මිනිසත්කම හමුවේ ආගම
ඔහු වෘත්තියෙන් පෙදරේරුවෙකි. දිනක් ඔහු පලංචියේ නැගී බිත්තියේ තීන්ත ගාමින් සිටියේය. පලංචියේ ලෑලි බැදි ළණු බුරුල්වී ඇති බව ඔහු දුටුවේ නැත. එක්වරම ලෑල්ලක් පෙරලී ඔහු මහල් තුනක් උස ගොඩනැගිල්ලෙන් පහලට ඇදෙගෙන වැටුණි. නමුත් කොහේ හෝ තිබූ වාසනාවකට ශක්තිමත් අතක් ඔහුව පහළට ඇද වැටෙන්නට නොදී ඉහළට ඇදගන්නා ලදී.අහස දෙස බලා සුසුමක් හෙළු ඔහු මෙසේ කීය."ශුහ් දෙවියන්ට ස්තූති වේවා නූලෙන් බේරුනේ"ඔහු පිටව ගිය පසු ඔහුව බේරාගත් තැනැත්තා මෙසේ කියනවා ඇසුණි. "දෙයියො *** මං නොහිටියා නම්"
මේ අපට එදිනෙදා ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබෙන තාලේ කතාවකි. මෙයින් අපට ඉගෙනගත හැකි පණිවිඩය කුමක්ද ? තමන් බේරාගත් තැනැත්තා හොදහැටි ඇහැට පෙනෙන්නට සිටියදී කිසිදා නොදුටු දෙවියෙක්ට යමෙක් ස්තූති කරන්නේ කුමන පදනමකින්ද.මේ කුහකකම මිස අන් කිසිවක් නොවේ. මිනිසුන්ට අනිත් සතුන්ට වඩා දියුණු මොළයක් පරිණාමය උනේ හෝ මවා ලබා දුන්නේ එයින් සිතා තීරණ ගැනීමට නොවේද ?.ලෝකයේ සියළුම ආගම් ඇති කරගත්තේ මිනිසුන් විසිනි. සතෙකු විසින් හෝ වෙනත් කිසිවෙකුගෙන් ඒවා ඇතිවුනු බවට කිසිදු පිළිගත හැකි සාක්ශියක් නැත. මිනිසුන් ආගම් "මැව්වේ" තමාට නිවැරදි යැයි හැගෙන ආචාර ධර්ම පද්ධතියක් සම්මත කර ගැනීමෙන් හා ඒ අනුව හැසිරීමෙනි. ආගමක් මිනිසුන් යහමග යැවීමට වැදගත් බව සත්‍යකි.එහෙත් පෙනෙන්නට තිබෙන සත්‍ය නොසලකා සුරංගනා කතා කර තබා ගැනීම මෝඩකමක්ම පමණි. එබැවින් මිනිසත්කම අනුව සිතා තීරණ ගන්න. හැසිරෙන්න. මිනිසත්කම ආගම කර ගන්න !