මිල අධිකම ඔරලෝසු 10ය

amaris NO 1

Member
Apr 11, 2015
625
98
0
මිල අධිකම ඔරලෝසු 10ය

10. BREQUET POCKET WATCH 1970 BA/12

Brequet-Pocket-Watch.jpg


කැරට් 18කින් යුත් මෙම ඔරලෝසුවෙහි මිල ඇමරිකානු ඩොලර් 734,000 වේ , එනම් රුපියල් මිලියන 96යකි.

9. BLANCPAIN 1735 GRANDE COMPLICATION

Blancpain-1735-Grande-Complication.jpg


ප්ලැටිනම් ලෝහයෙන් නිම කල මෙම ඔරලෝසුවෙහි අත් පටිය සාදා ඇත්තේ කිඹුල් හම යොදාගෙනයි. අතින් නිම කරන ලද කොටස් 740කින් යුත් මෙහි මිල ඇමරිකානු ඩොලර් 800,000 වේ. එනම් රුපියල් මිලියන 104යකි.

8. LOUIS MOINET MAGISTRALIS

Louis-Moinet-Magistralis-Moon-Watch.jpg


මෙම ඔරලෝසුවෙහි මිල අධික වීමට හේතු වන්නේ සදෙන් සොයාගත් උල්කාපාත ගලක් මෙහි තිබෙන බැවිනි. එම හේතුව නිසාම මෙම ඔරලෝසුවෙහි මිල ඇමරිකානු ඩොලර් 860,000 වේ. එනම් රුපියල් මිලියන 112කි

7. HUBLOT BLACK CAVIAR BANG

Hublot-Black-Caviar-Bang.jpg


“Baguette-Cut” කළු දියමන්ති 501කින් යුත් මෙම ඔරලෝසුවෙහි කැරට් 18ටේ සුදු රත්තරන් ද ඇත. මෙම ඔරලෝසුවෙහි මිල ඇමරිකානු ඩොලර් මිලියනයක් වේ. එනම් රුපියල් මිලියන 113කි

6. CHOPARD SUPER ICE CUBE

Chopard-Super-Ice-Cube.jpg


ස්විට්සර්ලන්තයේ සාදන මෙම ඔරලෝසුවෙහි කැරට් 60කින් යුත් කොටු හැඩයේ දියමන්ති යොදාගෙන ඇත. තවද මීටර් 100යක් දක්වා ජාල බදකයක්(water resistance) ඇති අතර සිරීම් වලට ලක් වන්නේද නැත. මෙම ඔරලෝසුවෙහි මිල ඇමරිකානු ඩොලර් මිලියනය 1.1ක් වේ. එනම් රුපියල් මිලියන 114කි.

5. PATEK PHILIPPE SKY MOON TOURBILLON

Patek-Philippe-Sky-Moon-Tourbillon.jpg


Patek Phillipe විසින් නිර්මාණය වූ ඉතාමත් සංකිර්ණම ඔරලෝසුව මෙය වේ. ඔරලෝසුව පසු පස රාත්‍රී සද හා ඔරලෝසුව ඉදිරි පස දිනය හා සදෙහි ගමන් මගද අඩංගු වේ . මෙම ඔරලෝසුවෙහි මිල ඇමරිකානු ඩොලර් මිලියනය 1.3ක් වේ. එනම් රුපියල් මිලියන 117කි

4. VACHERON CONSTATIN TOUR DE I’LLE

Vacheron-Constatin-Tour-de-Ille.jpg


Vacheron Constantin නම් ස්විට්සර්ලන්ත සමාගමකින් සාදන මෙම ඔරලෝසුවෙහි කැරට් 18ටේ රත්තරන් ඇත. ඒපමණක් නොව නිල් ඉන්ද්‍රනීල වලින් සදනු ලැබූ ආලෝකය පරාවර්තනය නොවන වීදුරුවක් ද මෙය සෑදීමේදී යොදාගෙන ඇත. මෙම ඔරලෝසුවෙහි මිල ඇමරිකානු ඩොලර් මිලියනය 1.5ක් වේ. එනම් රුපියල් මිලියන 119කි.

3. PATEK PHILIPPE PLATINUM WORLD TIME

Patek-Philippe-Platinum-World-Time.jpg


Patek Philippe විසින් සාදනු ලැබූ මෙම ඔරලෝසුව ඇමරිකානු ඩොලර් මිලියනය 4කට 2002 වසරේදී වෙන්දීසිවී ඇත. එනම් රුපියල් මිලියන 523කි. මෙම ඔරලෝසුවෙහි විශේෂත්වය වන්නේ ලොව ඕනෑම තැනක වෙලාව කීමට හැකි බවයි. මෙම ඔරලෝසුව කහ, සුදු, රෝස රත්තරන් හා ප්ලැටිනම් වර්ණයෙන් පෙමිනෙයි.

2. PATEK PHILIPPE SUPER COMPLICATION

Patek-Philippe-Super-Complication.jpg


Patek Philippe විසින් මෙය Henry Graves Jr ට 1933හි විශේෂයෙන්ම සැදූ ඔරලෝසුවකි. මෙය සදා නිම කිරීමට අවුරුදු 5ක් ගත විය. ලොව සංකිරණම ඔරලෝසුව මෙය වන අතර වෙන්දේසියකදි වැඩිම මිලකට විකිනුනු ඔරලෝසුවද මෙය වේ. මෙම ඔරලෝසුවෙහි මිල ඇමරිකානු ඩොලර් මිලියනය 11ක් වේ. එනම් රුපියල් බිලියනයක්ද ඉක්මවයි

1. CHOPARD 210 KARAT

Chopard-210-karat.jpg


මෙම ඔරලෝසුව කැරට් 201කින් නිර්මාණය වී ඇත. මෙය බැලූ බැල්මට පෙනෙන්නේ ඔරලෝසුවක් නොව වළල්ලක් මෙනි. මෙම ඔරලෝසුවෙහි මිල ඇමරිකානු ඩොලර් මිලියනය 26ක් වේ. එනම් රුපියල් බිලියනය 3ක්ද ඉක්මවයි.