මි‍යන්මාර් !!!!

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
මේ දවස්වල මේ ගැන කට්ටි‍යටම අහලත් එපාවෙලා ඇති. ඒත් මේ ලිපි‍ය කි‍යවලා බලන්න වටිනවා.

Myanmar-Buddhist-monks-pray-for-Buddhists-victims-in-Islamic-Jihad.jpg


පසුගිය ජූනි මාසයේ සිට බටහිර මියන්මාරයේ මුස්‌ලිම් අන්තවාදීන් විසින් බෞද්ධයන්ට එරෙහිව දියත් කර ඇති ප්‍රචණ්‌ඩත්වයත් ඊට එරෙහිව බෞද්ධ පාර්ශවය විසින් එල්ලකරන ප්‍රතිවිරෝධතාවයත් හේතුවෙන් නැවතත් දෙපාර්ශවය අතර ගැටුම් උග්‍ර වී තිබේ. පසුගිය 26,27,28 දිනවලදී රාකින් ප්‍රාන්තයේ ඇති වූ ගැටුම් වලින් මේ වන විට දෙපාර්ශවයේම 100 කට අධික පිරිසක්‌ ජීවිතක්‌ෂයට පත්ව ඇති අතර නිවාස දෙදහසක්‌ පමණ ගිනිබත් කර ඇතැයි මාධ්‍ය වාර්තා දක්‌වයි. ඒ අතර බෞද්ධ විහාර කිහිපයක්‌ද වේ. පසු ගිය ජූනි මාසයේ මුස්‌ලිම් අන්තවාදීන් විසින් බෞද්ධ තරුණියක කෙළෙසා ගෙල කපා මරා දැමීම මෙම ගැටුම්වලට ආසන්නතම හේතුවයි.

අසල්වැසි බංග්ලාදේශයෙන් සංක්‍රමණය වූයේ යෑයි සැලකෙන රොහින්ගියා මුස්‌ලිම් ජන කොටස හා බෞද්ධයන් අතර ගැටුම් අලුත් දෙයක්‌ නොවේ. මීට පෙර 1979 දී හා 1991-92 කාල සීමාවේදී ද මෙවැනිම ගැටුම් අතිවූ අතර එම අවස්‌ථා දෙකේදීම දහස්‌ ගණන් මුස්‌ලිම් ආගමිකයෝ දේශ සීමාව හරහා බංග්ලාදේශයට පලා ගියහ. පසුගියදා හටගත් ගැටුම්වලින් පසුවද එවැනිම සංඛ්‍යාවක්‌ රැකවරණය පතා බංග්ලාදේශයට යැමට තැත් කළද බංග්ලාදේශ රජය දේශ සීමාව වසා දමා එය ව්‍යර්ථ කිරීමට උත්සාහ කළේය. මියන්මාර් රජය රොහින්ගියා මුස්‌ලිමුන් ස්‌වදේශිකයන් ලෙස පිළි නොගන්නා අතර බංග්ලාදේශයද ඔවුන් තම රටේ පුරවැසියන් ලෙස පිළිගන්නට සූදානම් නැත. එබැවින් රොහින්ගියා මුස්‌ලිම් ගෝත්‍රය පිළිගැනෙන්නේ රටක්‌ නැති වඩාත් පීඩාවට පත් වූ ජන කණ්‌ඩායමක්‌ ලෙසටය.

කෙසේ වෙතත් අනුන්ගේ බිම් කඩක වුව ද තමන් ජීවත්වන භූමියේ ආධිපත්‍යය පැතිරවීමට උත්සහ දැරීමත්, ඉස්‌ලාමය අදහන්නන්ට සාපේක්‌ෂව අනිකුත් ආගමිකයන් සුළුතරයක්‌ වූ කල සුළුතරයට එරෙහිව භීතිය හා ප්‍රචණ්‌ඩත්වය පැතිරවීමත් ඉස්‌ලාමයේ සාමාන්‍ය ස්‌වරූපයයි. ඒ සදහා ඉස්‌ලාම් භක්‌තිකයන්ට බලය පවරා ඇත්තේ ඉස්‌ලාමයේ න්‍යාය පුස්‌තකය වන ශු. කුර්ආනයයි. එහි ඇති අන්තවාදී දේව නියෝග අකුරටම පිළිපදිමින් පෙරදිග සියලුම බෞද්ධ රාජධානි ග්‍රහණයට ගෙන ඔවුන් සිදු කළ සාහසික බෞද්ධ සංහාරයත් එහිදී ඔවුන්ගේ ඓතිහාසික හැසිරීමත් හොදින් නිරීක්‌ෂණය කිරීමේ දී ඒ බව හොදින්ම පැහැදිලි කරගත හැකිය. මියන්මාරයේ රාකින් ප්‍රාන්තයේ මෙම සිදුවීම එයින් මදක්‌ වෙනස්‌ වුව ද දකුණු තායිලන්තයේත්, බංග්ලාදේශයේදීත් සුළුතරය වී ඇති බෞද්ධ ප්‍රජාව මත ම්ලේච්ඡ අන්තවාදී ආගමික ප්‍රචණ්‌ඩත්වය මුදා හරිමින් වර්තමානයේ සිදු වන්නේ එම ඓතිහාසික සංසිද්ධියමය.

89% බෞද්ධ බහුතරයකින් යුතු බුරුමය හෙවත් වත්මන් මියන්මාර ජන ජීවිතය ප්‍රජාතන්ත්‍රවාදය සීමා කරන ලද දරදඬු හමුදා පාලනයක්‌ යටතේ වුවද බෙහෙවින් සාමකාමී එකක්‌ බව කියෑවෙයි. එහෙත් කොතරම් අවිහිංසාවාදී ජන කොටසක්‌ වුවද තමන්ට එරෙහිව එන බලවේගවලට ප්‍රතික්‍රියා දැක්‌වීම සදහා නිතැතින්ම අනුවර්තනය වීම සාමාන්‍ය මිනිස්‌ ස්‌වභාවයයි. ඒ අනුව රාකින් පළාතේ ස්‌වදේශික බුරුම බෞද්ධයන්ද මුස්‌ලිම් අන්තවාදී ප්‍රචණ්‌ඩත්වයට එරෙහිව දැඩි ප්‍රතිරෝධයක්‌ එල්ල කර ඇති බව මධ්‍යස්‌ථ වාර්තා සදහන් කරයි. "ත්‍රස්‌තයන්ට පිළිතුරු දිය යුත්තේ ඔවුන්ට තේරෙන භාෂාවෙනි" එක්‌තරා රාජ්‍ය නායකයකුද මීට ටික කලකට පෙර එසේ ප්‍රකාශ කර තිබිණි.

මෙසේ ඇවිළෙමින් පවතින මියන්මාර බෞද්ධ-මුස්‌ලිම් ගැටුම් මියන්මාර් බෞද්ධ රාජධානියේ අනාගතය යහපත් එකක්‌ නොකරන බවට දැනටමත් ඉඟි පළවී තිබේ. දැනටමත් ඉස්‌ලාමීය ජමාත්-ඊ-ඉස්‌ලාම් වැනි අන්තවාදී කණ්‌ඩායම් රොහින්ගියා ප්‍රශ්නය මුල් කරගනිමින් බෞද්ධ ප්‍රජාවගෙන් පලි ගැනීමට උත්සහා දරමින් සිටී. පසුගිය දිනවල බංග්ලාදේශ බෞද්ධ විහාරස්‌ථාන වලට එල්ල කරන ලද මුස්‌ලිම් අන්තවාදී ප්‍රහාරය ද එහි ප්‍රතිපලයක්‌ බව මේ වන විට හෙළිදරව් වී තිබේ. ඊට අමතරව අල් කයිඩා වැනි සටන් කණ්‌ඩායම්ද රාකින් ප්‍රදේශයේ ගැටුම ගෝලීය ඉස්‌ලාමීය අරගලයේ කොටසක්‌ කර ගැනීමටත් ලෝක මුස්‌ලිම් ජිහාඩය මියන්මාරයට එරෙහිව කුපිත කරවීමටත් අර අඳින බවද වාර්තාවේ. ලොව පුරා මියන්මාර් තානාපති කාර්යාලවලට පහර දිය යුතු බව මුජහිදීන් නැමති අන්ත මූලධර්මවාදී ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදී සංවිධානය පසු ගිය දිනවල නිකුත් කර තිබූ ප්‍රකාශයෙන් ඒ බව මනාව තහවුරු වේ. "ජමාත්-ඊ-ඉස්‌ලාම්" අන්තවාදී කල්ලිය ලංකාවේ නැගෙනහිර පළාත තුළද සක්‍රීය වී ඇති බව හෙළිදරව් වී තිබේ. ඒ සදහා නායකත්වය දෙන්නේ ප්‍රබල මුස්‌ලිම් දේශපාලනඥයකු බව ද ප්‍රසිද්ධ රහසකි. 2011 වර්ෂයේ දී ඇති වූ ග්‍රීස්‌ යකා භීතිකාව පිටුපස සිටියේද මෙම අන්තවාදී කල්ලියයි. පාතාලය හා ඒකාබද්ධව ජිහාඩ් නැමති බිහිසුණු ඉස්‌ලාම් ආගමික සංකල්පය ලංකාවේ මුස්‌ලිම් ප්‍රජාව අතර ප්‍රචලිත කෙරෙමින් පවතින බවද ආරක්‌ෂක බුද්ධි අංශ රජයට වාර්තා කර ඇති බව පසු ගිය දින වල මෙරට මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙකී කාරණා සියල්ල ඔස්‌සේ ශ්‍රී ලාංකීය මාතෘ භූමිය තුළද ඉස්‌ලාමීය අන්තවාදී පිළිකාව හිස ඔසවමින් පවතින බව තහවුරු වේ. ඊට එරෙහිව නිසි බලධාරීන් වහ වහා පියවර නොගත්තොත් ශ්‍රී ලංකාවේ අනාගත ආශ්චර්යය බංග්ලාදේශය, මියන්මාරය දෙස බැලීමෙන් මනාව දැක ගත හැකි වනු ඇත.

බුරුමයේ උද්ගත වී ඇති බෞද්ධ-මුස්‌ලිම් අර්බූදය CNN ඇතුළු බටහිර මාධ්‍ය විශේෂ අවධානයක්‌ දක්‌වමින් වාර්තා කර තිබේ. මියන්මාරය සම්බන්ධයෙන් බටහිර මාධ්‍ය පළකර තිබූ පුවත් ඒකපාර්ශවීය ලෙස වාර්තා කර තිබුණු අතර මියන්මාරයේ මුස්‌ලිම්වරුන් පීඩාවට පත්ව ඇති බව සදහන් කරමින් පළ කර තිබූ බොහෝ මාධ්‍ය වාර්තා බෞද්ධයන්ට හා මියන්මාර් බෞද්ධ රජයට චෝදනා කරමින් පළ කර තිබුණු ඒවාය. නමුත් සත්‍ය එය නොවේ. මෙම අන්තවාදී ගැටුම්වලින් වැඩියෙන්ම අගතියට පත්ව ඇත්තේ ස්‌වදේශික බෞද්ධයන්ය. එසේ නම් දැඩි මුස්‌ලිම් විරෝධී පිළිවෙතක්‌ අනුගමනය කරන බටහිර මාධ්‍ය මියන්මාර් බෞද්ධ රජයට එරෙහිව සිට ගන්නේ ඇයි...

දශක දෙකකට අධික කාලයක්‌ මියන්මාරය පාලනය කරන්නේ ඒකාධිපති හමුදා ජුන්ටාවක්‌ මගිනි. බටහිර රාජ්‍ය නොවන සංවිධාන ඇතුලු අන්‍යාගම්කරණ ඉවැන්ජලික කල්ලි වලට රට තුළට පිවිසීමේ ඉඩ කඩ අහුරා බටහිර ලෝකය සමග සියලු ගනුදෙනු අතහැර දැමූ මියන්මාර හමුදා පාලනය මුළුමනින්ම යෑපුනේ චීනය මතය. ස්‌වභාවික ගෑස්‌ හා පොසිල ඉන්ධන නිධි සහිත මියන්මාරය තවමත් අත නොතැබූ ස්‌වභාවික සම්පත් ආකරයකි. චීනය දැනටමත් මියන්මාරයේ තෙල් කර්මාන්තයේ විශාල වශයෙන් ආයෝජනය කර ඇත. ඊට අමතරව මියන්මාරයේ සිට චීනයේ යුනාන් ප්‍රදේශය දක්‌වා දිවෙන තෙල් නළ මාර්ගයක්‌ද ඉදිකරමින් සිටී. මලක්‌කා සමුද්‍ර සන්ධියට මායිම් වන මියන්මාරය චීනයට උපාය මාර්ගික වශයෙන්ද අතිශයෙන් වැදගත්ය. ඇමරිකාව ප්‍රමුඛ බටහිර නව යටත්විජිතවාදයේ සීතල සතුරා වන චීනයට ඇති අවස්‌ථා අහිමි කරවීමත්, මුලධර්මවාදී ඉවැන්ජලික කල්ලි සහ සිය බහුජාතික සමාගම්වලට මියන්මාරයට ප්‍රවිශ්ඨ වීම සඳහා මග හෙළි පෙහෙළි කර ගැනීම එක්‌සත් ජනපදය ප්‍රමුඛ බටහිර බලවේග වල මුඛ්‍ය පරමාර්ථයයි. එහෙත් දශක දෙකක්‌ පුරා ඊට එරෙහිව සිටින්නේ මියන්මාරයේ දැඩි හමුදා පාලනයයි.
assk.jpg

වසර 40 ක්‌ තිස්‌සේ වරින් වර නිවාස අඩස්‌සියේ රඳවා සිටින විපක්‌ෂ නායිකා අවුන්සාන් සුකී දැඩි බටහිර ගැති කාන්තාවක්‌ වන අතර ඇය ක්‍රිස්‌තියානුවෙකු ලෙස හොර රහසේ බෞතිස්‌ම කර ඇතැයි ද කියෑවෙයි. දිගුකලක්‌ තිස්‌සේ ඒකාධිපති පාලකයින්ගේ දැඩි පාලනයෙන් පීඩාවට පත්ව සිටින මියන්මාර් වැසියන් හමුදා පාලනයට එරෙහිව පහුගිය දශකය පුරා දැඩි අරගලයක්‌ ගෙන යන අතර ඒ පිටුපස සිටින්නේ අවුන්සාන් සූකිගේ ආශිර්වාදය ලබන ඇමරිකානු ඉවැන්ජලික කල්ලි කිහිපයක්‌ බව කියෑවෙයි. Seventh day Adventist යනු එයින් ප්‍රමුඛතම කල්ලියකි. මේ වන විට මියන්මාරයේ හිස ඔසවමින් පවතින මුස්‌ලිම් අන්තවාදී ගින්නට ඉන්ධන සපයන්නේද මෙම ඉවැන්ජලික බළල් අත් වලිනි. ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය වී ඇත්තේ හමුදා පාලනය පෙරළා දමා ක්‍රිස්‌තියානු බටහිරගැති අවුන්සාන් සූකි බලයට පත් කරවීමයි. ඒ හරහා මෙතෙක්‌ කල් සුරක්‌ෂිතව තිබූ මියන්මාර බෞද්ධ රාජධානිය බටහිර නව යටත්විජිතකරණයට නතු කර ගැනීමයි. ඒ හරහා මියන්මාරය නමැති සම්පත් ආකරය සූරා කෑමයි. මෙසේ මියන්මාරය තුළ උද්ගත වී ඇති අර්බූදය බටහිර ලෝකය හමුවේ වැරදි ලෙස අර්ථකථනය කර මියන්මාර හමුදා රජයට එරෙහිව මුස්‌ලිම් හා බටහිර ප්‍රජාව නොමග යවා රට තුළට ඇතුළු වීම සඳහා ප්‍රවේශය සකසා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටින බවට බටහිර බලවේග වලට එරෙහිව නැගෙන බරපතල චෝදනාවකි. ඒ චෝදනා වලින් ඔවුන්ට මිදිය හැකිද?
Muslim-Buddhist-Clash-in-Burma-Kills-7-600x381.jpg

පසුගිය වසර දෙදහස පුරාවට ලෝකය පුරා වාර්ගික ගැටුමක්‌ ඇතිවුනේ කොතනද? මුස්‌ලිම් අන්තවාදය හා ක්‍රිස්‌තියානි මූලධර්මවාදය එහි රෝග බීජය වූවේය. මේ සියලුම කාරණා අප ශ්‍රී ලාංකීය මාතෘ භූමියටත් සීයට සීයක්‌ම අදාළය. වසර තිහක්‌ පුරාවට අපට වද දුන් වේලුපිල්ලේ පිරබාහරන්ද පල්ලියේ නිර්මාණයකි. එල් ටී ටී ඊ යනු පල්ලියේ සන්නද්ධ අංශය බව සුප්‍රකට යුධ විෂ්ලේශකයකු ද ප්‍රකාශ කර තිබිණි. රුදුරු ත්‍රස්‌තවාදයකින් හොඳ හැටි බැට කෑ අපි ඊටත් වඩා බියකරු රුදුරු අන්තවාදී සෙවනැල්ලක්‌ අප ඉදිරියේ සිටින බව කවුරු කවුරුත් තරයේ සිහිතබාගත යුතුය.

-පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි
http://www.divaina.com/2012/11/03/feature01.html
 

superunique

Active member
  • Jul 4, 2008
    528
    59
    28
    හරියට තේරුම් ගනිල්ලා.

    හරියට තේරුම් ගනිල්ලd
    lankawatath oya tikama thamai.
     
    • Like
    Reactions: kungpupanda

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    වසර 40 ක්‌ තිස්‌සේ වරින් වර නිවාස අඩස්‌සියේ රඳවා සිටින විපක්‌ෂ නායිකා අවුන්සාන් සුකී දැඩි බටහිර ගැති කාන්තාවක්‌ වන අතර ඇය ක්‍රිස්‌තියානුවෙකු ලෙස හොර රහසේ බෞතිස්‌ම කර ඇතැයි ද කියෑවෙයි.


    me ka weradi..aun san suki meka gena wediya katha karanne nethe vote base eka kedei kiyalai nethuwa bauthisma kara kiyana ekata nene..poltic tactics..den burma wala inna govt. ekath me prashneta wediya atha danne ne vote base eka hinda
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ක්‍රිස්තියානි උනත් කමක් නෑ මුස්ලිම් වෙන්නෙ නෑතුව...
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ලංකාවට වෙන්න යන්නෙත් ඔය ටික මේකෙ හම්බයොන්ව මුහුදට දැම්මෙ නැත්නම් සිංහලයෙොන්ට නෙවේ බුද්ධාගමත් නැති වෙනවා

    ( දැන් මේකෙ ඉන්න කලුසුද්දො බෞද්ධ දර්ශනය ගැන බයිල ගහන්න එන්න එපා එදා දුටුගැමුනු රජතුමා විජයබා රජතුමා යුද්දෙට ගියෙත් තමන්ගෙ ආගම ජාතිය බේරගන්න බව මතක තියා ගනිල්ලා )
     

    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    Bump


    වටිනා ලිපියක්. මමත් මේක post එකක දන්නා හිටියේ
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    536609_467963276587949_707178015_n.jpg


    menna okkoma me link walata gihin balapalla balala thiranayakarapan thawath p***** wage balan innawada kiyalaaaaaaaaaaaaaaaaaa
    https://www.facebook.com/pages/Sanat...04800702949472
    https://www.facebook.com/Sorrycom
    https://www.facebook.com/pages/Horrycom/163349630475521
    https://www.facebook.com/shanika.dissanayaka.75
    https://www.facebook.com/pages/Dhamm...82558215112197

    බෞද්ධයන් වන ඔබ සැම මෙවැනි පිටු වලට එරෙහිව නැගිසිටින්න.සියලුම බෞද්ධයන් මෙය share කරමින් අනෙක් අය දැනුවත් කරන්න.
    පහත link වලින් ගොස් එම පිටුවල ඇති සියලුම පොස්ට් report කරන්න.
    mokada dan kiyanna thiyenne