මිල්ටන් ෆ්‍රීඩ්මන්
මිල්ටන් ෆ්‍රීඩ්මන්
විසිවන සියවසේ වඩාත්ම බලපෑමක් කළහැකි ආර්ථික විශේෂඥයා ලෙස නම් කරැති මොහු ධනවාදී ලිබරල් ආර්ථිකය පිලිබඳ වඩා විශ්වාසය තැබුවෙකි. 1912 ඇමෙරිකාවේ උපන් යුදෙව් ජාතිකයෙක්ය. මිල්ටන් විසින් 1978දි රචනා කරන ලද free to choose පොත වැඩිම අලෙවියක් ඇති පොතක් ලෙස සදහන් වේ.
ආර්ථික ක්‍රියාවලියට රජයේ බලපෑම ඉවත්කිරීම, රාජ්‍ය අංශය කුඩා කර වියදම් අඩුකිරීම මගින් බදුසහන ලබාදීම, නිදහස් ජාත්‍යන්තර වෙළදාම හා මහබැංකු මගින් අනවශ්‍ය ලෙස වෙළඳපොළට මුදල් නිකුත් කිරීම පාලනය රටක සීග්‍ර දියුණුව සඳහා වැදගත් බව ඔහු පෙන්වා දී ඇත.
අමෙරිකානු ජනපති රොනල්ඩ් රේගන්ගේ ආර්ථික උපදේශක මෙන්ම චිලී සහ පෝලන්ත යන රටවල ආර්ථික උපදේශකයකු වශයෙන් මොහු සේවය කර ඇත. 1976දී ආර්ථික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය මොහුට පිරිනමන අවස්ථාවේ චිලී සිට පැමිණි කොමියුනිස්ට් ආධාර කරුවෙක් එම අවස්ථාවට බාධාකරනඇත. කෙසේවෙතත් අදවන විට අනෙකුත් දකුණු ඇමෙරිකානු රටවලට සාපේක්ෂව වඩාත් දියුණු හා ස්ථාවර ආර්ථිකයක් ඇති රටක් ලෙස චිලී රට සැලකේ. සෝවියට් සංගමයෙන් වෙන්වූ පසු අනෙකුත් නැගෙනහිර යුරෝපා රටවලට වඩා වේගවත් දියුණුවක් අත්කර ගැනීමට පෝලන්තයටද හැකිවිය.
1980දි ඇමෙරිකානු pbs රුපවාහිනි සේවය සඳහා නිපද වූ free to choose ඩොකියුමෙන්ට්‍රි වැඩසටහන් පෙළ මගින් සාමාන්‍ය ජනතාව වෙත නිදහස් ආර්ථිකය පිළිබද මතවාදය ගෙනයාමට මොහු උත්සාහ දරා ඇත. පැය බැගින් වූ කොටස් 10කින් සමන්විත මෙහි මුල් පැය භාගය විස්තරාත්මක වැඩසටහනක් ලෙසත් අනෙක් කොටස ප්‍රශ්නෞත්තර ක්‍රමයටත් විකාශයවිය(ලින්ක්). අවුරුදු 94ක් ආයුවළදා 2006 දී මෙලොව හැරගියේය.
මිල්ටන් ෆ්‍රීඩ්මන්ගේ ප්‍රසිද්ධ කියමන්..
#Nothing is so permanent as a temporary government program.
#The government solution to a problem is usually as bad as the problem.
#There's no such thing as a free lunch.
#Most economic fallacies derive from the tendency to assume that there is a fixed pie, that one party can gain only at the expense of another.
#Governments never learn. Only people learn.