*** මිලින කඩුපුල ***

Freezii

Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    ``මිලින කඩුපුල``

    1310008106prostitute.jpg=s750x1300



    බාඳුරා ගොමුවේ
    අහම්බෙන් විකසිත වූ
    අසම්මත සිත් නළවන
    නිශා කඩුපුල

    ගොරෝසු විණිද සල්ලාල දෑත් පිරිමැදි
    රන්කිරි ඉහිර වූ
    මැදිවිය මානයේ දෙතන් පුඩු

    රෝද හතරේ ලේ හැලුණිද
    කාකි මහතුන් කොල්ලකෑවෙද
    මාවතට තිත තබා
    සීමාවන්නට ගෙයි පිළට

    කොට්ටයට යටවුණු මාරැකාසි
    ලෑලි මඩුවේ ණය ගෙවද්දී
    බෙහෙත් ගන්නට ඉතුරු මදිවුණි
    සමාවෙයන් මට බුදු අම්මේ

    තාත්තෙක් කොහිද අරං දෙන්නට
    නිවුණු කහට කෝප්පය ලෙවකන
    වාසගම හිස් රත්තරන් කලු පුතුට
    සිල්ලර කඩෙන් පුහුල් දෝසි

    ඉරුණු සිල්රෙද්ද අකැපද ?
    කුසල් පුරවන්න
    මතු නිවන පතන
    ලොවට වෙසඟනද
    පුතුට සුරඟනද වූ

    හිරු නොදුටු
    *** මිලින කඩුපුල ***

    Copyright @ Damith_Mulleriyawa 2016
     
    Last edited: