මීගමුව හිරේ සුපිරි පාටියෙන්...

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_0750f47d8d.jpg


    බන්ධනාගාර රැඳවියන්ට තහනම් භාණ්ඩ සැපයීමට අදාළ ලිපි ලේඛන කූඨ ලේඛන සැකසීම සහ විෂමාචාර දූෂණ ක්‍රියා සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා විසින් බන්ධනාගාර රැඳවියන්ට ලබා දෙන ලදැයි කියන සුඛෝපභෝගී පහසුකම් සම්බන්ධයෙන් වූ ඡායාරූප පෙළක් බුද්ධි අංශ විසින් සොයා ගනු ලැබ ඇත.

    මෙම ඡායාරූප සොයාගෙන ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අතරතුරදීය.

    ආරක්ෂක අංශ සඳහන් කරන අන්දමට මෙම ඡායාරූපවල දැක්වෙන්නේ මීගමුව බන්ධනාගාරයේ වාට්ටු අංක 02 හි රඳවා සිටි මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන “කොණ්ඩ රංජි නොහොත් කඳානේ රංජි” නමැත්තා සහ තවත් සැකකරුවන් පිරිසක් විසින් පවත්වන ලද මත්පැන් සාදයකි.

    විදුලි උදුනක්, අයිස් බඳුනක්, ඇඹරුම් යන්ත්‍රයක් (බ්ලෙන්ඩරයක්), නවීන පන්නයේ ජංගම දුරකතන රැසක්, රූපවාහිනි දෙකක්, දුරකතන චාජර් මෙම ඡායාරූපවල දැක්වෙන අතර, දුම්වැටි පානය කරමින් කාඩ් සෙල්ලම් කරන අයුරුද දිස්වෙයි.

    ඇඹරුම් යන්ත්‍රවලින් බීම සකස් කරමින් සිටින අයුරු මෙම ඡායාරූපවලින් දැක්වෙන අතර, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන කිහිපයක් චාජ් කරමින් තිබෙන අයුරුද දිස්වෙයි. විවිධ කටගැස්මට වර්ග කිහිපයක් පිඟන්වල දමා ඇති අතර ශීතකළ ජල බෝතල්, විවිධ වර්ගයේ සිසිල් බීම ආදියෙන් සමන්විතව සකස් කළ සාදයේ කෑම වර්ග ඉතාමත් සුඛෝපභෝගී අයුරින් සකස් කර ඇති බව පෙනෙන්නට තිබේ.

    කෑම පිසගැනීමට අවශ්‍ය කුළුබඩු වර්ග බඳුන්වල ඇසුරුම් කර රාක්ක ලෙසින් සකස් කරගෙන මෙම ස්ථානයේ තබා ඇති අතර විවිධ බිස්කට් වර්ග ආදිය ද ඇති බව ඡායාරූපවලින් දිස්වෙයි.

    විවිධ ගීත ගායනා කරමින් මෙම සාදය පවත්වන අතරතුර මොවුන් ඒවා සෙල්ෆි ඡායාරූප මෙන්ම වීඩියෝ වශයෙන් ද පටිගත කර ඒ වෙනුවෙන් ම සකස් කර ගත් මුහුණු පොතේ ගිණුමකට මුදාහැර ඇති බවද බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබිණි.

    image_4ccbc77c4b.jpg


    image_3b947bca8e.jpg


    image_abce3b0cb6.jpg
     
    • Like
    Reactions: hodakolla

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,038
    113
    හිර ගෙවල් පුනුරුත්තාපන කරන තැන වෙන්න ඕනි. එකට මෙහෙ වෙන්නේ යන එවුන් තවත් කැරියෝ වෙලා එලියට එන එක. පාර්ටි, music ,.. කලාකාමී දේවල් වලින් තමා මනස හදන්න ඕනි. මොකද උන්ගේ සංවේදී කම තමා හැදෙන්න ඕනි.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    අල්ලා අල්ලා කූඩු කරන එක විතරයි හිරේ කියලා මුන් දන්නේ...ඕකට ගියාම තමන් කරපු වරද ගැන හිතන්න ඒවා තේරුම් කරලා දෙන්නා ක්‍රමයක් තියෙන්න ඕනි..දෙන එකත දෙනවා දොබෙන් යන්න අවුරුදු 4,5,10 ආයේ එලියට ඇවිත යහපත ජීවිතයක් ගත කරන්න බෑ වුන්ට..එලියට ආවට පස්සෙ ජිවිතේ ගැට ගහගන්න ඕනි නන් කලින්ට වඩා වැරදි කරන්න ඕනි
     
    • Like
    Reactions: Dhanushka.N

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    owata kiyanne rajya anugrahayen janatha mudalin janathawata sukola lokko athal gannawa kiyala.

    1) kudu dumiya
    2) anurudda sampayo
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හිර ගෙවල් පුනුරුත්තාපන කරන තැන වෙන්න ඕනි. එකට මෙහෙ වෙන්නේ යන එවුන් තවත් කැරියෝ වෙලා එලියට එන එක. පාර්ටි, music ,.. කලාකාමී දේවල් වලින් තමා මනස හදන්න ඕනි. මොකද උන්ගේ සංවේදී කම තමා හැදෙන්න ඕනි.
    කන්ද උඩරටට ලැජ්ජාවක්. උබව වැවේ ගිල්ල වන්න ඕන.
    එලියෙදි එක එකාගෙ අතපය කපලා, කප්පන් අරන්, මිනී මරලා , කුඩු විකුනලා හිරෙ ගියාම උන්ට තවත් ආතල් දෙන්නද කියන්නෙ. උබ හිතන්නෙ එලියෙ ඉදන් කැරි වැඩ කරන කාලෙදි මුං ඔහොම පාටි දාලා ආතල් ගත්තෙ නෑ කියලද.