මිතුදමක සොඳුරු බව

RoHA99

Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    ජිවිතයේ සමහර අවධියන්හි අපිට ඉතා කිට්ටු මිතුරු මිතුරියන් ලැබේ. ඔවුන් ළඟම ඥාතීන්ටත් වඩා අපට සමීප වන අවස්ථා බොහෝ ඇත. මේ මිතුරුකම් වෙනස් ලිංගික පාර්ශවවල වන විට ඒවා මිතුරු ඇසුරක් ලෙස දිගු කල් පවත්වා ගැනීමට බොහෝ දෙනා අසමත්වෙති. එක්කෝ ඔවුහු පෙම්වතුන් වෙති. නැත්නම් ඉතා අප්‍රසන්න සතුරන් බවට පත්වෙති. බොහෝ විට සිදුවන්නේ දෙවෙනි කාරණයයි. මෙය සෑම සමාජ පද්ධතියකම දැකිය හැකි වුවත් එය ලංකාව සහ ඉන්දියාව සඳහා වඩාත් අදාළ වන බව මගේ අත්දැකීමයි.

    මේ ගැන ගැඹුරු මනෝ විද්‍යාත්මක අධ්‍යයනයක් කල යුතු බව සැබෑය. එහෙත් සරල විග්‍රහයක් කරනවා නම් මා දකින විදියට මේ කාරණයට හේතුව දකුණු ආසියාතික සමාජයේ බහුතරයකට අවේනික වූ සුවිශේෂි මනෝභාවයකි. එනම් අනෙකාගේ සිතීම්-හැඟීම් නිදහස (freedom of thinking & feeling) අවබෝධ කරගැනීමට සහ අනෙකාගේ ගත-භාෂාව (body language) තේරුම් ගැනීමට ඇති නොහැකියාවයි.

    ජිවිතයේ සමහර අවස්ථාවල අපිට මිතුරු මිතුරියන්ගේ අවශ්‍යතාවය ඉතා තදින් දැනේ. මේ මිතුරා හෝ මිතුරිය සමහර විට ඔබේ සහකරු හෝ සහකාරියද විය හැක. නමුත් එසේ නොවන අවස්ථා වැඩිය. අපට ගැහැණු පිරිමි බේදයකින් තොරව අනෙකාගේ උර මත හිස හොවා හඬා වැටෙන්න සිතෙන අවස්ථා ඇත. සිත තුල තෙරපෙන සිතුවිලි හැගීම් නිදහසේ මුදා හරින්න සිතෙන අවස්ථා ඇත. අතින් අත අල්ලා ගෙන ඇවිද යාමට සිතෙන අවස්ථා ඇත. තනිවම තම මිතුරා හෝ මිතුරිය සමග බොහෝ වෙලා කතා කරන්නට දේවල් තිබෙනු ඇත. නමුත් මෙය සම්මත (හෝ අසම්මත) ප්‍රේමයෙන් හෝ රාගයෙන් වෙනස් වන සීමාව වටහා ගැනීමට දකුණු ආසියාතිකයා බොහෝ විට අසමත් වෙයි. මේ අතින් බහුතරයක් බටහිර යුරෝපීයයන් සහ ලතින් ඇමරිකානුවන් ඉතා ඉහල මානසික තලයක පසුවෙයි. ඔවුන් අතර ඉතා සමීප ළබැඳියාවන් දශක ගණනක් පුරා පවතිනු මා දැක ඇත.

    අප සැමටම සිතුවිලි සහ හැඟීම් පිළිබඳව අයිතියක් ඇත. අපේ හැඟීම් සංසිද්ධි මත පවත්වා ගැනීමට අප සැමටම හැකියාව තිබිය යුතුය. එනම් කාන්තාවක් තමන් මානසිකව කඩා වැටුණු විටෙක තම මිතුරාගේ උරහිස මත හඬා වැටුනාය කියා ඇය සැමවිටම තමා සෙවනේ සිටිය යුතු නැති බව මිතුරා තේරුම් ගත යුතුය. ඇයගේ පෞද්ගලික මනෝභාවයට ඔබ ගරු කල යුතුය.
    මිතුදමක අගය වැටහෙන්නේ ඉතා සමීප මිතුදම් තිබෙන අයටය. ඔබත් ඒ ගැන සිතන්න. මිතුදමක අලංකාරය යහපත් සිතින් විඳගන්න.
    😊

    [උපුටනයකි]
    22222222222222222222222222222.jpg