මියගිය කළු තුෂාර ගින්දර ඉල්ලලා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
walik-4-malan.jpg
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නන්දිකඩාල් කලපුවෙන් වැලිකඩට (සිරකරුවෝ කතා කරති)
Rate this item
(5 votes)




СНПЧ Москва
CMS Joomla



walikad-1.jpg
Srilankaxnews-- පසුගිය නොවැම්බර් 09 වනදා සහ 10 වන දින කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ම්ලේච්ඡ මිනිස් සංහාරය මේ වන විට කිසිවක් නොසිදූවූවා වන තරමට සමාජයෙන් අමතක කර හැරීමට ඒ සිදු කළ වුන් සමත්ව තිබේ. ඊට එක හේතුවක් වූයේ මේ ම්ලේච්ඡ ප්‍රහාරයේ ඇත්ත තතු සමාජයෙන් වසන් කිරීමය. අපගේ මේ උත්සාහය ඒ හෙළි දරව් කිරීමය.
(ශාන්ත විජේසූරිය)
කොළඹ බො‍රැල්ල වැලිකඩ බන්ධනාගාරයට වෙනදා මෙන් 2012 නොවැම්බර් 09 වන දාත් හිරු පෑව්වේය. වැලිකඩ බන්ධනාගාරය මත එදින පතිත වූ හිරුගේ රශ්මිය වෙනදාට වඩා දැඩි විය. එය හරියට අනතුරක් අත ළඟ බවට කෙරෙන සංඥාවක් බව කිසිවකුටවත් අවබෝධයක් වූයේ නැත .


වැලිකඩ බන්දනාගාරයේ ‍රැ‍ඳෙවියන් සුපුරුදු පරිදි නොවැම්බර් 09 වැනිදාත් ඒකාකාරී ජීවිතය ආරම්භ කළහ.අරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිළධාරීන් ඔවුන්ගේ මරණ වරෙන්තු ලියමින් සිටින බව ‍රැඳැවියක් කිසිවකුත් දැන සිටියේ නැත. වැලිකඩ බන්ධනාගාරයේ චැපල් ගොඩනැගිල්ලේ රඳවා සිටින 2,500 ක පමණ සිරකරුවන් පිරිසක් පෝලිම් ගැසී පාටි (දෛනික කාර්‍යන්)සඳහා පිටත ගියහ. රිමාන්ඩ් ‍රැ‍ඳෙවියන් සුපුරුදු පරිදි අල්ලාප සල්ල්ලාපයේ යෙදෙමින් විවිද කටයුතු වල නිරත වූහ.
වැලිකඩ බන්ධනාගාරය තුළ එදින සිදුවීමට යන ඛේදවාචකය දැන සිටියේ එය සැලසුම් කළ වුණ් පමණි. ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ තැනක උපදෙස් පරිදි නියොජ්‍ය පොලිස්පති අනුර සේනානායක යටතේ පාලනය වන කොළඹ අපරාධ කොට්ඨාශය මරා දෙමිය යුතු සිරකරුවන්ගේ නාම ලේඛනයක් සකස් කෙරිණි.
විශේෂ කාර්‍ය බලකායේ (STF)සන්නාහ සන්නද්ධ සෙබළු 500ක පමණ පිරිසක් 2012 නොවැම්බර් 09 වන දින සවස2.00 ත් 3.00 ත්.. අතර සෝදිසි මෙහෙයුමක් සඳහා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුල් වූහ.
සෝදිසි මෙහෙයුමක් සඳහ තමන්ට ඇතුළු වීමට බන්ධනාගාර ප්‍රධන දෝර‍ටුව විවෘත කරන්නයි එම දොර‍ටුවේ සිටි නිළධාරීන්ට විශේෂ කාර්‍ය බලකා ප්‍රධානියා නියෝග කරන තෙක්, වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා ඒවැනි මෙහෙයුමක් ගැන හාන්කවිසයක දෙයක් වත් දැන සිටියේ නැත

රිමාන්ඩ් ‍රැ‍ඳෙවියන් සහ සිරකරුවන් සතුව ඇති මත්ද්‍රව්‍ය හා වෙනත් නීති විරෝධී දෑ අත් අඩංගුවට ගැනීම සඳහා එම සෝදිසි මෙහෙයුම ආරම්බ කළ බව ජන මාධ්‍ය වාර්තා අනුව කියැවිණි.
බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වූ විශේෂ කාර්‍ය බලකා සෙබළුන් පළමුව 'L ' ශාලාව පරික්ෂා කළහ. ‘L’ ශාලාවේ රඳවා සිටින්නේ රිමාන්ඩ් ‍රැ‍ඳෙවියන්ය. L ශාලාව මහල් තුනකින් යුක්තය. එහි සෙල් කාමර(සිරකුටි) ද තිබේ.
‘L’ ශලාව පරික්ෂා කළ සෙබළුන්ට මත් ද්‍රව්‍ය හෝ ජංගම දුරකථනයක් හෝ සොයා ගැනීමට නොහැකි වූහ. පසුව සෙබළුන් අච්චු කරුවන් (සිරදඩුවම් නියම වූවන්) රඳවා සිටින 'චැපල් ' ගොඩනැගිල්ල දෙසට ගොස් ඇත.
බන්ධනාගාරයක් තුළ රඳවා සිටින රිමාන්ඩ් ‍රැ‍ඳෙවියන් (සැකකරුවන්) පිළිබඳ නීත්‍යානුකූල අයිතිය ඇත්තේ අධිකරණයටය.. අපරාධ වලට හෝ වෙනයම් වරදවල් වලට අධිකරණය මගින් වරද කරුවන් කර දඩුවම් නියම වූවන් (සිරකරුවන්) පාලනය වන්නේ බන්ධනාගාර කොමසාරිස් යටතේය.
විශේෂ කාර්‍ය බලකා ඒකකය බාරව පැමිණි එහි ප්‍රධානියා සිරකරුවන් රඳවා සිටින 'චැපල් ගොඩනැගිල්ල පරික්ෂා කරන බවට බන්ධනාගාර කොමසාරිස්වරයාට ජංගම දුරකතනයෙන් කතා කොට දන්වා ඇත්තේ එම ගොඩ නැගිල්ල ඉදිරිපිටට පැමිණිමෙනුත් පසුවය.
walik-3-gunduwa.jpg
මරණ දඩුවමට නියම වූවන් රඳවා සිටින්නේ චැපල් ගොඩනැගිල්ලේ පහත මාලයේ විශේෂිත ආරක්ෂක මැදිරි වලය. එම මැදිරි විවෘත කරගත් සෙබළුන් එහි රඳවා සිටි සිරකරුවන් කිහිප දෙනෙකු මාංචු දමා එළියට ගේන් ඔවුන්ගේ ඇඳුම් ගලවා පහර දෙන්නට ගත්හ.
මෙම සිද්ධිය වන විට වෙලාව සවස 4.00ට පමණය.එනම් ' පාටි' සඳහා උදේ පිටත්ව ගිය 2500ක් පමණ සිරකරුවන් නැවැත පෝලීම් ගැසී නැවැත චැපල් ගොඩනැගිල්ල වෙත පැමිණෙමින් සිටි වේලාවය. ආයුධ සන්නද්ධව සිටි සෙබළුන් පිරිසක් මරණ දන්ඩනයට නියමව සිටින සිරකරුවන් පිරිසකට මලේච්ඡ ආකාරයෙන් පහර දෙනු දු‍ටු මේ සිරකරුවෝ ඉන් බලවත් සේ නොසන්වුන් වූහ. ඒ වන විට 500කට ආසන්න සෙබළුන් පිරිසක් චැපල් ගොඩනැගිල්ල අවට හා එහි ඇතුලත ‍රැඳීසිට ඇත. එහෙත් පාටි හමාර වී චැපල් ගොඩනැගිල්ලට ඇතුල වෙමින් සිටි සිරකරුවන් අතර සිටි සිරකරුවන් කිහිප දෙනෙකු සෙබළුන් සිදුකරමින් සිටි අමානුශික පහර දීමට විරෝධය දක්වා කතා කර තිබේ. කෑ කෝ ගැසීම් හූ තැබීම ආදිය ඒ වන විට සිරකරුවන් පැතිර යමින් තිබිණි.
ඒසේ හූ කිව සිරකරුවෙකු අල්ලා ගත් විශේෂ කාර්‍ය බලකා සෙබළුන් ඔහුව බිම පෙරලාගෙන පයින් හා තුවක්කු බඳ වලින් දැඩි ලෙස පහර දී තිබේ. තමන් සමග එකට දුක සැප බෙදාගෙන ජීවත්වන තවත් සිරකරුවෙකුට අමානුශික ලෙස පහර දීම නිසා ප්‍රොකෝපකාරී වූ සිරකරුවන් සෙබළුන් ඉදිරියටම පැමිණ ඔවුන්ගේ මුහුණටම විරෝධය දැක්වීමට තරම් වූහ. මෙම සිදුවීම් සමග 2500 ක තරම් වූ සිරකරුවන් චැපල් ගොඩ නැගිල්ල අසලට එක් වූහ. මේ නිසා සෙබළුන් ක්‍රමක් ක්‍රමයෙන් සිරකරුවන්ට මැදිවී ඇත. තත්වය වඩාත් උණුසුම් වූයේ සෙබළුන් විසින් තමන් වට කරගෙන සිටි සිරකරුවන්ට දිගට හරහට පහර දෙන්න වීමෙනි. මේ මොහොතේදී සෙබළුන් විසින් සිරකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළහ
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
චැපල් ගොඩ නැගිල්ල තුළට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා සිර කරුවන් තවත් ප්‍රොකෝපකාරී වී ඇත. ඉන් පසුව පිටත සිටි සිර කරුවන් විසින් සෙබළුන්ට ගල් මුල් වලින් පහර දෙන්න ට පටන් ගෙන තිබේ. චැපල් ගොඩ නැගිල්ල තුළට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් කිසිවක් සිදු නොව්වද ඒ සිදු කරනු ලැබුවේ කලින් කළ සැලසුමක් අනුවය, සිරකරුවන් හා ගැ‍ටුමක් ඇතිකර ගැනීම මේ සැලැසුමේ මුලික පියවරක් විය. ඒ අනුව වඩාත් ප්‍රොකෝපකාරී වූ සිරකරුවන් මරාවේශයෙන් සිර මදිරි තුළින් එළියට පැමිණ සෙබළුන්ව බන්ධනාගාර පරිශ්‍රයෙන් එළවා දැමීමේ සටනට එකතු වී ඇත.
ඒ මොහොතේ ඉවක් බවක් නැතිව සෙබළුන් විසින් සිරකරුවන්න්ට වෙඩි තබා ඇති අතර ඒ මොහොතේ සිරකරුවන් කිහිප දෙනෙකු ට බරපතල තුවාල සිදුවිය. මේ සටන ඇවිලී යමින් තිබියදී 'L' ශාලාවේ සිටි රිමාන්ඩ් ‍රැ‍ඳෙවියන්ද සිරකරුවන්ගේ සහයට පැමිණ තිබේ.
පෙර යුගයකදී පොලිස් විශේෂ කාර්‍ය බලකාය යැයි කිව් සැනින් එල්ටීටීඊ සංවිධානය පවා බියෙන් සැලුනා යැයි කියැවෙති. නමුත් ඒ පරණ කතා තුට්‍ටුවකටවත් මායිම් නොකළ සිරකරුවෝ සෙබළුන්ට ගල් මුල් වලින් ගසා බන්ධනාගාර පරිශ්‍රයෙන් එළවා දැමුවේ සුළු කාලයක් තුළදීය.
එස්ටීඑෆ් සෙබලුන් පන්න දැමු සිරකරුවෝ බන්ධනාගාරයේ ප්‍රධාන යකඩ ගේට්‍ටුවද ගලවා දැමූහ. මේ අවස්ථාවේදී බන්ධනාගාර නිළධාරියෙකුට අතත් ත්‍රීරෝද රථයකින් සිරකරුවන් 6 දෙනෙකු පලා යාමට උත්සහ ගත්තද සෙබළුන් එල්ල කළ වෙඩි ප්‍රහාරය හමුවේ එම 6 දෙනාම ජීවිත්‍යක්ෂයට පත් විය. පසුව සෙබළුන් විසින් බන්ධනගාරය වට කර ඒ තුළට කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළහ. ඒ අතරේදී විටින් විට සෙබළුන් බන්ධනාගාරය තුළට කඩා වැදී කළ වෙඩි ප්‍රහාර නිසා සිරකරුවන් කිහිප දෙනෙකු ඝාතනයට ලක් විය.තවත් විශාල පිරිසක් තුවාලකරුවන් බවට පත් විය.
මේ ගැ‍ටුම් අතරේදී සෙබළුන් බන්ධනාගාරයට ඇතුළු වීම වලක්වන්නට පියවර ගන්නැයි සිර කරුවන් කණ්ඩායමක් බන්ධනාගාර අධිකාරී ගාමිණී ජයසිංහගෙන් ඉල්ල තිබේ. එම සාකච්ඡාව යන අතරතුරදීද බන්ධනාගාර පරිශ්‍රයට කඩා වැදුනු සෙබළුන් මෙම සිරකරුවන්ටද වෙඩි තබා කඳු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එවිටද බන්ධනාගාර ඇතුළත් ප්‍රශ්න අපි බේර ගන්නම් ප්‍රහාර නතර කර එළියට යන්නැයි බන්ධනාගාර අධිකාරී වරයා සෙබළුන්ගෙන් ඉල්ල ඇත. එහෙත් එම කීම තඹ පයිසෙකට මායිම් නොකළ සෙබළුන් යළිත් බන්ධනාගාරය තුළට වෙඩි තබමින් කඳුළු ගෑස් ප්‍රහාරයන් එල්ල කර තිබේ. බන්ධනාගාර අධිකාරීවරයාගේ කීමට අවනත නොවන සෙබළුන්ගෙන් තම ජීවිත වලට තර්ජනයක් විය හැකි බව කල්පනා කළ සිරකරුවන් සෙබළුන්ට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම සඳහා බන්ධනාගාර අවි ගබඩාව කඩා ආයුද ‍රැගෙන ඇත. එම අවි ගබඩාවේ ස්වංක්‍රීය ගිනි අවි 80ක් පමණ තිබීණි.
ඉන් ආයුධ කිහිපයක් ලබාගත් සිරකරුවන් පෙරලා සෙබළුන් දෙසට වෙඩි තැබිය. සිරකරුවන් ආයුධ පරිහරණයේදී වූ අත් වැ‍රැදීම් නිසාද සිරකරුවන් දෙදෙනෙකුට තුවල් සිදුවිය.
මේ අතරට මැදිහත් වූ බන්ධනාගර කොමසාරිස් මේජර් ජනරාල් කොඩිප්පිලි සහ බන්ධනාගාර අඪිකාරි ජයසිංහ සිරකරුවන් හා කළ සාකච්ඡාවකින් පසුව ආයුධ ගබඩාව කඩා ලබා ගත ආයුධ වලින් වැඩි ප්‍රමාණයක් ඒ මොහොතේදී නැවත ලබාගැනීමටද සමත් වී තිබිණි.
walikad-2-nirmala-atha.jpg
මේ අතර වාරයේදීත් සෙබළු බන්ධනාගාරය තුළට කඩා වැදී හතර වටේට වෙඩි තබන්නටත් කඳුළු ගැස් ගසන්නට කටයුතු කළහ. එම නිසා බන්ධනාගාර කොමසාරිස්වරයා තමන්ව ‍රැවැටීමට ලක් කළ බව කියමින් සිරකරුවන් කොමසාරිස් සමග පැවැති සාකච්ඡා අවසන් කොට එතැනින් නැගිට ගොස් ඇත. කෙසේ නමුත් මේ තත්වය හමුවේ සිරකරුවන්ට වෙඩි තබන්න එපා, ඔවුන් ආයුධා බාර දී සමතයකට පත්වන්න ට සූදානම් බවට පණිවිඩය රගෙන බන්ධනාගාර ගේට්‍ටුවෙන් එළියට පැමිණි බන්ධනාගාර අධිකරිවරයාට යළි ඇතුළට යෑමට විශේෂ බලකා ප්‍රධානින් ඒ මොහොතේ ඉඩ දුන්නේ නැත.
ඉන් පසුව විශේෂ බලකා සෙබළුන්ට සිරකරුවන් යටත් නොව් අතර සිරකරුවන් යටත් කර ගැනීමටද නොහැකි විය. එපමණක් නොව නැවත බන්ධනාගාරය තුළට කඩා වැදී වෙඩි තැබීමට සෙබළුන්ට අවස්ථාවක් ලබානොදීමට ද සිරකරුවන් සමත් විය. වැලිකඩ බන්ධනාගාරයේ මෙම සිදු වීමත් සමග බන්ධනාගාරය අවට ප්‍රදේශය පුරාම ආරක්ෂක ‍රැකවල් වැඩිකර තිබු අතර ඒ සඳහා හමුදාව හා පොලිසිය කඳවා තිබිණි. ඉන් සිරකරුවන් පැනයාමට ඇති ඉඩ කඩ ඇහිරිණි.
ඉන් අනතුරුව එදින රාත්‍රී මධ්‍යයනයේදී අදුර විනිවිදින ලේසර් උපාංග සවිකකළ තුවක්කු සහිත යුධ හමුදා කොමාන්ඩෝ බලකා සෙබළුන් සන්නාහ සන්නද්ධ රථ තුනකින් බන්ධනාගාර පරිශ්‍රයට කඩා වැදී සිරකරුවන් යටත් කොට බන්ධනාගාර පාලනය පැයක වැනි කාලයකදී සියතට ගත්හ.
කොමාන්ඩෝ සෙබළුන් බන්ධනාගාර පාලනය අතට ගන්න විට, සිරකරුවන් එස්ටීඑහ් සෙබළුන් පන්නා දමා පැය 6ක පමණ කාලය බන්ධනාගාර පාලනය සියතට ගෙන තිබිණි.
එස්ටීඑෆ් සෙබලුන් හා සිරකරුවන් අතර සටන ඇවිල යද්දී බන්ධනාගාර නිළධාරීන් 35 දෙනෙකු බන්ධනගාර පරිශ්‍රය තුළ සිරවී සිටියහ.එම නිළධාරීන් 35 දෙනා සිරකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබිණැයි මාධ්‍ය වාර්ථ කෝට තිබිණි. මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබු එම පුවත ග සිරකරුවන් විසින් ප්‍රතික්ශේප කරති, එම නිළධාරීන් බන්ධනාගරය තුළ සිර වූයේ සෙබළුන් දින් දිගටම එල්ල කළ ප්‍රහාරයන් ඉනිසා බව සිරකරුවන් පවසති. ඒ තහවුරු කරමින් එම සිද්ධියට මැදී වූ නම පැවැසීමට අකමැති වූ නිළධාරියෙකු කීවේ"අපට සිරකරුවන්වගෙන්වත් රිමාන්ඩ් සිරකරුවන්ගෙන්වත් කිසිම හිරිහැරයක් උනේ නෑ. එස්ටීඑෆ් එකෙන් බන්ධනාගාර යට දිගටම කඳුළු ගෑස් ගැහුවා. වෙඩි තිබ්බ. ඒ නිසා අපිට එළියට යාගන්න බැරි උනා. හමුදාවෙන් ඇතුලට ඇවිල්ල එළියට ගන්න කම් අපි හිටියේ බන්ධනාගාරේ ලේඛනාගාරෙට වෙලා.." යනුවෙනි.
කොමාන්ඩෝ සෙබලුන් අදුර විනිවිදින නිරීක්ෂණ උපාංග වලින් යුත් තුවක්කු ඇතැතිව බන්ධනාගාරයට කඩාවැදීම සමඟ සිරකරුවෝ තමන් ඇතැති ආයුධ තැන තැන අතහැර සිරමැදිරිවලට වුන්හ.
walik-4-malan.jpg
එහෙත් ආයුධ අතහැර කොමාන්ඩෝ සෙබලුන්ට යටත් වූ සිරකරුවන් ඊළග මොහොතේදී කිසියම් දෙයක් ඊළඟට විය හැකි යැයි අනුමාන කළද. මීට හරියටම අවුරුදු04යි මාස 05 කට පෙර නන්දිකඩාල කළපුවේදී උතුරේ සිවිල් ජනතාවට අත්වූ ඉරණම හා සමාන ඉරණමක් මේ එදා වීරෝධාර රණ විරුවන් ලෙස තමන් විසින්ම අභිසේක කරන ලද සෙබළුන් වෙතින් තමන්ටත් අත් වේ යැයි සිතුවේ නැත.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
2012 නවැම්බර් 10 වනදා පාන්දර 3.00 වෙද්දී.සිරකරුවන් ගබඩා කඩා ලබාගත් සියලුම අවි ආයුධ කොමාන්ඩෝ සෙබලුන් විසින් සොයාගෙන තිබිණි.
සිරකරුවන්ට අමතරව බන්ධනාගාර පරිශ්‍රය තුළ පාන්දර 3.00 වෙද්දී ‍රැදී සිටියේ කොමාන්ඩෝ සෙබළුන් පමණි. මේ අතර පාන්දර 3.30ත් 4.00 ත් අතර කාලය තුළදී බන්ධනාගාර පරිශ්‍රය තුළට සිවිල් ඇඳුමින් සැ‍රැසුනු පුද්ගලයන් පැමිණියහ. කොමාන්ඩෝ සෙබළුන් ඔවුන්ව ඇමැතුවේ "සර්"යනුවෙන් බව සිර කරුවෝ පවසති.
ඔවුන් තිදෙනාම ‍රැවුල් වවා සිටි පුද්ගලයන්වූ අතර ඔවුන්ගේ මුහුණු පැ‍රැණි තුවාල කැළැල් සහිත බවද කියති. එසේම රෞද්‍ර පෙනුමක් සහිතය. එම පුද්ගලයන් තිදෙනාගෙන් එක් අයෙකු සිටියේ ටයි පටියක්ද පැළඳගත් කාර්යාලයීය පෙනුමකින් යුතු ඇදුමකින් සැරසීය. එමෙන්ම මෙම තිදෙනා සමග තවත් විශේෂ පුද්ගලයන් (බිල්ලන්)කිහිප දෙනෙකුම පැමිණ සිටියහ ඔවුන් සිටියේ ඇස් දෙක පමණක් අණාවරණය වන පරිදි රෙදි කඩකින් මුහුණු වසාගෙනය.
රෞද්‍ර පෙනුමක් සහිත වූවන් තිදෙනා බිල්ලන් සමඟ කොමන්ඩෝ බටයන්ගේ ආරක්ෂාව සහිතව කෙළින්ම ගියේ කොලු වාට්‍ටුවටය. වයි( Y )වාට්‍ටුව ලෙස නම් කර තිබෙන මෙම වාට්‍ටුවේ සිටින්නේ වයස අවුරුදු 18 ට ආසන්න වයසේ පසුවන සැකකරුවන්ය. මෙම වාට්‍ටුවට ගිය පිරිස සුසන්ත, අමිල, කපිල,උක්කුව,කළු තුෂාර, ඩොල්පින් චමින්ද, මංජු ශ්‍රී සහ තවත් නම් ‍රැසක් කියවා ඔවුන් එම වාට්‍ටුවේ සිටිනවාදැයි විමසා ඇත. මුහුණු ආවරණය කල පුද්ගලයකු විසින් එම නම් කියවා ඇත්තේ ලේඛනයක් බලාගෙනය. පසුව එහි සිටි කිහිප දෙනෙකු එළියට ගෙන බිම දණ ගස්සවා දරුණු ලෙසා පහර දුන් බව ඒ සියසින් දි‍ටු ‍රැ‍ඳෙවියෙක් අප සමඟ පැවැසීය.
මහරගම කළු තුෂාර ‘ L’ වාට්‍ටුවේ සිටිනවා යැයි ලබුණු තොරතුරක් මත මේ ගහලයන් පිරිස එම වාට්‍ටුවට ගොස් කළු තුෂාරව විමසමින් රිමාන්ඩ් ‍රැ‍ඳෙවියන්න්ට පහර දී ඇත. එහි කළු තුෂාර සිටියේ නැති මුත් ‘මන්න තුෂාර’ නැමැත්තාව අතපය බැඳ එළියට ගෙන තිබේ. මුහුණු අවරණය කළ පෞද්ගලයන් L ශ්ලාවේ සිටි ‍රැඳවියන්ගේ නම් කියා
පෙන්වීමෙන් පසුව කොමාන්ඩෝ බටයින් 14 දෙනෙකුගේ අතපය බැඳ එළියට ‍රැගෙන ගොස් තිබේ. මීට අමතරව ‍රැවුල වවගෙන සිටි. උස මහත මුස්ලිම් තරුණයකුගේද අතපය බැඳ එළියට ගෙන තිබේ. කොමාන්ඩෝ සෙබළුන් ‘L’ ශාලවේ සිටි ‍රැ‍ඳෙවියන් එළියට ‍රැගෙන ගොස් විනාඩි 10 කට පමණ පසුව වෙඩි හඬවල් හා මරු විකලෙන් කරන කෑ ගැසීම් තමන්ට ඇසුනු බව ‍රැඳවියෙක් අප
walikad-9.jpg
සමඟ කීය. බිල්ලන් ලෙස මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයන් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරෙන් බවත් ඒ අතර සිටි කහ පැහැයට සමාන වර්ණයකින් යුතු ටී ෂර්ටයක් හඳ සිටි පුද්ගලයා එම කාර්යාංශයේ කූප්‍රකට පොලිස් පරීක්ෂක ……..බව තමන් හදුනගත් බව තවත් ‍රැ‍ඳෙවියෙකු තහවුරු කර කියා සිටියේය
මෙම පොලිස් පරීකෂකයා ඇතුළුව රෞද්‍ර පෙනුමක් සහිත ‍රැවුල් කාරයෝ තිදෙනා ඊළඟට ගොස් ඇත්තේ වයි ඕ (Y O) සෙල් එකටය. ‘වයි ඕ’ සෙල් එක විවෘත කොට එහි රඳවා සිටි නිර්මල අතපත්තු, අමිල සුසන්ත සහ කෝට්ටේ රජ මහාවිහාරයේ හිමි දෙනම ඝාතන සිද්ධියේ මංජු ශ්‍රී අතපය බැඳ එළියට ‍රැගෙන විත් පහර දී පසුව වෙඩි තබා ඝාතනය කර ඇත.
අධිකරණය මඟින් විශේෂ ආරක්ෂාවක් සහිතව රඳවා තබන්නැයි නියෝග කළ පසුව වැලිකඩ බන්ධනාගාරයේ ‍රැ‍ඳෙවියන් සහ සිරකරුවන් රඳවා තබන්නේ ‘වයි ඕ’ සිර මදිරියේය. මෙම සිර මැදිරියේ රඳවා තබන්නන් එළිමහනට දමන්නේ දවසට පැය දෙකක් පමණි.
මෙහි රඳවාසිටි නිර්මල අතපත්තු මත් කුඩු ජාවාරම් කළා යැයි 2009 ජූලි 25 වන දින මත්ද්‍රව්‍ය නාශක කාර්ය්‍යාංශයේ පොලිස් පරීක්ෂක රංගජීව විසින් අත් අඩංගුවට ගෙන පසුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.
තමන්ගේ පුතාව පොලිස් පරීක්ෂක රංගජීව යන අය විසින් අත් අඩංගුවට ගේ මත් කුඩු පර්සලයක් දමා බොරු චෝදනා ඉදිරිපත් කර බන්ධනාගාර ගත කළා යැයි නිර්මලගේ මව වන මාලනී අතපත්තූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට එච්.ආර්.සී.2780/09 අංකය යටතේ පැමිණිල්ලක් කර තිබේ. මේ හේතුවෙන් යක්ෂාවේෂ වූ පොලිස් පරීක්ෂකවරයා "උඹ එළියට යන්නත් මම ඇතුළට යන්නත් බැහැ. මානව හිමිකම් කොමිෂන් සභාවට උඹෙ අම්ම දාපු පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්තේ නැතිනම් මං ‍තෝව බල්ලෙක් වගේ මරල දානවා"යනුවෙන් නිර්මලට තර්ජනය කර ඇත. පසුව නිර්මලගේ ඉල්ලීම මත ඔහුගේ මව 2009 නොවැම්බර් 05 වන දින එම පැමිණිල්ල ඉල්ල අස්කරගෙන තිබේ.
එහෙත් පොලිස් පරීක්ෂක රංගජීව විසින් තම පුතාට කළ අසාධාරණය ගැන මාලනී මහත්මිය විසින් ජනාධිපතිවරයාට, අධිකරණ ඇමැති වරයාට සහ පොලිස් පතිවරයාට ලිඛිතව දන්වා යැව් නමුත් මේ දක්වාම ඒ කිසිදු ලිපියකට ප්‍රතිචාරයක් ලැබී නැත. පසුව ඇය මත් ද්‍රව්‍ය කාරයාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවී තම පුතාට සිදු කළ අසාධාරණය පවසා ඇත.
. අවුරුදු 35ක් වයසැති නිර්මල අතපත්තු වෘත්තියෙන් රියැදුරෙකි. ඔහු එක්දරු පියෙකු වන අතර අංක205/5 කැස්බෑව පාර, මාකන්දන , මඩපාත,පිලියන්දල යන ලිපිනයේ පදිංචි කරුවෙකි. ඔහුව ඝාතනය කරන අවස්ථාව වන විට ඔහු අවුරුදු 03 යි මාස 05 ක කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටියේ නොකළ වරදකටය.
wali-6-nirmala-son.jpg

බන්ධනාගාර සිර මැදිරි සොදිසි කිරීම සඳහා පැමිණි එස්ටීඑෆ් සෙබළුන් හා සිරකරුවන් අතර ගැ‍ටුම් හට ගෙන තිබුණු මොහොතේ තමන් රඳවා සිටින සෙල් එක වසා ඇති නිසා තමාට කිසිදු කරදරයක් සිදුවන්නේ නැති බවත් බය නොවී සිටින ලෙසත් නිර්මල කිහිපවතාවක් අම්මට දුරකතන ඇමැතුම් ලබාදී තිබේ. පුතා අවසන් වරට නොවැම්බර් 10 වනදා පාන්දර 1.00 ට තමා සමග කතා කළ බව නිර්මලගේ මව අප සමග පැවැසුවාය.
මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක රංගජීව ඇතුළු පිරිසක් 2009 ජූනි 25 වන දින නිර්මලව අත් අඩංගුවට ගෙන පසුව ඔහුගේ මාපියන් පදිංචි මඩපාත නිවසට ගෙන ගොස් අතපත්තුගේ මාපියන් හා සහෝදරවරුන් ඉදිරිපිට නිරුවත් කොට. නාස් පුඩු වලට මිරිස් කුඩු දමා ‘කුඩු’ ලබාදෙන ලෙස තර්ජනය කරමින් වද හින්සා පමුණුවා තිබේ. මේ සිද්දියට සම්බන්ධ තොරතුරු මීට පෙර ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මෙම ලියුම්කරු විසින් හෙළි කරන ලදී.
කෝට්ටේ රජමහ විහාරසත හිමි දෙනමක් කපා කොට ඝාතනය කිරීමේ චොදනා යටතේ හර්ෂ මංජු ශ්‍රී නැමැති නිලමේවරයාද රඳවා තිබුනේ නිර්මල රඳවා තිබු ‘වයි ඕ ‘ සෙල් එකේමය. රජමහ විහාරයේ තැන්පත්ව තිබුණා යැයි කියන සපුමල් කුමාරයාට අයත් කඩුවක් සොරා ගැනීම සඳහා ගත් උත්සාහ්යේදී මෙම හිමි දෙනම ඝාතනයට ලක් විය. නොවම්බර් 10 වනදින පාන්දර පැමිණි රෞද්‍රයන් තිදෙනා මෙම මංජු ශ්‍රී ව සොයා බන්ධනාගාරය පීරා ඇත. ඔහුව එම සිරමැදිරියෙන් ගෙන ඝාතනය කෙරුණි. අපට ලැබී තිබෙන තොරතුරු අනුව එම සිදුවීමට අදාල මීළඟ නඩු දිනයේදී තමන්ට කඩුව සෝරකම් කිරීමට කොන්ත්‍රත්තුව ලබාදුන් ආණ්ඩුවේ ඇමැතිවරයා සහ එම සිදුවීමේ සුළ මුල මහේස්ත්‍රත්වරයා හමුවේ හෙළි කිරීමට නිලමේ සූදානම්ව සිට ඇත. ඔහු ඒ බව තමා සමග රඳවා සිටි ඇතැමෙකුට පවසාද තිබිණි. ඊට හේතුව වී තිබුණේ මේ සම්බන්ධයෙන් අදාල කොන්ත්‍රත්තුව ලබාදුන් ඇමැතිවරයාට කිහිපවරක් දැනුවත් කළද ඒ නොසලකා හැරීම ගැන කලකිරීමෙන් බවද ඔහු පවසා තිබේ. අවසනයේ ඔහුව මරා දමා සියල්ල අවසන් කෙරිණි.
wali-7.jpg
කොළඹ ක‍ටුගේ බිඳ එහි තැන්පත්ව තිබු කඩු හා වෙනත් කෞතුක භාණ්ඩ ‍රැසක් සොරා ගැනුණි. එම සොරකම් සම්බන්දයෙන්ද ජනතාවගේ චෝදනා ඉදිරිපත් වූයෙ රාජපක්ෂවරු වෙතටය.
මීට පෙර අවස්ථාවකදීද පොලිස් නිළධාරීන් 300ක පමණ පිරිසක් වැලිකඩ බන්ධනාගාරයට කඩා වැදී සිරකරු මැදිරි පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේ දෙපාර්ශ්වය අතර ගැ‍ටුමක් ඇති විය. එම ගැ‍ටුමෙන් සිරකරුවන්ට හා නිළදාරීන්ට තුවාල සිදුවිය. සිරකරුවන් පරික්ෂා කිරීම සඳහා පැමිණි නිළධාරීන පිරිසකට සිරකරුවන් පහර දී රඳවා තබගත්හ. එසේ රඳවා ගත් සමහර පොලිස් නිළධාරීන්ට ලිංගික හිරිහැර පවා සිදුවී තිබුණු බව වාර්තා විය. එවැනි තත්වයක් මත නැවත වතාවක් නිසි ක්‍රමවෙදයකින් තොරව සිරකරුවන් සෝදිසි කිරීමට පොලිස් විශේෂ කාර්‍ය බලකාය යෙදවීමම සැක සහිත කරුණකි.
එම සැකය තහවුරු වන්නේ වූ සිදුවීම මාලව අනුවය. මෙහිදී ‍තෝර ‍තෝරා සිරකරුවන් ඝාතනය කිරීමෙන් පැහැදි වෙන්නේ එස්ටීඑෆ් සෙබළුන් බන්ධනාගාරයට ගෙන විත් කළබලයක් ඇති කළේම ඝාතන සිදු කිරීම සඳහ අවශ්‍ය පරිසරය සකසා ගැනීමට බව සිරකරුවන්ම පවසති. මංජු ශ්‍රී නිලමේවරයා ඝාතනය කිරීම සඳහා ඔහුව සොයා මුළු බන්ධනාගාරය පුරා ම සෝදිසි කිරීමෙන් මෙම සමූහ ඝාතනය කුමන්ත්‍රණයක් බව පැහැදිලිය. තවද මේ මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කයක් වී තිබු මහරගම කළු තුෂාරව මරා දැමීම සඳහා ඔහුව සොයා ගැනීම ප්‍රශ්නයක් වී තිබිණි.
එහෙත් පසුව ඔහු බන්ධනාගාර කාර්යාලයක්(S M) තුළ සැගවී සිටියදී සොයාගනු ලැබුවේය. එහිදී රෞද්‍ර පුද්ගලයන් තිදෙනා සහ පොලිස් පරීක්ෂකවරයා තුෂාරව එළියට ඇදගෙන විත් පහර දී දණ ගස්සවා වෙඩි තබා තිබේ . ඔහුගේ මෘත දේහය පොලිස් මෘත ශරීරාගරයට ගෙන යන විටත් දැතට මාංචු දමා තිබී ඇත. ඔහුව මරා දැමීමට පෙර "සර්, මේ සිද්ධි වලට මගේ සම්බන්ධයක් නෑ...මාව මරන්න එපා.. මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා "යැයි පොලිස් පරීක්ෂක වරයාගෙන් ජීවිතය අයැද සිටියද ඔහුට වෙඩි තැබුවේය. මෙහිදී තුෂාර වෙඩි කාගෙන බිම ඇද වැටී කෙටි දුරක් බඩගාගෙන ගොස් වතුර ඉල්ලා සිටියදී කොමාන්ඩෝ සෙබලෙක් නැවත වරක් ඔහුට වෙඩි තබා ඇත.
මරණ දණ්ඩනයට නියම වූවන් රඳවා සිටින චැපල් ගොඩනැගිල්ලේ, පහත මාලයට ගිය රෞද්‍ර පුද්ගලයන් තිදෙනා සහ පොලිස් පරීක්ෂකවරයා එම මාලයේ සිර මැදිරිවල රඳවා සිටි කපිල සහ මාලන් යන සිරකරුවන් දෙදෙනා එළියට ‍රැගෙන අතපය බැඳ දරුණු ලෙස පහරදී පසුව දණ ගස්සවා වෙඩි තබා තිබේ.
මාලන් සහ කපිල එස්ටීඑෆ් සෙබළුන් බන්ධනාගාර පරිශ්‍රයෙන් එළවා දැමීමට පෙරමුණ ගෙන කටයුතු කළත් විශෙෂයෙන්ම කළු තුෂාර,නිර්මල අතපත්තු, අමිල, මංජු ශ්‍රී, සුසන්ත හා ඝාතනයට ලක් වූ බහුතරයක් සිරකරුවන් හා ‍රැ‍ඳෙවියන් එම සිදු වීමට කිසිදු අයුරකින් සම්බන්ධා වූවෝ නොවෙන බව සිරකරුවෝ පවසති.
තවත් සැලකිය යුතු සිද්ධියක් වන්නේ එල්ටීටීඊ සංවිධානයට හමුදා නිළධාරීන්ව පාවදුන්නා යැයි චෝදනා ලැබ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින මේජර් දහනායකවද මේ ගහලයන් විසින් සොයන්නට වීමය. මේජර් ජෙනරාල් පාරමී කුලතුංග හා හමුදා බුද්ධි අංශයේ මේජර් ජනරාල් මුතාලිෆ් ඝාතන සිද්ධි සම්බන්ධයෙන් දහනායකව සැක පිට අත් අඩංගුවට ගෙන තිබිණි. දහනායකව රඳවා සිට ඇත්තේ සී ආර් ජී (CRG ) කොටසේය. එම කොටසට පැමිණි ටයි පටි පැළදි රෞද්‍ර පුද්ගලයා "අපි අවිල්ල එළියට ඇදලා ගන්න කලින් මේජර්ල ඉන්නව නම් එළියට වරෙල්ලා" යනුවෙන් කෑගසා අති අතර ඒ මොහතේ දහනායක නැගිට පැමිණ තිබේ. පසුව ඔහුව එළියට ඇද්ගෙන ගොස් ඇත. ඔහුව බන්ධනාගාරය තුළදී ඝාතනයට ලක් කොට නැතත් ඔහු මේ වන විට වැලිකඩ බන්ධනාගාරය තුළ නැත. ඔහුව එදින උදේ මැගසින් බන්ධනාගාරයට ගෙන ගිය බවට කතාවක් තිබේ.
මෙම ගහලයන් පිරිස උක්කුවා නැමති ‍රැ‍ඳෙවියෙකුවද සොයා ඇති අතර උක්කුවා අසනීප වීම නිසා ඊට දින දෙකකට පෙර බන්ධනාගාර රෝහලට ඇතුළත් කොට ඇත එම නිසා ඔහුගේ ජීවිතය බේරුණි.
බන්ධනාගාර අවි ගබඩාව කඩා එම ගිනි අවි වලින් සෙබළුන්ට වෙඩි තැබූවාය කියන පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම වෙනුවට පසුව සිදුකෙරුනේ ලියාගෙන පැමිණි ඝාතන ලැයිස්තුව අනුව පුද්ගලයන් සොයා ඝාතනය කිරීමය. ඒ අතර සිටියේ. ආණ්ඩුවේම පුද්ගලයන් සම්බන්ධවී සිදුකළ අපරාධවලට හවුල්වූවන්ය. ඉන් වැඩි දෙනෙකු දේශපාලකයන් වෙනුවෙන් මත් ද්‍රව්‍ය ජාවරම් වල නිරත් වූවන්ය එහෙත් මේජර් දහනායක සොයා බන්ධනාගාරයෙන් පිට කිරීම මෙම කුමන්ත්‍රණයේ වෙනත් අරමුණක පියවරක් විය හැකිය.
රෞද්‍ර පුද්ගලයා හා පොලිස් පරීක්ෂකවරයා ‍රැ‍ඳෙවියන් හා සිරකරුවන්ව වාට්‍ටුවලින් එළියට ඇද වෙඩි තබා ඝාතනය කරන අවස්ථාවේ, බන්ධනාගාර කොමසාරීවරයා හා බන්ධනාගාර අධිකාරී වරයා බන්ධනාගාර භූමියේ ‍රැඳී සිටි බව සිරකරුවෝ කියති. මෙම සිරකරුවන් 15 දෙනා ඝාතනය කෙරුණේ 10 වෙනිදා පාන්දර 4.00න් පසුවය.
ඊට පෙර දින වූ සිදුවීමෙන් සිරකරුවන්27 දෙනෙකු ඝාතනයට ලක්වූ බවත් තවත් සිරකරුව්න් 40 ක් ඇතුළුව සෙබළුන් සමග 59 දෙනෙකුට තුවාක සිදූ බව මාධ්‍ය වාර්ත කර තිබිණි. නමුත් සිරකරුවන් විසින් පවසනුයේ එස්ටී එෆ් සෙබළුන් හා කොමාන්ඩෝ සෙබළුන් විසින් ඝාතනයට ලක් කළ සංඛ්‍යාව 40 ක් පමණ වන බවය. මෙම මෘත දේහයන්ගෙන් 16 ක් ජාතික රෝහල් මෘත ශරීරාගාරයට ‍රැගෙන ගෝස් තිබූ බවත් 11ක් පොලිස් මෘත ශරීරාගාරයට ගෙන ගොස් තිබුණි. නමුත් සමහර සිරකරුවන්ගේ මෘත ශරීර කොමන්ඩෝ සෙබළු විසින් ‍රැගෙන ගිය නමුත් ඒ කොහාටද යන්න දැන ගැනීමට නැතැයි සිරකරුවෝ පවසති. එම සිරකරුවන් ගැන තොරතුරු සොයාගෙන එන ඔවුන්ගේ ඥාතීන්ට වැලිකඩ බන්ධනාගාර නිළධාරීනට කීමට සිදුවී ඇත්තේ ඔවුන්ව වෙනත් බන්ධනාගාර වලට මාරු කර යැවු බව කියා ඔවුන්ව ආපසු හරවා යැවීමටය. . එහෙත් මේ වෙනත් බන්ධනාගාරය ඇත්තේ කොහේදැයි ඥාතීනට පැවැසීමට එම නිළධාරීන් දන්නේ නැතයි සිරකරුවෝ වැඩිදුරටත් පවසති.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
උතුරේ දෙමළ ජනතාවට එරෙහිව දකුණේ සිංහල පාලකයින් ගෙනගිය වාර්ගික වෙනස්කම් හා වාර්ගික ප්‍රොකෝපකිරීම් වලට එරෙහිව සන්නද්ධව නැගී සිටි උතුරේ දෙමළ ජනතාව 2008 මැයි 18
wali5.jpg
වෙනිදා තිරශ්චීන ලෙස මර්දනය කිරීමෙන් පසුව,ලෝකයේ බිහිසුණුම ත්‍රස්ත සංවිධානය තමන් විසින් පරාජයට පත් කළා යැයි කිව් රාජපක්ෂ පාලනය, ඉන් පසුව දකුණේ ජනතාව කෙරෙහි බල පැවැත්වූයේද මිලිටරි පන්නයේ පාලනයකි. එහි එක් කූටප්ප්‍රාප්තියක් ලෙස වැලිකඩ මිනිස් සංහාරය හැඳින්විය හැක. එම යුද්ධයෙන් පසුව රාජපක්ෂ ආණ්ඩුව දකුණේ සමාජය වෙත එල්ල කළ දරුණුම ප්‍රහාරය මේ සමූහ මිනිස් ඝාතනයයි

මෙම සිරකරුවන්ගේ හා රිමාන්ඩ් ‍රැදෙවියන්ගේ ඝාතන වලට රාජපක්ෂ පවුලේ ආණ්ඩුව පැහැදිලිවම වගකිව යුතුය. එම වගකීමෙන් ගැලැවීමට රාජපක්ෂවරුන්ට පුළුවන් කමක් නැත. මන්ද ඔවුන් රඳවා සිටියේ රජයේ ආරක්ෂාව යටතේය. මෙම සිරකරුවන් හා ‍රැ‍ඳෙවියන් බහුතරයක් සිරමැදිරිවලින් එලියට ගෙන අත් බැඳ හෝ මාංචු දම පෝලිම් ගස්සවා වෙඩි තබා ඝාතනය කර ඇත. මෙය හදිසි අවස්තාවක වූවක් නොවේ. කලින් වූ ගැ‍ටුම මේ ඝාතනයන් සිදු කිරීම සඳහා සෙබළු ලවා කෘතිමව ඇති කරන ලද්දකි. මෙම ම්ලේච්ඡ සමූහ මිනිස් ඝාතනය සැලකිය හැක්කේ යුධ අපරාධ ගනයෙහිලාය. උතුරේ යුද්ධයේ අවසන් දින කිහිපයේදී යුද්ධයට වගකිව යුතු නැති අහිංසක සිවිල් පුරවැසියන් 40,000ක් පමණ ඝාතනය කිරීමට ආරක්ෂක හමුදාවන් කටයුතු කළ බවට සාක්ෂි සහිතවම මේ වන විට චොදනා එල්ල වී තිබේ. ආණ්ඩුවේ පිළිගැනීම අටදහස් ගනනින් හෝ කියැවුනද අටදහස් ගනනක් යනුද අහිංසක මිනිස් ජීවිතයන්ය.
නන්දිකඩාල් කලපුවෙන් නික්ම ගිය ආරක්ෂක හමුදාවන් ඉන් පසුව සිදුකළ කෲරතම සමූහ මිනිස් ඝාතනය වැලිකඩ මිනිස් සංහාරයයි. මේ අපරාධය ඇසින් දු‍ටු සිරකරුවන් විස්තර කරද්දී මතකයට නැංවෙන්නේ chanal 4 වාර්ථා චිත්‍රපටයේ රූපරාමුය.
උතුරේ දෙමල සිවිල් ජනතාව සමූහ වශයෙන් ඝාතනයට ලක්වෙද්දී උන් කොටි උන් ත්‍රස්තවාදීන් කියා ඒ ඝාතන අනුමත කළා පමණක් නොව ප්‍රීති ඝෝෂා පැවැත්වමින් කිරිබත් ගිල දැමීමට ද අපි කටයුතු කළ ඇත්තෙමු. ජන සංහරක හමුදාවන් රණ විරුවන් ලෙස උත්කර්ෂයට නැංවූහ. දෛවයේ සරදමකට මෙන් වැලිකඩදී ඝාතනයට හා තුවාල වලට ගොදුරු වූවන් ද මෙම පාපකර්මයට එකතු වූවන් වේ.
කෙසේ නමුත් සිරගෙවල් වල අද දඩුවම් විදින්නන් කිසිවකුත් අපරාධකරුවන් ලෙස උපන්නෝ නොවෙති. ආර්ථික අග හිඟතා මෙන්ම සමාජ ක්‍රමයේ අසාධාරණ කම්වලට ලක් වී ඊට එරෙහිව සමාජ සම්මුතීන් කඩා දැමීමට කටයුතු කරන්නට පෙළඹීමේ වරදට මොවුන් දඩුවම් විඳිති. එම දඩුවම් මරණීය දන්ඩනයෙන් හෝ ඉන් මෙහා තැනකින් තීන්දු කිරීමත් සමාජ සම්මුතියක් අනුව තීන්දු වුවා මිසක සර්ව බලධාරියෙකුගේ හිතුවක්කාර තීන්දු තීරණ නොවේ. එහෙත් වැලිකඩදී සිදු වූයේ ඒ සමාජ සම්මුතිය කම්මුතු කොට තමා සර්ව බලධාරියෙකු යැයි සිතා සිටින මුග්ධයෙකුගේ හිතුවක්කාරී තීන්දුවක් ප්‍රකාශයට පත් වීමකි. සෙබළුන් ක්‍රියාත්මක වූයේ ඊට අනුවය.
ආණ්ඩුවේ මැති ඇමැටිවරුන් හා පොලිසිය කියන දේ පමනක් පිටපත් කරන ලංකවේ අති බහුතරයක් මාධවේදීන් නම් රිපෝටර්ලා ගේ වාර්තා අනුව මේ සියළූම සිරකරුවන් මියගොස් ඇත්තේ සෙබළුන් හා වූ වෙඩි හුවමාරුවේදීය. එමෙන්ම මේ මියගිය වුන් මාරදැමිය යුතු තරමේ අතිශය දරුණු අපරාධ කරුවන්ය. කෙසේ නමුත අප විසින් මේ හෙළි කරණ සත්‍ය හෙළිදරව් කිරීම නිසා අප පසු පසද මේ රාජපක්ෂ ආණ්ඩුවේ ගහලයෝ පැමිණීමට ඉඩ ඇත. නමුත් එයින් පලක් වන්නේ නැත. මන්ද සත්‍ය දැන් හෙළිදරව් වී හමාරය. අප යොජනා කරන්නේ මේ සමූහ මිනිස් ඝාතනය ගැන වහාම පරීක්ෂණයක් පවත්වා අප හෙළිදරව් කළ දේ බොරු කරන කරන ලෙසය.
මෙම ඝාතනයට ලක්වූවන් ගැ‍ටුමකදී මිය ගියාද නැතිනම් බිම දණ ගස්සවා පෝලිම් කර වෙඩි තබා මරාදැමුවද යන්න නිගමනය කිරීම අධිකරණ වෛද නිලදාරියෙකුට පහසු කරණාවකි. නමුත් මේ මරණ සම්බන්ධයෙන් එවැනි පරීක්ෂණ කිසිවක් සිදුවී නැත. මේ වන විට මේ ඝාතනයට ලක්වූයේ මරදැමිය යුතු ගනයේ අපරාධකරුවන් යැයි කියමින් මෙම සිදුවීම සමාජයෙන් අමතක කිරීමටද අණ්ඩුව සමත් වී සිටිති. අවාසනාවකට විපක්ෂ දේශපාලන පක්ෂද ඒ මතයම පිළි ගනිමින් ඒ අමතක කොට ඇත.
හොරාගේ අම්මාගෙන් පේනයක් අසා මේ ඝාතන සිද්ධිය ගැන නිගමනයකට එළඹීම තමන්ගේ ශරීර සෞඛ්‍යට හිතකර යැයි සිතූ ආණ්ඩුව මෙහි පරීකෂණ කටයුතු බාරදී ඇත්තේ රහස් පොලීසියටය.
ඒ වගත් එසේම යැයි කියා මේ කතාව දැන් අහවර කළ හැකිය. එහෙත් අවසන් වශයෙන් තව එක් කාරණයක් මතක් කළ යුතුය .
walikada-8.jpg
1983 දී මෙම බන්ධනාගාරයේදීම 35 වසරක් ජනඝාතක යුද්ධයට පදනමක් දැමු තවත් ඛේදවාචකයක් සිදු විය. ඒ බන්ධනගාර නිලධාරීන්ගේ සහය ඇතිව සිංහල වර්ගවාදී සිරකරුවන් පිරිසක් ලවා මෙම පරිශ්‍රය තුළදී දෙමළ දේශපාලන සිර කරුවන් 53 දෙනෙකු කපා කොටා මරා දැමීමය. එහිදී සිය අවසන් හුස්ම පොද තමන් හැර යන්නට පෙර අදටත් දෙමළ ජනතාවගේ සදාතනික විරුවකුව ජීවත්වන 'කුට්‍ටුමනී' සුවිශේෂ ප්‍රකාශයක් කළේය.
ඒ කෙටියෙන් සටහන් කරන්නේනම් "අද දෙමළාට එල්ල වූ මේ ප්‍රහාර ඉතා ඉක්මනින්ම සිංහලයාටත් එල්ල වන බව මතක තියා ගනිල්ලා " යනුවෙනි. ඔහු පවැසුවේ සිංහලයාට එරෙහිව වන දෙමළ යුද්ධයක් ගැන නොවේ. ඔහු එවැන්නක් ප්‍රර්ථනා කළ අයෙකු නොවේ. ඔහු අවධාරණය කලේ මේ මේ ජරාජීර්ණ පාලන තන්ත්‍රය විසින් හෙට දිනයේදී ජාතියක් ජන්මයක් නොතකා උන්ගේ පැවැත්ම වෙනුවෙන් අනෙකා විනාශ කරන බවය. අද සැබැවින්ම අප අත් විදිමින් සිටින්නේ ඒ සත්‍යය.