~ මියුරු කල්පනා ~

ගීතයක වැඩියෙන් ව

  • අර්ථ රසය

    Votes: 24 68.6%
  • ශබ්ද රසය

    Votes: 17 48.6%

  • Total voters
    35

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Asuru Sanin - අසුරු සැනින්

    අසුරු සැනින් එක මොහොතක දී
    කාලය නැවතී යලි ඇරඹී
    විශ්වය අලුතින් බිහි වේවා
    ඔබේම වී මා මඟේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා

    යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
    ඔබේම කුල ගෙයි පතිනිය වන්නට
    මතු යම් දවසක හැකි වේවා
    ඔබේම වී මා මඟේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා

    සෙනෙහෙ විමානේ කිරුල දරන දා
    සිඟිති තොලට කිරි හිනා දකින්නට
    එක සෙවනක දී හමුවේවා
    ඔබේම වී මා මඟේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා

    Artist : යමුනා විනෝදනී

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Sagara Tharanga - සාගර තරංගා

    සාගර තරංගා සුදු වෙරළ සිබින්නා
    නුහුරු නුපුරුදු දූපතේ
    ඔබයි මමයි මමයි ඔබයි නොබිදෙන සෙනෙහසින්
    මේ ගයන්නේ ආදරේ ගීතයයි

    මහ සමුදුරෙන් එහා මේ පුංචි නවාතැනේ
    දැල්වෙන පහන්සිලෙන්
    ඔබේ දෙනෙතට එබී
    මේ ගයන්නේ ආදරේ ගීතයයි

    සාගර තරංගා..............

    සිත ඉගියකින් සැලී ගිනියම් දිගන්තයේ
    බොල් පිණි සුලන් දැලෙන්
    ඔබේ දෙනෙතට එබී
    මේ ගයන්නේ ආදරේ ගීතයයි

    සාගර තරංගා...............

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Kanyawee - කන්‍යාවී

    මිනිසා මරණ තුනක් ඇති මිනිසා බලා සිටී
    නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
    ලිහිල් සළුව අනතුරේ වැටෙද්දි
    පයෝධර තුඩු ඉකි බිදිද්දි සංත්‍රාසයෙන්
    අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන් වයන්න වීණා

    නියඟලා මල් පා‍ට දේදුණු දෙබැ කර එන ගිරා කොවුලන්
    පියුම් කැකුළක් තුඩින් පාරා බලෙන් පුබුදන හංසයා
    බලන්න නිරුවත් දෑසින් ඔකඳ වී රිද්මයෙන්
    රසා තලය කල එලි ගන්වා වයන්න වීණා කන්‍යාවි

    Artist: Amarasiri Pieris

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Siriyahane Lanu Ihiree Susum Helana Ra - සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ

    සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ
    මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//

    ස‍ඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්
    නෙතට නුහුරු කඳුළු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//

    සිරියහනේ ලණු ඉහිරී..

    යහන තලා සැප හිඳිනා කලහී නැතුවා පෙර පිං
    මාල වළලු නොතිබ් අයට අප අමතක වෙලා ගිහින්
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//

    සිරියහනේ ලණු ඉහිරී..

    Artist : Edward Jayakody

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Oba Themei Kiya Bayai - ඔබ තෙමෙයි කියා බයයි

    ඔබ තෙමෙයි කියා බයයි
    වැසි වසියි සුළං තදයි
    කුඩයට ඔරොත්තු නොදෙයි
    සාරිය පිට මඩ ඉහෙයි

    මුහුණට හිරිකඩ වැදෙයි
    සුදු මුදු මඳහස මැකෙයි
    මිරිවැඩි තුළ දිය පිරෙයි
    පය ලිස්සා බිම වැටෙයි

    සළු පිළි සිරුරට ඇලෙයි
    පිට මිනිස්සුන්ට පෙනෙයි
    සඟවන්නෙමි ඔබ මගෙයි
    දිව එන්නට මට හිතෙයි

    Artist : Edward Jayakody
    Lyrics : Sunil Ariyarathna

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Obe Nil Nuwan Thalawe - ඔබෙ නිල් නුවන් තලාවේ

    ඔබෙ නිල් නුවන් තලාවේ
    සැලේ... කඳුළු මිදිලා
    මට ඒ මැදින් පෙනෙන්නේ
    අපේ මතක මැවිලා
    ඔය දෑත මාගෙ දෑතේ
    සතපා ගෙවූ අතීතේ//
    දෙදෙනා නොවේද දන්නේ
    සිත දන් තමයි සිතන්නේ
    මුලදි උනේ මුලාවයි
    වැරදිම මා අතේමයි//
    නොසැලී බලා එදා මෙන්
    ඉඳිමිය ඔබේම
    නාමෙන්...

    Artist : Milton Mallawarachchi
    Lyrics : Karunaratha Abeysekara
    Music : M.K.Roksamy

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Seetha Arane - සීත අරණේ

    සීත අරණේ සුපුල් නාමල සුවද ගැල් වු ජීවිතේ
    සීත හිමගිර සීත නොදෑනේ දැනේ උණුසුම ආදරේ.........

    ලතාවක් සේ වෙලී සියොලග පතමි රෑකවරණය ඔබෙන්.....//
    සදා දෝතින් මලක්සේ ඔබ වැලද ගන්නෙමි හදවතින්.........හදවතින්

    වලාවක් සේ අයාලේ ගිය සිතට නිවහන ඔබ ලගයි..........//
    මහා කතරක ගෙවු තනි මග නිමා කල ඉම ඔබ නෙතයි..........ඔබ නෙතයි

    Artist : Milton Mallawarachchi

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Awasara Natha Mata - අවසර නැත මට

    අවසර නැත මට ඔබෙ අත ගන්නට
    බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
    එනමුදු උපදින හැම බවයකදිම
    මතු ඔබ හිමි කර ගනිමි ළඳේ

    බඔරෙකු වන්නට නොහැකිව ළත වෙන
    මා අබියස ඔබ නෙලුම නොවේ
    උල්පත වන්නට නොහැකිව ළත වෙන
    මා අබියස ඔබ සයුර නොවේ

    ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
    බැරි කම මිස ඔබෙ සිහින ලොවේ
    ඔබ කැඳවන්නට ඔබ සතපන්නට
    මා හද තුල ඉඩ නැතිව නොවේ"

    Artist : Milton Mallawarachchi

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Kaviya Oba - කවිය ඔබ

    කවිය ඔබ
    තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී
    සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
    කවිය ඔබ

    පද එකින් එක ලියවා
    සිත කුරුටු ගා මැකුවා
    ඔබ ලියූ කවි කියවා
    මන් අසරණව උන්නා
    යෞවනේ.... තනිකමක් දැනෙනා මොහොතක
    සිත ඉකිගසා හැඩුවා

    හොර ඇහින් ඉඟි කරලා
    සඳ මගෙන් සමු ගත්තා
    කවි පොතම පොඩිකරලා
    නිදියන්න මට සිතුනායෞවනේ....
    අත ළඟින් හිඳිනා මොහොතක
    දුර ඈත බව දැනුනා......

    Artist : Deepika Priyadarshani

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Wahi Diya Maha Bima Themuwata - වැහි දිය මහ බිම තෙමුවට

    වැහි දිය මහ බිම තෙමුවට
    බිම තෙමන්නේ වැහි විතරද...
    රෑ අහසේ තරු තිබුනට
    තරු තියෙන්නේ රෑ විතරද...
    විහඟුන් කැල ගී ගැයුවට
    ගී කියන්නේ උන් විතරද...
    මට නුඹ විතරක් උනාට
    නුඹට ඉන්නේ මං විතරද...

    රෝස පතක කවි ලීව්වේ
    සුවද දිදි තියාගන්න
    මේ විදිහට ගී ගැයුවේ
    ඉන්න තැනක දී ඇහෙන්න...
    උස අත්තක මලක් උනේ
    ගව් ගණනක් උඩින් ඉන්න
    අවසානේ උරුම උනේ
    මල් පොකුරක එකක් වෙන්න...

    Artist : Deepika Priyadarshani

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Jaya Siri Ma Hamuduruwane - ජය සිරි මා හාමුදුරුවනේ

    ජය සිරි මා හාමුදුරුවනේ..
    දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා..
    ගිණිමැල ගහගෙන රැක හිටියා..
    එහෙව් අපට අද එන්ඩ තහංචිද,
    ජය සිරි මා හාමුදුරුවනේ..

    වැලි මළුවේ ඉඳ සාදු කියනකොට,
    අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි..
    ඉස්සර වාගෙම දාඩිය මුහුවුනු,
    අපේ බාර පිලිගන්ඩ හොඳයි..

    රන් වැට පාමුල සාදු කියනකොට,
    ලෙංගතුකම් නොහිතන්ඩ හොඳයි..
    බුදුහාමුදුරුවො දුටුවා වාගෙයි,
    දුක ඉවසා වැඩ ඉන්ඩ හොඳයි..

    Artist: Deepika Priyadarshani
    Lyrics: Mahinda Chandrasekara
    Melody: Rohana Weerasingha
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Rathriya Wee - රාත්‍රිය වී

    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
    බියද දැනේ දුකද දැනේ
    රුදුරු වුනේ හිමි සඳුනේ
    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

    පතා පැමිණි සුර පුරවර
    වෙලා ගැණුනි ඝණ කළුවර
    දෑස පුරා දුටු සිනා කවට කෙළි
    කඳුළු කථාවක කෙලවර
    අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
    ඔබ හැර

    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

    වළාකුලක පිරි පුරහඳ
    අතැර ගොසින් සිය පියබඳ
    එදා පිදූ මුදු වදන් අසන්නට
    බලා හිඳී සිත පිලිසිඳ
    අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
    ඔබ හැර

    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

    Artist : Deepika Priyadarshani
    Lyrics: Sunil R. Gamage
    Composer : Rohana Weerasingha

    Download
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Hadawatha Illa - හදවත ඉල්ලා

    හදවත ඉල්ලා
    නොලැබුන විටදි
    දහසක් සිතුවිලි මා
    හද තුල තෙරපී
    මිතුරිය ඔබ කෙලෙසක හෝ
    අමතක කරමී
    නොපිරු පෙරුමන් පුරලා
    කුමටද ලතැවී

    ඔය නෙතු අග රැදි තිබු
    නිල්මිණි ඡායා
    දැක මා හදවත සසැලි
    සෙනෙහස කීවා

    මතු අප උපදින භවයේ
    යළි හමු වේවා
    ඔය නෙත් අග සිසිල රැදි
    මට ළං වේවා

    Artist : Priya Sooriyasena

    Download
     
    • Like
    Reactions: sasanka06

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Timmy Thomas
    Dying Inside To Hold You lyrics



    It's turning out just another day
    I took a shower and I went on my way
    I stopped there as usual
    Had a coffee and pie
    When i turned to leave
    I couldn't believe my eyes

    Standing there i didn't know what to say
    Without one touch
    We stood there face to face

    Chorus
    And i was dying indside to hold you
    I couldn't believe what i felt for you
    Dying inside i was dying inside
    But i couldn't bring myself to touch you

    You said hello then u asked my name
    I didn't know if i should go all the way
    Inside i felt my life have really changed
    I knew that it would never be the same

    Standing there i didn't know what to say
    First time looked away when i whispered your name

    And i was dying indside to hold you
    I couldn't believe what i felt for you
    Dying inside i was dying inside
    But i couldn't bring myself to touch you

    And i was dying indside to hold you
    I couldn't believe what i felt for you
    Dying inside i was dying inside
    But i couldn't bring myself to touch you

    One hello changed my life
    I didn't believe in love at first sight
    But you've shown me what is life
    And I now i know my love (i know it's coming right)

    And i was dying indside to hold you
    I couldn't believe what i felt for you
    Dying inside i was dying inside
    But i couldn't bring myself to touch you

    Download

    http://www.downloads.nl/music/Dying+Inside+To+Hold+You