මිනිස් සිත කැලඹූ ලෝකයේ ලොකු ම ප‍්‍රශ්න දහ&#351

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!

    1.jpg

    1.විශ්වයේ අපි ඉන්නේ තනිවම ද?

    විද්‍යාඥයන් කියන්නේ විශ්වයේ බුද්ධිමත් ජීවයක් බිහි වීමට අවශ්‍ය තත්වයන් ඇති, එවැනි ජීවියකුට මතු වීමට හැකියාව ඇති, තවත් ග‍්‍රහ ලෝක පද්ධති රැසක් තිබිය හැකි බවයි. කෙසේ වෙතත්, එවැනි ජීවියකු ඇත් නම් ඔවුන් සොයා ආලෝක වර්ෂ මිලියන ගණනක් ඈතට යන්නට, ඔවුන් හා සබඳකම් පවත්වන්නට ප‍්‍රමාණවත් තාක්ෂණික දැනුම හා හැකියාව තවමත් අප විසින් ඇති කර ගෙන නැහැ.

    2. පිළිකාව සුව කළ හැකි පිළියමක් කවදා හෝ සොයා ගත හැකිවේද?
    මේ සම්බන්ධව විස්මිත නව ප‍්‍රතිකාර ක‍්‍රම පර්යේෂණ මගින් නොකඩවා සොයා ගනිමින් තියෙනවා. ඒවා භාවිත කරමින් වැඩි කලක් දිවි රැක ගෙන සිටීමේ හැකියාව දැන් තියෙනවා. ඒත් තවමත් පිළිකා නිට්ටාවට සුව කළ හැකි ඔසුවක් හෝ එක රැයින් පිළිකාව තුරන් කළ හැකි ක‍්‍රමයක් තවමත් සොයා ගෙන නැහැ. හැබැයි, රෝගීන්ගේ ජීවත්ව සිටීමේ කාලය එන්න එන්න ම වැඩි කළ හැකි පිළියම් නම් සොයා ගනිමින් තියෙනවා.

    3.සත්‍ය වශයෙන්ම දෙවියන් වහන්සේ කියා කෙනෙක් සිටීද?

    දෙවියන් වහන්සේ සිටිතැයි ඔප්පු කළ හැකි හෝ තහවුරු කළ හැකි, විද්‍යාත්මක සාක්ෂි පර්යේෂණ මගින් හෝ නිරීක්ෂණ මගින් හෝ සොයා ගෙන නැහැ.

    4.විශ්වය කෙතරම් විශාල ද?
    සමහර තාරකා විද්‍යාඥයන් විශ්වාස කරන්නේ විශ්වයට සීමාවක්, ප‍්‍රමාණයක් නැතැයි කියායි. අනෙක් අය පිළිගන්නේ බිග් බෑන් හෙවත් මහා පිපිරුමෙන් පසු විශ්වය විශාල වෙමින් ගොස් දැන් ආලෝක වර්ෂ බිලියන 150ක් තරම් දුරකට පැතිර ඇති බවයි.

    5.පෘථිවිය මත ජීවය ආරම්භ වූයේ කෙසේ ද? කොතැන ද?
    ජීවයේ ආරම්භය ගැන පළ කළ මත ගණනාවක් තියෙනවා. විවිධ බැක්ටීරියාවන් සංජීවි සම්බන්ධතා ඇති කර ගනිමින් සංවහන ප‍්‍රවාහ ඔස්සේ පෘථිවි පෘෂ්ඨය පසා කර ගෙන යාමෙන් ජීවය බිහි වීමට මග පෑදුණු බව තමයි, ඉන් බොහොමයකින් ම කියැවෙන්නේ.

    6.කාල චාරිකාව (time travel) සැබෑ කළ හැක්කක් ද?
    අභ්‍යවකාශ කාල වියමන තුළ ‘පණු සිදුරු’ (wormholes) යනුවෙන් හැඳින්වෙන කෙටි මං තියෙනවා, න්‍යායාත්මකව කාල චාරිකාවෙහි යෙදිය හැකි. කොහොම වුනත්, මේ පණු සිදුරු ඇති තැන් කෙළින්ම දැක ගන්න බැහැ. එවැනි එකක් විවෘත කර ගන්න විකර්ෂ ගුරුත්වයක් ඕනෑ වෙනවා. එවැන්නක් ඇති කර ගැනීමට ක‍්‍රමයක් තවමත් පෑදී නැහැ.

    7.අපට කවදා හෝ අභ්‍යවකාශයෙහි ජනාවාසයක් ඇති කර ගත හැකි වෙයි ද?
    සමහර විට හැකි වේවි. ඇතැම් අය කියන්නේ අපට මේ පෘථිවියෙහි ජීවත් වීමට නොහැකි තත්වයක් උදා වුවහොත් අප අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ වෙනත් තැනක ජනාවාස පිහිටුවීම ගැන බරපතල ලෙස සිතිය යුතුය කියායි. ඇමරිකාවේ නාසා ආයතනය දැනටමත් වෙනත් ග‍්‍රහ ලෝකවල හා චන්ද්‍රයන්වල පරිසරය වෙනස් කොට පෘථිවි පරිසරයට සමාන අයුරින් සකස් කිරීම සඳහා සාකච්ඡා පවත්වා තියෙනවා.

    8.තෙල් වෙනුවට එන විකල්පය කුමක්ද? එන්නේ කවදාද?

    විකල්ප බල ශක්ති සම්පත් ගණනාවක් ම තියෙනවා. ඒත් ඒවා තෙල් වෙනුවට විකල්ප වශයෙන් යොදා ගැනීමට තරම් වියදම් අඩු කාර්යක්ෂම ඒවා නොවෙයි. ඒත් දැන් නැනෝ තාක්ෂණ විද්‍යාව ඔස්සේ දියුණු කර ගෙන යන නව ක‍්‍රමවලින් මෙයට පිළිතුරක් ලැබේවි කියලා හිතන්න පුළුවන්.

    9.විශ්වය අවසන් වන්නේ කෙසේ ද?
    විශ්වයේ අවසානය ගැන දක්වපු න්‍යායික මත අතර විශ්වය විශාල වෙමින් ගොස් එසේ විශාල වීම නවතින මොහොතේ විශ්වයේ විනාශය ඉබේම සිදු වෙනවා යන මතය ප‍්‍රධානයි. එසේ වන්නේ එය විශාලනය වීමත් සමග ම ක‍්‍රමයෙන් ශීතල වෙමින් යාමයි. විශාල වීම නවතින්නේ උෂ්ණත්වය නිරපේක්ෂ ශූන්‍යය වන විටයි; එනම් කෙල්වින් අගය බින්දුව (-273.15°c) වන විටයි. එහි දී අඳුරු ශක්තිය (dark energy) විසින් ගුරුත්ව ශක්තිය ගිල ගන්නවා කියලයි විශ්වාස කරන්නෙ.

    10.මිනිසාගේ ජීවන කාලය (වයස) කෙතරම් දිගු කර ගැනීමට හැකි වේද?
    දැනට මීයන් ආදී සතුන් ගැන කරන ලද අත්හදා බැලීම්වල සාර්ථකත්වය අනුව සමහර විද්‍යාඥයන්ට ඒත්තු ගිහින් තියෙනවා, නුදුරු අනාගතයේ දී ම සාමාන්‍ය මිනිසාගේ ජීවිත කාලය අවුරුදු සියය ඉක්ම විය හැකි බව. සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ නවීන දැනුම, නව ඖෂධ හා ප‍්‍රතිකාර ක‍්‍රම නිසා මීට වසර 50කට පෙර තිබුණාට වඩා මිනිසාගේ ජීවිත කාලය දැනටමත් වසර ගණනාවකින් වැඩිවෙලයි තියෙන්නෙ.

    Code:
    http://www.malkakulu.com

    comment ekak daanna...
    kamathi nam arawath denna...
    :rofl::rofl:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    1.විශ්වයේ අපි ඉන්නේ තනිවම ද?
    සෙනසුරුගේ ටයිටන් ග්‍රහයාගේ ඇමෝනියා විල් වල බැක්ටීරියා ජාතියක් ඉන්නවා ඉතින් අපි ඉන්නේ තනියෙන් නෙවෙයි :P

    2. පිළිකාව සුව කළ හැකි පිළියමක් කවදා හෝ සොයා ගත හැකිවේද?
    ආයුර්වේදයෙන් පුළුවන් නේ.

    3.සත්‍ය වශයෙන්ම දෙවියන් වහන්සේ කියා කෙනෙක් සිටීද?
    ඔව් දෙවියන් කියලා කෙනෙක් ඉන්නවා. ජීසස් කියන්නේ දෙවියන්ගේ පුත්‍රයා

    5.පෘථිවිය මත ජීවය ආරම්භ වූයේ කෙසේ ද? කොතැන ද?
    ආදම් සහා ඒවා ගෙන්.

    6.කාල චාරිකාව (time travel) සැබෑ කළ හැක්කක් ද?
    Anti Matters හොයා ගත්තොත් Wormholes හදන්න පුලුවන්. ප්‍රශ්ණය තියෙන්නේ Anti Matters රැස් කරන්න බැරි වීමයි.

    7.අපට කවදා හෝ අභ්‍යවකාශයෙහි ජනාවාසයක් ඇති කර ගත හැකි වෙයි ද?
    අගහරුගේ ජනාවාස ඇති කරන් පුලුවන්ද බැරිද කියලා බලන්න මේ ළගදි අගහරුට යානයක් ගියා/

    8.තෙල් වෙනුවට එන විකල්පය කුමක්ද? එන්නේ කවදාද?
    තෙල් වෙනුවට විකල්ප තියෙනවා, නමුත් සාර්ථක එකක් නෑ.

    10.මිනිසාගේ ජීවන කාලය (වයස) කෙතරම් දිගු කර ගැනීමට හැකි වේද?
    අමරණීය වෙනකම් යන්න පුලුවන් නේ ;P
    Turritopsis nutricula කියලා jellyfish ලා ජාතියක් ඉන්නවා මේ ගොල්ලෝ අමරණියයි
    කොහොම වැඩි කරත් වැඩි වීමේ උපරිමය තමයි අමරණීයත්වය
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    10.මිනිසාගේ ජීවන කාලය (වයස) කෙතරම් දිගු කර ගැනීමට හැකි වේද?
    දැනට මීයන් ආදී සතුන් ගැන කරන ලද අත්හදා බැලීම්වල සාර්ථකත්වය අනුව සමහර විද්‍යාඥයන්ට ඒත්තු ගිහින් තියෙනවා, නුදුරු අනාගතයේ දී ම සාමාන්‍ය මිනිසාගේ ජීවිත කාලය අවුරුදු සියය ඉක්ම විය හැකි බව. සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ නවීන දැනුම, නව ඖෂධ හා ප‍්‍රතිකාර ක‍්‍රම නිසා මීට වසර 50කට පෙර තිබුණාට වඩා මිනිසාගේ ජීවිත කාලය දැනටමත් වසර ගණනාවකින් වැඩිවෙලයි තියෙන්නෙ.

    mekanam wenna be..

    enna enna minisage jeewitha kaalaya aduwena bawa therenawa nedha?
    aurudu 2500 kata kalin 120-130 k withara tibunabawa dannawane. dan 70-80 withara. issarahata thawath aduwenawa... eka ubala kaata nethiunath matanam sure.....

    mata hithena de kiwwe... ela thread eka ...

    Rep +5
     
    නෑ ඉස්සර මිනිස්සු අවුරුදු 120 ජීවත් වුනේ නෑ. ලෙඩ රෝග, වසංගත, පෝෂණ ඌණතා, තාක්ෂණ‍යේ ප්‍රශ්ණ නිසා මිනිස්සු අවුරුදු 40 ,30 වෙනකොට මැරෙනවා. වැඩි කල් ඉන්නේ ශක්තිවත් මිනිස්සු, ධනවත් මිනිස්සු විතරයි නමුත් Average එක ගත්තම(සමස්ථ ජනගහනයම සලකලා) ඉස්සරට වඩා දැන් උපතේ සිට ආයු අපේක්ෂාව වැඩියි.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    10.මිනිසාගේ ජීවන කාලය (වයස) කෙතරම් දිගු කර ගැනීමට හැකි වේද?
    දැනට මීයන් ආදී සතුන් ගැන කරන ලද අත්හදා බැලීම්වල සාර්ථකත්වය අනුව සමහර විද්‍යාඥයන්ට ඒත්තු ගිහින් තියෙනවා, නුදුරු අනාගතයේ දී ම සාමාන්‍ය මිනිසාගේ ජීවිත කාලය අවුරුදු සියය ඉක්ම විය හැකි බව. සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ නවීන දැනුම, නව ඖෂධ හා ප‍්‍රතිකාර ක‍්‍රම නිසා මීට වසර 50කට පෙර තිබුණාට වඩා මිනිසාගේ ජීවිත කාලය දැනටමත් වසර ගණනාවකින් වැඩිවෙලයි තියෙන්නෙ.

    මේ කතාව හරිද...මම නම් දන්න විදියට මේකෙ නම් අනික් පැත්ත තමයි වෙන්නේ..ඉස්සර මිනිස්සු බෙහෙතක් හේතක් ගත්තේ සෑහෙන්නම ඇඟට අමාරු උනාම ඒ නිස ඒ මිනිස්සුන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය අද අයට වඩා හොඳට තිබුනා..අද අපේ ඇඟේ තියෙන්නේ ඇඟ ඇතුලට බලෙන් දේවල් ඇතුල් කරලා හදා ගත්ත කෘත්‍රීම ප්‍රතිශක්ති කරන පද්ධතියක්..බෙහෙත් තියෙනකන් ඉඳී නැති උන ගමන් ඉවරයි...ඒත් අනාගත පරපුරට ඒ දේ වේගයෙන් බලපානවා..ජානමය වශයෙන්...ඒ වගේම මේ හැම බෙහෙතකින්ම අතුරු ආබාධ තියෙනවා..සමහර ඒව මොනවාද කියලාවත් හොයාගෙන නැහැ..ඒ නිසා කොල්ලනේ කෙල්ලනේ පැරසිටමෝල් පෙත්තක් හරි බොන්න ඕනේ සෑහෙන්නම අමාරුවක් තියෙනවා නම් විතරයි...

    මේ ප්‍රශ්න වලින් අපේ වගේ රටක ඉන්න මිනිස්සුන්ට නම් 10න් ම ඒ හැටි වැඩක් නැහැ..
    පඩිය රුපියලකින් හරි වැඩි කරගන්නේ කොහොමද,
    හෙට උදේට පොඩි උන්ට කන්න දෙන්නේ මොනවද,
    මාසේ වියදමට මේ ටික ඇති වෙයි ද....වගේ ප්‍රශ්න තමයි අපේ මිනිස්සුන්ගේ ඔලුවේ කොයි වෙලාවෙත් වැඩ කරන්නේ..
    (ඉස්සර නම් ඕකට තව එකක් එකතු වෙලා තිබුනා..අද සවසට යහතින් ගෙදර යන්න හම්බවෙයි ද කියලා...,බෝම්බ කේස් නිසා...ඒකට හිරි යන්න අද රිය අනතුරු හිස ඕසවලා තියෙනවා...")

    නූල එල...
     
    thankxxx :D:D:D