මිනිසාගේ අපූරු නිර්මාණ - ඉන්දියාවේ මුල් පš
මිනිසාගේ අපූරු නිර්මාණ - ඉන්දියාවේ මුල් පාලම් ( Living root bridges )
ශිෂ්ඨාචාර බිහි වීමටත් කලින් සිට මිනිස් වර්ගයා ස්වභාවධර්මයේ පුදුමාකාර නිර්මාණයන් අවබෝධ කර ගැනීමටත්, ඒවා තුලින් දැනුම ලබාගෙන ඒ දැනුම ප්‍රයෝජනයට ගැනීමටත් උත්සුක විය.
විටෙක එය සාර්ථක වුනු අතර සමහර සංසිද්ධීන් මිනිසාට අදටත් අභිරහස් ඉතිරිකරමින් ශිෂ්ඨාචාරය අනවරතව ඉදිරියට ගලා ගෙන යයි.
මෙසේ සවභාවධර්මය නිරීක්ෂණ කරමින් මිනිසා මෙලොවට දායාද කරනු ලැබූ නිර්මාණ අති මහත්ය.
නැගෙනහිර ඉන්දියාවේ මෙඝාලයා, ඇසෑම් ඇතුළු බෙංගාල බොක්ක ආශ්‍රිතව කලාපය යනු ලොව වැඩිම තෙත් පරිසරයක් සහිත භූමියයි.
උතුරින් නේපාලය, භූතානය, ටිබෙට් ඇතුළු මහා හිමාල කඳු වළල්ලෙන් ද, මියන්මාරය, බංග්ලාදේශය සහ දකුණින් බෙංගාල බොක්ක ඇතුළු ඉන්දියන් සාගරයෙන්ද වටවුණු මේ කලාපය කලාපිය මෙන්ම ලෝක දේශගුණය කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල කල හැකි භූගෝලීය වශයෙන් වැදගත් කලාපයකි.
පෘථිවි තලය නිර්මාණය වීමේදී භූ තැටි අතර ගැටීම් වලින් නිර්මාණය වුනු හිමාල කඳු වැටිය නිසා ලොව උසින් වැඩිම භුමිය මෙන්ම ධ්රැව ආශ්රිත නොවන ලොව විශාලතම හිම භූමියද නිර්මාණය විය.
මේ නිසා නැගෙනහිර හිමාලයෙන් ආරම්භ වෙන ජල ධාරාවන් මහා ගංගා නිර්මාණය කරමින් ශිෂ්ඨාචාරය පෝෂණය කරමින් බෙංගාලය ඔස්සේ ඉන්දියන් සාගරයට ගලා ගෙන යයි.
මේ මගින් ලොව වැඩිම වර්ශාපතනයක් සහිත සහ අධිකම තෙත් බවෙන් යුත් කලාපය නිර්මාණය කරයි.
බෙංගාලය යනු සදාහරිත වැසි වනාන්තර රැසකට උපත දෙන අවුරුද්දේ වැඩි කාලයක් වැසි වැටෙන ඒ නිසාම අතොරක් නැති ගංගා ඇල දොළ වලින් පොහොසත් භූමියකි.
Nohkalikai Falls Falls in meghalaya
මේ අනුව ලොව ඉහලම වර්ශාපතනයක් සහිත කලාපය වනුයේ නැගෙනහිර ඉන්දියාවේ මෙඝාලයා ප්‍රාන්තයේ Cherrapunji සහ Mawsynram යන ගම්මානයි.
දුර අතීතයේ පටන් මෙඝාලයා වැසියන් වර්ෂාවෙන් අතොරක් බැට කෑහ.
වනාන්තර සහ ගංගා ආශ්‍රිතව දිවි ගෙවූ මේ වැසියන් තම ගමන් බිමන් වලදී නිතරම ගංගා තරණය කිරීමටද සිදුවිය.
පාලම් යනු ඔවුන්ගේ එදිනෙදා සංචාර වලදී අනිවාර්ය අංගයක් විය.
මෙඝාලයා ප්‍රාන්තයේ ස්වදේශික ජනයා ( කාසි ප්‍රජාව ) ඈත අතීතයේ පටන් පාලම් නිර්මාණයේ අපුර්ව ක්‍රමයක් දැන සිටියහ.
එනම් ජීවමාන මුල් පාලම් ( Living root bridges ) නිර්මාණයයි.
මේ පිලිබඳ පැහැදිලි ඉතිහාසය කොතරම් අතීතයට දිව යන්නේ දැයි ස්ථීර සාක්ෂ්‍ය නැතත් මේ පිලිබඳ ලිඛිත සාක්ෂියක් හමු වන්නේ බ්‍රිතාන්‍ය ජාතික ලුතිනන් Henry Yule විසින් 1844 දී ලියන ලද Asiatic Society of Bengal නම් වාර්තාවෙනි.
මේ නම් අපුරු ක්රමයකි, නමුත් එය සරළය. නිර්මාණය සම්පුර්ණ වීමට වසර 15 - 20 අතර කාලයක් ගනී. නමුත් පාලමේ පැවැත්ම වසර සිය ගණනකි.
කොයියම්ම හෝ ගංවතුරකට වුවද එය ඔරොත්තු දෙයි.
වඩාත් වැදගත්ම කාරණය නම් පාලම නිර්මාණය කිරීමට වියදමක් නොමැති මෙන්ම නඩත්තුව ද අනවශ්‍යය.
ජීවමාන පාලම නිර්මාණය කරනුයේ සරල ක්රමවෙදයකිනි.ඒ සඳහා තෝරා ගනු ලබන්නේ නුග හෝ රබර් වැනි ශාකයි.
ගං ඉවුරේ දෙපැත්තේ අවශ්‍ය ප්‍රමාණයට පස් කන්ඩි සකසා ගස් සිටුවනු ලැබේ.ඉන්පසු ගස වැඩීමට සලස්වා ගසේ මුල් දෙපලු කරනු ලැබූ බම්බු ආධාරයෙන් ඉවුරේ එහා මෙහා අතර වර්ධනය වීමට ඉඩ සලසයි.නැති නම් මුල් කිහිපයක් එකිනෙක පටලවා ඒවා වර්ධනය වන විට කෙමෙන් කෙමෙන් අනෙක් ඉවුර කරා අදිනු ලබයි.
මෙසේ ඉවුරු දෙක අතර මුල් වලින් එකට බැඳුනු මිනිසුන්ට ගමන් කල හැකි ශක්තිමත් පාලමක් නිර්මාණය වීමට අවුරුදු 15 පමණ කාලයක් ගතවේ.
අවශ්‍ය නම් ඒ මුල් පාලමේ පස් සහ ගල් යොදා නියමිත පරිදි මාර්ගයක් වුවද සකස් කල හැකිය.
එමෙන්ම මේ කාසි වැසියන් එකිනෙක උඩින් සිටින සේ පාලම් යුගලද නිර්මාණය කිරීමට සමත්කම් දක්වයි.
ගසේ ආයු කාලය දක්වාම පාලමේ ආයු කාලයද පවතී.
ගංවතුර හෝ සැඩ පහරවල් වලදී කෘතීම පාලම වලට වඩා කිහිප ගුණයකින් ඔරොත්තු දීමේ හැකියාවෙන් යුක්තය.
නමුත් වර්තමානය වන විට මේ හැකියාවන් කෙමෙන් කෙමෙන් මේ ජනයා අතරින් වියැකෙමින් පවතී.
තොරතුරු සහ ඡායාරුප අන්තර්ජාලය සහ යූටියුබ් වලිනි.
සටහන මා විසිනි.