මිනීමරුවො ජීවත් වෙනව !
විශ්ව විද්‍යාල සිසුවෙක් සියදිවි නසාගෙන !
කවුරුන් හෝ සියදිවි නසාගත්ත ගමන් ඩිප්රෙෂන් එහෙම නැතිනම් විශාදය ගැන මාතෘකාව කරලියට එනව. එංගලන්තයේ ඉන්න මගෙ මිතුරියක් ඊයෙ රෑ මට මැසේජ් එකක් එවල තියෙනව මේ රැල්ල ගැන මුකුත් කරන්න බැරිද අහල. මම හිතන්නෙ බෑ...
ඔය ජීවිතේ නැතිකර ගන්න ඕන කියන තැනට ගිය කෙනෙකුගෙ හිත වැඩ කරන ආකාරය අපි දන්නෙ නෑ. "මෙහෙම හිතුනෙ නැද්ද" "තව ටිකක් හිතන්න තිබ්බ" ඉන්න කට්ටිය ගැන හිතන්න තිබිබ" ආදී වශයෙන් කතා ගොඩක් කියනවනෙ. ඔය තැනට හිස් වෙච්ච කෙනා ඔය මුකුත් හිතන්නෙ නෑ...
එයාගෙ වේදනාව වැඩියි අන් කිසිවකටත් වඩා...
ඒක මහ කරුමක්කාර අඳුරු තැනක් !
ඒ හින්ද ඔය තැනට පත්වෙන මනුස්සයා හෝ ගැහැණිය ගැන පශ්චාත් මරණ පරීක්ෂණ තියෙනවට වඩා ජීවත් වෙන මිනිස්සු ගැන වචන ටිකක් ලියන්න හිතුන...
ඇයි මිනිස්සු Depress වෙන්නෙ ?
ඇයි මේ හොඳට ඉන්න එවුන් Depress වෙන්නෙ ?
Depression හැදෙන්නෙ මේකයි කියල නිශ්චිත හේතු නෑ. නමුත් ගැහැණු Depress වීමේ හැකියාව පිරිමි Depress වෙන්න තියෙන ඉඩට වඩා වැඩියි. සමහර පවුල්වල මේ ප්‍රවණතාව වැඩියි. ජානවලත් යම් බලපෑමක් තියෙනව කියල කියනව.
නමුත් වැඩි හරියක් Depressive කේසස්වලට හේතුව එන්නෙ ඒ පුද්ගලයා ජිවත් වෙන සමාජයෙන්...
විභාගයක් අසමත් වුනාම, ආදර සම්බන්ධකමක් බිඳ වැටුනම, දික්කසාද වුනාම, ලඟ කෙනෙකුගෙ මරණෙකදි, දීර්ඝකාලීන කායික මානසික අතවරයට, හිංසනයට ලක්වුනාම, තමන්ගෙ ශරීරය ගැන, තමන්ගෙ ආර්ථික මට්ටම ගැන තියෙන අසහනය නිසා Depress වෙන්න පුලුවන්...
ආදරණීය මිත්‍රවරුනි,
එහෙනම් මේ Depress වෙන බොහෝදෙනා පිටිපස්සෙ ඒකට හේතුව ඇති කරපු උන්දල මේ සමාජයෙ අප අතර අදත් යහතින් ජීවත් වෙලා ඉන්නව. Depress වෙන හැමෝම සියදිවි නසාගන්නෙ නෑ. හැබැයි සමහරක් සියදිවි නසාගන්නව. ඔබ කායිකව මානසිකව පීඩනයට පත්කරපු, Bully කරපු, වනචර කතා හදපු, ජීවිතේ විනාස කරන්න හදපු, කුහකකමට විභාගෙ ෆේල් කරපු එකා සියදිවි නසානොගත්ත වෙන්න පුලුවන්. හැබැයි ඒ තොගෙ හොඳකට නෙවෙයි. අර මනුස්සයාගෙ, ඒ මනුස්සයාගෙ පවුලෙ, ඒ මනුස්සයාගෙ දරුවන්ගෙ වාසනාවට...
ඒ හින්ද අද නිකං සුද්ධෝදන ටෝක් ඉෂූ කරන, පෝස්ට් ෂෙයා කරන නෝන මහත්වරුන්ගෙ පපුවලින් මේ ප්රශ්නය තමන්ටම අහගන්න පුලුවන්...
උඹේ ජීවිතේ පුරාම තව කෙනෙක් මානසිකව වැටෙන දේවල් කොච්චර කරල තියෙනවද ?
උඹේ Trainee නෙවෙයි නිසා, උඹත් එක්ක බුදියගත්තෙ නැති නිසා, උඹ ලඟ හුරතල් වෙන්නෙ නැති නිසා උඹ මිනිස්සු විභාගෙ ෆේල් කරල තියෙද ? ඒ දක්ෂකකම හෝ ඊට අඩු දක්ෂකමම තියෙන එවුන් පාස් කරල නැතිද?
කසාදයක් බැඳල ළමයෙක් හදාගෙන සංතෝසෙන් කාල බීල ලස්සනට ඇඳල ඉන්න ගෑණියෙක් ගැන තුප්පහි ඕපදූප පතුරවල නැද්ද ? කොක්හඬලා සිනාසෙමින් හිතලු පතුරවල නැද්ද ?
තමන් ලඟට ඉගෙන ගන්න ආපු, තමන් ලඟට පුහුණුවට ආපු, තමන් යටතෙ වැඩට ආපු ගෑණුන්ගෙන් රීරිමාංසෙ ඉල්ලල නැද්ද? ඒක නොදෙනකොට ඒ ගෑණිව අපහසුතාවයට පත් කරල නැතිද? බොරු කතා පතුරවල නැද්ද ?
උඹෙන් යාලු වෙන්න අහල උඹ කැමති නැතිනමි වැදගත් විදිහට බෑ කියන්නෙ නැතුව ස්ක්‍රීන්ෂොට් ෂෙයා කරගෙන ලෝකෙටම අරූව විහිලුවක් වෙන විදිහට හැසිරිල නැද්ද ?
මනුස්සයෙක් ගැන තියෙන ඉරිසියාව නිසා ඒ මිනිහ ගැන පට්ටපල් බේගල් ලියපු කැලෑපත්තර ෂෙයාකරල නැද්ද ? තමන්ගෙ පෙම්වතාට විශ්වාසෙට යවපු පින්තූර ලීක් කරල නැද්ද ? ඒ වගෙ දේවල් ෂෙයා කරල නැද්ද ? මේව Closed group කියල Justify කරල නැද්ද ?
තමන් ලඟ ඉගෙන ගන්න එන ගැහැණු පිරිමි දරුවන්ගෙ මානසිකත්වය බිංදුවට වැටෙන වැඩ කරල නැද්ද ? උංව අඬවල හිත් රිදවල මෝඩ ආතල් ඇරන් නැද්ද ? පුංචි වරදකට දඬුකඳේ ගහල බිංදුවට වට්ටල නැද්ද ?
තව කෙනෙකුගෙ පෙනුම ගැන "ආනේ ඔයා තවත් මහත් වෙලා" "ඇයි ඔයා ඔච්චර කෙට්ටු" ඇයි ඔයාට පස්සක් නැත්තෙ" "ඔයිගෙ පස්ස වැඩියි" කියල නානාවිධ ගොන් ප්‍රශ්න අහන්නෙ නැද්ද ?
තමන්ට වඩා පෙනුම තියෙන, ටිකක් සල්ලි තියෙන, උගත්කම තියෙන, ජනප්‍රියත්වය තියෙන එකා වට්ටන්න තුට්ටු දෙකේ දහංගැට දාල නැද්ද ? යටිඋගුල් ඇදල නැද්ද ? පෙස්සම් ගහල නැද්ද ? ඌව කපන්න දේවල් කරල නැද්ද ?
යකෝ ! ඔය ඔක්කොම කරන්නෙ අද "රෙස්ට් ඉන් පීස්" පෝස්ට් ෂෙයා කරන නොකරන මේ සමාජයෙ ජීවත් වෙන උඹල අපි තමයි !
ඔය කරන, කරපු වහුකුතු වැඩ වලින් කී දෙනෙක් Depress වුනාද, වෙන්න තිබුණද කියල ජීවිතේට හිතල නැත්තං අද හිතපං...
එහෙම වැඩවලින් Depress වෙච්ච එවුන් අදටත් ජීවත් වෙන්නෙ උන්ගෙ පරණ පිනකට...උන්ට අත දෙන්න මොකෙක් හරි හිටපු නිසා...බෙහෙත් ගන්න යොමු කරපු නිසා...හරිහමන් උපදේශනයක් ලැබුණු නිසා...
මේ වගෙ එවුන් මිනීමැරුවො නොවෙන්නෙ උන් අතින් ජීවිත විනාශ වෙච්ච එවුන් "මැරිච්ච නැති" නිසා විතරයි...
ඒ නිසා, දැන්වත් හැදියල්ල...
මිනිස්සු හැටියට, මනුස්ස ගුණධර්ම රැකගෙන ජීවත් වෙයල්ල...
එහෙම වුනොත් Depress වෙලා මැරෙන එක අඩු වෙන එක කෙසේ වෙතත් මිනිස්සු Depress වෙන එක නම් අඩු වේවි ! තව සෙට් එකක් මිනීමරුවො හැටියට ජීවත් වෙන එකත් අඩු වේවි !
(ලක්මාල් කුලසේකර)