මිනිමරුවන් කිසිත් නැති මිනිමැරුමක් - 02

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    මිනිමරුවන් කිසිත් නැති මිනිමැරුමක් - 02

    මා මෙයට කලින් පල කරන ලද 2008 මැයි මස 16 වන දින ඉන්දියාවේ නොයිඩා ප්‍රාන්තයේ තල්වාර් නම් දන්ත වෛද්‍ය යුවලගේ නිවසක් තුල සිදු වු අභිරහස් ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට අදාල ලිපියට ගොඩාක් අය උනන්දු වු නිසා ඒ සම්බන්ධ වැදගත් කරුණු කිහිපයක් නැවතත් ඔබ වෙත ඉදිරිපත් කිරීමට සිත් පහල වූයේමි. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පරීක්ෂණ පැවැත්වූ කණ්ඩායම් 3 ක් විය.

    1) උත්තර් ප්‍රදේශ පොලිස් කණ්ඩායම
    2) පලමුවන CBI කණ්ඩායම
    3) දෙවන CBI කණ්ඩායම

    මෙම අපරාධය සිදු වී සතියක් යෑමෙන් පසු උත්තර් ප්‍රදේශ පොලිස් ප්‍රධානීන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඇනිටා නම් වෛද්‍යවරියක් සමඟ තල්වාර් මහතා අනියම් සම්බන්ධතාවයක තොරතුරු තම දියණියට හා නිවසේ මෙහෙකරුගේ අතට හසු වීම නිසා ඔවුන් දෙපල පියා විසින් මරා දැමු බවට හෙලිදරව් කලේය.

    ඊට අවශ්‍ය කරන කිසිම සාක්ෂියක් ඔවුනට සොයා ගැනීමට නොහැකි වීම නිසා මෙම අපරාධයේ පරික්ෂණ කටයුතු ඉන්දියානු මධ්‍යම අපරාධ කාර්‍යාංශයට ( CBI ) වෙත භාර කෙරිණි.එහි පරීක්ෂණ කටයුතු ආරම්භ කලේ අරුන් කුමාර් මහතා විසිනි. මෙහි පරික්ෂණ කටයුතු වෙනත් මඟකට යොමු වුයේ මෙම පලමු CIB කණ්ඩායම පරීක්ෂණ ආරම්භ වීමත් සමඟය. රාජේශ් තල්වාර් මහාතාගේ රෝහලේ සේවය කරන සේවකයෙකු හා ඔහුගේ තවත් මිතුරන් දෙදෙනෙක් මේ සිදූවීමට සැක යැයි සිතා පරීක්ෂණ කටයුතු ආරම්භ විය.

    ඉන්දියාවේ අපරාධකරුවන් ප්‍රශ්න කරන ක්‍රමයක් වන්නේ Nacro Analysis , lie detecror, Brain Mapping වැනි පරීක්ෂණ ක්‍රම යොදාගෙන නේපාලි ජාතික මිතුරන් තිදෙනා ප්‍රශ්න කිරීමට ලක් විය. ඔවුන් නිද්‍රාවට පත් කර සිදු කරන ප්‍රශ්න කිරීම්වලින් හෙලි වුයේ මෙම මිතුරන් තිදෙනා දිනක් මේ මෙහෙකරුගේ කාමරයට වි මෙහෙකරු සමඟ මත් පැනින් පදම් වී සිටියදි මේ මිතුරන් තිදෙනාට අරූෂිට අතවර කිරීමට එම කාමරය තුලට ගිය අවස්තාවේදි ඇය එයට ප්‍රතිරෝධය දැක්වීම නිසා ඇයව මරා දැමු බවක්ය. මේ විස්තර නිවසේ මෙහෙකරුවාගෙන් එලිවිය හැකි නිසා ඔහුව උඩු මහලට රැගෙන ගොස් මරා දැමු බවට පාපොච්චාරණය කලා. මොවුන් තිදෙනාගේද පාපොච්චාරණයන්ද එකිනෙකට එකක් වෙනස් විය. මොවුන්ගේ ප්‍රශ්න කිරීම අනුව එක් තරුණයෙකුගේ කාමරයක තිබී නේපාලයේ කුක්‍රි නම් පිහියක් හා කොට කලිසමක් හොයා ගත්තද ඒ කිසිම එකක මියගිය දෙපලගේ ඩී.එන්.ඒ තැවරි නොතිබීම මහත් පුදුමයකි. මොවුන්ගේ පවුල්වල උදවියගෙන් ප්‍රශ්න කිරීම්වලදි ඔය සිදූවීම සිදු වූවා යැයි කියන වේලාවේදි ඔවුන් තම තමුන්ගේ නිවෙස් තුල සිටි බවට කරුණු පවා තහවුරු විය.තවද නිදාශීලිත්වයට පත් කොට ලබා ගත් පාපොච්චාරණයන් අධිකරණය පවා පිලිගැනීමට මැලි විය. මොවුන්ට එරෙහිවද කිසිම ප්‍රබල සාක්ෂි රැස් කිරීමට පලමු CBI කණ්ඩායමද අසර්මථ විය.

    තල්වාර් යුවල මේ අපරාධය සඳහා නිර්දෝෂි බව පැවසුවේ මොවුන් විසිනි. අරූෂිගේ කාමරය තුල සීදු වු සියලු දේ දෙමාපියන් සිටින කාමරයට නොඇසු බවට විද්‍යාත්මකව ඔප්පු කිරීමට මේ පිරිස සමත් විය. තවද මෙම පලමු CBI කණ්ඩායමට එල්ල වූ අනිත් චෝදනාව වුයේ අරූෂිගේ යෝනි මාර්ගයෙන් ලබා ගත් තරලය වෙනුවට වෙනත් අයෙකුගේ තරලයක් මාරු කිරීමේ චෝදනාවයි. තවද ඉහතීන් සඳහන් කල නේපාල තරුණයින්ට බලපෑම් හා අඩන්තේට්ටම් කර ඔවුන්ට එරෙහිව ප්‍රකාශන බලහත්කාරයෙන් ලබා ගත් බවටද චෝදනා එල්ල විම නිසා ඔවුන් තුලද කිසිම විශ්වාසයක් නොමැති විම පලමු CBI කණ්ඩායමට එරෙහිව එල්ල වූ චෝදනාවන් විය.

    ඒ අනුව පලමු CBI කණ්ඩායමේ පරීක්ෂණ කටයුතු අත් හිටුවා තවත් දෙවන CBI කණ්ඩායමක් වෙතට මෙම ද්විත්ව ඝාතනයේ පරික්ෂණ කටයුතු භාර වීය. මෙම දෙවන කණ්ඩායමේ මතය වුයේ මුලින් පරික්ෂණ පැවැත්වු උත්තර ප්‍රදේශය පොලිස් පරීක්ෂණ කන්ඩායමේ මතය වු තල්වාර් යුවල මෙම ද්විත්ව ඝාතනය සඳහා දායක වූ බවයි. මෙම කණ්ඩායමේ ප්‍රධානියා පලමු පොලිස් කන්ඩායමේ ප්‍රධානියාගේ ළඟම හිතවතෙකු වු නිසා දෙමාපියන් දෙදෙනාට නැවතත් ඇඟිල්ල දිඟු කල බවට සැක සංකා මතු විය. මොවුන් ගෙතු කතාව වුයේ මධ්‍යම රාත්‍රියේදි මෙහෙකරු තම දියණියගේ කාමරයේ සිටින විට පියාට හසු වීමෙන් පසු හොකි පිත්තකින් පහර දී දෙපළ අඩපණ කිරීමෙන් පසු පිහියකින් දෙදෙනාගේ ගෙල සිඳ මරා දමා මෙහෙකරුගේ මෲත දේහය බෙඩ් ෂීට් එකකින් ඔතා බිම දිගේ ඇඳගෙන ගොස් උඩු මහලේ ටෙරසයට දැමු බවයි.

    1) ඩී.එන්.ඒ පරීක්ෂාවේදි මෙහෙකරුගේ ලේ අරූෂිගේ කාමරය තුල කොහේවත් දකින්නට නොලැබීම තවත් ප්‍රහේලිකාවක් බවට පත් වුයේ මෙහෙකරු තම දියණියගේ කාමරය තුල මරණයට පත් වුයේ කෙසේද යන්න සැක සංකා මතු කර ගනිමිනි.

    2) තවද පහරදුන් බවට සැක කරන හොකි පිත්තේ දෙදෙනාගේ ලේ තැවරී නොතිබු බවට DNA විශ්ලේෂකයින් තහවුරු කිරීම තවත් බරපතළ කරුණකි.

    3) තවද උඩු මහලේ ටෙරසයේ බිත්තියක තබා තිබු ලේ පැල්ලම් සහිත අත්ල සටහන කාගේද යන්න හඳුනා ගැනීම ඇඟිලි සලකුණු විශ්ලේෂකයින්ට නොහැකි විය.

    4) මෙම අපරාධය සිදු වු නිවසේ සාලයේ මේසයක් මත තිබු හිස් විස්කි බෝතලයේ මේ දෙදෙනාගේ රුධිරය තැවරි ඇති බව තහවුරු වුවත් එහි කිසිවෙකුගේ ඇඟිලි සලකුණු සටහන් සොයා ගැනීමට නොහැකි විය.

    5) ගෙල කැපීම සඳහා යොදාගත්තේ යැයි සැක කරන ආයූධය සොයා ගැනීමට දෙවන CBI කන්ඩායමට නොහැකි විය.

    මේ අනුව දෙමාපියන් විසින් මේ අපරාධය සිදු කොට එහි තිබු සියලුම සාක්ෂි විනාශ කර දැමු නිසා කිසිම සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වු බව 2 වන CBI කන්ඩායම අධිකරණයට කරුණු ලෙස වාර්තා කරන ලදි. මේ දෙමාපියන් යුවල වෛද්‍යවරුන් වීම නිසා Surgical Gloves පැලැඳගෙන මෙම අපරාධය සිදු කල බවට පොලිසියේ මතය විය. ඒ අනුව ඇසින් දුටු හා විද්‍යාත්මක සාක්ෂි නොතිබුනද සමහර පරිවේශණිය සාක්ෂි නිසා මෙම තල්වාර් යුවලට එරෙහිව මහාධිකරණයේ අධීචෝදනා ගොනු වුයේ මෙම ද්විත්ව ඝාතනයට හා එහි සියලුම සාක්ෂි වසන් කර දැමීමේ චෝදනාවන්ටය.

    ( ඊලඟ ලිපියෙන් දෙමාපියන්ට එරෙහිව යොදාගනු ලැබු පරිවේශණිය සාක්ෂි ගැන විමසා බලමු )

    පලමු ලිපියේ ලින්ක් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1904577

    උපුටාගැනීමකී
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,438
    113
    Srilanka
    සුපිරි වැඩක් බන්.. මේ වගේ වැදගත් දේවල් ඉදල හිටල හරි තාම යන එක ගැන සතුටුයි
     

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    මේ සිදූවීම් සම්බන්ධව තල්වාර් මහතාගේ සේවකයෙකු නිද්‍රාශීලි තත්ත්වයට පත් කොට ප්‍රශ්න කරපු ආකාරය දැක්වෙන වීඩීයෝවක් මේ. Nacro Analysis Tests කියන්නේ මේ පරීක්ෂණයටයි.

     
    • Like
    Reactions: ftthushara

    ayeshde

    Junior member
  • Feb 7, 2016
    189
    24
    18
    There’s a hindi movie for this story.

    Talvar-Movie%2BPoster.jpg
     

    Similar threads