මියන්මාර් අනාථයෝ අපටම ඇණයක්‌ වෙයිද?

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මියන්මාර් අනාථයෝ අපටම ඇණයක්‌ වෙයිද?

    සමන් ගමගේ
    http://www.divaina.com/2013/02/24/feature08.html

    mianmaar.jpg



    ශ්‍රී ලංකාව රටක්‌ වශයෙන් මුලින්ම සංක්‍රමණිකයන් පිළිබඳ ගැටලුවකට මැදිවීමේ ඉතිහාස කතාව මීට දශක හයක්‌ තරම් අතීතයට දිව යන්නකි. ඒ කතාව වූ කලී කුමක්‌ද?

    සුදු අධිරාජ්‍යවාදීන් මෙරට පාලනය ගෙන යන කල්හි ඔවුන්ට අයත්ව තිබූ මධ්‍ය කඳුකරයේ තේ වතුවල සේවය කිරීම සඳහා කම්කරුවන් බුරුතු පිටින් ගෙන එනු ලැබුවේ දකුණු ඉන්දියාවෙනි. එසේ තීබියදී 1948 ශ්‍රී ලංකාවට නිදහස (නාමික) හිමිවී කෙටි කලක්‌ තුළ මෙකී වතු කම්කරුවන්ගේ පුරවැසිභාවය පිළිබඳ බරපතල ගැටලුවක්‌ ඉස්‌මතු වූවේය.

    එකී ගැටලුවට ප්‍රධානම සාධකයක්‌ වී තිබුණේ ශ්‍රම සූරාකෑම හමුවේ සුද්දන් නැව් පිටින් ගෙන ආ දකුණු ඉන්දීය කම්කරුවන් සේම ඔවුන්ට දාව ඒ වන විටත් ශ්‍රී ලංකාවේ උපන් පරපුරක්‌ද බිහිවී සිටීම විය. එකල මොවුන්ට උප්පැන්න සහතිකයක්‌ ආදී වශයෙන් සිය පුරවැසිභාවය පිළිබඳ අනන්‍යතාව ප්‍රකාශ කිරීමට කිසිත්ම නොවිණි. අතීතයේ මෙරට ජනසමාජය "කල්ලතෝනීන්" ලෙස හඳුන්වන්නට වූයේද යනෙන මං නැතිව උන් මේ මිනිසුන්ය.

    අවසානයේ 1964 දී ඇතිවූ සිරිමා - ශාස්‌ත්‍රි ගිවිසුම ඔස්‌සේ මෙරට මත පැටවුණු ඉන්දීය සම්භවයක්‌ ඇති අමතර ද්‍රවිඩ ප්‍රජාවක බරක්‌ද සමගින් යම්තාක්‌ දුරට එකී ගැටලුව විසඳී ගියේය.

    නමුත් එය එසේ විසඳී ගියද ඒ හමුවේ මෙරට ජාතික සමගියට මෙන්ම ආර්ථික, සමාජීය සහ දේශපාලනික භාවිතාවන්ටද දීර්ඝ කාලීනව එල්ල වූ බලපෑම් රාශියකි. ඉන් කාලයකට පසු ඉස්‌මතු වී අදටත් පවතින දෙමළ ජාතිවාදයේ මූලික පෝෂණීය අවධියක්‌ ලෙසින්ද මෙම තත්ත්වය හඳුන්වා දිය හැක.

    1948 දී අපට නිදහසින් දමා ගසා සුද්දා මෙරටින් පිටව ගියේ මෙවන් වූ අර්බුද රැසක්‌ අප හමුවේ ඉතිරි කරමිනි. එකී අර්බුද හමුවේ සමස්‌ත ශ්‍රී ලාංකික සමාජයම උඩුයටිකුරු වෙද්දී ජාතියක්‌ වශයෙන් අප උගත් පාඩම් රැසක්‌ද වේ.

    නමුත් එකී අතීත පාඩම් එසේ වෙද්දී මේ වන විට රට හමුවේ තවත් නවතම අර්බුදයක්‌ මතුවී නොතිබේද? දැන් තවත් කතාවක අලුත් පිටුවක්‌ අප ඉදිරියේ පෙරළී ඇත්තේය. ඒ කෙසේද? එම කතාව ඇරඹෙන්නේ මෙසේය.

    දකුණේ කුඩාවැල්ල ප්‍රදේශයෙන් මුහුදු ගොස්‌ පැමිණෙමින් සිටි ධීවරයන් පිරිසක්‌ ලබා දෙන තොරතුරකට අනුව ඉකුත් හත්වැනිදා (බ්‍රහස්‌පතින්දා) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාගර නෞකාව ඈත දියඹේ සිදු කෙරෙන තවත් මානුෂීය මෙහෙයුමක්‌ සඳහා පිටත්ව යන්නේය.

    නෞකාවේ සිටි නාවිකයන්ගේ ඉලක්‌කය වූයේ ගාල්ල සිට මුහුදු සැතපුම් 360 ක්‌ පමණ දුර නැගෙනහිර දෙසින් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේ අතරමංව ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින විදේශිකයන් පිරිසකගේ දිවි බේරා ගැනීම විය.

    මෙසේ පිටත්ව ගිය නාවිකයෝ තවත් දෙදිනක්‌ පමණ ගත වෙද්දී තමන් සොයා ආ ඉලක්‌කය වෙත ළඟා වූහ. එහිදී ඔවුන් සියලු දෙනාම දුටුවේ දැස්‌ අදහාගත නොහැකි අනුවේදනීය දසුනකි.

    මරණ බියෙන් හෙම්බත් වූ මිනිසුන් පිරිසක්‌ මුහුදේ පාවෙන ලෑලිවලින් තැනූ අබලන් මුහුදු යාත්‍රාවක තට්‌ටුව මත මැරුණාක්‌ මෙන් වැතිර සිටියහ. මේ දසුන දැකීමත් සමග සැණෙකින් ක්‍රියාත්මක වූ සාගර නෞකාවේ නාවිකයෝ වහා එහි වූ බෝට්‌ටුවක්‌ පහතට දමා මිනිසුන් වැතිර සිටි යාත්‍රාවට සමීප වී දැඩි පරිශ්‍රමයක්‌ දරා ඔවුන් එකිනෙකා නෞකාව වෙත ගන්නට වූහ.

    මෙසේ නෞකාව වෙත රැගෙන ආ පිරිස ගණනින් 32 දෙනකු වූහ. ඒ වන විටත් ඉන් හයදෙනකුම සිටියේ මරණය පෙනි පෙනීවූහ. මේ පිරිසේ උන් අවසන් මිනිසා නෞකාව වෙත රැගෙන එත්ම එතෙක්‌ ඔවුන් වැතිර සිටි අබලන් යාත්‍රව මහුදු පතුලේ සැඟව ගියේ නාවිකයන් බලා සිටියදීමය.

    මෙලෙස මෙම පිරිස සාගර නෞකාව වෙත රැගෙන ඒමත් සමග එහි සිටි වෛද්‍යවරයා මේ මිනිසුනට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ඇරඹුවේ දැඩි කඩිසර බවකිනි. මෙහිදී නෞකාවේ සිටි සියලු නාවිකයන්ගේ එකම අරමුණ වී තිබුණේ මේ මිනිසුන් අතරින් තවත් එකෙකුවත් මියෑදෙන්නට නොදී රැකබලා ගැනීමය. ලාංකිකයන් සතු මානුෂීය බවම එකී අරමුණ තුළ උපරිමයෙන් කැටිව තිබිණ.

    මෙසේ මුහුදේ අතරමංව සිටි පිරිස බේරා ගත්a සාගර නෞකාවේ නාවිකයන් අවසානයේ තවත් දෙදිනක පමණ මුහුදු ගමනකින් පසු මහ මුහුදේ අසරණව මරණය සමග සටන් වදිමින් සිටි මේ මිනිසුන්ව ගාල්ල වරාය වෙත රැගෙන ආවේ රෝහල්ගත කර අවශ්‍ය වැඩිදුර ප්‍රතිකාර ලබාදීමේ පසුබිමද මගදීම සකසමිනි.

    නමුත් මේ කතාවේ නියම ගැටලුව මතු වන්නේ මෙතැන් පටන්ය. ඒ කෙසේද? නාවික හමුදාව මගින් බේරාගත් මේ මිනිසුන් කිසිවෙකුත් ශ්‍රී ලංකාවේ භාවිත වන සිංහල, ඉංගී්‍රසි සහ දමිළ ඇතුළු අන් කිසිදු භාෂාවක්‌ දැන නොසිටියේය. මෙහිදී ඔවුන් කුමන රටක සිට මුහුදු ගමන ඇරඹුවේදැයි නාවිකයන් දැන ගත්තේ ලෝකයේ විවිධ රටවල ජාතික කොඩි පෙන්වා කෙරුණු හඳුනාගැනීමකිනි.

    මෙම පිරිස මියන්මාර (බුරුම) ජාතිකයන් කණ්‌ඩායමක්‌ බව එකී හඳුනා ගැනීමේදී අනාවරණය වී තිබිණ. පසුව මියන්මාර බස දන්නා භික්‍ෂූන් වහන්සේ නමක්‌ කැඳවා මේ මිනිසුන්ගේ කතාව අසා දැනගැනීමට නාවික හමුදා නිලධාරින් මෙන්ම ඒ වන විටත් මේ පිළිබඳ පරීක්‍ෂණ අරඹා තිබූ ගාල්ල වරාය පොලිසියේ නිලධාරිහු පියවර ගත්හ.

    "අපි මියන්මාරයේ ඉඳන් ආවේ මැලේසියාවට යන්න. මේ ගමනට එක්‌ අයකුගෙන් මියන්මාර මුදලින් පනස්‌ දාහත් හැත්තෑපන්දාහත් අතර මුදලක්‌ අය කරා. අපේ බෝට්‌ටුවේ 138 දෙනෙක්‌ හිටියා. මගදී බෝට්‌ටුව කැඩිලා අපේ කෑමත් ඉවරා වෙලා හිටිය කට්‌ටිය අතරින් 98 දෙනෙක්‌ හාමතේ මියගිහින් මුහුදට දැම්මා.."

    භික්‍ෂූන් වහන්සේ පැමිණ කළ විමසීමේදී මෙම පිරිස කීවේ එවන් කතාවකි. ඒ කතාවෙන් හෙළි වූයේ මොවුන් මියන්මාර ජාතිකයන් වන බවකි. කෙසේ වෙතත් පසුව මෙම පිරිස ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කිරීමෙන් පසු කොළඹ මිරිහානේ පිහිටි සංක්‍රමණික කඳවුර වෙත යවා රඳවා තැබීමට රජය පියවර ගත්තේය.

    එසේ කරනු ලැබුවේ මොවුන් මෙරට ආගමන විගමන නීති සහ මුහුදු සීමා උල්ලංඝණය කිරීමක්‌ සිදු කර නොමැති බැවින් නෛතික වශයෙන් ක්‍රියාමාර්ග ගත නොහැකි වූ හෙයිනිs. නමුත් මෙම පිරිස එසේ සංක්‍රමණික කඳවුර වෙත යෑවීමෙන් පසු ඔවුන් පිළිබඳ ඉදිරි පියවර ගෙන ඒ මිනිසුන් පැමිණි ගම්බිම් වෙත යෑවීම සඳහා මෙරට සිටින මියන්මාර තානාපතිවරයා දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරින් පසුව කටයුතු කළේය.

    එහෙත් රජයේ පාර්ශ්වයෙන් එසේ තානාපතිවරයා දැනුවත් කළද මේ දක්‌වා සිදුව ඇත්තේ කුමක්‌ද? "මට ඇති බලතල අනුව උපරිම පියවර ගනිමින් මොවුන් පිළිබඳ මියන්මාර තානාපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළා. ඒත් මේ දක්‌වාම මියන්මාර තානාපති කාර්යාලයෙන් එයට පිළිතුරක්‌ ලැබී නැහැ."

    මෙම මිනිසුන් පිරිස පිළිබඳ අද මියන්මාර තානාපති කාර්යාලයෙන් ලැබෙමින් තිබෙන ප්‍රතිචාරය පිළිබඳ අපට එසේ පැහැදිලි කළේ මෙරට ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතාය.

    පැහැදිලිවම දැන් මියන්මාර රජය පවසන්නේ මෙම සංක්‍රමණිකයන් පිරිස තමන්ගේ රටේ පුරවැසියන් පිරිසක්‌ නොවන බවකි. මියන්මාර තානාපතිවරයා මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයට දන්වා තිබෙන්නේ එවැන්නකි.

    එසේ නම් මොවුන් මුහුදේ අතරමං වූයේ කොහේ සිට පැමිණෙන අතරවාරයේද? මියන්මාරය අද මෙම පිරිස තමන්ගේ පුරවැසියන් නොවන බවට එක හෙළා කියනුයේ කුමන පදනමක සිටිමින්ද? ජාත්‍යන්තරය පිළිබඳ විමර්ශනාත්මකව බැලීමේදී ඒ පිළිබඳවද ඇත්තේ අපූරු කතාන්දරයකි.

    මියන්මාරය සහ බංග්ලාදේශය යනු භූගෝලීය පිහිටීම අනුව එකම දේශසීමාවකින් බෙදී වෙන්ව පවතින රාජ්‍යයන් දෙකකි. කාලාන්තරයක සිට බංග්ලාදේශයේ පවතින අර්බුදකාරි වාතාවරණය හමුවේ එහි වෙසෙන පිරිස්‌ මියන්මාරය දෙසට පලායැම නිරන්තරයෙන් සිදු විය. මෙසේ පලා යන බංග්ලාදේශ වැසියන් මියන්මාරයට ඇතුළු වීමෙන් පසු සිය වාසභූමිය කර ගනු ලැබුවේ දේශසීමාව ආසන්නයේ ඇති මියන්මාරයට අයත් රකාර් ප්‍රදේශයය.

    දීර්ඝ කාලයක සිට එසේ මියන්මාරයට පැමිණි බංග්ලාදේශ වැසියන් අදටත් මියන්මාර රකාර් ප්‍රදේශයේ වෙසෙන්නේය. එහෙත් මේ මිනිසුන් තම රටේ සීමාවේ විසුවද මියන්මාරය ඔවුන් සම්බන්ධයෙන් කිසිදු පියවරක්‌ නොගත්තේය. ඔවුහු මියන්මාරයේම විසූහ.

    අද මියන්මාර රජය ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් දිවි ගලවා ගත් මියන්මාර බස කතා කරන මේ මිනිසුන් පිරිස තමන්ගේ රටේ පුරවැසියන් නොවන බවට තාර්කිකව සඳහන් කරනුයේ මේ පදනමේ සිට බව දැන් අනාවරණය වී ඇත.

    ඒ අනුව දැන් මේ සියල්ලෙන් ඇඟවෙමින් තිබෙන්නේ නාවික හමුදාව බේරා ගත් මෙකී මිනිසුන් පිරිස රටක්‌ රාජ්‍යයක්‌ නොමැති කල්ලතෝනින් පිරිසක්‌ යන්නය. එහෙත් අප සතු මානුෂීය බව පෙරමුණේ තබා මෙකී මිනිසුන්ගේ ජීවිත බේරා ගත්තද දෙරටක පැවැති සංක්‍රමණික ගැටලුවක්‌ හමුවේ අද ශ්‍රී ලංකාව මහුණ දී සිටින මේ ප්‍රශ්නය අපට අදාළ වන්නක්‌ද?

    කිසිසේත්ම එය අපට අදාළ නොවන්නේය. එහෙත් ගැටලුව ඇත්තේ එකී අදාළ නොවීම ජාත්‍යන්තරය හමුවේ ගෙනහැර පෑමට මේ දක්‌වාම ශ්‍රී ලංකා රජය නිසි පියවර නොගැනීමය. ඒ හමුවේ මේ මොහොත වනතුරුත් සිදු වෙමින් තිබෙන්නේ රට බරපතල අනාගත අවදානමකට තල්ලුවීමේ තත්ත්වයක්‌ නිර්මාණය වීමය. ඒ බව රජයේ බලධාරින් අවබෝධ කර ගත යුතුය.

    දැන් මෙම සිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකා රජය හමුවේ මතුවී ඇති ගැටලු කිහිපයකි. ඉන් ප්‍රබලම ගැටලු දෙක වන්නේ මෙකී මිනිසුන් යළිත් ඔවුන් සිටි රටට පිටත් කර යවන්නේ කෙසේද යන්න සහ එසේ කිරීමට නොහැකි වුවහොත් සරණාගතයන් සේ සලකා මොවුන්ට මෙරට රැකවරණය ලබා දෙන්නේද යන කරුණු දෙකය.

    නමුත් මෙහිදී මුහුදේ පාවී ආ විජාතිකයන් පිරිසකට මෙරට රැකවරණ දෙන තැන දක්‌වා අප ගමන් කිරීම යනු කිසිසේත්ම ශ්‍රී ලංකාවට ඔරෝත්තු නොදෙන්නකි. පැහැදිලිවම එය ඉල්ලාගෙන කෑමක්‌ බව අමුතුවෙන් කිවයුතු නොවේ. එවන් තත්ත්වයක්‌ නිර්මාණය වීමට කෙසේවත් ඉඩක්‌ නොතැබීම වත්මන් රජයේ වගකීමකි.

    එසේ නම් ස්‌ථිර වශයෙන්ම අප ගමන් කළ යුත්තේ රටක්‌ නැති බව කියන මේ මිනිසුන් යළිත් ඔවුන් සිටි තැනටම පිටත් කර හැරීමේ වැඩපිළිවෙළ වෙත බව අමුතුවෙන් කිව යුතුද නොවේ. එහිදී රජය කටයුතු කළ යුත්තේ කෙසේද?

    එම කාර්යයේදී රජයට ගත හැකි පියවර කිහිපයක්‌ම ඇත්තේය. තමන් මියන්මාරයේ සිට පැමිණි බව කියා සිටින්නේ මේ මිනිසුන්මය. එම තත්ත්වය හමුවේ රාජ්‍ය තාන්ත්‍රික මට්‌ටමින් මියන්මාරයත් අපත් අතර පවතින තානාපති කොන්දේසි මත පිහිටා ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිවරයා විදේශ අමාත්‍යංශයට කැඳවමින් මුලින්ම ඔහුගේ සහාය ඉල්ලා මෙකී මිනිසුන් පිරිස කිනම් රටකට අයත් දැයි නිශ්චිතව හඳුනාගැනීමක්‌ කර ඒ ඔස්‌සේ ඉදිරි පියවර ගැනීමේ හැකියාම රජයට තිබෙන්නේය.

    එහෙත් එකී අවස්‌ථාව වෙත රජය මෙතෙක්‌ ගමන් කළේද යන්න මේ වන විටත් අනාවරණය වී නොතිබෙන්නකි. මෙහිදීත් මියන්මාර තානාපතිවරයා සිය සහාය ලබා නොදෙන්නේ නම් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලය සම්බන්ධයෙන් රටක්‌ වශයෙන් අපට කළ හැකි අමතර ක්‍රියා රැසක්‌ද වේ. ඒවා මොනවාද යන්න මෙරට දූත මණ්‌ඩල සේවා නිලධාරිහු හොඳින් දනිති.

    කෙසේ හෝ ඒ අයුරින් මියන්මාර තානාපති නිලධාරින්ගේ සහාය අපට නොලැබෙන කල්හි රජයට ගතහැකි තවත් පියවරක්‌ද තිබේ. ඒ ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ සංවිධානයේ සහායද ලබා ගනිමින් අදාළ පිරිසේ ප්‍රකාශ මත පිහිටා ඔවුන් පැමිණි රාජ්‍යය පිළිබඳ තොරතුරු ගෙන මියන්මාරයේ ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා කරන සොයා බැලීමක්‌ තුළින් එම තොරතුරු මියන්මාර රජයට තහවුරු කර මේ පිරිස යළි පිටත් කර හැරීමට කටයුතු කිරීම වේ.

    නමුත් මතුවී තිබෙන මෙම බරලතළ ගැටලුව සම්බන්ධයෙන් අද රජයේ පාර්ශ්වයෙන් මොන කතා කියෑවුණත් ඉහත කී කාර්යයද මේ දක්‌වා සිදු කර තිබේද යන්න ප්‍රශ්නයකි. රජයේ එකී බැරිබැරියාව එසේ වෙද්දී මේ වන විට ඉහත කී සංක්‍රමණිකයන් නිසා රටක්‌ වශයෙන් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව තිබෙන තත්ත්වය පිළිබඳ විදේශ අමාත්‍යංශය අභයන්තරයෙන් කියෑවෙමින් තිබෙන්නේ කුමක්‌ද?

    නාවික හමුදාව බේරා ගත් මේ පිරිස පැහැදිලිවම මියන්මාරයේ සිට වෙනත් රටකට සංක්‍රමණය වන්නට උත්සාහ දැරූ සංක්‍රමණිකයන් පිරිසකි. ඒ බව ඔවුන්ගේ ප්‍රකාශ මගින්ම තහවුරු වී තිබේ. එහෙත් මේ වන විට එක්‌සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමිසම මෙකී සංක්‍රමණිකයන්ට සරණාගත ලේබලය ඇලවීමේ සුදානමක්‌ බවතින බව විදේශ අමාත්‍යංශය අභ්‍යන්තරයෙන් කියෑවෙමින් තිබේ.

    එහි මූලික පියවරක්‌ ලෙසින් එක්‌සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමිසමේ කොළඹ කාර්යාල නිලධාරින් මෙම සංක්‍රමණිකයන් පිරිස හමුවීමට අවශ්‍ය බව දැනටමත්a රජයට දැනුම් දී තිබෙන බවද අද අනාවරණය වන්නකි. එක්‌සත් ජාතීන්ගේ එකී උත්සාහය හමුවේ යම් ලෙසකින් එක්‌සත් ජාතීන් විසින් මෙම සංක්‍රමණික පිරිසට සරණාගත ලේබලය ඇලවුවහොත් එම සංවිධානයේ සාමජික රටක්‌ ලෙසින් මේ මිනිසුන් පිළිබඳ පැහැදිලි වගකීමක්‌ දැරීමට ශ්‍රී ලංකාවට සිදු වන්නේය.

    රජයේ බලධරයනි එවන් තත්ත්වයක්‌ නිර්මාණය වුවහොත් අපි කුමක්‌ කරමුද? ඊටත් එහා යන කතාව වන්නේ මෙකී මිනිසුන් පිරිසට සරණාගත ලේබලය යටතේ රැකවරණ දීමට සිදුවීම හමුවේ ඉදිරියේදී යම් ලෙසකින් අර්බුදකාරී ආසියාතික රටවල සිටින ජනතාව මහුදු මාර්ග ඔස්‌සේ ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීමේ අවදානමක්‌ද ඉස්‌මතු වීමය.

    ශ්‍රී ලංකාව යනු දැන් දියුණු වෙමින් පවතින සාමකාමි පරිසරයකින් හෙබි රාජ්‍යයකි. ඉදින් එවන් තත්ත්වයක්‌ හමුවේ ඉහත අන්දමේ ක්‍රියාවලියක්‌ සිදු නොවේයෑයි කිසිවෙකුටත් තර්ක කළ නොහැක්‌කේය. එවැන්නක්‌ සිදුවුවහොත් ඇති වෙමින් තිබෙන දියුණුව කෙසේ වෙතත් අනාගතයේ යළිත් මේ බිම අරාජික වීම නම් සිකුරටම සිදුවන්නේය.

    අතීතයේ සිදුවූවාක්‌ මෙන්ම සහ ඉකුත් මානුෂීය මෙහෙයුමත් සමග දැන් සිදු වෙමින් තිබනෙ කුමන්ත්‍රණ අනුවත් ඊනියා ජාත්‍යන්තරයට අවැසිව ඇත්තේ මේ බිම එසේ අරාජික වනු දැකීම බව අමුතුවෙන් කිව යුතු නොවන්නේය.

    එසේ නම් රජයේ බලධරයනි. මේ මොහොතේ අප කළ යුත්තේ කුමක්‌ද? නියපොත්තේ කඩා දැමීමට හැකියාව ඇති ඉහත ගැටලුව අපි පොරොවෙන් කපන තැන දක්‌වා රැගෙන යමුද? එසේ කොට යළිත් ඉල්ලාගෙනම කමුද?

    නැතහොත් රටක්‌ වශයෙන් ගත යුතු නිසි ක්‍රියාමාර්ග වෙත යමින් සියල්ලෝ සැනසෙමුද?
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    api ithin asarana sarana jathiyak ne ban. okunuth waddaganiwi ape muththala denna. ita passe sinharaje kapala dewi idam tika unta inna.:dull::dull:
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නේවි එකේ එවුනුත් අහක යන නයි ටිකක් උස්සගෙන ඇවිල්ලා.. බල්ලට ගැහුවනම් ගූත් ඇදපන් කිව්වලු :sorry::sorry: :dull:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සිංහල වෙසපලුවෝ හරි කැමති වෙයි මුස්ලිම් උන්ගේන් ලැබෙන චන්ද ගොඩ වැඩි වෙනවනේ, විශේෂයෙන් UNP එකයි ම්ය්ත්‍රීයයි, ඉස්සරහට සිංහල උන්ට ආණ්ඩු පත් කරනවා බොරු, සිංහල උන්ගේ පරම සතුරා සිංහල උන්මයි :dull:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අමරිකාවට යන්න බැරිද බන් ඔහොම:nerd:

    තව අවුරුදු දහයකින් විතර සිංහලුන්ට සරණාගතයෝ වෙලා රටින් යන්න පලුවන් හුවක්බර් කියලා හම්බයෝ බෙලි කපන යුද්දේ පටන් ගත්තම.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ කැරි තම්බියො මෙහෙට ගේන්න එපා. බෞද්දයො ගහල එලවන සක්කිලි මෙහේ පුරවගන්න එපා.