*****මියුරු කල්පනා නෙතක දැල්වුනා*****
මියුරු කල්පනා නෙතක දැල්වුනා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා
වරෙක නැලවුනා වරෙක ලතැවුනා
නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා...
හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්....
මියුරු කල්පනා නෙතක දැල්වුනා...
පිණි බිඳකින් මුතු අමුනමි
දිනිසුරු ගෙන් සීතල දෙමි
කඩු තුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්...
මියුරු කල්පනා නෙතක දැල්වුනා...
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා
වරෙක නැලවුනා වරෙක ලතැවුනා
නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා...
හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්....
මියුරු කල්පනා නෙතක දැල්වුනා...
පිණි බිඳකින් මුතු අමුනමි
දිනිසුරු ගෙන් සීතල දෙමි
කඩු තුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්...
මියුරු කල්පනා නෙතක දැල්වුනා...



