මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් 1053ක්

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,979
    2,162
    113
    colombo
    දිවුලපිටිය හා මිනුවන්ගොඩ කොවිඩ්-19 ආසාදිත පොකුරෙන් හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 1053ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මිනුවන්ගොඩ කොවිඩ්-19 ආසාදිත පොකුරෙ ආශ්‍රිතයන් 18 දෙනෙකු සහ මිනුවන්ගොඩ ඇඟලුම් කර්මානත ශාලා සේවකයෙකු ආසාදිතයින් ලෙස ඊයේ හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

    ඊයේ (08) දිනය තුළ පමණක් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 29 දෙනෙකු හඳුනා ගැණුනි.

    විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයින් දස දෙනෙකුද කොවිඩ් ආසාදිතයන් ලෙස ඊයේ හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි හත්දෙනෙකු, කුවේට් සිට පැමිණි දෙදෙනෙකු සහ ඉරානයේ සිට පැමිණි අයෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

    මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 1197 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

    මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4488 දෙනෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
     
    • Like
    Reactions: ryandok and D_Mad

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    peredane ban oka wahuwe. danda kiyanne. :shocked:

    mehe announcement yanawa sarin sare. ekak wath news wala yanne na neda. dan giya ekak me poyata sil gatta kenek positive kiyala.

    එහෙනම් සිල් කාරයෝ බර ගානකට සෙට් වෙලා ඇති ලෙඩේ.