බදාදා අග භාගයේ මවක සහ ඇගේ දරුවන් හතර දෙනෙකු ඇතුළු හය දෙනෙකු සමූහ වශයෙන් ඝාතනය කිරීමේ වින්දිතයින්ගේ පවුල්වලට උපකාර කිරීම සඳහා කැනඩාවේ බෞද්ධ සම්මේලනය සිකුරාදා දියත් කරන ලද මාර්ගගත Go fund me අරමුදල් රැස් කිරීමේ වැඩසටහනේ අරමුණ වූයේ ඩොලර් 200,000 රැස්කරලීමයි.
ඉරිදා දහවල් වන විට අරමුදල ඩොලර් 130000 ඉක්මවා ඇති අතර එය ශ්‍රී ලංකා රුපියල් වලින් කෝටි 3 ක් පමණ අගයකි.
මෙම අරමුදලට කැනඩාවේ ශ්‍රී ලාංකිකයින්ද විශාල වශයෙන් මුදල් ලබාදී ඇති අතර ඩොලර් 25 සිට 1000 තෙක් අගයන්ගෙන් 1500 කට වැඩි පිරිසක් මුදල් බැරකර ඇත.
විපතට පත් වූවන්ගේ පවුල් සඳහා මූල්‍ය ආධාර ප්‍රාදේශීය බෞද්ධ විහාරස්ථානය (කැනඩාවේ බෞද්ධ සම්මේලනය, 1481 Heron Rd., Ottawa, ON K1V 6A6) හරහා සම්බන්ධීකරණය කරනු ලැබේ.
අරමුදල් රැස්කිරීමේ දැන්වීම පවසන්නේ, මරණ පරීක්ෂණ අවසන් කර වින්දිතයින්ගේ සිරුරු නිදහස් කළ පසු, "අවමංගල්‍ය කටයුතු සිදු කරන බවත් එහි තොරතුරු එහි යාවත්කාලීන කරන බවත්ය."
අරමුදලට අදාළ යොමුව
https://www.gofundme.com/f/an-unthinkable-tragedy-at-ottawa-mar-7
කැනඩාවේ ඔටාවා නුවර Barrhaven හි නිවසක බදාදා රාත්‍රියේ ඝාතනයට ලක්වූ හය දෙනා සිහිකිරීම සඳහා Palmadeo උද්‍යානයේ සෙනසුරාදා උපහාරයක් පැවැත්විණි.
ඝාතනයට ලක්ව ඇත්තේ දර්ශනී දිලන්තිකා ඒකනායක (35) සහ ඇගේ දරුවන් සිව්දෙනාය: ඉනුකා වික්‍රමසිංහ, 7; අශ්විනි වික්‍රමසිංහ, 4; රංයන වික්‍රමසිංහ, 3; සහ මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහ; එම නිවසේ පදිංචිව සිටි ඔවුන්ගේ පවුලේ හිතවතා වන 40 හැවිරිදි ගාමිණී අමරකෝන් ද විය.
දරුවන්ගේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා පස්වරුව වන විට බරපතල නමුත් ස්ථාවර තත්ත්වයෙන් රෝහල්ගතව සිටියේය.
19 හැවිරිදි ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු වන ෆෙබ්‍රියෝ ද සොයිසා අත්අඩංගුවට ගත් අතර ඔහුට පළමු මට්ටමේ මිනීමැරුම් හයක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.
ඔටාවා තදාසන්න ප්‍රදේශයක පදිංචිකරුවන් සහ ප්‍රාදේශීය ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින් සමූහ පිහි ඇනුමකින් මියගිය හයදෙනාට උපහාරයක් ලෙස මල් සහ සෙල්ලම් බඩු දුසිම් ගණනක් තබා උපහාරයක් පැවැත්වූහ.
ඔටාවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ්, පොලිස් ප්‍රධානී එරික් ස්ටබ්ස් සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මල් සහ යාඥාවන් ඉදිරිපත් කිරීම ඇතුළත් ශෝකී රැස්වීමට සහභාගී වූහ.
ප්‍රජා සාමාජිකයින් මල්, සෙල්ලම් බඩු සහ ඉටිපන්දම් ගැසෙබෝ එකක් යට තබා ගිය අතර එහිදී බැලූන් හයක් වාතයේ පියාසර කළ අතර වින්දිතයින්ගේ නම් කැටයම් කර ඇත.