මිත්‍රවරුනි kiriye kawuruth pasuthewenawada?????????????????????????????

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව එම තනතුරින් ඉවත් කිරීමට දායක වූ සියලු දෙනාම ඔවුන්ගේ අවසන් හුස්ම හෙළද්දී හෝ ඒ පිළිබඳව පසුතැවෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින්.පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

    “මේ රටේ මිනිස්සු කවදාහරි, මැරෙන්න විනාඩියක් තියලා අවසාන හුස්මේදී හරි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉවත්කරන්න දායක වෙච්ච හැම කෙනෙක්ම ඒ පිළිබඳ පසුතැවිලි වේවි. අපට කවදාවත් ඉතිහාසයේ ඒවගේ රාජ්‍ය නායකයෙක් හොයාගන්න හම්බුවෙන්නෙ නෑ. එදා ජනාධිපති මන්දිරයට එතුමාට ගහන වෙලාවේ ත්‍රිවිධ හමුදාවම හිටියෙ එතුමාත් එක්ක.

    එතුමාට තිබුණෙ එක නියෝගයයි, ඒ නියෝගය කළා නම් අඩුගාණෙ එදා අරගලයට ආපු 500ක් – 1000ක් මියයනවා. එක පුද්ගලයෙකුට වැලි ඇටයක කරදරයක් කරන්න එපා කියපු රාජ්‍ය නායකයෙක් ගෝඨාභය මැතිතුමා කියන්නෙ. ඡන්දෙන් එන්න බැරි දේශපාලන පක්ෂ මේ අරගලය පාවිච්චි කරලා ගෙවල් ගිනිතියලා මේ අරගලය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා.

    අද වෙනකොට මේ රටේ මිනිස්සු මේක අවබෝධ කරගෙන තියෙනවා. ලබන අවුරුද්ද වෙනකොට නැවතත් මේ රට යථා තත්වයට පත්කරලා අපි වෙනදා ගිය විදියටම මේ ගමන යන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයක් අපට තියෙනවා මිත්‍රවරුනි”

    මිත්‍රවරුනි kiriye kawuruth pasuthewenawada?????????????????????????????
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,738
    113
    Panadura
    ලබන අවුරුද්ද වෙනකොට නැවතත් මේ රට යථා තත්වයට පත්කරලා අපි වෙනදා ගිය විදියටම මේ ගමන යන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයක් අපට තියෙනවා මිත්‍රවරුනි
    එහෙමද හිතන් ඉන්නෙ...
     
    • Haha
    Reactions: TCB Rox and NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,559
    17,608
    113
    Auckland
    Montage Reaction GIF by MOODMAN