මිහිතලයේ ඇවිද ගිය දැවැන්තයෝ

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
මිහිතලයේ ඇවිද ගිය දැවැන්තයෝ

මිහිපිට සැරි සැරූ දැවැන්ත ඩයිනෝසරයන් රංචුවකගේ පා සටහන් ඇලස්කාවේ ඩෙනාලි ජාතික වනෝද්‍යානයෙන් හමුවී ඇතැයි පර්යේෂකයෝ කියති. අදින් වසර කෝටි 10ට පමණ පෙරාතුව ඩයිනෝසරයන් මඩ සහිත භූමියක ඇවිද යාමෙන් පසු එම ප්‍රදේශය උණුසුම්ව වියළී යාමෙන් පසු මේ අඩි සළකුණු අද දක්වාම ඉතිරිවී ඇතැයි පර්නට් කෞතුකාගාරයේ පර්යේෂකයන් පිරිසක් කියති.

තාරාවුන්ගේ පාද වැනි පාද සටහන් අති විශාල ප්‍රමාණයක් මෙහි දැකිය හැකි අතර පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී කැන්සාස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇන්තනි ෆ්‍යුරිලෝ පවසන්නේ ලොව මෙතෙක් දක්නට ලැබුණු වඩාත් හොඳින් සුරක්ෂිතව ඇති ඩයිනෝසර් පාද සටහන් සමූහය මෙය බවයි. අතීතයේ මිහිපිට සැරි සැරූ දැවැන්ත සත්ත්වයකු වන හාඩ්‍රොසා්රස් නමැති විශේෂයේ සතුන් විශාල සංඛ්‍යාවකගෙන් යුතු රංචුවක් ඇවිද යාමෙන් මේ පා සළකුණු ඇතිවී තිබේ.

පර්යේෂකයන්ගේ මතය වන්නේ එම ස්ථානය අතීතයේ මඩ සහිතව තිබී ඇති බවයි. දැනට පාෂාණිභූත වළවල් සේ දිස්වන මේ අඩි සළකුණුවල දිග පළල හා සටහන් වී ඇති ගැඹුර අධ්‍යයනය කිරීමෙන් පසු පර්යේෂකයන්ගේ නිගමනය වී ඇත්තේ විවිධ වයස් කාණ්ඩවලට අයත් හාඩ්‍රොෙසා්රස් සතුන් රංචුවක් මේ ස්ථානයෙන් ගමන් කර ඇති බවයි.

ආචාර්ය ෆ්‍යුරිලෝ මෙසේ කියයි.

‘‘ මේ සතුන්ගේ අඩි සළකුණු මෙතරම් හොඳින් සුරක්ෂිතව තිබීම පුදුම සහගත දෙයක්. අපිට මේවා අධ්‍යයනයෙන් ඔවුන් ජීවත් වූ පරිසරයේ යථා ස්වරූපය අවබෝධ කැර ගත හැකියි. මේ අඩි සළකුණු අනුව පෙනෙනවා ඔවුන් මේ ස්ථානයේ නිදහසේ ඇවිද ගිය බව. ඒ වගේම ආක්ටික් ප්‍රදේශයේ දේශගුණික විපර්යාස සිදුව ඇති ආකාරයත් මේ අනුව තේරුම්ගත හැකියි.

article-2688619-1F90B94000000578-149_jk634x278.jpg


article-2688619-1F90B95000000578-15_634x424.jpg


article-2688619-1F90B95400000578-770_634x421.jpg


article-2688619-1F90B94C00000578-353_634x424.jpg


article-2688619-1F90B93C00000578-303_634x430.jpg


article-2688619-1F90B94800000578-335_634x581.jpg


article-2688619-1F91575D00000578-429_634x381.jpg