මැලේසියාවේදී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ව ඝාතනය කෙරේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මැලේසියාවේදී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ව ඝාතනය කෙරේ

    මැලේසියාවේදී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ව ඝාතනය​


    මැලේසියාවේ සෙන්තූල් ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුව ඝාතනයට ලක්වී තිබේ.

    එම ඝාතන සිදුකර ඇත්තේ ද ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු බවට සැක කෙරෙන අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව එරට ක්වාලාලම්පූර් පොලීසිය ප්‍රකාශ කර ඇත.

    ඊයේ (22) රාත්‍රියේදී සෙන්තූල් ප්‍රදේශයේ ශ්‍රී ලාංකික යුවළකට අයත් නිවසකදී මෙම ඝාතන සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    20 හැවිරිදි එම යුවළගේ පුත්‍රයා සහ නිවසේ කුලී පදනම මත රැඳීසිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මෙලෙස ඝාතනයට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.

    මීට දින 02කට පමණ පෙර තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අදාළ නිවසට පැමිණ ඇති අතර ඔවුන් විසින් මෙම ඝාතන සිදුකර පළාගොස් ඇති බවට මැලේසියානු පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    අසල්වාසීන්ගෙන් ලද තොරතුරු මත පොලීසිය එම නිවසට පැමිණ ඇති අතර එහිදී හිස් ආවරණය කර, අත් පා බැඳ ඝාතනය කර තිබූ පුද්ගලයින් තිදෙනාගේ මළසිරුරු සොයාගෙන ඇත.

    එම ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ ඡායාරූප ද පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.

    මේ සම්බන්ධයෙන් 'අද දෙරණ' කළ විමසීමක දී විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ අදාළ සිදුවීම පිළිබඳව මැලේසියානු පොලීසිය විසින් එරට පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය දැනුවත් කර ඇති බවය.

    සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර ඝාතනයට ලක්වූ හා ඝාතනය සිදුකළ ශ්‍රී ලාංකිකයින් පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
     
    • Wow
    Reactions: NRTG

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    මැලේසියාවෙ ලන්කාවෙන් ගිය දෙමල උන් තමා ගොඩක්ම ඉන්නෙ. උන් තග් සීන් එකේ ඉන්නෙ පාරෙ යන්නෙත් කඩු එහෙම වාහනේ දාගෙන
     
    • Wow
    Reactions: NRTG

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මන් ඒත් බැලුව ඒ රටේ උන් අපෙ උන්ව මරලධ කියලා. එහෙම වුනානම් ගිහිං ගහන්න ඉඳියෙ
    චන්දිගාර් ගෑනි ගෙ බඩා call කරපු ගමන් කකුල් දෙක අස්සේ බේරෙන්න ගත්ත උඹ ට ඔය වගේ jokes කැප නෑ