මිහින්තලේ මිහිඳු මහ සෑය

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මිහින්තලේ මිහිඳු මහා සෑය වේගයෙන් ඉදි වෙමින් පවතිනවා. රට වටින් පැමිණි මහා සෙනඟක් අත්තම් දෙනවා. බාල, තරුණ, මහළු කවුරුත් පුකු පුළුවන් හැටියට වැඩේට අත ගහනවා. නාවික හමුදාවේ මැදිහත්වීමෙන් තමයි වැඩේ යන්නේ.

    අපි අනුරාධපුරයේ ශිෂ්ටාචාරය බිහිවුන හැටි ගැන, දැවැන්ත නිර්මාණ බිහි වුන හැටි ගැන කතා කරනවා. පුදුම වෙනවා. හැබැයි ඒවාට මුල ශ්‍රද්ධාව හා භක්තිය හිතේ පුරව ගත්ත අපේම මිනිස්සුන්ගේ මහන්සිය බව තේරුම් ගන්න අමාරු නෑ මේ වගේ දේවල් දැක්කහම.

    මේ ශ්‍රද්ධාව භක්තිය රට වෙනුවෙන් ඉලක්ක කරලා , ආදරෙන් මිනිස්සු මෙහෙයව ගත්තහම රටම වෙනස් කරන්න පුළුවන්. අමාරුම දේ මිනිස්සුන්ව පොදු ඉලක්කයකට ගන්න එක.

    මිහින්තලේ අම්බස්තල දාගැබ් වහන්සේ ට නුදුරේම ප්‍රතිසංස්කරණය වෙන මිහිඳු මහා සෑය අපි පොඩි කාළේ නටබුන් ආකාරයෙන් තමයි දකින්න ලැබුනේ. නමුත් ශතවර්ෂ ගණනාවකට පස්සේ ආයෙත් එය නිර්මාණය කරන්න අපේ පරම්පරාවට හැකිවීම භාග්‍යයක්.

    ඔබත් දවසක ගිහින් උදව් වෙන්න.

    පැතුම් කර්නර්