~ මියුරු කල්පනා ~

ගීතයක වැඩියෙන් ව

  • අර්ථ රසය

    Votes: 24 68.6%
  • ශබ්ද රසය

    Votes: 17 48.6%

  • Total voters
    35

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Mindada Heesara - මින්දද හී සර

    මින්දද හී සර ‍වැදී සැලෙන හද
    නංවන දුක් ගී ඔබ‍ට ඇසෙනවද
    චන්දන මල් අතුරා ඇති යහනට
    කන්ද කපා පායන් රන් පුන්සඳ

    තුරගෙකු පිට නැගි නීල වලාකුලු
    ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ
    පිබිදෙන දෑසින් බලා හිඳිමි මම
    කුසුම් සිනා කැන් හද පුරවා

    මෙතුවක් කල් මුව මඩල වසා සිටි
    අන්ධකාර සලු පටින් මුදා
    නෙත් මිණි පහනින් පහන් කරනු මැන
    අනාගතේ මං පෙත පාදා


    Artist / Melody : W.D. Amaradewa
    Lyrics: Madawala S. Ratnayake

    Download
     

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    Hanthanata Payana Handa - හන්තානට පායන හඳ

    හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න

    අදුරු ලළා වහිනා කළ සරසවි බිම තෙමෙන්න
    කුඩේ යටින් ඔබ යන කළ එපා තනිය දැනෙන්න

    ළතා මඬුළු අතවනාවී එපා අහක බලන්න
    මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න

    Artist : Amarasiri Pieris

    Download





    BODISATHWAYA, MP3 HOREN DOWNLOAD KARANAWA!
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Maha Wassaka Pera Nimithi - මහ වැස්සක පෙර නිමිති

    මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
    කවුළුව අතරින් හිරිකඩ එනවා
    මල්පැණි වඩියක උණුසුම ලබනට
    යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත
    කබාය ඉරිලා ඊට කමක් නැහැ
    කවුරු බලන්නද කවුරු දකින්නද
    මා දැන් මහළු වියේ//

    පාරට බැස්සම නොවැ සීතල වැඩි තනිකම ඊට වැඩි
    හිරිපොද වැස්සේ එකම කුඩය යට
    තෙරපී තෙරපී අර යුවලක් යන හැඩ
    මමත් ඔහොම ගිය හැටි මතකයි
    මට හොඳ හැටි මතකයි

    මීවිතකින් ගත උණුසුම් වූවට සිත උණුසුම් වේදෝ
    එපා එපා මීවිත මගෙ දෙතොලට
    එපා එපා මීවිත මගෙ දෙතොලට
    ආපසු මගෙ කුටියට යනවා මා ආපසු යනවා

    Artist : W.D. Amaradewa

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Wikasitha Pem - විකසිත පෙම්

    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියාදෙන්
    පති කුලයට අද මට පිටුපා යන
    මගේ සොඳුරු ළඳුනේ

    හිතේ කඳුලු බිඳු රෑ තනි යහනේ
    ඉහ ඉද්දර ඉඳ ඉකි බිඳිනා සඳ
    ආදර සැමරුම ප්‍රේම පුරාණේ
    ඔබට විරහ ගිණි නොදැනේවා

    තනිකම රජයන පාලු විමානේ
    ගොම්මන් කරුවල හඬා වැටෙද්දී
    ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
    මැණික් පහන් වැට දැල්වේවා

    Artist : W. D. Amaradeva

    Download
     
    • Like
    Reactions: Dreams001

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Adawan Dasin - අඩවන් දෑසින්

    අඩවන් දෑසින් පවසනු රහසින්
    ජීවිතයේ රස මේ යැයි විගසින්

    පමා වෙවී ඉඳිනට නැත වේලා
    කාලය ඉගිලී යයි ඉගිලී යයි
    සුපුල් දෙතොල් රතු පැහැයෙන් තවරා
    මීවිත උතුරා යයි උතුරා යයි

    අවුල් දුහුල් වල සිහිල් පහස වැද
    නංවන රංගන නොනවත්වනු මැන
    ඒ ගී හඩ මුලු ජීවිතයම සතු
    රස බර සුළු මොහොතයි සුළු මොහොතයි
    රෑ සිහිනෙන් දිව ගා සැපතක් සේ
    හෙට දින එය මිය යයි මිය යයි

    Lyrics: Mahagama Sekara
    Music: Somadasa Alvitigala
    Singer: Victor Ratnayake

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Ama Dahara Diya - අමා දහර දිය

    අමා දහර දිය ගලා ගලා
    තුරු ලතා තුළින් මල් පියලි සලා
    සිය හඬින් ලොවට සිහ නද පතුරා
    ලෝ සත අතරින් ජනිත වුණා
    සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා
    මැදුම් පිළිවෙතින් අමා සුව ලබා
    දහම් සුවඳ මල් දසතම පතුරා
    සියල්ල කෙලෙස් මැඩ බුදුවූවා
    අමා දහර.....
    ජීවිතයේ ඇති නොනිමි අතිර බව
    ලොවට පැතිරූ කරුණාවේ දම ගැන
    සියළු සතුන් සදහම් රස වේ
    කරුණාබර නෙත නිවී ගියා....

    Artist : Victor Rathnayake

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Daiwayogayakin Nowedo - දෛවයෝගයකින් නොවේදෝ

    දෛවයෝගයකින් නොවේදෝ
    හමුවුණේ අප හමු වුණේ
    දෛවයේ සරදම් ලබන්නට
    කිම මෙසේ අප හමුවුණේ

    ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
    ඇදුරුතුමියයි යෞවනේ
    ශෝකයේ රුදු වේදනාවේ
    කඳුළු සයුරේ උල්පතයි

    නඳුන් උයනයි ස්නේහයේ ඔබ
    සඳුන් සිලිලයි ජීවිතේ
    සොම්නසේ ආනන්දයේ
    හසරැල් තරංගේ උල්පතයි

    Artist : Victor Rathnayaka
    Lyrics : Sunil Ariyarathna

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Me Prathama Wasanthayai - මේ ප්‍රථම වසන්තයයි

    මේ ප්‍රථම වසන්තයයි
    දිවි අරණේ මධු මල් පිපෙනා
    බිඟු රැව් නැගෙනා
    මේ ප්‍රථම වසන්තයයි......

    තරු නැගෙන තුරා නිදිබර අඹරේ
    සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ
    ඔබ සුපුන් සඳක් සේ පායා
    පහන් රැයක් වී ආවේ......

    සිත පවස දරා මිරිඟුව අතරේ
    දිය පහස පතා සිටියදි කතරේ
    ඔබ සිහිල් දොලක් සේ පාවී
    වසන්තයක් වී ආවේ

    Artist : Sanath Nandasiri

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Ahas Gabe Tharu Kata Gane - අහස් ගැබේ තරුකැට ගානේ

    අහස් ගැබේ තරුකැට ගානේ
    පොලෝ තලේ වැලිකැට ගානේ
    නිල් සයුරේ රළ පෙළ ගානේ
    ආදරෙයි මං ආදරෙයි

    වදුළු සිරස පිපි මල් ගානේ
    විහග තුඩග කිචි බිචි ගානේ
    පිසින සිඹින මඳ නල ගානේ
    ආදරෙයි මං ආදරෙයි

    පිපෙන මියෙන හිරු සඳු ගානේ
    සිතෙහි පිරෙන සිතුවිලි ගානේ
    සිහිල ගෙනෙන හැම රෑ ගානේ
    ආදරෙයි මං ආදරෙයි

    Artist : Charitha Priyadarshani

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Eka Wasanthayaka - එක වසන්තයක

    එක වසන්තයක එක රාත්‍රියක
    දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවද
    එක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමට
    දැනුනා.... විතරක් මතකයි...
    හද ලුහුබැද ඉව කරනා
    පෙර සසරක සුපුරුදු සුවද...
    ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද
    ඔබමද ඒ සොදුර

    මේ වසන්තයේ හමුවෙන සුලග සමග
    සසැදී පැහෙන්නට හිතයි මට....
    ඔබෙ සුවද සමග මුසු වනු පිණිස
    මගෙ සුසුමක් තියන්නද......
    සිහිවනු පිණිස...... සොදුර....

    මේ වසන්තයෙම ගතවී යන්නට පෙර
    තුරුලේ ඇහිරෙන්නට පතමි මම.....
    ඔබෙ සිතැගි වලට මුසු වනු පිණිස
    මගෙ හැගුමක් තියන්නද...
    ගිවිසනු පිණිස.... සොදුර

    Artist : Kasun Kalhara

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Me Nagaraya - මේ නගරය

    මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
    මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..

    වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා..
    නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..
    සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා..
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා..

    ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා..
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා..
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා..
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා..

    Artist: Mervin Perera

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Anatha Maruthe - අනාත මාරුතේ

    අනාත මාරුතේ කුණාටු සාගරේ
    දිවිය ති‍යෙන තුරු මගේ ඔබයි ආදරේ....

    අතීතයට වඩා පැරණි අපේ ආදරේ
    අපි දෙදෙනා හැඩූ හැඩුම් දනී සාගරේ
    සදා වෙනස් වෙන්න එපා
    මැණික මා කෙරේ
    දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ

    හිතරිදවන වදන් වලට හඩන්නට එපා
    ඇනුම් බැනුම් වලට මගේ තැවෙන
    සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා
    දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ..

    අනාත සාගරේ කුණාටු මාරුතේ....

    Artist : Rookantha Gunathilaka

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Bol Pini Wahena - බොල්පිණී වෑහෙන

    බොල්පිණී වෑහෙන වෙලාවේ
    ඔබගෙන් සමුගෙන යායුතුවේ
    තාමත් ඔබ ඇත සුව නින්දේ
    ඒකයි මා නොකියා යන්නේ

    ගැලපිට නැගලා ඈත ගම්බලා
    පියමන් කරවන්නේ
    තවත් නිවහනෙක ගිමන් නිවනතුරු

    ඔබ සිහියට එන්නේ
    ඔබගෙන් සමුගෙන මා යන්නේ
    ඔබ අවදිව මා සොයනු එපා
    ඈතයි මා ඉන්නේ
    තවලම් කරුවෝ කවරදාක හෝ
    එකම තැනක උන්නේ

    Download