යුධ හමුදා සාමාජිකයින් පිරිසක් සහ තරුණයින් පිරිසක් අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ඇති වූ ගැටුමකින් හමුදා නිළධාරීන් කිහිපදෙනෙක් තුවාල ලබා තිබෙනවා.
වව්නියා යුධ හමුදා මූලස්ථානයට අයත්ව දැනට කොළඹ පිහිටි යුධ හමුදා මූලස්ථානයේ රාජකාරියේ නියුතු සෙබලුන් 03 දෙනෙක් සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පාසල් දරුවන් ඇතුලු තරුණයින් 07 දෙනෙකු අතර මෙම ගැටුම හටගෙන තිබූ බවයි පොලීසිය පැවසුවේ.
ගැටුම ඇති වීමට බලපෑ හේතුව මෙතෙක් තහවුරු වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාල හමුදා සාමාජිකයින් සිදුකල පැමිණිල්ලකට අනූව එම තරුණ පිරිස සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසවා.
අනතුරුව ඔවුන් මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කලේ මීට අදාල නඩුව ලබන 24 වෙනිදා නැවත කැදවීමට නියමිත බවයි.
කටුනායක පොලීසියයි වැඩිදුර විමර්ශණ මෙහෙයවන්නේ