මියගිය අමරදේව විකුනගෙන කන මහින්ද

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මියගිය අමරදේව විකුනගෙන කන මහින්ද

14925782_1057664247665154_3568293070505627080_n.jpg

ගොඩක් කට්ටිය අමරදේවට නිවන් සුව පතා පෝස්ට් ෂෙයාර් කරන්නේ තමන් ඉන්නේ සම්භාව්‍ය කතිකාවේ කියල පෙන්නන්න. ඒගොල්ලෝ දන්නේ නැහැ සම්භාව්‍ය කතිකාව ඉවරයි කියල. මේ කට්ටියගෙන් බහුතරයක් අමරදේවගේ ගායනය හරිහැටි රසවින්දනය කරලා නැහැ. අමරදේවගේ ප්‍රතිරූපය තමයි ජාතිකත්වයට සම්බන්ද වෙන්නේ. ගායනය නෙමෙයි.
අඩෝ අපිටත් ඒ කියන්නේ අපේ රටටත් මෙහෙම පොරක් ඉන්නවා නේද කියල මේගොල්ලෝ අමරදේවගේ ප්‍රතිරූපයට ජාතිකවාදී අර්ථයකින් ආත්මීය වෙනවා. පුද්ගල ප්‍රතිරූපයක් කියන්නේ මේ මොහොතේ ප්‍රාග්ධනයක්. අමරදේවගේ ප්‍රතිරූපය වටිනාකමක් හැටියට සමාජ මාධ්‍ය ඇතුලේ මේ මොහොතේ හුවමාරු වෙනවා. ඒක ජාතිවාදී දේශපාලකයෝ සහ උන්ගේ වහල්ලු තම තුප්පහි දේශපාලනය ප්‍රවර්ධනය කරගන්න පාවිච්චි කරනවා. මේ පින්තූරය ඒකට උදාහරණයක්.
 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    සිරිසේනත් දාගෙන තිබ්බේ.ඔය කවුරුත් එකයි.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඒ කාලෙ අමරදේව මහත්තයාට
    සල්ලි දීලා දේශපාලන වාසියට
    වොයිස් කට් ගන්න සමහරු උත්සාහ කළා...
    එත් මං ඉඩ දුන්නෙ නෑ
    - විමලා අමරදේව



    අභාවප්‍රාප්ත අචාර්ය අමරදේවයන් ජීවතුන් අතර සිටියදී එතුමන්ගේ කීර්තිය දේශපාලන වාසිවලට හරවාගන්නට ඇතැම් අය විවිධ අවස්ථාවල උත්සාහ ගෙන තිබුණ නමුත් තමා කල්පනාකාරී වීම නිසා ඒවා වැළැක්වූ බව අමරදේවයන්ගේ බිරිය විමලා අමරදේව පුවත්පතකට පවසා තිබේ.
    පසුගිය 2015 වසරේ
    සසර දනව්ව සංගීත ප්‍රසංගයට සූදානම් වන අතරතුර ඇය මේ බව හෙළි කර තිබුනේ


    අමරදේවයන් කුඩා දරුවෙකු මෙන් සිතන කපටිකම් වලින් තොර අයෙකු වීම නිසා ඕනෑම දෙයකට හසුවිය හැකි වාතාවරණයක් තිබුණ බවද දක්වමිනි.
    එකල අමරදේවයන් සිනාමුසුව අසාගෙන සිටියදී ඇය ඒ ගැන හෙළි කර තිබුනේ මෙසේය.

    ‘මෙතුමා පුංචි බිලිඳෙක්‌ හා සමානයි. තක්‌කඩිකම්, සූත්තර, හොරමැරකම් මොකුත් දන්නේ නෑ. මිනිස්‌සු හඳුනා ගැනීමේ ප්‍රඥාව මට තියෙනවා.
    මම බොහෝම සෙවිල්ලෙන් ඉන්නේ සමහරු එනවා මෙතුමාට කියලා දේශපාලනයට සම්බන්ධ වොයිස්‌ කට්‌ ගන්න සල්ලිදීලාත් ගන්න බැලුවා.
    සල්ලි මට අලුයම ලූ කෙළපිඬක්‌ හා සමානයි. මම ඒ අයට පහදා දීලා ප්‍රතික්‍ෂේප කළා. ඒ අවස්‌ථාවලදී අනෙක්‌ අය කළ දේ මෙතුමා කළේ නෑ.
    ඒ මම මෙතුමා පසු පසින්ම සිටි නිසා. ඒ නිසා තමයි දේශපාලනයටත් මෙතුමා ගියේ නැත්තේ. මම එය උපක්‍රමශීලීව වැළැක්‌වූවා.
    කොයිවෙලේත් මම මෙතුමා එක්‌ක ඉන්නවා. කාටත් එන්න බෑ මට හොරෙන්. ඒ නිසානේ අදටත් ජනතාවගේ වැඳුම් පිදුම් ලබමින් ලස්‌සනට ඉන්නේ. එතුමා කීකරුව හැදුණ දරුවෙක්‌. හිතුවක්‌කාර නෑ. කියන දේ අහනවා.
    මෙතුමා කැමති නෑ මේවා කියනවාට මම නිතරම එතුමාගේ ලෝකයේ සැරිසරන්න එතුමාට ඉඩදීලා ඉන්නේ. එතුමාගේ ලෝකය ගාන්ධර්ව ලෝකයයි.‘


    CwVuep2WQAQO7fK.jpg