මින් මැදුර

Oct 16, 2014
19
1
0
ුරතල් මත්සයින් ගැන උනන්දුවන කැමත්තක් දක්වන අය සදහා මේම පිටුව බේහෙවින් උපකාරිවේ.
 
Last edited:
Oct 16, 2014
19
1
0
මින් මැදුරමාළු ඇති කරන අය අතර ගොඩක් ජනප්රිය මාලුවෙක් තමා මෙයාලා. සාමානයෙන් ගගවල් වල, වැව් වල මාළු අල්ලන කට්ටියනම් මෙයාලට කියන්නේ අගුලුවන් කියලා. ඒ උනාට අපි නැත්නම් මාළු ඇති කරන අය කියන්නේ මෙයාලට “කැට් ෆිෂ්” (Cat fish) කියලා. මෙයාලගේ කට දෙපෙත්තේ “අන්කුට” (Barbels)දෙකක් නිසා තමා මේ නම මෙයාලට දාලා තියෙන්නේ. සාමානයෙන් මෙයාල අනෙත් මාළුවන්ට වැඩ ලොකු වෙනවා. ඒඋනාට එයාලගේ හැසිරීම වගේම හැඩය නිසාම තමා මාළු ඇති කරන අය කමැති මෙයාලට. කොහොම උනත් මෙයාලගේ ගොඩ දෙනක් ඉක්මනින් බයවෙන ගතියක් පෙන්නනවා. සාමානයෙන් මෙයාලා pond එකක ඇති කරනවානම් ඉතාමත් ඉක්මනින් ලොකු කරගන්න පුළුවන්.මේ ඉන්නේ Red tail catfish කෙනෙක්. මෙයාලට මේ නම හම්බ වෙලා තියෙන්නේ මෙයාලගේ පිටිපස්සේ වරල, නැත්නම් නැට්ට කෙළවර රතු පාට නිසා. දකුණු ඇමරිකාව තමා මෙයාලගේ නිජබිම. වැඩිපුරමබ්රසීලය, වෙනිසියුලාව වගේ රටවල් වල ගංගා, ඇළ, දොළවල ජිවත් වෙනවා. සාමානයෙන් මෙයාලා ස්භාවික පරිසරයේදී 130 cm විතර ලොකු වෙනවා වගේම 45 kg විතර බර වෙනවා.මෙයාලට තමා ටේටේ සි කැට්ෆිෂ් (Tete sea catfish = Sciades seemanni) කියන්නේ. පැසිෆික් සාගර කලාපයේ තියන ගලාගෙන යන දිය පාරවල් කලපු වල තමා ජිවත් වෙන්නේ. මෙයාලාගේ ඇග අළු පාට වගේම ඔලුව ටිකක් විතර ලොකු වෙනවා. 40 cm විතර ලොකු වෙන මෙයාලා සාමානයෙන් මාළු ටැංකි වල ඇති කරන්නන නම් ඒ තරමටම හොද නැ.මෙයලටනම් නම් දෙක තුනක්ම තියනවා. බර්නි කැට්ෆිෂ් (Berny’s catfish) බර්නි ෂාක් කැට්ෆිෂ් (Berney’s shark catfish) නැත්නම් සැමන් කැට්ෆිෂ් (Salmon catfish = Arius bernei) මිරිදියේ වගේම කිවුල් දියේ ජිවත් වෙන්න පුළුවන් මාලුවෙක්. සාමානයෙන් market එකේ වැඩිපුරම දකින්න ඉන්න catfish වර්ගයක් තමා මෙයාලා. 35 cm විතර ලොකු වෙන මාළු වර්ගයක්. මෙයාලා විසිතුරු මාළු ඇති කරන අයට ඇති කිරීමට ගැලපෙන මාළු ජාතියක්.
 
Oct 16, 2014
19
1
0
අද වෙළදපලේ ගණන් වැඩිම මාළු වර්ග වලින් එකක් වෙන මෙයාලා ගොඩක් ලස්සන මාළුවෙක්. (Discus= Symphysodon aequifasciatus)වෙන මෙයාලගේ නිජබිම දකුණු ඇමරිකාවේ ඇමේසන් ගග ඒත් අද ගොඩක්ම ජනප්රිය වෙලා තියෙන්නේ ආසියාතික රටවල් වල. පැතලි ඇගක් තියන මෙයාලා ගොඩක් වෙලාවට රවුමක් වගේ. සාමානයෙන් 20 cm විතර ලොකුවෙන මෙයාලා පැටවුනට ගොඩක් ආදරෙ කරන මාළු ජාතියක්.මෙයාලගේ ගැහැණු සතා බිත්තර දැම්මට පස්සේ එයාගේ හමෙන් එලියට එන උකු දියරයක් වගේ දෙයක් කෑමට අරගෙන තමා ඒ බිත්තර වලින් එලියට එන පැටවුන් ලොකු වෙන්නේ. එය විදිහට දෙමාපියන් ළගම ඒ පැටවුන් සති ගණනක ජිවත් වෙන නිසා පැටවුන්ට ආරක්ෂාව උපරිම විදිහට ලැබෙනවා.