මිය යාමට සහකරුවෙක් ඕනෙද

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,363
    6,529
    113
    සුව කිරීමට නොහැකි හෝ අඩු ජීවිත කාලයක් හිමි අයට සිය මරණය ඉක්මනන් කරගැනීමට සහය වියහැකි පරිදි (asistive dying)නීති සකස් කිරීමට එක්සත් රාජධානිය සූදානම් වනවා.

    මෙවැනි නිම යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමෙන් වසර නවයකට පසුව, සහායක මියයාම නීතිගත කිරීමේ යෝජනාවක් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව සලකා බලනු ඇත.

    පාලක කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන කිම් ලීඩ්බීටර් පැවසුවේ මාරාන්තික රෝගීන්ට ජීවිතාන්තය දක්වා ප්‍රතිකාර කිරීම සඳහා “තේරීමක්” ලබා දීමට සහ ඔවුන්ට සහ ඔවුන්ගේ ආදරණීයයන්ට වැඩි ආරක්ෂාවක් සැපයීම සඳහා ඔක්තෝබර් 16 දා පනතක් ඉදිරිපත් කරන බවයි.

    ලීඩ්බීටර් පැවසුවේ මෙම ගැටලුව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය නීතිය වසර 60කින් යාවත්කාලීන කර නොමැති බවයි.
    සහායක මියයාම දැනට බ්‍රිතාන්‍යයේ නීතිවිරෝධී වන අතර එය සාර්ථක වුවහොත්, එම නීතිය එංගලන්තයට සහ වේල්සයට බලපානු ඇත. මේ වසර මුලදී වෙනම නීති පද්ධතියක් ඇති ස්කොට්ලන්තයේ මේ සම්බන්ධයෙන් පනතක් ඉදිරිපත් කරන ලදී.

    දැනට රටවල් 31 ක් සහ ප්‍රදේශ යම් ආකාරයක සහයෙන් මිය යාමට ඉඩදෙනු ලබයි.
    මේ ගැන මොකද හිත්නෙ?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    බෙල්ල මිරිකලද මරන්නෙ?

    Sarco pod


    07c7a79_1720746139513-sarco-device.jpg
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ✨️ Canada, Australia, Swiss සහ යුරෝපයේ බොහෝ රටවල වල ඔය Euthanasia ( Assisted Suicide ) legalized .....

    කාලෙකට කලින් Ali Abdal ඕක ගැන කතා කරල තිබ්බ බලන්න idea එකක් ගන්න පුලුවන් වෙයි ... බුද්ධ දර්ශනය අනුව නම් ඕක පවක් ගනයට වැටුනට දරාගන්න බැරි වේදනා, දරාගන්න බැරි මානසික පීඩන වගේ තියන මිනිස්සු න්ට ඕක විසඳුමක් ( අනේ මන්ද ඉතින් .... ) වෙනව ඇති



     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    දකුණු ආසියානු රටවල් වලනම් මේ වගේ නීති ගෙන්න සෑහෙන්න අමාරු වෙයි
    ඔව් විශේශයෙන් බෞද්ධ, හින්දු වගෙ සංස්කෘතියන් ප්‍රධාන රටවල් වල .... මුස්ලිම් නම් ඉතින් කරන්නෙ ඔය අපිවත් මරාගෙනම උන් මැරෙන්නෙ ... අනිත් ආගම් ගැනනම් අදහසක් නැ .... ක්‍රිස්තියානි ආගම ප්‍රධාන බටහිර රටවල් බොහොමයක නම් ඕක ක්‍රියාත්මක වෙනව
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    lethal injection, medically induced coma wage methods pawichchi wenawath athi
    Lethal injection එක නම් පාවිච්චි කරන්න යන එකක් නෑ. Lethal injection එකත් ඔය කියන තරම් humane execution method එකක් නෙමේ කියලයි දැන් හුග දෙනෙක්ගෙ මතේ වෙලා තියෙන්නෙ. ඒ නිසා අපරාධකාරයොන්ට ඔය වගේ දේවල් පාවිච්චි කරාට සාමාන්‍ය මනුස්සයෙක්ට ඔය වගේ දෙයක් පාවිච්චි කරන්න නීතියෙන් අවසරයක් දෙන එකක් නෑ කොහොමටත්.

    Lethal Injection Is Not Humane


    පෝස්ට් එකේ යොදාගන්න ක්‍රමේ ගැන කියලා නෑනෙ මහත්තයො. කොහොමත් ඔය pod එකම නොවුණත් ඔය pod එකේ පාවිච්චි කරන ක්‍රමේට සමාන ක්‍රමයක් මේකටත් පාවිච්චි කරයි legalize කරගන්න පුළුවන් වුණොත්
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,529
    113
    දකුණු ආසියානු රටවල් වලනම් මේ වගේ නීති ගෙන්න සෑහෙන්න අමාරු වෙයි
    ඔව් ආගමික විරෝධතා තදට එයි.

    බෙල්ල මිරිකලද මරන්නෙ?
    බෙල්ලෙන් එල්ලලා.
    ------ Post added on Oct 4, 2024 at 11:27 PM

    lethal injection, medically induced coma wage methods pawichchi wenawath athi
    වඩාත් මානුෂීය ක්‍රමවලින් එකක් ලෙස පිළිගන්නේ, බාබිටියුරේට් අධික මාත්‍රාවක් පරිපාලනය කිරීමයි.
    ------ Post added on Oct 4, 2024 at 11:40 PM
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    Lethal injection එක නම් පාවිච්චි කරන්න යන එකක් නෑ. Lethal injection එකත් ඔය කියන තරම් humane execution method එකක් නෙමේ කියලයි දැන් හුග දෙනෙක්ගෙ මතේ වෙලා තියෙන්නෙ. ඒ නිසා අපරාධකාරයොන්ට ඔය වගේ දේවල් පාවිච්චි කරාට සාමාන්‍ය මනුස්සයෙක්ට ඔය වගේ දෙයක් පාවිච්චි කරන්න නීතියෙන් අවසරයක් දෙන එකක් නෑ කොහොමටත්.

    Lethal Injection Is Not Humane

    Lethal injection එකක් හරියට වැඩ කරන්නෙ නැතුව මරණ දඬුවම දෙන්න ගිය එකෙක්ට කචල් එකක් උන සීන් එකක් මාත් දැක්කා.
     
    • Wow
    Reactions: kingcapton