~ මියුරු කල්පනා ~

ගීතයක වැඩියෙන් ව

  • අර්ථ රසය

    Votes: 24 68.6%
  • ශබ්ද රසය

    Votes: 17 48.6%

  • Total voters
    35

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Ukulata Nawath - උකුලට නාවත්

    උකුලට නාවත් එදා වගේ
    මා ඔබෙ පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා
    මා ඔබෙ ලග අම්මේ.......

    කටු කොහොලින් පිරි මට හිමි ලොකේ
    ඔබ සරණයි අම්මේ
    රෑ දහවල මට සෙවනෙල්ලක් වේ
    සුවද ඔබෙ අම්මේ
    ම ඔබ ලග අම්මේ......

    අත පය දෑඩිවි වෑඩිහිටි වුමා
    ඔබ සෙවනේ අම්මේ
    කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ
    මතු මතුදා අම්මේ
    මා ඔබ ලග අම්මේ......

    Artist : Rookanatha Gunathilaka

    Download
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    ~ මියුරු කල්පනා ~

    මොටවීයන සංගීත රසවින්දනය යලි උසස් සංගීත රසවින්දනයක් කරා ගෙන ඒම සඳහා වූ සෞන්දර්යාත්මක ගීත පෙළහර

    :D:D:D:D:D

    ඔයාලටත් පුලුවන් මේ උත්සහයට එකතු වෙන්න
    ඔයාල කැමතිම හිතට වැදුන ලස්සනම සින්දු (අර්ථයක් සහිත)
    බාගන්න පුලුවන් විදිහට ලින්ක් එකක් පෝස්ට් කරන්න
    තියෙනවා නම් පද වැල් ටිකත් පෝස්ට් කරන්න

    good work!!! :yes:

    api mehemai dath madinne,dath madinne,dath madinne

    lol :lol: :rofl:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Ma Sandata Kamathi Bawa Danagena - මා සඳට කැමති බව දැනගෙන

    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කලා අහසින්
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කලා නටුවෙන්

    නොයිඳුල් තොල්පෙති අතරෙන්
    උදුරාගෙන සිනාව
    හදවත නැති මිනිසා ඔබ
    නෙත කඳූලැලි ගෙනාව

    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කලා අහසින්
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කලා නටුවෙන්

    එක්ටැම්ගෙයි සිරගත කල
    සමනලියක අනාත
    ජීවිතයම ඔබ අරගෙන
    ඇති දුන් වේදනාව

    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කලා අහසින්
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කලා නටුවෙන්

    Artist : Nanda Malani
    Lyrics : Prof. Sunil Ariyarathne
    Melody : Rohana Weerasinghe

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Ammawarune - අම්මාවරුනේ


    අම්මාවරුනේ…
    අම්මාවරුනේ…
    සම්මා සම්බුදු අම්මාවරුනේ
    දරුවන්ගේ දුක් කඳුළු දකින දා
    සුර ලොව සිට අත පා……
    ඒ කඳුළැලි පිසිනා

    අම්මාවරු නැති දරුවන්නේ
    සංකා දුක් කවුදෝ දන්නේ
    ඒ දුක දන්නා අම්මාවරුමයි
    යම් මතු දිනයක බුදු වන්නේ
    සංසාරේ මතු බුදු වන්නේ

    අම්මාවරුනේ… අම්මාවරුනේ…
    සෙනෙහස වැඩි දා
    සිතද බොළද වේ
    ලොවම ආදරේ කියා සිතී
    මායාවක්වී එහි තනිවූ දා
    අම්මා පමණයි ළඟ ඉන්නේ
    අම්මා පමණයි ළඟ ඉන්නේ

    Artist : Nanda Malani

    Download
     
    Last edited:

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Raththaran Duwe - රත්තරන් දුවේ

    රත්තරන් දුවේ - අපේ රත්තරන් දුවේ
    ඔබයි දිවිය අර්ථවත් කලේ
    ගියදා පටන් ඉහිල - කුරුළු කුඩුවෙන්
    සංතෝෂයක් නෑ හිතේ

    ඉගිලිලා ගියේ - සමුගෙන අපේ කුඩුවෙන්
    ඔබත් කුඩුවක් තනන්නනේ
    ඉගිලිලා ගිහින් තනපු කුඩුවත් අරන්
    නැවත එන්න පියඹලා දුවේ

    හනික එන්න පියඹලා දුවේ ..........//
    ඉගිලිලා ගිහින් තනපු කුඩුවත් අරන්
    ඈවිත් යන්න එන්න සුදු දුවේ .....

    Artists : Nanda Malani & Rohana Weerasinghe
    Lyrics : Carlo Fonseka
    Melody : Rohana Weerasinghe

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Podi duwage Sina Walai - පොඩි දුවගේ සිනා වෑලයි

    පොඩි දුවගේ සිනා වෑලයි
    පොඩි පුතුගේ කතා පෙළයි
    ප්‍රිය බිරිදගෙ සෙනෙහෙ විලයි
    මගේ නිවන මගේ පෑල්පතයි...

    කටු මෑටි ගෑ බිත්ති පුරා
    පලිගු මෑණික් එලිය දිලේ
    ගොම මෑටි ගෑ ගෙබිම මගේ
    පියවිලි බූමුතුරුණු වගේ.....

    ලබන නමුත් දුක් පීඩා
    කූඩු උනොත් පුචි පෑළේ
    අඹුදරුවන් අතර තුරේ
    මට නිම් නෑති සුවය දෑනේ.....

    Artist : Somathilaka Jayamaha

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Gamen Liyumak Awilla - ගමෙන් ලියුමක් ඇවිල්ලා

    ගමෙන් ලියුමක් ඇවිල්ලා
    අක්කගෙන් වාගේ
    මොකක් කියලාද දන්නෑ
    එහෙ ගියෙත් නෑනේ//
    පහළ කුඹුරේ නිල් ගොයම් දැන්
    හරිම සරුසාරයි
    වැසි වැටී වැව් ළිං පිරිලා
    හරිම සිරියාවයි
    තවත් ආරංචි ගොඩයි
    ලියන්නට ලැජ්ජයි
    ගෙදර අය සතුටින් සිටින්නේ
    මල්ලි දැකගන්නයි
    කාලෙකින් මෙහෙ ආවෙ නෑනේ
    වැඩත් වැඩි වෙන්නයි
    ළඟදි එනවා නම් හොඳයි
    නිවාඩුව දැන් දැන් ළඟයි...

    Artist : Clarence Wijewardana

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Issara Bandi Pema - ඉස්සර බෑදි පෙම

    ඉස්සර බෑදි පෙම
    හිත්වල සුවදයි
    යලි පුබුදන්න බෑරී
    එක්කර අතෑගිලි
    ඔබ ඔහු සමගයි
    මට ඉවසන්න හෑකී

    ඔබ පියමන්කල
    සමනළ මාවත
    මට යා ගන්න බෑරී
    ඔබ පතනා ලොව
    ඔබ ලබනා දින
    මගෙ හිත සතුට දකී

    මගෙ අසරණ ලොව
    අද මා පමණකි
    එය සගවන්න බෑරී
    එක්කල දෑගිලි
    වෙන් නොම වේවා
    පතනෙමි සුබාසිරී......

    Artist: Somasiri Madagedara

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Mata Kiyanna - මට කියන්න

    මට කියන්න හැමදෙයක්ම..
    හිතේ තියෙනා දුක නිවෙන්න..
    හදේ ගැස්ම දැනෙනා තැනක..
    මං ආසයි අහන් ඉන්න..

    ඔබේ නෙතු අගින් රැඳෙනා කඳුල..
    මෙනෙහි කරමින් අඳුරු සිතින්..
    මගේ දහමින් මිදිලා රැඳෙමින්..
    හැකිවේද සිතනු රිසින්..

    දුක රැඳෙයිද හැම දිනක්ම..
    නෙතු අගින් කඳුලෙන් අප තෙමන්න..
    රැඳෙන්න අවසරයි සොඳුර..
    පුදමි දෝතින් වසන්තය..

    Artist: Nadeeka Jayawardena

    Download
     

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    ubata 18 plus school girl kenekge photo ekak methana dakkama, harima upset sanskruthiya nathi wei kiyala.

    habai singer kenekge song ekak, horen download karana eke kisima waraddak naha.

    ubala wage hora sanskruthika karayo hinda thamai ape rata mechchara duppath wela thiyenne.

    We will talk about your actions a lot in the time to come.
     
    • Like
    Reactions: Po Di-Al

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Sihinayak - සිහිනයක්

    රෑ පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්
    නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්
    සොදුරු ආදරේ මිහිර විදින්නට අප සිත් එක් වේවී
    අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී

    පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි තාමත් මට මතකයි
    වෙරළ දිගේ ගං ඉවුරු දිගේ ඇවිදපු හැටි මට මතකයි
    යවුවනියක වී ඔබ මා අත ගෙන මේ සැන්දෑ යාමේ
    සොදුරු ආදරේ මිහිර විදින්නට මේ සුමිහිරි යාමේ
    මා සුන්දර සිහිනයක් මැවුවා
    අප වටකර සිහිනයක් මැවුවා
    ඔබ මගෙ කර සිහිනයක් මවුවා
    ප්‍රියාදරියේ..........//

    රෑ පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්
    නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්
    සොදුරු ආදරේ මිහිර විදින්නට අප සිත් එක් වේවී
    අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී

    මා සුන්දර සිහිනයක් මැවුවා
    අප වටකර සිහිනයක් මැවුවා
    ඔබ මගෙ කර සිහිනයක් මවුවා
    ප්‍රියාදරියේ..........///

    Artist : Nadeeka Jayawardana

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Sayure Rala Se - සයුරේ රළ සේ

    සයුරේ රළ සේ අහසේ තරු සේ..
    මිතුදම් පවතී ලොව සැමදා..
    සත්සර නැගෙනා නාදය කොතැනා..
    එතනයි සැමදා අපි සැවොමා..

    සත්සරයේ සෙවනැල්ලේ..
    නද දෙන්නේ කොවුලන් සේ..
    ගයනා ජය ගීයයි මේ හඬගා..

    අමරස රොන් දෙන මල් වෙමු අපි මල් සමයේ..
    ගුමු ගුමු නද දෙන බඹරුන් අපිමයි මිතුරේ..
    විඳ විඳ රොන් සුව තනනා තනුවයි ඇසුනේ..
    සත්සර මුසුකර ගයනා ගීයයි ගැයුවේ..
    විහඟුන්ගේ ගී රාවේ හද ඔකඳ කලේ..
    ඒ සිහිනේ සැබෑ වුනේ..
    උන් මුමුණයි හොර රහසේ මේ ගී අසමින්..
    සියොතුන් එක රෑනෙ අපි..

    we'll be together..
    now and forever..
    let's pray that we remain friends....

    සත් සමුදුර තරණයකොට ආවයි..
    සත් කුළු පවු මෙන් මහ වෙර දැරුවයි..
    සත් පියුමන් මෙන් විකසිත වූවයි..
    සත්සර මෙන් අප සැම එක්වූවයි..
    නෑ නෑ වෙන්වන්නේ හිරු සඳු ලෙස ඉන්නේ..
    සත්සර හඬ වැයෙනා තුරා..
    තරු මල් නැලැවෙන්නේ..
    විහඟුන් ඉගිලෙන්නේ..
    ගයනා මේ ගීය අසා..

    we'll be together..
    now and forever..
    let's pray that we remain friends....

    Artists: Nelu Adhikari & Kapila Poogalarachchi

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Sulange Lelena - සුළඟේ ලෙලෙනා

    සුළඟේ ලෙලෙනා - මල් සේ දඟ පා
    අප පාසල් ගිය කාලයේ - යාළුවෝ අද නැත
    වෙන අය එහි ඇත - කාලය මැව් වෙනසක අරුමේ

    ලොකු පන්තියෙ අය - පොඩි පන්තියෙ අය
    සැම දෙන එක පංතිය විලසේ - අප පොත්වල දුටු
    රජවරු සිටුවරු - වෙන්නයි කවුරුත් සිත් මැව්වේ
    සුළඟේ......//

    සාමල අමරල - පොත්තුල තව ඇත
    එන එන අය හා යාළු වෙතේ
    අපේම පාසල අපේම මව් විය
    එදවස් අප හට නැත ආයේ...
    සුළඟේ......//

    Artist : Shalitha Abeywickrama


    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Epa Thawath Oba Ma Rawatannata - එපා තවත් ඔබ මා රවටන්නට

    එපා තවත් ඔබ මා රවටන්නට ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්
    ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී
    අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී

    තව මොහොතක් හෝ මේ පෙම් රංගනයේ නිළියක වනු පල නෑ
    ප්‍රේමය කිමදැයි ඔබෙන් උගත මුත්
    එහිම අරුථ ඔබ තව වටහාගෙන නෑ

    මිරිඟු දිය සොයා මුවැත්තියක විලසේ තව දිව යනු රිසි නෑ
    අවසන් පෙම් කඳුළත් පුද දුන් පසු
    ඔබට පුදන්නට මා ළඟ සෙනෙහස නෑ

    Artist : Wasantha Thilakangani

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Oba Enna - ඔබ එන්න

    ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න
    සවුම්‍ය සඳ සේ මා වත රූසිරි බෝමා
    සන්සුන් ගමනේ රූසිරි බෝමා
    ආදරේ නොකියා ‍ඉන්නේ කොහොමා
    මගෙ රන්කඳට මම ආදරෙයි

    ‍ඔබ නොදැක බැරුවා
    ඔබ නැතිව බැරුවා
    මග සොය‍ සොයා මුව සල සලා
    සත්තකයි මං ඔබ එතැයි සිතුවා

    මම පෙරුම් පිරුවා
    ඔබ එතැයි සිතුවා
    මග බල බලා නෙතු දව දවා
    රත්තරන් මං මග බලා සිටියා

    Lyrics:Upul Shantha Sannasgala
    Music:Samantha Perera
    Singer:Morris Bhani Wijesinghe

    Download