මිනිසාගේ අපූරු නිර්මාණ - ඉන්දියාවේ මුල් ප&#353

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.. :yes:

    forum


    ;) තනිකඩයන්ට ජය!;)
    ;) එළකිරියට ජය! ;)
    ;) මාතෘ භූමියට ජය! ;)


    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය

    එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    :yes: එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු. :yes:


    vb.png

    ;) තනිකඩයන්ට ජය!;)
    ;) එළකිරියට ජය! ;)
    ;) මාතෘ භූමියට ජය! ;)


    forum


    forum



    ;););)
    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය

    ;););)
    එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය

    ;););)
    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    vote poll http://www.elakiri.com/forum/showthread.php?t=1920779
    ;););)[/QUOTE]

    :cool::yes::cool:
     

    sinhalamodaya

    Junior member
  • Apr 26, 2022
    36
    12
    8
    මිනිසාගේ අපූරු නිර්මාණ - ඉන්දියාවේ මුල් ප&#353

    මිනිසාගේ අපූරු නිර්මාණ - ඉන්දියාවේ මුල් පාලම් ( Living root bridges )

    qOXElPq.jpg


    ශිෂ්ඨාචාර බිහි වීමටත් කලින් සිට මිනිස් වර්ගයා ස්වභාවධර්මයේ පුදුමාකාර නිර්මාණයන් අවබෝධ කර ගැනීමටත්, ඒවා තුලින් දැනුම ලබාගෙන ඒ දැනුම ප්‍රයෝජනයට ගැනීමටත් උත්සුක විය.
    විටෙක එය සාර්ථක වුනු අතර සමහර සංසිද්ධීන් මිනිසාට අදටත් අභිරහස් ඉතිරිකරමින් ශිෂ්ඨාචාරය අනවරතව ඉදිරියට ගලා ගෙන යයි.

    මෙසේ සවභාවධර්මය නිරීක්ෂණ කරමින් මිනිසා මෙලොවට දායාද කරනු ලැබූ නිර්මාණ අති මහත්ය.

    නැගෙනහිර ඉන්දියාවේ මෙඝාලයා, ඇසෑම් ඇතුළු බෙංගාල බොක්ක ආශ්‍රිතව කලාපය යනු ලොව වැඩිම තෙත් පරිසරයක් සහිත භූමියයි.
    උතුරින් නේපාලය, භූතානය, ටිබෙට් ඇතුළු මහා හිමාල කඳු වළල්ලෙන් ද, මියන්මාරය, බංග්ලාදේශය සහ දකුණින් බෙංගාල බොක්ක ඇතුළු ඉන්දියන් සාගරයෙන්ද වටවුණු මේ කලාපය කලාපිය මෙන්ම ලෝක දේශගුණය කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල කල හැකි භූගෝලීය වශයෙන් වැදගත් කලාපයකි.

    cOhiWjY.png


    පෘථිවි තලය නිර්මාණය වීමේදී භූ තැටි අතර ගැටීම් වලින් නිර්මාණය වුනු හිමාල කඳු වැටිය නිසා ලොව උසින් වැඩිම භුමිය මෙන්ම ධ්‍රැව ආශ්‍රිත නොවන ලොව විශාලතම හිම භූමියද නිර්මාණය විය.
    මේ නිසා නැගෙනහිර හිමාලයෙන් ආරම්භ වෙන ජල ධාරාවන් මහා ගංගා නිර්මාණය කරමින් ශිෂ්ඨාචාරය පෝෂණය කරමින් බෙංගාලය ඔස්සේ ඉන්දියන් සාගරයට ගලා ගෙන යයි.
    මේ මගින් ලොව වැඩිම වර්ශාපතනයක් සහිත සහ අධිකම තෙත් බවෙන් යුත් කලාපය නිර්මාණය කරයි.
    බෙංගාලය යනු සදාහරිත වැසි වනාන්තර රැසකට උපත දෙන අවුරුද්දේ වැඩි කාලයක් වැසි වැටෙන ඒ නිසාම අතොරක් නැති ගංගා ඇල දොළ වලින් පොහොසත් භූමියකි.

    TGbPfzK.jpg

    Nohkalikai Falls Falls in meghalaya


    මේ අනුව ලොව ඉහලම වර්ශාපතනයක් සහිත කලාපය වනුයේ නැගෙනහිර ඉන්දියාවේ මෙඝාලයා ප්‍රාන්තයේ Cherrapunji සහ Mawsynram යන ගම්මානයි.
    දුර අතීතයේ පටන් මෙඝාලයා වැසියන් වර්ෂාවෙන් අතොරක් බැට කෑහ.
    වනාන්තර සහ ගංගා ආශ්‍රිතව දිවි ගෙවූ මේ වැසියන් තම ගමන් බිමන් වලදී නිතරම ගංගා තරණය කිරීමටද සිදුවිය.
    පාලම් යනු ඔවුන්ගේ එදිනෙදා සංචාර වලදී අනිවාර්ය අංගයක් විය.

    මෙඝාලයා ප්‍රාන්තයේ ස්වදේශික ජනයා ( කාසි ප්‍රජාව ) ඈත අතීතයේ පටන් පාලම් නිර්මාණයේ අපුර්ව ක්‍රමයක් දැන සිටියහ.
    එනම් ජීවමාන මුල් පාලම් ( Living root bridges ) නිර්මාණයයි.
    මේ පිලිබඳ පැහැදිලි ඉතිහාසය කොතරම් අතීතයට දිව යන්නේ දැයි ස්ථීර සාක්ෂ්‍ය නැතත් මේ පිලිබඳ ලිඛිත සාක්ෂියක් හමු වන්නේ බ්‍රිතාන්‍ය ජාතික ලුතිනන් Henry Yule විසින් 1844 දී ලියන ලද Asiatic Society of Bengal නම් වාර්තාවෙනි.


    මේ නම් අපුරු ක්‍රමයකි, නමුත් එය සරළය. නිර්මාණය සම්පුර්ණ වීමට වසර 15 - 20 අතර කාලයක් ගනී. නමුත් පාලමේ පැවැත්ම වසර සිය ගණනකි.
    කොයියම්ම හෝ ගංවතුරකට වුවද එය ඔරොත්තු දෙයි.
    වඩාත් වැදගත්ම කාරණය නම් පාලම නිර්මාණය කිරීමට වියදමක් නොමැති මෙන්ම නඩත්තුව ද අනවශ්‍යය.

    ජීවමාන පාලම නිර්මාණය කරනුයේ සරල ක්‍රමවෙදයකිනි.ඒ සඳහා තෝරා ගනු ලබන්නේ නුග හෝ රබර් වැනි ශාකයි.

    ගං ඉවුරේ දෙපැත්තේ අවශ්‍ය ප්‍රමාණයට පස් කන්ඩි සකසා ගස් සිටුවනු ලැබේ.ඉන්පසු ගස වැඩීමට සලස්වා ගසේ මුල් දෙපලු කරනු ලැබූ බම්බු ආධාරයෙන් ඉවුරේ එහා මෙහා අතර වර්ධනය වීමට ඉඩ සලසයි.නැති නම් මුල් කිහිපයක් එකිනෙක පටලවා ඒවා වර්ධනය වන විට කෙමෙන් කෙමෙන් අනෙක් ඉවුර කරා අදිනු ලබයි.

    BDI3lWG.jpg


    මෙසේ ඉවුරු දෙක අතර මුල් වලින් එකට බැඳුනු මිනිසුන්ට ගමන් කල හැකි ශක්තිමත් පාලමක් නිර්මාණය වීමට අවුරුදු 15 පමණ කාලයක් ගතවේ.
    අවශ්‍ය නම් ඒ මුල් පාලමේ පස් සහ ගල් යොදා නියමිත පරිදි මාර්ගයක් වුවද සකස් කල හැකිය.
    එමෙන්ම මේ කාසි වැසියන් එකිනෙක උඩින් සිටින සේ පාලම් යුගලද නිර්මාණය කිරීමට සමත්කම් දක්වයි.
    ගසේ ආයු කාලය දක්වාම පාලමේ ආයු කාලයද පවතී.
    ගංවතුර හෝ සැඩ පහරවල් වලදී කෘතීම පාලම වලට වඩා කිහිප ගුණයකින් ඔරොත්තු දීමේ හැකියාවෙන් යුක්තය.


    3ThgoWV.jpg


    uJXWnku.jpg


    Qf1Lgvz.jpg


    Yg0Hpfn.jpg


    he73KMl.jpg


    TQmlV5I.jpg






    නමුත් වර්තමානය වන විට මේ හැකියාවන් කෙමෙන් කෙමෙන් මේ ජනයා අතරින් වියැකෙමින් පවතී.

    තොරතුරු සහ ඡායාරුප අන්තර්ජාලය සහ යූටියුබ් වලිනි.
    සටහන මා විසිනි.
    වැදගත් දෙයක් දැම්මාමද කොහෙද
     
    • Like
    Reactions: B.Chat

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හොඳින් ඉන්නවා බන්......දැන් වැඩිය කිරිය පැත්තේ එනවා අඩුයි ඉතින් .......කොහොමද උඹලට ?
    ශේප් එකේ ඉනවා මචන් , උඹ දැන් කොහෙද ඉන්නේ ? තවම ලංකාවේ ද ? travel තෙඩ් ටිකක් දාපන්කෝ බන් ආපහු , අසයි උඹේ ත්‍රෙඩ් කියවන්න.
     
    • Like
    Reactions: Stimulus mind

    Similar threads