මිනිසාගේ පළමු පෘථිවි ආරක්ෂක මෙහෙයුම First-Ever Test of Planetary Defense - LIVE

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    First-Ever Test of Planetary Defense Description: Countdown to impact as NASA’s Double Asteroid Redirection Test (DART) attempts humanity’s first-ever test of planetary defense! The DART spacecraft will intentionally crash into asteroid Dimorphos at 7:14 p.m. ET on Monday, September 26, 2022 to see if kinetic force can change its orbit. Why? If this test is successful, the same technique could be used to deflect an Earth-threatening asteroid in the future, should one ever be discovered. DART’s target asteroid is NOT a threat to Earth before, during or after the impact event.

    මිනිසාගේ පළමු පෘථිවි ආරක්ෂක මෙහෙයුම
    ---------------------------------------------------
    ජාතික ආරක්ෂාව කියන්නේ ලංකාවේ අපිට ඉතාම හුරුපුරුදු වචනයක්. එක්තරා පිරිසක් අනවශ්‍ය ලෙසින් ඔලුවට ගන්නා මෙය තවත් සමහරුන් හෑල්ලුවට ලක් කරයි. කෙසේ නමුත් ජාතික ආරක්ෂාවට වැඩිම හානියක් සිදු කරන්නේ එය විකුණන් කමින් මිනිසුන්ව රවටන දේශපාලනඥයින්ය. කෙසේ හෝ ලංකා දූපතේ අපි එවැනි දේවල් ගැන වාද විවාද කර ගන්නා අතර දියුණු ලෝකවාසීන් අපිට වඩා බොහෝ දුර සිතයි. ඇත්තෙන්ම තවත් දින 7 කට අඩු කාලයකින් මිනිසාගේ පළමු ග්‍රහ ආරක්ෂක මෙහෙයුමේ අවසන් ප්‍රහාරය සිදු වනු ඇත. අපි කාටද පහර දෙන්නේ?

    මීට වසර මිලියන 65 කට පෙර පෘථිවියට කඩා වැටුණු Chicxulub ග්‍රහකය නිසා එකල පෘථිවියේ ජීවත් වූ ඩයිනෝසරයින් ඇතුළුව සමස්ත ජීවී විශේෂ අතරින් 75% ක් පමණ වඳ වීමට ලක් විය. එදා සිට අද දක්වාම පෘථිවියට කුඩා ග්‍රහකවලින් පහර එල්ල වූ අතර මේ මොහොතේ පවා ඔබගේ හිස මතට කුඩා ග්‍රහකයක් ඇද වැටීමේ සම්භාවිතාව පවතී. කඩා වැටෙන ග්‍රහකයේ ප්‍රමාණය අනුව එයින් විනාශ වන්නේ නිවසක්ද, ගමක්ද, නගරයක්ද, රටක්ද, මහද්වීපයක්ද නැත්නම් සමස්ත පෘථිවියමද යන්න තීරණය වේ. ඉතින් පෘථිවියේ ජීවී පද්ධතියට ග්‍රහකවලින් ඇති තර්ජනය බැහැර කිරීමට හැකියාවක් නොමැත. මේ නිසාම ලෝකය පුරා පිහිටි දුරේක්ෂ විශාල සංඛ්‍යාවක් 24×7×365 අහස නිරීක්ෂණය කරමින් ග්‍රහක සොයා ගැනීමට කටයුතු කරයි. ඔබ රාත්‍රියේ සුව සේ නිදන අතර ලෝකය පුරා තාරකා විද්‍යාඥයින් සමස්ත පෘථිවියේම ආරක්ෂාව වෙනුවෙන් මෙම දුරේක්ෂවලින් ලැබෙන දත්ත අධ්‍යයනය කර ග්‍රහකයන්ගේ ගමන් මාර්ග ගණනය කරමින් සිටී. මේ වන විට විද්‍යාඥයින් ග්‍රහක ලක්ෂ 6 කට වඩා සොයා ගෙන ඇති අතර ඒ අතරින් ඉදිරි වසර 100 තුළ පෘථිවියේ ගැටීමට ඇති සම්භාවිතාව 0.01% ට වැඩි ග්‍රහක 130 ක් පවතී. නමුත් ඒ සොයා ගෙන ඇති ග්‍රහක පමණි. සොයා ගෙන නැති ග්‍රහකයක් මේ වන විටත් පෘථිවිය ඉලක්ක කරගෙන පැමිණෙනවා විය හැක.

    කෙසේ හෝ යම්කිසි දිනක පෘථිවිය හා ගැටීමේ ඉහළ සම්භාවිතාවක් ඇති ග්‍රහකයක් හෝ නිශ්චිත වශයෙන්ම ගැටීමට නියමිත ග්‍රහකයක් සොයා ගත්තොත් අප කරන්නේ කුමක්ද? වර්තමාන තාක්ෂණය අනුව එයට කළ හැකි වන්නේ එම ග්‍රහකය පෘථිවියට ආසන්න වීමට පෙර එය හා ගැටෙන පරිදි අභ්‍යවකාශ යානයක් යැවීමයි. ගැටීම නිසා එම ග්‍රහකයේ ගමන් මාර්ගය සුළු වශයෙන් වෙනස් වන අතර කාලයක් සමඟ මෙය සැලකිය යුතු මට්ටමකින් වෙනස් වේ. ඒ නිසා මෙම ඝට්ටනය කලින් කළ හැකි තරමට එම ග්‍රහකයේ ගමන් මාර්ගය වෙනස් කළ හැකි ප්‍රමාණය වැඩි වේ. ඉතින් ඇත්තටම ග්‍රහකයක් පෘථිවිය ඉලක්ක කරගෙන එනකල් ඉන්නේ නැතුව වර්තමානයේදීම මෙම කාර්යය සඳහා පෙරහුරුවක් සිදු කිරීමට NASA ආයතනය තීරණය කළේ මීට වසර කිහිපයකට පෙරදීය. පෘථිවියට හානියක් නොමැති ග්‍රහකයක් ඉලක්ක කර යැවූ අභ්‍යවකාශ යානයක් තවත් දින කිහිපයකින් ග්‍රහකය හා ඝට්ටනය වී එහි ගමන් මාර්ගය වෙනස් කරනු ඇත.

    Double Asteroid Redirection Test (DART) නමින් හඳුන්වන මේ මෙහෙයුමේදී කිලෝග්‍රෑම් 610 ක ස්කන්ධය ඇති අභ්‍යවකාශ යානයක් Didymos ග්‍රහකය වටා කක්ෂ ගත වී ඇති Dimorphos නම් උපග්‍රහකයේ ඝට්ටනය වනු ඇත. ග්‍රහක දෙකක් ඇති පද්ධතියක් නිසා මෙම මෙහෙයුමට Double Asteroid යන නාමය එක් වෙයි. මෙම අභ්‍යවකාශ යානය සූර්යයා වටා ගමන් කරන ග්‍රහකය ඝට්ටනය කරන්නේ නැතුව ග්‍රහකයක් වටා කක්ෂගත වී ඇති උපග්‍රහකයක ඝට්ටනය කරන්නේ ඇයි? එයට හේතුව ඝට්ටනය නිසා සිදු වන ගමන් මාර්ග වෙනස නිරීක්ෂණය කිරීමට හැකි විය යුතු නිසායි. සූර්යයා වටා ගමන් කරන ග්‍රහකවල ආවර්ත කාලය මාස හෝ වසර ගණන් විය හැක. මෙම DART යානය ගැටීමෙන් සිදු වන්නේ ඉතා කුඩා ප්‍රවේග වෙනසකි. මේ නිසා විශාල ආවර්ත කාලයක් ඇති ග්‍රහකයක ගමන් මාර්ගයේ හෝ ආවර්ත කාලයේ සිදු වන වෙනස පෘථිවියේ සි‌ට නිරීක්ෂණය කිරීම අපහසු වේ. නමුත් Dimorphos උපග්‍රහකය Didymos ග්‍රහකය වටා ගමන් කිරීමට ගත වන්නේ පැය 11.92 ක් පමණි. මේ නිසා මෙහි ආවර්ත කාලයේ මිනිත්තු කිහිපයක වෙනසක් වුවත් එය සමස්ත ආවර්ත කාලයෙන් සැලකිය යුතු වෙනසකි.

    NASA ආයතනය වෙනුවෙන් DART යානය ඉදි කළේ John Hopkins විශ්ව විද්‍යාලයේ Applied Physics Laboratory විද්‍යාගාරයෙනි. NASA ආයතනය සාමාන්‍යයෙන් යවන යානා මෙන් නොව DART යානයේ කිසිදු විද්‍යාත්මක උපකරණයක් අන්තර්ගත වන්නේ නැත. මෙහි අන්තර්ගත වන මූලික උපකරණ වන්නේ Dimorphos හා ගැටීමට මාර්ගය‌ සොයා ගන්නා උපකරණයි. Didymos Reconnaissance and Asteroid Camera for Optical navigation (DRACO) නම් කැමරාව මේ උපකරණ අතරින් ප්‍රධාන වේ. මෙම කැමරාව APL විද්‍යාගාරයේම ඉදි කළ New Horizons යානයේ LORRI කැමරාව ආශ්‍රයෙන් සාදා ඇත. සෙන්ටිමීටර් 20 ක විවරයක් ඇති DRACO කැමරාව Ritchey-Chrétien වර්ගයේ දුරේක්ෂයකින් සමන්විත වේ. යානයට Dimorphos සමඟ ගැටීමට මඟ පෙන්වන ප්‍රධානම නිරීක්ෂණ උපකරණය මෙයයි. මීට අමතරව සාමාන්‍ය අභ්‍යවකාශ යානයක් ලෙසින්ම ගමන් මාර්ගය සකස් කර ගැනීම සඳහා අවශ්‍ය වන සූර්ය සංවේදක සහ තාරකා සංවේදක යානයේ තිබේ. මේව කැමරාවලින් ලැබෙන දත්ත ඇසුරින් යානයේ ගමන් මාර්ගය ස්වයංක්‍රීයව ගණනය කරන්නේ Small-body Maneuvering Autonomous Real Time Navigation (SMART Nav) නම් මෘදුකාංගය මඟිනි. මෙහි පරමාර්තය වන්නේ තත්පරයට කිලෝමීටර් 6.6 ක වේගයෙන් ආසන්න වන උපග්‍රහකයේ කේන්ද්‍රය කෙළින් ගැටෙන සේ යානයෙ ගමන මඟ නිවැරදි කිරීමයි.

    මේවාට අමතරව යානයේ වැදගත් අංග කිහිපයක් ඇත. DART යාන⁣යේ භාවිතා කරන සූර්ය පැනල මෑතකදී අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළේ අළුතින් සවි කළ ආකාරයේ Roll-Out සූර්ය පැනල වේ. එනම් මේවා පැතලි පැනල් ලෙස නොව බටයක් ලෙසින් රෝල් කර තබා අභ්‍යවකාශයේදී දිග හරියි. මෙම සූර්ය පැනල්වලින් සපයන විදුලියෙන් ක්‍රියා කරන අයන එන්ජිමක් යානයේ ඇත. NASA Evolutionary Xenon Thruster-Commercial (NEXT-C) වර්ගයේ අයන එන්ජිමක් වන මෙය සෙනෝන් වායුවෙන් ක්‍රියා කරයි. මෙම NEXT-C එන්ජිම DART යානයේ ගමන් මාර්ගය සකස් කර ගැනීම සඳහා අවශ්‍ය නොවේ. මෙය හුදෙක්ම නව තාක්ෂණයක් පරීක්ෂා කිරීමට භාවිතා කරයි.
    .
    .
    .
    .
    .
    .
    .
    .
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    මීට අමතරව මෙම යානයේ අළුත්ම ආකාරයක අධි බලැති ඇන්ටනාවක් භාවිතා කරයි. X පරාසයේ ගිගාහර්ට්ස් 7.2 සහ 8.4 සංඛ්‍යාත හරහා NASA ආයතනයේ Deep Space Network ඇන්ටනා ජාලය හරහා යානය පෘථිවිය සමඟ සන්නිවේදනය කරයි. ඝට්ටනය සිදු වන මොහොතේදී යානය පෘථිවියට ආලෝක තත්පර 38 ක් දුරින් පවතී. එනම් යානයේ අවසන් සංඥාව පෘථිවියට ලැබෙන්නේ ගැටුම සිදු වී තත්පර 38 කට පසුවයි.

    මීට අමතරව DART යානයේ ගෙන යන තවත් කුඩා අභ්‍යවකාශ යානයක් ඇත. ඉතාලි අභ්‍යවකාශ ඒජන්සියෙන් ලබා දුන් LICIACube (Light Italian CubeSat for Imaging of Asteroids) නම් කුඩා අභ්‍යවකාශ යානයේ කාර්යය ඝට්ටනය නිරීක්ෂණය කිරීමයි. මෙම යානය ඝට්ටනයට පෙර DART යානයෙන් වෙන් වන අතර ඉන්පසු යානයට පිටුපසින් ගමන් කරමින් සිදුවීම ඡායාරූප ගත කරයි.

    DART යානය දියත් කිරීමේ කොන්ත්‍රාත්තුව දිනා ගත්තේ SpaceX සමාගමයි. 2021 නොවැම්බර් 24 වනදා පෙ.ව. 11.51 ට Falcon 9 Block 5 රොකට්ටුවකින් පෘථිවියෙන් දියත් කළ යානය වසරකට ආසන්න ගමනේ අවසානයට ළඟා වෙමින් පවතී. මේ මොහොතේ ග්‍රහක පද්ධතිය පවතින්නේ යානයට පෙනෙන දුරිනි.

    මීටර් 800 ක විෂ්කම්භයක් ඇති Didymos ග්‍රහකය යානයේ DRACO කැමරාවට හසු වූයේ ජූලි 27 වනදායි. ඒ ග්‍රහක පද්ධතියට කිලෝමීටර් මිලියන 32 ක් පමණ දුරදීය. දිනෙන් දින ආසන්න වන ග්‍රහක පද්ධතිය ඉලක්ක කරමින් යානය එහි ගමන් මාර්ගය සකස් කර ගත් අතර සැප්තැම්බර් 12 වනදා එහි ගෙන ගිය LICIACube යානය මුදා හරින ලදී. Dimorphos උපග්‍රහකය සහ DART යානයේ ගැටීම නියමිත වන්නේ සැප්තැම්බර් 27 වනදා ලංකාවේ වේලාවෙන් පෙ.ව. 04.44 ටයි. ගැටීමට පැය 4 කට පෙර යානයේ සම්පූර්ණ පාලනය SMART Nav මෘදුකාංගයට බාර වේ. Dimorphos උපග්‍රහකයයේ විෂ්කම්භය මීටර් 170 කි. මේ නිසා යානයට මෙය දැක ගත හැක වන්නේ ගැටුමට පැයක් පමණ තිබියදීය. ඒ කිලෝමීටර් 24,000 ක පමණ දුර සිටයි. පැයට කිලෝමීටර් 24,000 ක වේගයෙන් උපග්‍රහකයට ආසන්න වන යානය ස්වයංක්‍රීයව එහි කේන්ද්‍රයට ඉලක්ක කිරීම SMART Nav මෘදුකාංගයේ වගකීමයි. ගැටුමට මිනිත්තු 2 ක් තිබියදී ගමන් මාර්ගය නිවැරදි කිරීමේ එන්ජින් දහනයන් අවසන් කරයි. සියල්ලම නිසි ආකාරයෙන් ක්‍රියා කළේ නම් ඒ වන විට යානයේ ඉරණම විසඳී අවසන්ව තිබිය යුතුයි.

    ගැටුම සිදු වන මොහොත දක්වාම DRACO යානයෙන් ගන්නා ඡායාරූප පෘථීවියට සම්ප්‍රේෂණය කරන යානය Dimorphos උපග්‍රහකයේ ගැටෙනු ඇත. පෘථිවියේ පළමු ග්‍රහ ආරක්ෂක පරීක්ෂණ මෙහෙයුමේ අවසන් පැය කිහිපය NASA ආයතනය සජීවීව විකාශය කිරීමට බලාපොරොත්තු වේ. පහත ඇති ලින්ක් එකෙන් ඔබටත් එය නැරඹීමට හැක.

    කිලෝග්‍රෑම් 500 ක පමණ ස්කන්ධය ඇති යානයක් තත්පරයට කිලෝග්‍රෑම් 6.6 ක ප්‍රවේගයෙන් ගැටීමෙන් උපග්‍රහකයේ ප්‍රවේගය වෙනස් වන ප්‍රමාණය තීරණය වන්නේ ගැටෙන ස්ථානය අනුවයි. යානයේ SMART Nav මෘදුකාංගය ඉතා නිවැරදිව ක්‍රියා කළහොත් බලාපොරොත්තු වන පරිදිම යානය උපග්‍රහකය චලනය වන දෙසට විරුද්ධ දිශාවට, උපග්‍රහකයේ කේන්ද්‍රය ඉලක්ක කරගෙනම ඝට්ටනය සිදු වන ඇත. එමඟින් උපග්‍රහකයේ ප්‍රවේගය තත්පරයට මිලිමීටර් 0.4 කින් අඩු වනු ඇත. ඒ නිසා යානයේ කක්ෂය වෙනස් වන අතර ආවර්ත කාලය මිනිත්තු 10 කින් පමණ අඩු වේ.

    ගැටුමෙන් මිනිත්තු 3 කට පමණ පසු පිටුපසින් පැමිණි LICIACube යානය ගැටුමේ ඡායාරූප ලබා ගනී. මේ යානය උපග්‍රහකයේ නොගැටෙන ලෙසින් ගමන් මාර්ගය සකස් කරගෙන අවසන්ය. ඉන්පසු ඒ ඡායාරූප පෘථිවියට සම්ප්‍රේෂණය කරනු ඇත. ලෝකය පුරා පිහිටි දුරේක්ෂ පද්ධති ඉදිරි මාස කිහිපය පුරාවටම Dimorphos උපග්‍රහකයේ කක්ෂයේ සිදු වූ වෙනස නිසි ආකාරව ගණනය කර ගැනීම සඳහා නිරීක්ෂණය සිදු කරනු ඇත. ඒ නිරීක්ෂණය කළ වෙනස්කම සහ මුළින් ගණනය කළ වෙනස්කම සංසන්දනය කරමින් මෙහෙයුමේ නිරවද්‍යතාවය සහ ග්‍රහකයේ ස්වභාවය පිළිබඳ දැන ගැනීමට විද්‍යාඥයින්⁣ට හැකි වනු ඇත. මේ ආකාරයට අනාගතයේ දිනයක පෘථිවියට තර්ජනයක් විය හැකි ග්‍රහකයක ගමන් මාර්ගය වෙනස් කිරීමේ මෙහෙයුමකට අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබා ගැනීමට බලාපොරොත්තු වේ.


    DART මෙහෙයුම ගැන සිංහල වීඩියෝවක්
    👇


    https://youtu.be/HYNd3K8hODU

    DART යානයේ ගැටීම සජීවී විකාශය
    👇


    https://youtu.be/4RA8Tfa6Sck

    From
    https://www.facebook.com/octoberskyshow
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    මිනිස්සු පෘථිවිය මත ඉඳගෙන ගහකොළ සතා සිව්පාවා වාතය විනාශ කරන ගමන් හොයාගත්තෙවත් නැති ග්‍රාහක වලින් පෘථිවිය ආරක්ෂා කරන්න මෙහෙයුම් කරනවා
     

    Similar threads