මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (03) සවස් කාලයේ එම සැකකරු මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ වීරකැටිය පොලිස් වසමේදීය.

    අත්අඩංගුවට ගත් සැකකරු ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි.

    මෙම සැකකරු විසින් වෙඩිතැබීම සිදුකළ සැකකරුවන්ට ටී-56 ජීව පතොරම් 12ක් ලබා දී ඇති බවට දැනට සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇති පොලීසිය පවසයි.

    ඉකුත් 18වනදා සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ හා ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය විය.

    ඒ අනුව මෙම අපරාධයට අදාළව මේ දක්වා සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    @Don GasCan mehe waren mongal pakaya, balapan me police ponnaya mini maranna kelinma support eka dila nithiyai policiyai hallu karala thiyana hati
     
    • Haha
    Reactions: Jihadi john

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,045
    113
    Milagiriya
    "මිනීමැරුම් 6 කට සෘජු චෝදනා ඇති දේශපාලකයින්ගේ රැකවරණය ලද ප්‍රබල පාතාලයෙකු ලෙස සැලකෙන ගීගන ගමගේ අමරසිරි හෙවත් 'ජූලම්පිටියේ අමරේ' නමැත්තාට තංගල්ල මහාධිකරණයෙන් අද මරණ දඬුවම නියම කර තිබෙයි. 2012 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරණ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්
    මෙම දඩුවම පනවා ඇත.

    කටුවන හැඩිවත්ත ප්‍රදේශයේදී 2012 වසරේ ජුනි 15වනදා පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ ප්‍රාදේශීය ජනහමුවකට වෙඩි තබා ජනහමුවට සහභාගී වී සිටි දෙදෙනෙකු ඝාතනය කර එක්
    අයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (7) තංගල්ල මහාධිකරණයේ දී ලබාදෙමින් ඔහුට මරණ දඬුවම නියම කළේය.

    වර්ෂ 2000 ජූනි මස 30 වැනිදා තංගල්ල බන්ධනාගාරයේ කැරැල්ලක්‌ ඇතිවිය. මේ කැරැල්ල මෙහෙයවන ලද ජූලම්පිටියේ අමරේය. ඒ වනවිට ඔහු පුරා වසර තුන හමරාක්‌ හිර දඬුවම් විඳ තිබිණි. අවසානයේ 2002 දී ඔහු බන්ධනාගාරය කඩාගෙන පලා ගියේය.

    ජූලම්පිටියේ අමරේ ගැන ඉන් අනතුරුව ඇසෙන්නේ අරුම කතාය. ඔහු මිනිසුන් හය දෙනෙකුගේ මිනී මැරුම්වල ප්‍රධාන සැකකරුය. මිනී මැරීමට තැත් කිරීම හා පැහැරගෙන යැම වැනි බරපතල අපරාධ පහකටද හෙතෙම මුල් වූ බව අධිකරණයේදී කියෑවුණේය. මේ සම්බන්ධ නඩු එකොළහම අධිකරණයේ ඇසෙමින් තිබිණි. පොලීසියට අනුව ඔහුට එරෙහිව නැගුන ප්‍රධානම මිනීමැරුම වූයේ මිද්දෙනියේ බස්‌ ව්‍යාපාරිකයෙක්‌ වූ අමිල චූටි නමැත්තාව ඔහුගේම ගිනි අවියකින් වෙඩි තබා ප්‍රසිද්ධියේ ඝාතනය කර දැමීමය. මේ අතර ගස්‌ කපා විකිණීම, ගංජා ව්‍යාපාරය හා හොර හරක්‌ ජාවාරමත්, කප්පම් ගැනීමත් ඔහු විසින් පවත්වාගෙන ගිය ආකාරය පොලීසියට වාර්තා වී තිබුණේය.

    එහෙත් ප්‍රබල දේශපාලන සම්බන්ධකම් ඇතිකරගෙන තිබු අමරේ සම්බන්ධව පොලීසියට කළ හැකි දෙයක්‌ නොවිණී. හෙතෙම 2005 මහා මැතිවරණයේදී හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ප්‍රබල දේශපාලකයින්ගේ වේදිකාවලට නැග්ගේය. කතා පැවැත්වූයේය. ගී ගැයුවේය. ප්‍රසිද්ධියේ ටී 56 ගිනි අවියක්‌ භාවිත කළේය. මේ වකවානුවේ ඔහුට එරෙහි පාතල කල්ලියක්‌ විණි. එහි නායකයා වූයේ නෙළුවේ ප්‍රියන්තය. ඔහුව විශේෂ කාර්ය බලකාය විසින් මරා දැමිණි. ඉන් අනතුරුව එම පාතාල කල්ලියට නායකත්වය දුන්නේ නේවි රුවන් නමැත්තෙකි. ප්‍රියන්ත මැරීම සඳහා විශේෂ කාර්ය බළකායට ඔත්තුව සැපයූවේ අමරේ විසින් බවට සැක කළ රුවන් මේ පුද්ගලයා සමග වෛර බැඳගෙන සිටියේය. අවසානයේදී නේවි රුවන් සැගවුණේය. එහෙත් ජූලම්පිටියේ අමරේ යහතින් සිටියේය.

    පොලීසියම පවසන පරිදි ඔහු ගමේ සිටියේ වෙඩි නොවදිනා ආරක්‌ෂක ඇඳුමක්‌ වන "බොඩි ආමර්" පැළඳගෙන ගිනි අවියද සහිතවය. විවෘත වරෙන්තුකරුවෙක්‌ වූ ඔහු ඒ ආකාරයෙන්ම ප්‍රදේශයේ පොලීසිවලට ගියේය. බොහෝ අවස්‌ථාවල පොලීසියේ ස්‌ථානධිපතිවරයා සමග අමරේ කතා කර තිබුණේ ගිනි අවිය පොලිස්‌ ස්‌ථානාධිපති වරයාගේ මේසය මත තබමිනි.

    වරෙක අක්‌කර හතරක ඉඩමක වූ දැවැන්ත කොස්‌ගස්‌ ප්‍රමාණයක්‌ අමරේ විසින් කපා දැමිණි. ඒ බව ආරංචි වූ ප්‍රදේශයේ පොලිස්‌ නිලධාරීන් පස්‌ දෙනෙක්‌ සිද්ධිය වූ ස්‌ථානයට පරීක්‌ෂණයක්‌ කිරීම සඳහා ගියේය. රාජකාරිය සඳහා ගිය එම පොලිස්‌ නිලධාරීන් නිල ඇඳුම පිටින් ගිනි අව්වේ පැයක්‌ පමණ දණගස්‌වා තබා පන්නාගැනීමට තරම් මේ පාතාල පාදඩයා බලවත්ව සිටියේය.

    මේ තැනැත්තා සතුව තිබූ බලයේ ප්‍රමාණය ඉතා හොඳින් ප්‍රකාශයට පත්වූයේ තංගල්ල මහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්‌ෂ අතිනි. අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු සිය ගණනක්‌ තිබෙද්දී මේ තැනැත්තා සැකකරුවෙක්‌ බැලීම සඳහා තංගල්ල බන්ධනාගාරයට යන ආකාරයත්, බන්ධනාගාරයේ ප්‍රධාන නිලධාරියෙක්‌ ප්‍රධාන දොරටුව හැර ඔහු ඇතුළට ගෙන ඉතා ඉහළ පහසුකම් සලකන ආකාරයත් මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

    කටුවන මිනී මැරුමට පෙර අපට හමුවන්නේ රටේ නීතිය මෙපමණම නින්දිත ලෙස හෑල්ලු කළ ඒ සදහා ලයිසන් ලැබී තිබුණාක්‌ සේ හැසිරුණ පාදඩයෙකි.

    කටුවන මිනීමැරුම සිදුවන්නේ 2012 ජුනි11 වැනිදා රාත්‍රී හතටය. හතේ සිට හත හමාර පමණ වනතුරු මිනී මරුවන් සිද්ධිය වූ ස්‌ථානයේ හදිස්‌සියකින් තොරව මිනී මරන්නේය. බඩුමුට්‌ටු පොඩි කරන්නේය. රාත්‍රී නවය වනවිට රටේ ජාතික ආරක්‌ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‌ෂ ලක්‌ෂ්මන් හුළුගල්ල මේ මිනීමැරීම ජනතා විමුක්‌ති පෙරමුණේ අභ්‍යන්තර ආරවුලක ප්‍රතිඵලයක්‌ බව කියන්නේය. මේ වකවානුව තුළ අසරණ විකට නළුවෙක්‌ වී සිටිනා පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී අජිත් රෝහණට කියන්න සිද්ධවන්නේත් ඒ කතාවමය. හම්බන්තොට වැනි ප්‍රදේශයකදී හැටකට ආසන්න පිරිසක්‌ රැස්‌වන තැනකට රජයට මෙවැනි ප්‍රහාරයක්‌ එල්ල කිරීමට අවශ්‍ය නොවන ආකාරයත්, සිද්ධිය වී පැය හතක්‌ ගතවන්නට ප්‍රථම මේ මරණ ගැන ජවිපෙය රට පුරා පෝස්‌ටර් ගසනා ආකාරයත්, ජනතා විමුක්‌ති පෙරමුණ, ජන අරගල ව්‍යාපාරය හා පෙරටුගාමී සමාජවාදී පක්‌ෂය අතර ඇතිවූ අභ්‍යන්තර ගැටුම් දහයක්‌ මෑත කාලය තුළදී ඇතිවී තිබූ ආකාරයත් හේ සිය මතය සාධනය කිරීම සදහා දක්‌වා සිටියේය. මේ සියලු ප්‍රකාශ සිද්ධවන්නේ සිද්ධිය සම්බන්ධ මූලික පැමිණිලි පිළිබඳව අවධානය යොමු නොකරමිනි.

    එදිනම පොලිස්‌පතිවරයා ජූලම්පිටියේ අමරේ සොයා ගන්නට උදව් වෙන්නැයි ජනතාවට ආයාචනය කළේය . එහෙත් මේ ඝාතනය සම්බන්ධව අමරේ වැරදිකාරයෙක්‌ බව ඔහු පිළිගන්නේ නැත. පොලිස්‌පති වරයාට අනුව ඔහුගේ නියෝග මාලාව ක්‍රියාත්මක වන්නේ මෙසේය.

    පැහැරගෙනයැම් හා මිනිස්‌ ඝාතන අටකට සම්බන්ධ නිසා අමරේව අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි සේවය භාර නියෝජ්‍ය පොලිස්‌පති වරයාත්, අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයාත් සිද්ධිය වූ ස්‌ථානයට ගොස්‌ පරීක්‌ෂණ කරන්නේය. විශේෂ කාර්ය බලකායේ කණ්‌ඩායමක්‌, අපරාධ විමර්ෂණය පිළිබඳ විශේෂ පුහුණුවක්‌ ඇති සොකෝ කණ්‌ඩායමක්‌, පොලිස්‌ සුනඛයන්, හා ඇඟිලි සලකුණු විශේෂඥයන් යන්නේය. යුද හමුදා බුද්ධි අංශය පරීක්‌ෂණ වලට උදව් කිරීමට පැමිණෙන්නේය.

    එහෙත් ඊට පසුදින, එනම් 19 වැනිදා අමරේ සුදු කමිසයක්‌ හා සුදු කලිසමක්‌ ඇඳගෙන සුදු සපත්තු දෙකක්‌ දමාගෙන සිල් ගත් උපාසකයෙක්‌ සේ ශාන්තව පැමිණ අධිකරණයට භාර වන්නේය.

    වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජුලම්පිටිය අමරේ පොලිසිය භාරවීමෙන් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර පසුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.වසර 7 ක් තිස්සේ නඩුව විභාගවීමෙන් අනතුරුව මෙම දඩුවම ක්‍රියාත්මක විය."
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,045
    113
    Milagiriya
    Julampitiye-Amare.jpg
    EIw6-YJU0-AEL7-UW.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,075
    113
    සේදවත්ත
    මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (03) සවස් කාලයේ එම සැකකරු මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ වීරකැටිය පොලිස් වසමේදීය.

    අත්අඩංගුවට ගත් සැකකරු ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි.

    මෙම සැකකරු විසින් වෙඩිතැබීම සිදුකළ සැකකරුවන්ට ටී-56 ජීව පතොරම් 12ක් ලබා දී ඇති බවට දැනට සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇති පොලීසිය පවසයි.

    ඉකුත් 18වනදා සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ හා ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය විය.

    ඒ අනුව මෙම අපරාධයට අදාළව මේ දක්වා සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    @Don GasCan mehe waren mongal pakaya, balapan me police ponnaya mini maranna kelinma support eka dila nithiyai policiyai hallu karala thiyana hati
    මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට
    අනේ හැල්ලුවා හෑල්ලු කරන්න කලින්ම අත් අඩංගුවට අරන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට
    අනේ හැල්ලුවා හෑල්ලු කරන්න කලින්ම අත් අඩංගුවට අරන්

    koheda huththo hallu karanna kalin ,
    menna bala ganinko lokuwata පතොරම් 12ක් dila hallu karala mini maralath iwarai, ita passe thamai arrest kare , arrest karaddi hallu wela iwarai

    මෙම සැකකරු විසින් වෙඩිතැබීම සිදුකළ සැකකරුවන්ට ටී-56 ජීව පතොරම් 12ක් ලබා දී ඇති බවට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,075
    113
    සේදවත්ත
    koheda huththo hallu karanna kalin ,
    menna bala ganinko lokuwata පතොරම් 12ක් dila hallu karala mini maralath iwarai, ita passe thamai arrest kare , arrest karaddi hallu wela iwarai

    මෙම සැකකරු විසින් වෙඩිතැබීම සිදුකළ සැකකරුවන්ට ටී-56 ජීව පතොරම් 12ක් ලබා දී ඇති බවට
    හැල්ලු කරලා කෙලින්ම
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නෑනේ . උබයි හෑල්ලු කරන්නේ. උබ හෑල්ලු පොන්නයෙක්

    mini maranna මෙම සැකකරු විසින් වෙඩිතැබීම සිදුකළ සැකකරුවන්ට ටී-56 ජීව පතොරම් 12ක් ලබා දී ඇති බවට, kelinma hallu karala ponnayo,

    mn monawada hallu kare
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,075
    113
    සේදවත්ත
    mini maranna මෙම සැකකරු විසින් වෙඩිතැබීම සිදුකළ සැකකරුවන්ට ටී-56 ජීව පතොරම් 12ක් ලබා දී ඇති බවට, kelinma hallu karala ponnayo,

    mn monawada hallu kare
    උබනේ ඕක දාල හෑල්ලු කරන්නේ නැත්තම් ලංකාව ඕක දන්නේ 0.ම ගානක්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබනේ ඕක දාල හෑල්ලු කරන්නේ නැත්තම් ලංකාව ඕක දන්නේ 0.ම ගානක්

    dan ethakota police ponnaya mini maranna ටී-56 ජීව පතොරම් 12ක් dila policiya hallu karala nedda????

    mn mewa dammahama hallu wenne kohimada???
    policiya karana nithi wirodi weda janathawa dena ganna ona, ethakota thamai janathawa unath paressam wenne.

    මෙම සැකකරු විසින් වෙඩිතැබීම සිදුකළ සැකකරුවන්ට ටී-56 ජීව පතොරම් 12ක් ලබා දී ඇති බවට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,075
    113
    සේදවත්ත
    dan ethakota police ponnaya mini maranna ටී-56 ජීව පතොරම් 12ක් dila policiya hallu karala nedda????

    mn mewa dammahama hallu wenne kohimada???
    policiya karana nithi wirodi weda janathawa dena ganna ona, ethakota thamai janathawa unath paressam wenne.

    මෙම සැකකරු විසින් වෙඩිතැබීම සිදුකළ සැකකරුවන්ට ටී-56 ජීව පතොරම් 12ක් ලබා දී ඇති බවට
    පොලිසිය ගාව පතොරම් නැතුව උබ ගාව තියෙන්නද ඕනේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පොලිසිය ගාව පතොරම් නැතුව උබ ගාව තියෙන්නද ඕනේ

    මෙම සැකකරු විසින් වෙඩිතැබීම සිදුකළ සැකකරුවන්ට ටී-56 ජීව පතොරම් 12ක් ලබා දී ඇති බවට
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබ ගාව නැද්ද

    amaruna palayan,

    police ponnaya mini maranna udawu karala policiya hallu karala

    මෙම සැකකරු විසින් වෙඩිතැබීම සිදුකළ සැකකරුවන්ට ටී-56 ජීව පතොරම් 12ක් ලබා දී ඇති බවට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,075
    113
    සේදවත්ත
    amaruna palayan,

    police ponnaya mini maranna udawu karala policiya hallu karala

    මෙම සැකකරු විසින් වෙඩිතැබීම සිදුකළ සැකකරුවන්ට ටී-56 ජීව පතොරම් 12ක් ලබා දී ඇති බවට
    අත් අඩංගුවට අරන් නැද්ද
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අත් අඩංගුවට අරන් නැද්ද

    eka newei oi man ahanne, ai ochchara moda gon thamuse, mn ahanne me police ponnaya mini maranna ටී-56 ජීව පතොරම් 12ක් ලබා දීla policiya hallu karala nedda??????

    මෙම සැකකරු විසින් වෙඩිතැබීම සිදුකළ සැකකරුවන්ට ටී-56 ජීව පතොරම් 12ක් ලබා දී ඇති බවට