මිත්‍යාවන් උපත ලබන හැටි

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
මිත්‍යාවන් උපත ලබන හැටි

මිත්‍යාවන් උපත ලබන හැටි

මේ කතාව මා උපුටාගන්නේ ශාන්ත්‍රම් (Shanthram) නැමැති නවකතාවෙනි. ඒක නවකතාවක් කිව්වාට නවකතාවක්ම නොවේ. ඊට වැඩි යමකි. ස්වයං චරිතාපදානයකි. ජාත්‍යන්තර වැඩිම විකුණුමක් ඇති පොත් ගොඩට එකතුවෙතත් එය ලියා ඇත්තේ අපරාධකාරයෙකු විසිනි.
ඕස්ට්‍රේලියාවේ උපත ලැබ මත්ද්‍රව්‍යවලට පුරුදුව ඒ සදහා මංකොල්ල කෑමේ යෙදුනු අපරාධකාරයෙකු විසිනි. පසුව හිරගත වෙන ඔහු ඔස්ට්‍රේලියාවේ දී හිරෙන් ද පනියි. ඊට පසු මොහු නවසීලන්තය බලා ගොස් වංචනිකව සකස් කරන ලද ගමන්බලපත්‍රයක් උපයෝගී කරගෙන නිදහස සොයා ඉන්දියාවට ගමන් කරයි. ඉන්දියාවේ පාතාලය ඇසුරු කරන ඔහුගේ ජීවිත කතාව ඉන්දීය ජන ජීවිතය ගැන බටහිර ඇසකින් කරන සමාජ විවරණයක් වැනි ය.
අපරාධකරුවන් එහෙම පිටින් නරක නැති බව එය කියන විට ඔබට හැගෙන්නට ඉඩ තිබේ. පසුකලෙක ඔහු ජාත්‍යන්තර රහස් පොලීසිය මගින් ජර්මනියේ දී අත්අඩංගුවට ගනු ලැබ නැවත ඕස්ට්‍රේලියාවට බාර දෙනු ලබන අතර එහිදී හිර දඩුවම් නිමවා දැන් නිදහස් පුරවැසියෙක් ලෙස සිය දිවි ගෙවන්නේ ය. ප්‍රකාශන සමාගමක හිමිකරුවෙකු ලෙස ඔහු දැන් සාර්ථක ජීවිතයක් ගත කරයි.
මගේ මේ වෑයම ඔහු ගැන කියන්නට නොවේ. ඔහුගේ පොතේ සදහන් ඔහුගේ මිතුරෙකු කළ වික්‍රමයක් කියන්නට ය.
ඔහුගේ නම මොදෙනා ය. අදුනන කෙනෙකුගේම පිහිපහර නිසා විකෘති වූ මුහුණක් ඔහු සතු ය. ඔහු සිය ආදායම උපයා ගන්නට පටන් ගත්තේ අරුම පුදුම විදිහකට ය. මේ ඒ කතන්දරයයි.
දිනක් ඔහු දරුවන් පැහැර ගන්නා යක්ෂයෙකු ලෙස සැරසුණු අතර ඔහුගේ මි‍තුරෙකු සැරසුනේ සාධුවරයෙකු ලෙස ය. දෙන්නා එක් සල්ලි කාරයෙකු රවටා ඔහුගේ අලුත උපන් දරුවාට ශාන්ති කර්මයක් සූදානම් කර ගත්හ. එහි දි සිදුවුනේ රගපෑමකි. යක්ෂයාට ඇන්ද විරූපී පුද්ගලයා දරුවා ගන්නට මෙන් උත්සහ කරද්දි ඔහු එලවා දමන්නේ සාධුවරයා ය. බෙර සහිත නැටුමකින් මේ තොවිලය වර්ණවත් වෙයි. කිහිප සැරයක් මේ සෙල්ලමේ විවිධ විදිහට යෙදෙන මේ දෙදෙනා දරුවාට ඉන් රැකවරණය සැලසිනැයි කියයි.
මේ ගැන තොරතුරු දැන ගන්නා මේ ධනවතාගේ යාලුවන්ට ද මේ ශාන්ති කර්මය කරන්නට ඕනෑ වෙයි. මෙසේ සාර්ථක එක නැටුමකින් පසු ඔවුන්ට දිගටම ආරාධනා ලැබෙන්නේ අලුත උපන් දරුවන් වෙනුවෙන් මේ ශාන්ති කර්මයම කිරීමට ය. දැන් අපේ යාලුවන් දෙන්නාගේ කල්ල මරේ ය.
අවසානයේ විශාල ධනයකටත් ප්‍රසිද්ධයකටත් උන් දෙදෙනා උරුමකම් කියන්නේ ය.
‘හාස්කම්’ නැතිනම් ‘මිත්‍යාවන්’ බිහිකරන්නේ කපටි මොළයක් ඇති ව්‍යාපාරිකයින් විසින් බව ඒ කතාව අපට කියන්නේ ය. දොළුකන්ද සේම ජීවකයින් හිටිහැටියේම බිහිවන්නේ මේ සිද්ධාන්තයන් අනුගමනය කිරීමෙනි.
එම කතාව කියවන විට මට හිතුනේ ඉන්දියාව මොකද ලංකාව මොකදැයි කියා ය. ලංකාවේ සමහරවිට සුවිශේෂය වන්නේ ඉන්දියාවේ මෙන් නොව සරසවිවල මහාචාර්යවරු මේ කෝළම්වලට විද්‍යාත්මක හේතු පැහැදිලි කිරීම්වලින් අමතරව සම්මාදම් වීම විය හැකි ය. එසේත් නැතිනම් මාධ්‍යවේදීන් මේ ඇන්දවීමට තමනුත් ගොට්ට ගසා තමන්ගේ පත්තර කඩමාලු හා විද්‍යුත් මාධ්‍ය කාලය විකුණා ගැනීම විය හැකි ය.
ඉන්දියාවේත් සමහර විට එහෙම වෙන්නට පුලුවන. එහෙත් කියූව පොතේ නම් ඒ බවක් අප දුටුවේ නැත.


-beyond Frame-
http://beyondframe.wordpress.com/2010/10/19/10oct19/
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිත්‍යාව වැඩිපුර පතුරන්නේ මාද්යවෙදියෝ තමයි.
    වෙනස කියලා එකක් තියෙන්නේ එකෙත් කොච්චර පෙන්නුවද
    පත්තර පුරෝ ගන්න
    වැඩසටහන හිට් කරගන්න
    බොරු දෙසා බාන්නේ
    උන් කරන අපරාදේ වැඩි කට්ටඩි බොරු ජෝතිෂ් කාරයන්ට වඩා

    නෙත් ගේ චැනල් වල උදේට ලගන පලාපල ලියනවා
    එට පස්සේ බැලුම්ගල යනවා :D :D:D

    උන්ම හදලා
    උන්ම බොරු කියලා පොර ටෝක් දෙනවා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    නෙත් ගේ චැනල් වල උදේට ලගන පලාපල ලියනවා
    එට පස්සේ බැලුම්ගල යනවා :D :D:D

    උන්ම හදලා
    උන්ම බොරු කියලා පොර ටෝක් දෙනවා
    :rofl:
    කියලා වැඩක් නැහැ බන් ...