රැෂනලයිස් කරන්න යන යෑම තමා ජන මනසට උන දේ.

    2009ට කලිනුත් ලොකු වෙනසක් තියෙනවද. 60 ගණන් වල ඉඳලම ඉතින් රාජ්‍යය විසින් ව්‍යුහාත්මක වෙනස් කොට සැළකීමක් තමයි දෙමළ මිනිස්සුන්ට උනේ. මුල සිටම මිලිටරිය අතින් සිවිලියන්ස්ල ඝාතනය වෙලා තියෙනව විටින් විට. එල්ටීටීය අතින් හමුදා භටයො හෝ අහිංසක සිංහල මිනිස්සුන්ව මැරෙනව. ඒකට ප්‍රතිපහාර ලෙස මිලිටරිය දෙමළ ගම්මාන වලට පැනල මරනව. කලු ජූලියෙ පවා මේ ආකෘතියමයි, එල්ටිටීය පොලිස් භටයන් 13ක් ඝාතනය කරනව, ප්‍රතිපහාර ලෙස සිංහල සිවිල් වැසියො කොහෙවත් හිටි දෙමළ සිවිල් වැසියන් 2000ක් පණ පිටින් ගිනි තියනව (එයින් පස්සෙ මරාගෙන මැරෙන බෝම්බ පාවිච්චි කරන්න එල්ටීටිය තීරණය ගන්නව). ඔය අසමමිතිකතාවය තවමත් නොපෙනෙන එකයි ජන මනසට උන දේ.

    ත්‍රස්තවාදීන් දකුණෙ අහිංසක සිංහල සිවිල් ජනතාව ඝාතනය කලා. ඉතින් ඒකට තමයි යුද්ධ කලේ. අද වෙද්දි එල්ටීටීය බ්ලැක් ලිස්ට් වෙලත් ඉවරයි රටවල් ගණනාවක වෙන්න ඕනෙ විදිහටම. එයාල දැන් මැරිල. ඇයි යුද්ධයෙ අවසාන කාලයෙ අහක හිටි සිවිලියන්ස්ල ලොට් එකකටත් ටොපිය සෙට් වෙන්නෙ. ඒක ගැන කතා කරද්දි රට පටලවන ප්‍රශ්න ඇහීම තමා ජන මනසට උන දේ.

    මම මේ කෙලින්ම war crimes සහ crimes against humanity චෝදනාවක් කරන්නෙ.
    මම නම් කියන්නෙ මිනිස්සු ඒක රැශනලයිස් කරන්න එක පට්ටම රීසනබල් කියල.
    ඒ මිනිස්සු අතරින්ම පිරිසක් තමයි යුද්ද කරන්න ගියේ
    එහෙම යුද්ධ කරපු අයව වීරයෝ කරගැනීම පට්ටම predictable human response ekk.
    අතීතයෙ ඉඳන් මිනිස් සමාජ වල එහෙමයි වෙලා තියෙන්නෙ.
    යුද්ධ කරල මැරෙනව කියන්නෙ මිනිස්සුන්ට සදාකාලිකව අමරණීය වෙන්න පුලුවන් එක විදිහක්.
    මනුශ්‍යයෙක් විදිහට මට නම් response එක හොඳටම තේරෙනව.
    ඇයි අපි ඊට වඩා අමුතු response එකක් ලංකාවෙ සිංහල සමාජයෙන් බලාපොරොත්තු වෙන්නෙ.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,168
    8,530
    113
    රාජ්‍ය භාශාව කරනවත් එක්කම තමා සින්හල දෙමල කෝලාහල ඇති වෙන්න පටන් අරන් තියෙන්නෙ. ඒ වෙනුවට ඉන්ග්‍රීසි රාජ්‍ය භාශාව කරන්න තිබ්බා.
    නිදහස් අධ්‍යාපනය ඉන්ග්‍රීසි වලින් කරන් යන්න තිබ්බා.

    https://www.dailymirror.lk/opinion/Sri-Lanka-In-Lee-Kuan-Yews-words/172-237024
    ලී ක්වාන් යුව්, ලන්කාව ගැන කියපුව මේ ආටිකල් එකෙ තියෙනවා. ලන්කාවෙ නායකයො වරද්ද ගත්ත තැන්(එයා දැක්ක විදියට).
    ------ Post added on May 19, 2022 at 7:36 PM

    (from the above article)
    "He states that the decision taken by S.W.R. D Bandaranaike to make Sinhala the national language and Buddhism the national religion was the start of the ‘Unravelling’ of Ceylon [1, pg.460] he knew that by this decision he is putting the unity of the Country at stake, he further states that the minority Tamils felt disadvantaged and disposed as a result of it [1, pg462]. He was very sympathetic towards the plight faced by the Tamils of Sri Lanka when he states that They were active and intelligent fellows who worked hard and got themselves penalised as a result of the domination of the Sinhala majority’ [2, pg.14/22], he expresses his sentiments further when he states that the ‘Sinhalese who are less capable are putting down Tamils who are more capable’ [3]. He further states the futility of Mrs. Bandaranaike’s decision to change the name of the country from ‘Ceylon’ to ‘Sri Lanka’ and making the country a republic as it did not improve the fortunes of the country, the best example he takes here is that Sri Lankan Tea is still been sold as Ceylon Tea [1, pg.463]. He further states that by changing names sometimes you could deceive gods, but you can’t deceive the people. [2, pg.15/22]"
     
    Last edited: