මිතුරන් කෙටවීම

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    මිතුරන් කෙටවීම

    එක්‌තරා වනාන්තරයක වාසය කළ ධීරගුණ නැති අභීත සිංහයෙකු සහ වෘෂභයෙකු අතර වැඩෙමින් පැවැති මහත් ස්‌නේහය දළ ලෝභයෙන් මඬනා ලද සිත් ඇති පිසුනාවාචයේ ශූර වූ දුෂ්ට සිවලෙකු විසින් නසනා ලද මිත්‍ර භේදය නාමති පංචතන්ත්‍ර කතාව මෙසේය.

    මහිලාරෝප්‍ය නමැති රාජ්‍යයේ වර්ධමානක නම් සිටුවරයෙකු සිටියේය. මේ සිටුතුමාගේ අතිශය ජව සම්පන්න සංජීව නම් වෘෂභයෙකු සිටියේය. මේ උත්තුංග වෘෂභයා ගැලක ගමන්කරද්දී සිදු වූ කරදරයක්‌ නිසා මහාවනාන්තරයක අතරමං විය. එම වනාන්තරයේ පාලකයා වූයේ "පිංගලක" නම් මහා ප්‍රතාපවත් සිංහයෙකි. සිංහයාට සියලු සතුන්ගේ ගෞරවය- සැලකිල්ල නොඅඩුව ලැබුණි. සංජීව නමැති වෘෂභයා පිවිතුරු තෘණ වර්ග ආහාරයට ගෙන සුවසේ සිටින අතරතුර බිහිසුණු හඬින් කෑගැසීය. වනය දෙවනත් කරන මේ බිහිසුණ වෘෂභ නාදය මීට පෙර එම වනයේ කිසිදු සතෙකු අසා තිබුණේ නැත. මේ ශබ්දය සිංහයා තුළ අස්‌ථාන බියක්‌ ඇති කිරීමට සමත් වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: RLR

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    නාඳුනන අදෘෂ්‍යමාන වෘෂභයාගේ විලාපයේ නාදය සිංහයා තුළ කම්පනයක්‌ ඇති කළ බව කරටකය සහ දමනකය නමැති කපටි හිවලුන් දෙදෙනෙකුට දැනගන්නට ලැබෙයි. මේ කියන හිවලුන් දෙදෙනා මීට පෙර සේවයෙන් නෙරපන ලද දූෂිත මංත්‍රීවරයෙකුගේ පුතුන් දෙදෙනෙකි. මේ අස්‌ථාවර මොහොතේ දමනක නමැති සිවලා සිංහයාට සමීප වීමට උපක්‍රම යොදයි. සිංහයා මෙලෙස බියෙන් සිටීමට කරුණු විමසා, ඒ අදෘෂ්‍යමාන සත්ත්වයා රජු හමුවට ගෙනැවිත් අවනත භාවය ලබා දීමට දමනක නමැති සිවලා රජු හා ගිවිස ගනී. නමුත් ආගන්තුක වෘෂභයා පිළිබඳ බියකරු තොරතුරුවලින් සිංහයා තව තවත් බියට පත්කර සිංහයා සිවලාගේ සිරකරුවෙකු කර ගැනීමට සමත් වෙයි. සිංහයාගේ ගැලවුම්කරු මෙන් සිවලා ගොඩනගන ප්‍රතිරූපය කොතරම්ද යත් සිවලාට ඇමැති පදවියක්‌ පවා ලැබෙයි.

    වනාන්තරයට පැමිණ ශබ්ද කරන ආගන්තුක සත්ත්වයා බලසම්පන්න ගොනෙකු බව දැනගන්නා දමනයා මුලින්ම ගොනා සමග මිතුරු වෙයි. පසුව කැලේ රජා වූ සිංහයා පිළිබඳ දන්වා ගොනා බියපත් කරයි. නමුත් තමන්ට සිංහයාගෙන් සමාව ලබා දීමට හැකි බව පවසා, සැනසිලි බස්‌ වලින් ගොනා රවටන සිවලා ගොනාගේ එකම ගැල වුම්කරු බවට පත්වෙයි. එකිනෙකාගේ අදෘෂ්‍යමාන බලපරාක්‍රමය දන්වා. මෙලෙස සිංහයා සහ ගොනා බියපත් කර අතරමැදියා වූ දමනයා (සිවලා) දෙදෙනාගේම ගැලවුම්කරු බවට පත්වෙයි. සිවලාගේ කෙළවරක්‌ නැති උපදේශ කතාවලින් සිංහයාගේත්, ගොනාගේත් විශ්වාසය දිනාගත් සිවලා සංජීව නමැති වෘෂභයා සිංහයා කරා ගෙනගොස්‌ හඳුන්වා දී මිතුරන් බවට පත් කරයි. පිංගල නැමති ඒ කෘතවේදී ප්‍රතාපවත් රජුට වෘෂභයා හඳුන්වා දෙන්නේ ඊශ්වර දෙවියාගේ රියෙහි බඳින වෘෂභයා ලෙසයි.


    ඊශ්වර දෙවියාගේ සම්බන්ධය නිසා සිංහයාගේ ආදර සැලකිළි වඩාත් දිනාගැනීමට වෘෂභයා සමත් වෙයි. අතිශයින් ප්‍රසන්න පැවතුම් සහිත උගතෙකු වූ වෘෂභයා සිංහයා සමග කොතරම් සමීප වීද යත් කල්යැමේදී සිංහයාගේ උපදේශකයා විය. සිංහයා සහ වෘෂභයා විශේෂ දේවල් පිළිබඳ කතා කරන තැන්වලට ඒමට සිවලුන්ට පවා තහනම් විය. සතුන් මැරීම පිළිකුල් කළ වෘෂභයා වනාන්තරයේ අනෙක්‌ සතුන්ට දඩයම තහනම් කළේය. මේ නිසා ක්‍රමක්‍රමයෙන් සතුන් පිංගල නම් එම සිංහ රජුට අයත් ප්‍රදේශයෙන් පිටව යන්නට විය. මේ නිසා ගොදුරු නැතිව සිංහයාටත් හාමතේ සිටින්නට විය. මේ සියල්ල තිබියදී ගොනාගේත්. සිංහයාගේත් මිතුරුදම වඩ වඩාත් දියුණු-තියුණු විය. ඒ වැඩීමට සමාන්තරව දමනක නමැති සිවලාට තිබූ සැලකිලි-සත්කාර සහ බලය අඩු වෙන්නට විය. මේ සැලකිලි අඩුවන වාරයක්‌ පාසා වෘෂභ-සිංහ මිත්‍ර සමාගමට සිවලාගේ ඊර්ෂ්‍යාව යොමු විය.


    තමන්ට තවදුරටත් ලාභ ගැනීමට නම් සිංහයා සහ වෘෂභයා භේද කරවිය. යුතුය. මේ ක්‍රියාදාමය ක්‍රියාවට නැංවීමට දමනක නමැති සිවලා තෝරාගත්තේ ලෝකයේ ඇති දුෂ්චරිත ගුණාංග හතෙන් එකක්‌ හෝ දෙදෙනාට කාවැද්දීමයි. මේ දුෂ්චරිත වන්නේ, මත්පැන් පානය, පරදාර සේවනය, දඩයම, දුර්භාෂණය, දසුත ක්‍රීඩා, දළ ලෝභය හෝ තණ්‌හාව පුරුදු කිරීමයි.


    මුලින්ම ව්‍යංග කතාවලින් සංජීව නමැති වෘෂභයා පිළිබඳ සිංහයාට සැකයක්‌ ඇති කරන සිවලා වෘෂභයා විසින් සිංහයා මරා දැමීමට සැලසුම් කර ඇති බවත් සිංහයාට කියයි. නමුත් උදාර ගති වලින් අගතැන්පත් සිංහයා ඒවා විශ්වාස නොකරයි. තම හිතෛශී සේවකයෙකු වූ වෘෂභයා, තමාට විරුද්ධ නොවන බවද කියයි. තම කුමන්ත්‍රණය අසාර්ථක වූ සිවලා නුදුරු දිනෙක සිංහයා මැරීමට වෘෂභයා එන බවට අනාවැකියක්‌ කියා පිට වෙයි. මේ හැම ගතු කීමක්‌ම මිත්‍ර ශීලීව කීම නිසා සිංහයා තුළ සිවලාට තිබූ පැහැදීම කෙසේවත් අඩු නොවේ.


    සිංහයා පාවිච්චි කර තම අරමුණ ඉටු කරගත නොහැකිවූ සිවලා මී ළඟට තෝරාගත්තේ වෘෂභයාය. චාටු වචන වලින්, උපදේශක තාවලින් ගොනා වෙහෙසට පත් කර සිවලාගේ ඕනෑම වචනයක්‌ පිළිගන්නා තරමට වෘෂභයා වෙනස්‌ කරගත් පසු සිංහයා විසින් වෘෂභයා මරා දමනු ඇති බව සැළකරයි. මේ නිසා වෘෂභයා දැඩි කම්පනයකට පත් වෙයි. නමුත් ගොනා දිරිමත් කරන ඒ දමනක නමැති දොඩඅහී සිවලා කෑම නැති ව සිංහයා අසරණව සිටින බවත්, ගොනාට සිංහයා පාරාදවිය හැකි බවත් කියා ගොනා සටනට කැමති කරවා ගනී. සංජීව නමැති ඒ වෘෂභයා සොයා බැලීමකින් තොරව කී පමණික්‌ සිවලාගේ වචන පිළිගනී. මෙතෙක්‌ කල් තමා (ගොනාව) රැකබලාගත් - ජීවත් කළ සිංහයාට එරෙහිව බිහිසුණු සටනක්‌ කර තම ජීවිතය බේරාගැනීමට තීරණය කරයි. සිවලාගේ යොමු කිරීම මත හිටි වනම සිංහයාගේ ඇඟට කඩාපැන පහර දීමට ගොනා පසුබට නොවේ. තමාගේ සැලකිලි වලින් ජීවත්ව සිට එකවරම දොඩඅහී වී කඩා පතින ලද ඒ ගොනා සිංහයා අතින් පහසුවෙන්ම පරාජය විය. බඩගිනි සිංහයෙකු සමග සටනට ආ මෝඩ වෘෂභයා මරණයට පත් විය.


    දමනක නම් වූ ඒ පිසුනාවාචයේ ලොල්වූද සම්ප්‍රපලාපයේ කෙළවරක්‌ නැත්තාවූද මුසාවාද ආදී සියලු වාග් දුෂ්චරිතවලින් අගතැන්පත් වූ කපටි සිවලාගේ දුෂ්ඨ අරමුණ ඉටුවිය. ප්‍රශ්නයක්‌ ඇති තැනක්‌ හඳුනාගෙන, එයින් හැකිතාක්‌ ප්‍රයෝජන ගැනීමත්, ප්‍රයෝජන නොගත හැකිනම් මිතුරන් කොටවා විනාශ කිරීමත් ඒ සිවලා ඇදහු විශ්වාස කළ ආගමයි. ඒ සිවලා විශ්වාස කළ දුර්භාෂණය දළ ලෝභය- කෲරකම යන දුෂ්චරිත නමැති දුබලතා දැක ඒවාට ආමන්ත්‍රණය කර මෝඩ ශක්‌තිවන්තයෙකු වූ වෘෂභයා විනාශ වීමට සැලැස්‌සුවේය. ඒ මෝඩ ශක්‌ති වන්තයා. මිතුරන් කෙටීමට හසුව විනාශව ගිය පසුත් කිසිදු ශෝකයකින් තොරව කළ දේ පිළිබඳ පසුතැවීමකින් තොරව දමනක නමැති සිවලා තම සහචර කරටක නමැති අනෙකා කරා ගියේය. ගොස්‌ තම හපන්කම මෙසේ කීය.
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    භේදයක්‌ ඇති කිරීම මෙන්ම එයින් ප්‍රයෝජක ගැනීමටද දතයුතුය සිවලෙකු වුවද කරටක නමැති සිවලා මේ දුෂ්ට වචනය ප්‍රිය නොකළේය. දමනකයාට අවමන් කළේය. "දුෂ්ටය, සිංහයා සහ වෘෂභයා භේද කළේ ඔවුන්ගේ මිත්‍රත්වකම ඉවසාගත නොහැකි වූ නිසාය. තවදුරටත් කතා කළ ඒ කරටකයා මෙසේද කීය.

    බියසුල්ලෝ වීරයන්ට අවමන් කරන්නෝය. කාන්තා ප්‍රිය නොවන්නෝ කාන්තා ප්‍රිය පුරුෂයාට දොස්‌ කියන්නෝය. වංකයෝ අවංකයාට පරිභව කරන්නෝය. ධීර-වීර ගුණ ඇති සාධු සංවර ගති ඇති සත් පුරුෂ තෙම තමන්ගේ වුවමනාව කොතෙක්‌ බලවත් වුවද මනුෂ්‍යත්වයට නොගැලපෙන පහත් ක්‍රියාවන් නොකරන් නේය. සක්‍රීය කීර්තියට හේතුවන උදාර පරිත්‍යාග කරන්නේය.

    මේ ධර්මෝපදේශ කෙතෙක්‌ කළ ද මිත්‍ර භේදය කළ සිවලා ඒවා පිළිගත්තේ නැත. තමන් වරදක්‌ කළ බව හෝ ඒ සිවලා මේ වනතුරුත් නොදනී. තමා මහත්සේ සංග්‍රහකර තිබියදී දොඩඅහී වූ ගොනාට යටත් නොවූ සිංහයා උගේ විනාශය පිළිබඳ දුක්‌විය. ශක්‌තිය බලය ලෙස වරදවා තේරුම්ගත් වෘෂභයාගේ ජීවිතයම කපටි මිතුරන් කොටවන්නෙකුගේ මනදොළ පිනවීමට පාවිච්චි විය.
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    දැන් නම් හොදයි. :)
    :lol::lol:
    11.gif
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    meke bara wachana ain karanam kathawa sahena saralai mokada mithuran ketaweema kiyana eka adatath sahena prashnayak thamai