බුකියේ තිබිල ඉස්සුවෙ හිතට රිදෙන්නම දැනුනු නිසයි. මැරිච්ච අක්කේ.... ඔබට නිවන් සැප ලැබේවා!!!
තන පුඩුවේ ලේ ඉරූ දයාබර පුතණුවේ
මල්වරය අතවනන සොදුරු මා දියණියේ
සුරා තොළ ගා තලන ලබැදි මා හිමියනේ
අවසරයි .. හැරයන්න දයාබර මිනිසුනේ .....
කියන්නට මිනිසුන්න්ට දැනෙන්නට ආදරේ
ආදම්ට - ඒවාට ලැබුනාලු අවසරේ
කිමද මා කර වරද මේ මිනිස් සනුහරේ
ගෙවන්නට සද රැයක් දෙනවද දෙවියනේ ....
රුදුරු දුප්පත් කමට සිනාසෙන සලෙළුනේ
ගල් පිළිම බෝල් පිළිම වී සිටින මිනිසුනේ
හඩන්නට කදුළු නැත රුහිරු මිස කෙවණියේ
ගසනු මැන එක ගලක් සුපිලිසන් මිනිසුනේ .......
රෝහණ ගමගේ
තන පුඩුවේ ලේ ඉරූ දයාබර පුතණුවේ
මල්වරය අතවනන සොදුරු මා දියණියේ
සුරා තොළ ගා තලන ලබැදි මා හිමියනේ
අවසරයි .. හැරයන්න දයාබර මිනිසුනේ .....
කියන්නට මිනිසුන්න්ට දැනෙන්නට ආදරේ
ආදම්ට - ඒවාට ලැබුනාලු අවසරේ
කිමද මා කර වරද මේ මිනිස් සනුහරේ
ගෙවන්නට සද රැයක් දෙනවද දෙවියනේ ....
රුදුරු දුප්පත් කමට සිනාසෙන සලෙළුනේ
ගල් පිළිම බෝල් පිළිම වී සිටින මිනිසුනේ
හඩන්නට කදුළු නැත රුහිරු මිස කෙවණියේ
ගසනු මැන එක ගලක් සුපිලිසන් මිනිසුනේ .......
රෝහණ ගමගේ

.
