මිත්‍යාවෙන් තොර Sex දකින්න...
විවාහය,ලිංගිකත්වය,අාදරය සතුට කියන සංකල්පයන් එක්ක මිනිසා ජීවත් වෙද්දි ජනසමාජය තුල මුල් බැසගෙන ඇති ඇතැම් මිත්‍යාවන්, විශ්වාසයන් සහ දරදඬු පුරුදු නිසාවෙන් සුන්දර ජීවිතය අසුන්දර වෙන්න ගතවෙන්නේ කෙටි කාලයක්.
ලිංගික්තවය හා විවාහය සමග බැඳුණු මිත්‍යාවෙන් ගොඩට ඇවිත් සුවදායි ලිංගික ජීවිතයක් ගතකරන්න මේ ලිපි මාලාව ඔබට ඉතාම වැදගත් වේවි
ජීවියෙක් වශයෙන් ඉපැදුණු සෑම සත්වයෙක්ටම මූලික අවශ්‍යතා කිහිපයක් තිබෙනවා. ඒවාට ප්‍රේරණයන් කියලත් කියනවා. මේ කියන ප්‍රේරණයන් අතරට කුසගින්න, පිපාසය හා ලිංගිකව හැසිරීමේ අවශ්‍යතා කියන 3 ප්‍රධාන වශයෙන්ම අයතියි. කෑම සහ ජලය නැතිව පුද්ගලයෙක්ට ඉන්න බැරි බව ප්‍රසිද්ධියේ පිළිගන්න 98% ක් කැමතියි.
ඒත් ලිංගිකව හැසිරීම??? සමහරෙක් කියයි මේ වලත්තකම කියලා, තව කෙනෙක් කියයි කුපාඩිකම කියලා. ඒ ඒ විදිහට කියන, දකින හැමකෙනෙක්ම තමන්ගේ යටි හිතෙන් අහලා බැලුවොත් මේ කියන්නේ ඇත්තක් කියලා පිළිගන්න වෙනවා.
ඒක තමයි පළවෙනි මිත්‍යාව, ඒ කියන්නේ මනුස්සයෙක්ට ජීවත් වෙන්න ලිංගිකත්වය අවශ්‍යයි කියලා පිළිනොගැනීම.
ශරීරය හැදෙන්නට ඇට,මස්,ලේ, අවයව පද්ධති වලට අමතරව හෝමෝන සහ නියුරෝන බලපෑම ප්‍රබලව තිබෙනවා. ලිංගිකත්වය කියන දේ මේ කියන හෝමෝන, නියුරෝන සහ අදාල ලිංගික අවයව මූලික කරගත් දෙයක්.
ඉතින් ජීවි ශරීරය හැදිලා තියෙන්නෙම ඒ කියන සාධක එක්කනම් අපිට පිළිගන්න වෙනවා ජීවත්වෙන්න ලිංගිකත්වය අත්‍යවශ්‍යයි කියලා.
ඊළඟට අපි බලමු මේ ලිංගික හැසිරීම ගැන තියෙන මිත්‍යාව ගැන. ශතවර්ෂ ගණනාවක් පුරාවටම කථාකරන දෙයක් කන්‍යාභාවය කියන්නේ. මේ කියන කන්‍යාපටලය කැඩිලා ලේ බිංදු කීපයක් පිටවීම ගැහැණියකගේ කුමරි බඹසර මනින ක්‍රමයක් කියලා කියනවනේ. එතකොට ඔය කියන පටලය නැතිව ඉපදුනොත්?
එහෙම නැත්නම් කන්‍යාපටලය කැඩුණට රුධිරය පිටනොවුණොත්, එහෙමත් නැත්නම් පළමු එක්වීමේදී නොකැඩී තිබිලා ඊළඟ අවස්ථාවෙදි රුධිරය පිටවුණොත්? ඔන්න ඔය වගේ ප්‍රශ්න හමුවේ කාන්තාව මාර විදිහට අපහසුතාවයට පත්වෙනවා.
එහෙම වෙලා විවාහ බිඳුණු අවස්ථා මෙච්චර දියුණුයි කියන අද සමාජයෙත් අහන්න දකින්න ලැබෙනවා. දකුණු ආසියාතික රටවල තරම් කන්‍යාපටලය මාකට් කරන රටවල් ලෝකයේ තවත් නැතිව ඇති. ඒ නිසාම අද සමහර වෛද්‍යවරු මේ කියන කන්‍යාපටලය අලුතින් දාලා දෙන සේවාවන් පවා සිදුකරනවා, එතකොට?
අන්න ඒ නිසා තමන් කාලයක් ආශ්‍රය කරපු ගෑණු ළමයගේ ඔය කියන ලකුණ බලන්න එන උවමනාව අද කාලේ තරමට සාධාරණද කියන එක අපි අපෙන්ම අහන්න ඕන ප්‍රශ්නයක්.
ඊළඟට මේ sex ගැන කථා කරද්දි ගැහැණු සහ පිරිමි කියලා කොටස් දෙකකට බෙදනවා. මෙහෙම බෙදලා බොහෝ දුරට හිතනවා ලිංගික ආශාව වැඩිපුර තියෙන්න ඕන පිරිමි අයට විතරයි කියලා. ඒ කියන්නේ මුලින්ම ලිංගිකව උත්තේජනය වීම, ලිංගික ක්‍රියාවලියට ආරාධනා කිරීම සහ ආරම්භ කිරීම මුලින්ම කරන්න ඕන පිරිමි පාර්ශවයයි කියලා.
එමෙ නැතිව ගැහැණිය ඒ කියන කාරණා වලට මූලිකත්වය ගත්තොත් පිරිමි පාර්ශවය ගැහැණිය දිහා බලන්නේ වපර ඇහින්මයි. මට කලින් මෙයා කා එක්ක හරි sex කරලා තියෙනවද? කියන ප්‍රශ්නේ තමයි මුලින්ම ඔළුවට එන්නේ.
එතකොට මම මුලින්ම කියපු විදිහට පොදුවේ ජීවින් හැදිලා තියෙන අවයව පද්ධති හෝමෝන,නියුරෝන වල අඩුවැඩි බවක් ස්ත්‍රී පුරුෂ භාවය අනුව නැති නිසා කාන්තාවට ඒ දේවල් මුලින් සිදුවුණා, ඒ කැමැත්ත ඇතිවුණා කියන එකේ වරදක් තියනවද? නැහැ නේද?
උපුටා ගැනීම - www.her.lk

- How many can really do that?!