තමන්ගේ ධූරය අවසන් වීමට අවුරුදු 2ක් තිබයදී, සියලුදෙනා විමතියට පත්කරමින්, ඔහු හදිසි ජනාධිපතිවරණයක් පවත්වන ලදී.
*අපේ හිටපු එකෙකුත් එහෙම කරල අන්තිමට ජනේලෙන් ගියෙ
ජීවිතාන්තය දක්වා හයිටියේ ජනාධිපති ලෙස තමාවම පත්කරගත් ඔහු,
*ලංකාවෙ හැම එකාම එහෙම කරන්න හෙන ට්‍රයි එකක් දීල අන්තිමට එකෙක් ව්‍යවස්ථාව පවා වෙනස් කරා
ඔහුගේ 'උගත්' මොලයට පහල වූ අපුරු අදහසක් අනුව, රටේ ජාතික බැංකුවේ සභාපති ඝාතනය කර, බැංකුවේ තිබූ සියලු මුදල් කැලෑවේ සඟවන ලදී.
*අපේ එකෙක් මහබැංකුව සුද්ද කරල වෙන එකෙට්ට දුන්න
යකැදුරන්ගේ පිහිට පතා යන මිනිසුන් ප්‍රමාණය වැඩි කිරීමට රෝහල් කිහිපයක් වසාදමන ලදී.
*අපේ එන්ඩ ඉන්න එකෙක් යකැදුරන්ට අමාත්‍යාංශයක් හදන්න යනවලු
සිදුවීමේ සම්භාවිතාව ඉතාමත් අඩු රුසියානු ආක්‍රමණයකින් මිලියන 3ක් තරම් සුළු වූ අල්බේනියානු වැසියන් ආරක්ෂා කිරීමට, රට බංකොලොත් කරමින්, රට පුරා, හමුදා බංකර 750,000ක් තනන ලදී.
*අපේ රටෙත් සිදුවීමේ සම්භාවිතාව ඉතාමත් අඩු කොටි නැගිටින සීන් එකක් පෙන්නා ඡන්ද කඩාගෙන අරවා මේවා ගෙනවිත් රට බංකොලොත් කරන්නට තරම් සම්පත් හොරා කෑවා.
ඔහු සංචාරය කරන සෑමවිටම, නිදා ගැනීමට, විශාල කාන්තාර කුඩාරමක් රැගෙන යන ලදී. ඇතැම් විට ඔටුවන් හා අශ්වයින්ද ඒ සමග රැගෙන යන ලදී.
*අපේ ලොකු එවුන් ඔහු සංචාරය කරන සෑමවිටම පෝටබල් ඒසී එකක් රැගෙන යන අතර. සමහරු හොර ගෑනු නඩය රැගෙන යයි.
2010 දී රෝමයට ගිය අවස්ථාවේදී, මුදල් ගෙවා, සුරූපී නිරුපී ශිල්පිනියන් 500ක් ඔහුගේ දේශනාවකට ගෙන්වන ලදී.
*අපේ එකෙක් ජනාධිපති වෙලා ඉද්දි මුදල් ගෙවා ඉන්දියාවේ සුරූපී නිරුපී ශිල්පිනියන් ඔහුගේ මැතිවරණ වේදිකාවකට ගෙන්වන ලදී.
මාර්ග, කඳු, පාලම්, පාසැල් ආදී ස්ථාන වලට මොහුගේ හා ඔහුගේ පවුලෙ උදවියගේ නම් දැමීමට දැඩි කැමැත්තක් දැක්විය.
*අපේ එකෙකුත් හිටියා ඔහොම. ලංකාවේ ජංගි ෆැක්ටරියක් පටන් ගත්තානම් ඒ හදන ජංගි වලටත් උගේ නම දාගන්නවා සිකුරුයි
තමාගේ පුතා හට අවුරුදු 3දි කර්නල් පදවියක් ලබා දීමටත්, ඔහුට අවුරුදු 10දී ජෙනරාල් පදවියක් ලබාදීමටත් කටයුතු කරන ලදී.
*අපේ එකාත් තමාගේ පුතා ජෙනරල් කරන්න හදාගෙන ආවෙ. ඒත් ජනේලෙක එල්ලෙන්න සිද්ද වෙච්චි නිසා වැඩේ අප්සට් ගියා
සාක්‍ෂරතාව නොමැති තමාගේ බිරිඳට හොඳම ලේඛකයාට හා දාර්ශනිකයාට ලබාදෙන නොබෙල් ත්‍යාගය ලබා ගැනීමට උත්සහ කරන ලදී.
*අපේ එවුන් නොබෙල්ගෙ බෙට්ටක් තරම් ඔලුවක් නැති නිසා ලෝකල් ඩොක්ටර් පට්ටං තමා දෙන්නෙ
ජාතියේ පියා ලෙස තමාව නම්කරගත් ඔහු, මීටර 12ක් උස තමාගේ රන් පිළිමයක් තනවන ලදී.
*ජාතිය බේරාගත් පියා ලෙස තමාව නම්කරගත් ඔහු, තමා මිය යනතෙක් රජවිය යුතුයැයි ප්‍රකාශ කරන ලදී