මැවුම්කාර දෙවියා
කවුරුන් හෝ කෙනෙක් යමකට පැමිණිලා හේතු සහිතව (නමුත් වැරදි වැටහීමක් නිසා) සදාකාලික මැවුම්කාර දෙවියෙකු සිටිනා බව උගන්වනවා නම් එසේ උගන්වන්නේ ඇයි?
දීඝ නිකාය, සීල ස්කන්ධ වර්ගය, බ්‍රහ්ම ජාල සුත්‍රයෙන් උපුටා ගත් කොටසක්
පින්වත් මහණෙනි, ඉතාමත් දීර්ඝ කාලයක් ගෙවී ගියාට පසු යම් කලෙක මේ ලෝකය විනාශ වෙනවා නම් එබඳු කාලයක් එනවා. ලෝකය විනාශ වෙද්දී බොහෝ සෙයින්ම සත්වයන් ආභස්සර ලෝකයේ උපදිනවා. ඔවුන් එහි මනෝමය ශරීර ඇතිව, ප්‍රීතිය අනුභව කරමින්, තමා ගේ ශරීරයේ ආලෝකය විහිදුවමින්, අහසේ හැසිරෙමින්, සොඳුරු ලෙස සිටිමින් දීර්ඝ කාලයක් ගතකරනවා.
පින්වත් මහණෙනි, ඉතාමත් දීර්ඝ කාලයක් ගෙවුනාට පසු මේ ලෝකය නැවත සකස් වෙනවානම් එබඳු කාලයකුත් එනවා. ලෝකය නැවත සකස් වෙද්දි, හිස් බ්‍රහ්ම විමානයක් පහල වෙනවා. එතකොට කවුරුන් හෝ කෙනෙක් ආයුෂ ක්ෂය වීමෙන් හරි, පින ක්ෂය වීමෙන් හරි, අර ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙලා හිස් බ්‍රහ්ම විමානයේ උපදිනවා. ඔහු එහි ඉන්නෙත් මනෝමය ශරීර ඇතිවයි. ප්‍රීතිය අනුභව කරමින්, ස්වකීය ශරීරාලෝකය විහිදුවමින් අහසේ හැසිරෙමින් සොඳුරු පැවැත්මකින් යුතුවයි. ඒ විදිහට ඉතා දීර්ඝ කාලයක් ඉන්නවා. ඉතින් දීර්ඝ කාලයක් ගත කරන ඔහුට පාලු ගතියක් ඇතිවෙනවා. නො ඇල්මක් ඇතිවෙනවා. කැළඹීමක් ඇතිවෙනවා. "අහෝ..! ඇත්තෙන් ම තවත් කවුරුහරි සත්වයෙක් මේ වගේ ජීවිතයකට පැමිණෙනවානම් කොයි තරම් දෙයක් ද" කියල හිතනවා. එතකොට ආයුෂ අවසන් වුන, පින අවසන් වුන අනෙකුත් සත්වයන් ද අර ආභස්සර ලෝකයෙන් චුතවෙලා බ්‍රහ්ම විමානයේ ඒ සත්වයාගේ ස්වභාවයෙන්ම උපදිනවා. ඒ උදවියත් එහි මනෝමය සිරුරු ඇතිවයි ඉන්නේ. ප්‍රීතිය අනුභව කරමින්, ස්වකීය ශරීරාලෝකය විහිදුවමින් අහසේ හැසිරෙමින් සොඳුරු පැවතුම් ඇතිව බොහෝ කාලයක් ගතකරනවා.
පින්වත් මහණෙනි, එතකොට යම් සත්වයෙක් මුලින්ම ඉපදුනා නම්, ඔහුට මෙවැනි අදහසක් ඇතිවෙනවා. "මං තමයි බ්‍රහ්මයා, මං මහා බ්‍රහ්මයා, මං සියල්ල මැඬලන කෙනා. මාව කාටවත් මැඬලන්න බෑ. මං හැම දේම දකිනවා. මං හැමදේ ම වසඟයට අරගෙනයි ඉන්නේ. මං තමයි දෙවියන් වහන්සේ. මං තමයි කර්තෘ, මං තමයි ලෝකය නිර්මාණය කලේ. මං තමයි ශ්‍රේෂ්ඨ, ලෝකය සකස් කලේ මං. ලොව වසඟ කලේ මමයි. උපන් සත්වයන් ගේත් ඉපදෙන්ට ඉන්න සත්වයන් ගේත් පියාණන් මමය " කියල. ඒකට හේතුව කුමක්ද? කලින්ම මේ විදිහට මටයි හිතුනේ. "අහෝ..! ඇත්තෙන් ම තවත් කවුරුහරි සත්වයෙක් මේ වගේ ජීවිතයකට පැමිණෙනවානම් කොයි තරම් දෙයක් ද" කියල. මේක තමයි මගේ මනෝ ප්‍රනිධිය (මගේ ප්‍රාර්ථනාව) වුනේ. එතකොටයි මේ සත්වයන් මේ ජීවිතයට පැමිණුනේ කියල. ඒ වගේම යම් සත්වයෙක් පසුව උපන්නා නම්, ඔවුන්ට ඇතිවුනේ මේ විදිහේ අදහසක්. "මේ තමයි භවත් බ්‍රහ්මයා. මහා බ්‍රහ්මයා. ලොව මැඬලන කෙනා. වෙන කෙනෙකුන්ට නො මැඬලිය හැකි කෙනා. සියල්ල දක්නා කෙනා. ලොව වසන්ගයෙහි පවත්වන කෙනා. දෙවියන් වහන්සේ. මෙයා තමයි කර්තෘ. නිර්මාතෘ. මෙයා තමයි ශ්‍රේෂ්ඨ කෙනා. ලොව සකස් කරන කෙනා. පුරුදු කල වශී ඇති කෙනා. ඉපදුනු උපදින සත්වයන් ගේ පියාණන් වහන්සේ. මේ භවත් බ්‍රහ්මයා විසිනුයි අපිව මැව්වේ . ඒකට හේතුව මොකක්ද? මේ ලෝකයේ මුලින්ම ඉපදිලා සිටිය මොහුව තමයි අපි දැක්කේ. අපි වනාහි පසුව ඉපදිච්ච අය නෙව" කියල.
පින්වත් මහණෙනි, ඉතින් එහි යම් ඒ සත්වයෙක් මුලින් ම ඉපදුනා නම්, ඔහු ඉතාමත් දිගු ආයුශයකින් යුතු වුනා. ඉතා සුන්දර වුනා. ඉතාමත් මහේශාක්‍ය වුනා. නමුත් යම් ඒ සත්වයන් පසුව උපන්නා ද, ඔවුන්ට ආයුෂ තිබුනේ අල්පයයි. එතරම් ලස්සන වුනේ නෑ. අල්පේශාක්‍ය වෙලයි හිටියේ. පින්වත් මහණෙනි, යම් සත්වයෙක් ඒ ලෝකයෙන් චුතවෙලා මේ මිනිස් ලොවට පැමිණෙනවා ය යන මෙකරුණ විද්‍යමාන (දකින්ට ලැබෙන ) දෙයක්.
ඉතින් මිනිස් ලොවට ආපු ඒ කෙනා ගිහිගෙය අත්හැරලා අනගාරික වූ පැවිදි බව ලබනවා. ගිහිගෙයින් නික්මී අනගාරිකව පැවිදි වූ ඔහු කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, මහත් වීර්යයකින් යුතුව, යලි යලිත් වීරිය කොට, අප්‍රමාදීව ඉතා හොඳින් මනසිකාර කරලා යම් අයුරකින් සිත සමාධිමත් වුන විට ඒ කලින් ගතකල ජීවිතය සිහි කල හැකි වෙයි ද, එබඳු වූ චිත්ත සමාධියක් ඇතිකර ගන්නවා. එයින් එහාට සිහි කරන්ට පුළුවන් වෙන්නේ නෑ. එතකොට ඔහු මෙහෙම කියනවා.
"යම් ඒ භවත් බ්‍රහ්මයෙක් ඇත් ද, එයා තමයි මහා බ්‍රහ්මයා. ලොව මැඬලන කෙනා. වෙන කෙනෙකුන්ට නො මැඩිය හැකි කෙනා. සියල්ල දක්නා කෙනා. ලොව වසඟයෙහි පවත්වන කෙනා. දෙවියන් වහන්සේ. මෙයා තමයි කර්තෘ. නිර්මාතෘ. මෙයා තමයි ශ්‍රේෂ්ඨ කෙනා. ලොව සකස් කරන කෙනා. පුරුදු කල වශී ඇති කෙනා. ඉපදුනු උපදින සත්වයින් ගේ පියාණන් වහන්සේ. එයා විසින් තමයි අපිව මැව්වේ. එයා නිත්‍යයි. ස්ථිරයි. සදාකාලිකයි. වෙනස් නොවන ස්වභාවයෙන් යුක්තයි. සදාකාලිකව පවතින යමක් ඇත්ද ඒ විදිහටම පවතිනවා. ඒ භවත් දෙවියන් වහන්සේ විසින් මවන ලද්දා වූ යම් වූ අපි වෙමු ද ඒ අපි අනිත්‍යයි. අස්ථිරයි. අල්පායුශයෙන් යුක්තයි. චුතවෙන ස්වභාවයෙන් යුක්ත යි. ඒ නිසයි මෙලොවට ආවේ" කියල.
පින්වත් මහණෙනි, යම් කරුණකට පැමිණිලා යම් කරුණක් අරභයා ඒ ශාස්වතවාදී (මැවුම්කරු සදාකාලිකයි) හා අශාස්වාතවාදී (මවන ලද උදවිය අනිත්‍යයි) යන මත දෙක දරන භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් තමා ගැනත් ලෝකය ගැනත් ශාස්වාතයි කියලත්, අශාස්වතයි කියලත් උගන්වනවා නම් මේක තමයි ඒ පළමු වැනි කරුණ.
~මහමෙව්නා ත්‍රිපිටක පරිවර්තන - පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ~
තෙරුවන් සරණයි!
තවත් කරුණු 'බ්‍රහ්මජාල' සුත්‍රයේ තියෙනවා. කියවන්න.
P.S - අපි හැමෝම අහල තියෙනවා ජේසු තුමා බෞද්ධ භික්ෂුවක්ව සිටි බව. ඒ පිලිබඳ BBC documentary එකක් පවා තිබෙනවා.
ජේසු තුමා සත්‍ය වශයෙන්ම බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක්ව සිටියා ද නැද්ද කියන එක අමතක කරමු. එතුමා ඉන්දියාවේ සිට භාවනා ප්‍රගුණ කල බව බොහොම ලේසියෙන් නිගමනය කරන්න පුළුවන්. දැන් ඒ කරුණ ඉහත බුද්ධ වචනය සමග ගලපා බලන්න. බයිබලයේ සත්‍ය වශයෙන්ම තියෙන්නේ විකුර්ති නොකළ ජේසු තුමන්ගේ ඉගැන්වීම් නම්, සහ එතුමා සැබවින්ම භාවනා කර ධ්‍යාන/ඉර්ධි ලැබූ කෙනෙක් නම් සහ එතුමා මැවුම්කාර දෙවියෙකු ගැන ඉගැන්වූයේ යමකට පැමිණිලා නම් හේතු සහිතව නම්, ඒ ඇයි කියල අපිට මෙයින් තේරුම් ගන්න පුළුවන්.
මුහම්මද් නබි තුමා නම් මැවුම්කාර දෙවියෙකු ගැන ඉගැන්වූයේ භාවනා කරලා ධ්‍යාන ලබල කරුණු සහිතව කියල පිළිගන්න අමාරුයි.
කොහොම නමුත් අන්තිමට යමෙක් සර්බලධාරී මැවුම්කාර දෙවියෙක් ගැන ඉගැන්වුවානම් එය 'වැරදි වැටහීමක්' හෝ දුකින් වුනත් කියන්න වෙන්නේ 'අසත්‍යක්' පමණයි. සියල්ල මවන, පාලනය කරන සර්වබලධාරී දෙවියෙකු නොමැති බව පින් ඇත්තෝ, වාසනාව ඇත්තෝ වටහාගනිත්වා.
සියල්ලන්ටම තෙරුවන් සරණයි!

Last edited:

How do you know for sure? you just B'live in his words right ok fine brother