මැරෙන්න ඕනෙම නම් මැරියන්

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මැරෙන්න ඕනෙම නම් මැරියන්

    මැරෙන්නම ඕනෙ නම් මැරියන්
    උඹ පොදි ගහගෙන ආපු ආදරේ බලාපොරොත්තු
    එක දවසින් කුණු ගොඩට විසි කරලා දාපු
    උඹේ ආදරේට බල්ලෙක් වගේ පිටුපාපු
    කොන්දක් නැති එකෙක් වෙනුවෙන් නෙමෙයි

    උඹට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් වෙනුවෙන්
    උඹෙ ආදරේ වටිනාකම දන්න එකෙක් වෙනුවෙන්
    උඹේ ආදරේ තේරෙන එකෙක් වෙනුවෙන්
    අඩුම තරමෙ උඹෙ මලකඳ බදාගෙන
    අඬයි කියලා හිතෙන එකෙක් වෙනුවෙන්

    ප්‍රශ්ණයක් ආපු පලියට
    උඹේ අම්මා තාත්ත හදලා දීපු මේ ලෝකෙ දාලා
    උඹෙ යාලුවො දාලා, උඹෙ නෑදෑයො දාලා
    කොන්ද පන නැති එකෙක් වගේ පැනල යන්න ලැජ්ජ නැද්ද?

    ගිනි පෙල්ල පස්සෙ යන කණාමැදිරියෙක් වගේ
    කාන්තාරේ මැද්දෙ පොකූණු දකින මෝඩ මුවෙක් වගේ
    නොලැබෙන මිරිඟු පස්සෙ යන්නෙපා
    යන එකාට යන්න දීපන්
    අබ මල් රේණුවක ආදරයක් හිතේ තිබ්බ නම්
    ඔහොම කවදාවත් උඹව දාලා යන්න බෑ
    උඹ මැරුණම උඹව දාලා ගියපු එකා ලැබෙන්නෙ නෑ

    උඹ ජීවත් වෙලා පෙන්නපන්
    කිසිම දේකින් මම වැටුනෙ නෑ කියලා
    කවදා හරි දවසක උඹව දාලා ගියපු එකට
    පසු තැවෙන්න උඹ හොඳ තැනකට පලයන්

    ආදරේ තේරුම් ගන්න බැරි කෙනෙක් වෙනුවෙන්
    අමාරුවෙන් ලබාගත්තු මනුස්ස ආත්මයක් විනාස කරගන්න එක
    කවදාවත් මනුස්ස ආත්මයක් නොලබන්න තරම් පවක්.


    මේක කලින් මම ම දාපු පෝස්ට් එකක්. අද මටත් මේ තත්වෙට මුහුණ දෙන්න වෙලා තියෙන නිසා ආයෙත් එළකිරි යාලුවොත් එක්ක බෙදාගන්න හිතුවා.
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    apita waraddak karanne apita adare karana kenek nemeine.e wage aya ape jeewithe honda awasthawan waladi apith ekka randila inne na.apita sathutu hithena dewal waladi apith ekka randila inne na.enisa a wage aya gana wadiya pasuthawenna ,duk wenna one na.:D:yes:
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    කතාව ඇත්ත.
    අපට sir කෙනෙක් කිවුව කතාවක් මතක් උනා.

    "අඩන එක දුර්වල කමක් නෙමෙයි. හිතට දුකක් අවහම එක එලියට පිට කරන්න ඔනේ. එත් කවදාවත් සමාජයට පෙන්න අඩන්න එපා. කදුළු වලට අනුකම්පාව හම්බ වුනාට ආදරේ හම්බ වෙන්නේ නැහැ. වැරදිලා දුකෙන් ඉන්න මිනිස්සුන්ට හිනාවෙන්න බලාගෙන ඉන්න ය වැඩියි. ආයේ නැගිටින්න උත්සාහ කරන්න"

    ඒ කියපු දේ ඒ විදිහට වැදගත් උනා. මේ කාමරේ බිත්ති 4 හැරෙන්න කෙල්ලෙක් නිසා ඇහැට කදුලක් උනපු බව වෙන කවුරුවත්ම දන්නේ නැහැ.

    Rep දෙන්න බැහැලු.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    ආදරේ තේරුම් ගන්න බැරි කෙනෙක් වෙනුවෙන්
    අමාරුවෙන් ලබාගත්තු මනුස්ස ආත්මයක් විනාස කරගන්න එක
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මොන මගුලටද ඔයි ආදරය කරන්නෙ, කෙලින් උන වෙලාවට බස්සන්න එකක් හොයා ගනින් , ආතල් එකෙ ඉදින්.. කොච්චර සිමිපල් ද. මි හරක්.:angry::angry:.