මිනිස්‌කම වෙනුවෙන් රුපියල් කෝටියකට පයින් ගැසූ අභිමානවත් ශ්‍රී ලාංකික තරුණයා...........................





මනුෂ්‍යත්වය මුදලට විකිණීමේ සිද්ධීන් අප ඕනෑතරම් අසා තිබෙන අතර මේ වනවිටත් ශ්‍රී ලංකාවේ වැඩිපුර සිදු වන්නේද එයමය. නමුත් දැන් දැන් මනුෂ්‍යත්වය මුදලට විකිණීම වෙනුවට මුදල් විසින් මනුෂ්‍ය ජීවිත බිල්ලට ගැනීම සිදු වෙමින් තිබේ. එසේ නොමැති නම් රුපියල් ශත හමුවේ උතුම් මනුෂ්‍ය ජීවිතවල ඉරණම තීන්දු වෙයි.
මුදලට මනුෂ්‍යත්වය පාදඩකරණය වූ යුගයක අප ඔබට මේ කියන කතාව ඔබ විශ්වාස නොකරනු ඇත. එහෙත් එය ඔබ විශ්වාස කරනු ඇත. මන්ද එය සිදු වූයේ ශ්‍රී ලංකාවේදී නොව කටාර් රාජ්‍යයේදී බැවිනි. එහෙත් මේ කතාව අපට මහත් ආඩම්බරයකි. මන්ද වැලිකතරේ සුවඳ හැමූ මේ මනුෂ්‍යත්වයේ කුසුම සුවඳවත් කළේ සැබෑ ශ්‍රී ලාංකිකයන් බැවිනි.
ප්‍රදීප් කුමාර ගෝනදූවගේ යනු කුරුණෑගල පදිංචි දැනට කටාර් රාජ්‍යයේ අල් බතීල් සෙකිරිකෝ ආරක්‍ෂක සේවා සමාගම යටතේ දෝහා කටාර්හි කැරිෆෝ සාප්පු සංකීර්ණයේ ආරක්‍ෂක සේවා කටයුතුවල යෙදී සිටින තරුණයෙකි. පසුගිය දිනෙක සේවයේ යෙදී සිටි ප්‍රදීප් කුමාර තරුණයාට සාප්පු සංකීර්ණයේ නිමි ඇඳුම් සාප්පුවක "ෆිටෝන්" කාමරයක තිබී මුදල් පසුම්බියක් හමු විය. සාමාන්‍යයෙන් මෙම සාප්පු සංකීර්ණයේ "ෆිටෝන්" කාමරවල ආරක්‍ෂක කැමරා පද්ධති සවිකර නොමැත. එබැවින් මේ මුදල් පසුම්බිය පිළිබඳ කිසිදු තොරතුරක් ආරක්‍ෂක කැමරා පද්ධතියේ සටහන් වන්නේ නැත. එම නිසා පහසුවෙන්ම මෙම මුදල් පසුම්බිය සාක්‌කුවට දමා ගැනීමට ප්‍රදීප්ට ඕනෑ තරම් ඉඩ ප්‍රස්‌ථාව තිබිණි. නමුත් ප්‍රදීප් ඔහුගේ අවංකභාවය වැලිකතරේ පිපිණු කුසුමක් සේ විකසිත කරමින් වහා මුදල් පසුම්බිය කැරිෆෝ ආරක්‍ෂක සේවා කළමනාකාරීත්වයට භාරදීමට පියවර ගත්තේ තම රාජකාරියේ වගකීම අකුරටම ඉටු කරමිනි.
කැරිෆෝ ආරක්‍ෂක නිලධාරීහු මුදල් පසුම්බිය පිරික්‌සා බැලූහ. එය දකුණු අප්‍රිකානු ජාතිකයකුට අයත් වූවකි. ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටියකට ආසන්න මුදල් හා රත්තරන්වලින් පසුම්බිය පිරී තිබිණි. රත්තරන් ග්රෑම් 500 ක්, ඇමෙරිකානු ඩොලර් 7000 ක්, එක්‌සත් අරාබි ඩිනාර් 23000 ක්, ඔස්‌ටේ්‍රලියන් ඩොලර් 500 ක්, සහ කුවේට් ඩිනාර්වලින් පිරී තිබූ මෙම මුදල් පසුම්බියේ හිමිකරු ඒ වන විටත් ඒ පිළිබඳ සියලු බලාපොරොත්තු අත්හැර දමා තිබිණි.
එහෙත් ශ්‍රී ලාංකික තරුණයාගේ අවංකභාවය දකුණු අප්‍රිකානු ජාතිකයාට වාසනාව උදා කළේය. කැරිෆෝ ආරක්‍ෂක නිලධාරීහු කඩිනමින් මුදල් පසුම්බියේ හිමිකරු සම්බන්ධ කර ගනිමින් ඔහුගේ දැතටම මුදල් පසුම්බිය භාර දුන්හ. ආරක්‍ෂක සේවා නිලධාරීන්ට බලවත් ස්‌තූතිය පුද කළ දකුණු අප්‍රිකානු ජාතිකයා ශ්‍රී ලාංකීය තරුණයාට මුදල් ත්‍යාගයක් පිරිනැමුවේ ඔහුගේ අවංකභාවයට මහත් ප්‍රශංසා කරමිනි.
කටාර් රාජ්‍යයේ දී දියත් වූ ශ්‍රී ලාංකිකයන්ගේ අවංකත්වය ලෝකයාට කියා පෑ මෙහෙයුමේ නිර්මාතෘවරයා වන්නේ ෆැන්ටලින් පෙරේරා මහතාය. රාගම පදිංචි ක¹න ඩී මැසනඩ් විදුහලේ ආදි සිසුවකු වන පෙරේරා මහතා දැනට වසර 12 ක් තිස්‌සේ රාජකාරි කරනුයේ කටාර්හි අල් බතීල් සෙකිරිකෝ ආරක්‍ෂක සේවා සමාගමේ සාමාන්‍යධිකාරිවරයා වශයෙනි. ප්‍රදීප් කුමාර තරුණයා ඇතුළු ශ්‍රී ලාංකිකයන් 450 දෙනකුද විදේශීය තරුණයන් 850 දෙනෙකුද ෆැන්ටලින් පෙරේරා යටතේ සේවයේ නියුතුව සිටිති. ප්‍රදීප් කුමාර වැනි ශ්‍රී ලාංකික දිරිය තරුණයන් කටාර් වෙත කැඳවා ඔවුන් අවංක ආරක්‍ෂක සේවා නිලධාරීන් බවට පුරුදු පුහුණු කර කටාර්හි ශ්‍රී ලංකා නාමය රැකගැනීමේ භාරධූර කටයුත්තක පෙරේරා මහතා නිරතව සිටී. සැබැවින්ම ඔහු ශ්‍රී ලාංකික අපටද ආඩම්බරයකි. පසු ගියදා රාජකාරි කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ ඔහු සමග අදහස් හුවමාරු කර ගැනීමට අපට හැකි විය.
"කටාර්හි" ශ්‍රී ලාංකිකයන් එක් ලක්‍ෂ පනස් දහසක් පමණ සේවය කරනවා. මා සේවය කරන අල් බතීල් සෙකිරිකෝ ආරක්‍ෂක සේවා සමාගමේ සේවකයන්ගෙන් වැඩි පිරිසක් ශ්‍රී ලාංකිකයන්. එම ශ්‍රී ලාංකිකයන් රැකියා සඳහා තෝරා ගැනීමේ සිට පුහුණු ශ්‍රමිකයන් ලෙස රැකියා ස්‌ථානවලට යොමු කිරීම මට පැවරිලා තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් ඉතා දක්‍ෂ බව කටාර්හි පාලනාධිකාරිය දන්නවා. ඒ නිසා අපේ තරුණ තරුණියන්ට විශාල රැකියා අවස්‌ථා උදා වී තිබෙනවා.
ප්‍රදීප් කුමාර තරුණයාගේ සිද්ධිය ඇත්තටම මටත් ආඩම්බරයක්. මොකද ඔහු සේවය කරන්නේ මා යටතේයි. ඔහු එදා ප්‍රදර්ශනය කළේ ශ්‍රී ලාංකිකයන්ගේ අවංක භාවයයි. කටාර්හි සේවය කරන සමස්‌ත ශ්‍රී ලාංකිකයන්ටම ඔහු මහත් ආදර්ශයක්.
නීතිගරුක, විනයගරුක රාජ්‍යයක් වන කටාර් රාජ්‍යය ඉතා ශීඝ්‍රයෙන් දියුණුව කර පියනඟමින් සිටින බව පවසන පෙරේරා මහතා 2022 වසරේ "ෆිපා" ලෝක ශූරතා පාපන්දු තරගාවලිය නිමිත්තෙන් සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් වෙමින් තිබෙන බව පවසයි. මෙම සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉදිරියේදී ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට රැකියා අවස්‌ථා රැසක් උදා වන බව ෆැන්ටලින් පෙරේරා පවසයි.
"අල් බතීල් සෙකිරිකෝ ආයතනයට රටවල් 11 කින් පමණ ශ්‍රමිකයන් බඳවා ගන්නවා. නමුත් මා ප්‍රමුඛත්වය ලබාදෙන්නේ මගේ රටේ තරුණයන්ට. ශ්‍රී ලාංකිකයන් වන අප ලෝකේ කොහේ හිටියත් රට වෙනුවෙන් කළ යුතු යුතුකම ඉටු කරන්න ඕනෑ.
ශ්‍රී ලාංකික තරුණයන් කටාර් රැකියා වෙත යොමු කිරීමේදී විදේශ සේවා අමාත්‍යංශයෙන් ඉටු වන සේවය අගය කළ ෆැන්ටලින් පෙරේරා කටාර් හි ආරක්‍ෂක සේවා සඳහා යොමු කරන තරුණයන්ට ගිනි නිවීම පිළිබඳව කෙටි කාලීන පුහුණුවක් ලබාදීමට පියවර ගන්නේ නම් එය විදේශ රැකියා සඳහා පිටත්ව යන තරුණයන්ගේ, රැකියාවේ ගුණාත්මක භාවයට මහත් පිටිවහලක් බව පෙරේරා මහතා පවසයි.
තොරතුරු සැපයීම - Ramal Himasika Kulathunga
මම මේක ගත්තේ මුනුපොතේ ෆෑන් පේජ් එකකින්....පින්තුරය ද එඩිට් කොරන ලදි...ගෞවරවය මුල් කතෘට හිමිවේ...
අඩුගානේ කමෙන්ටුවක්වත් දාලා යන්න අමතක කරන්න එපා....




