Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිත්‍යාවන් උපත ලබන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිත්‍යාවන් උපත ලබන හැටි

මිත්‍යාවන් උපත ලබන හැටි

මේ කතාව මා උපුටාගන්නේ ශාන්ත්‍රම් (Shanthram) නැමැති නවකතාවෙනි. ඒක නවකතාවක් කිව්වාට නවකතාවක්ම නොවේ. ඊට වැඩි යමකි. ස්වයං චරිතාපදානයකි. ජාත්‍යන්තර වැඩිම විකුණුමක් ඇති පොත් ගොඩට එකතුවෙතත් එය ලියා ඇත්තේ අපරාධකාරයෙකු විසිනි.

ඕස්ට්‍රේලියාවේ උපත ලැබ මත්ද්‍රව්‍යවලට පුරුදුව ඒ සදහා මංකොල්ල කෑමේ යෙදුනු අපරාධකාරයෙකු විසිනි. පසුව හිරගත වෙන ඔහු ඔස්ට්‍රේලියාවේ දී හිරෙන් ද පනියි. ඊට පසු මොහු නවසීලන්තය බලා ගොස් වංචනිකව සකස් කරන ලද ගමන්බලපත්‍රයක් උපයෝගී කරගෙන නිදහස සොයා ඉන්දියාවට ගමන් කරයි. ඉන්දියාවේ පාතාලය ඇසුරු කරන ඔහුගේ ජීවිත කතාව ඉන්දීය ජන ජීවිතය ගැන බටහිර ඇසකින් කරන සමාජ විවරණයක් වැනි ය.

අපරාධකරුවන් එහෙම පිටින් නරක නැති බව එය කියන විට ඔබට හැගෙන්නට ඉඩ තිබේ. පසුකලෙක ඔහු ජාත්‍යන්තර රහස් පොලීසිය මගින් ජර්මනියේ දී අත්අඩංගුවට ගනු ලැබ නැවත ඕස්ට්‍රේලියාවට බාර දෙනු ලබන අතර එහිදී හිර දඩුවම් නිමවා දැන් නිදහස් පුරවැසියෙක් ලෙස සිය දිවි ගෙවන්නේ ය. ප්‍රකාශන සමාගමක හිමිකරුවෙකු ලෙස ඔහු දැන් සාර්ථක ජීවිතයක් ගත කරයි.

මගේ මේ වෑයම ඔහු ගැන කියන්නට නොවේ. ඔහුගේ පොතේ සදහන් ඔහුගේ මිතුරෙකු කළ වික්‍රමයක් කියන්නට ය.

ඔහුගේ නම මොදෙනා ය. අදුනන කෙනෙකුගේම පිහිපහර නිසා විකෘති වූ මුහුණක් ඔහු සතු ය. ඔහු සිය ආදායම උපයා ගන්නට පටන් ගත්තේ අරුම පුදුම විදිහකට ය. මේ ඒ කතන්දරයයි.

දිනක් ඔහු දරුවන් පැහැර ගන්නා යක්ෂයෙකු ලෙස සැරසුණු අතර ඔහුගේ මිතුරෙකු සැරසුනේ සාධුවරයෙකු ලෙස ය. දෙන්නා එක් සල්ලි කාරයෙකු රවටා ඔහුගේ අලුත උපන් දරුවාට ශාන්ති කර්මයක් සූදානම් කර ගත්හ. එහි දි සිදුවුනේ රගපෑමකි. යක්ෂයාට ඇන්ද විරූපී පුද්ගලයා දරුවා ගන්නට මෙන් උත්සහ කරද්දි ඔහු එලවා දමන්නේ සාධුවරයා ය. බෙර සහිත නැටුමකින් මේ තොවිලය වර්ණවත් වෙයි. කිහිප සැරයක් මේ සෙල්ලමේ විවිධ විදිහට යෙදෙන මේ දෙදෙනා දරුවාට ඉන් රැකවරණය සැලසිනැයි කියයි.

මේ ගැන තොරතුරු දැන ගන්නා මේ ධනවතාගේ යාලුවන්ට ද මේ ශාන්ති කර්මය කරන්නට ඕනෑ වෙයි. මෙසේ සාර්ථක එක නැටුමකින් පසු ඔවුන්ට දිගටම ආරාධනා ලැබෙන්නේ අලුත උපන් දරුවන් වෙනුවෙන් මේ ශාන්ති කර්මයම කිරීමට ය. දැන් අපේ යාලුවන් දෙන්නාගේ කල්ල මරේ ය.

අවසානයේ විශාල ධනයකටත් ප්රසිද්ධයකටත් උන් දෙදෙනා උරුමකම් කියන්නේ ය.

‘හාස්කම්’ නැතිනම් ‘මිත්‍යාවන්’ බිහිකරන්නේ කපටි මොළයක් ඇති ව්‍යාපාරිකයින් විසින් බව ඒ කතාව අපට කියන්නේ ය. දොළුකන්ද සේම ජීවකයින් හිටිහැටියේම බිහිවන්නේ මේ සිද්ධාන්තයන් අනුගමනය කිරීමෙනි.

එම කතාව කියවන විට මට හිතුනේ ඉන්දියාව මොකද ලංකාව මොකදැයි කියා ය. ලංකාවේ සමහරවිට සුවිශේෂය වන්නේ ඉන්දියාවේ මෙන් නොව සරසවිවල මහාචාර්යවරු මේ කෝළම්වලට විද්‍යාත්මක හේතු පැහැදිලි කිරීම්වලින් අමතරව සම්මාදම් වීම විය හැකි ය. එසේත් නැතිනම් මාධ්‍යවේදීන් මේ ඇන්දවීමට තමනුත් ගොට්ට ගසා තමන්ගේ පත්තර කඩමාලු හා විද්‍යුත් මාධ්‍ය කාලය විකුණා ගැනීම විය හැකි ය.

ඉන්දියාවේත් සමහර විට එහෙම වෙන්නට පුලුවන. එහෙත් කියූව පොතේ නම් ඒ බවක් අප දුටුවේ නැත.

-beyond Frame-

http://beyondframe.wordpress.com/2010/10/19/10oct19/

[QUOTE="EdiT, post: 17230961, member: 429829"] [b]මිත්‍යාවන් උපත ලබන හැටි[/b] [SIZE="5"][B]මිත්‍යාවන් උපත ලබන හැටි[/B][/SIZE] [SIZE="4"]මේ කතාව මා උපුටාගන්නේ ශාන්ත්‍රම් (Shanthram) නැමැති නවකතාවෙනි. ඒක නවකතාවක් කිව්වාට නවකතාවක්ම නොවේ. ඊට වැඩි යමකි. ස්වයං චරිතාපදානයකි. ජාත්‍යන්තර වැඩිම විකුණුමක් ඇති පොත් ගොඩට එකතුවෙතත් එය ලියා ඇත්තේ අපරාධකාරයෙකු විසිනි. ඕස්ට්‍රේලියාවේ උපත ලැබ මත්ද්‍රව්‍යවලට පුරුදුව ඒ සදහා මංකොල්ල කෑමේ යෙදුනු අපරාධකාරයෙකු විසිනි. පසුව හිරගත වෙන ඔහු ඔස්ට්‍රේලියාවේ දී හිරෙන් ද පනියි. ඊට පසු මොහු නවසීලන්තය බලා ගොස් වංචනිකව සකස් කරන ලද ගමන්බලපත්‍රයක් උපයෝගී කරගෙන නිදහස සොයා ඉන්දියාවට ගමන් කරයි. ඉන්දියාවේ පාතාලය ඇසුරු කරන ඔහුගේ ජීවිත කතාව ඉන්දීය ජන ජීවිතය ගැන බටහිර ඇසකින් කරන සමාජ විවරණයක් වැනි ය. අපරාධකරුවන් එහෙම පිටින් නරක නැති බව එය කියන විට ඔබට හැගෙන්නට ඉඩ තිබේ. පසුකලෙක ඔහු ජාත්‍යන්තර රහස් පොලීසිය මගින් ජර්මනියේ දී අත්අඩංගුවට ගනු ලැබ නැවත ඕස්ට්‍රේලියාවට බාර දෙනු ලබන අතර එහිදී හිර දඩුවම් නිමවා දැන් නිදහස් පුරවැසියෙක් ලෙස සිය දිවි ගෙවන්නේ ය. ප්‍රකාශන සමාගමක හිමිකරුවෙකු ලෙස ඔහු දැන් සාර්ථක ජීවිතයක් ගත කරයි. මගේ මේ වෑයම ඔහු ගැන කියන්නට නොවේ. ඔහුගේ පොතේ සදහන් ඔහුගේ මිතුරෙකු කළ වික්‍රමයක් කියන්නට ය. ඔහුගේ නම මොදෙනා ය. අදුනන කෙනෙකුගේම පිහිපහර නිසා විකෘති වූ මුහුණක් ඔහු සතු ය. ඔහු සිය ආදායම උපයා ගන්නට පටන් ගත්තේ අරුම පුදුම විදිහකට ය. මේ ඒ කතන්දරයයි. දිනක් ඔහු දරුවන් පැහැර ගන්නා යක්ෂයෙකු ලෙස සැරසුණු අතර ඔහුගේ මිතුරෙකු සැරසුනේ සාධුවරයෙකු ලෙස ය. දෙන්නා එක් සල්ලි කාරයෙකු රවටා ඔහුගේ අලුත උපන් දරුවාට ශාන්ති කර්මයක් සූදානම් කර ගත්හ. එහි දි සිදුවුනේ රගපෑමකි. යක්ෂයාට ඇන්ද විරූපී පුද්ගලයා දරුවා ගන්නට මෙන් උත්සහ කරද්දි ඔහු එලවා දමන්නේ සාධුවරයා ය. බෙර සහිත නැටුමකින් මේ තොවිලය වර්ණවත් වෙයි. කිහිප සැරයක් මේ සෙල්ලමේ විවිධ විදිහට යෙදෙන මේ දෙදෙනා දරුවාට ඉන් රැකවරණය සැලසිනැයි කියයි. මේ ගැන තොරතුරු දැන ගන්නා මේ ධනවතාගේ යාලුවන්ට ද මේ ශාන්ති කර්මය කරන්නට ඕනෑ වෙයි. මෙසේ සාර්ථක එක නැටුමකින් පසු ඔවුන්ට දිගටම ආරාධනා ලැබෙන්නේ අලුත උපන් දරුවන් වෙනුවෙන් මේ ශාන්ති කර්මයම කිරීමට ය. දැන් අපේ යාලුවන් දෙන්නාගේ කල්ල මරේ ය. අවසානයේ විශාල ධනයකටත් ප්රසිද්ධයකටත් උන් දෙදෙනා උරුමකම් කියන්නේ ය. ‘හාස්කම්’ නැතිනම් ‘මිත්‍යාවන්’ බිහිකරන්නේ කපටි මොළයක් ඇති ව්‍යාපාරිකයින් විසින් බව ඒ කතාව අපට කියන්නේ ය. දොළුකන්ද සේම ජීවකයින් හිටිහැටියේම බිහිවන්නේ මේ සිද්ධාන්තයන් අනුගමනය කිරීමෙනි. එම කතාව කියවන විට මට හිතුනේ ඉන්දියාව මොකද ලංකාව මොකදැයි කියා ය. ලංකාවේ සමහරවිට සුවිශේෂය වන්නේ ඉන්දියාවේ මෙන් නොව සරසවිවල මහාචාර්යවරු මේ කෝළම්වලට විද්‍යාත්මක හේතු පැහැදිලි කිරීම්වලින් අමතරව සම්මාදම් වීම විය හැකි ය. එසේත් නැතිනම් මාධ්‍යවේදීන් මේ ඇන්දවීමට තමනුත් ගොට්ට ගසා තමන්ගේ පත්තර කඩමාලු හා විද්‍යුත් මාධ්‍ය කාලය විකුණා ගැනීම විය හැකි ය. ඉන්දියාවේත් සමහර විට එහෙම වෙන්නට පුලුවන. එහෙත් කියූව පොතේ නම් ඒ බවක් අප දුටුවේ නැත.[/SIZE] -beyond Frame- [URL="http://beyondframe.wordpress.com/2010/10/19/10oct19/"]http://beyondframe.wordpress.com/2010/10/19/10oct19/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom