වාරිජෝව ථලෙ ඛිත්තො
ඕකමොකත උච්භතො
පරිඑන්ද තිදං චිත්තං...
ඕකමොකත උච්භතො
පරිඑන්ද තිදං චිත්තං...
ජලයෙන් ගොඩ දැමූ මාළුවකු මෙන් මේ සිත හැම දිසාවන්හිම අරමුණු සොයමින් සැලෙයි. දඟලයි. දුවයි එහෙයින් සිත දඟලන පෙරළෙන, ස්වභාවයෙන් යුක්ත බව කියැවෙයි. සිතෙහි පහළවන සිතිවිල්ලක වේගය, සියලු වේග පරදවයි. ආලෝකයෙහි වේගය ගණනය කර තිබුණ ද මිනිස් සිතෙහි වේගය ගණනය කිරිම ලෙහෙසියෙන් කළ හැකි දෙයක් නොවෙයි. තමා සිටින ස්ථානයේ සිට, ලෝකයේ කුමන කෙළවරකට හෝ සිතිවිල්ලක් යැවීමට ගතවන කාලය, මිනිය නොහැකි ය.