මීගමුව KFC එකේ බැදපු කුකුල් මස් වල පණුවෙක්....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මීගමුව KFC එකේ බැදපු කුකුල් මස් වල පණුවෙක්....

    මීගමුව KFC එකේ බැදපු කුකුල් මස් වල පණුවෙක් .??

    මාර්තු 10 වනදා මීගමුව KFC අවන්හලට ආහාර ගැනීම සඳහා ගිය පාරිභෝගිකයෙකුට මෙම අප්‍රසන්න සිදුවීමට මුහුණදීමට සිදුව තිබේ. වෙලාව සවස 5 පසුව විනාඩි 6 ක් වන විට මෙම පුද්ගලයා KFC එකේ ආහාර ගනිමින් සිට ඇත. එම අවස්ථාවේදී ඔහු ආහාරයට ගනිමින් සිටි බැදපු කුකුල් මස් කැබැල්ලේ පණුවෙක් තිබී අසුවී ඇති අතර එය ඔහු දෑසින්ම දැක තිබේ.
    පසුව එම පාරිභෝගිකයා විසින් KFC එකේ සේවකයාට මේ පිළිබඳව පෙන්වා දෝෂාරෝපනය කර ඇති අතර ඔහු විසින් එම මොහොතේම 119 අමතා පාරිභෝගික අධිකාරීයේ දුරකථන අංකය ලබාගෙන එයට දුරකථන ඇමතුමක් ලබාදී තිබේ. නමුත් ඒ මොහොතේ එම අංකයට සම්බන්ධකර ගැනීමට ඔහුට නොහැකි වී ඇති අතර පසුව ඔහු විසින් එම පණුවන් සිටි ආහාර සහ සේවකයන් පරීක්ෂා කරන අයුරු ඡායාරූප ගතකොටගෙන ඇත. KFC අවන්හලේ නිලධාරීන් විසින් එම මොහොතේම එම පණුවන් සිටි ආහාර ඉවත්කරගෙන ඇති අතර බිල් පත ද රැගෙන ඇත.මේ සිදුවිම පිළිබදව වැඩි විස්තර දැනගැනිම සදහා අප මීගමුව KFC අවන්හලේ කළමණාකරුව අද දින ඇමතූ අවස්ථාවේ ඔහු ඒ ගැන කිසිවක කිමට නොහැකි බව පවසා කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් විමසන ලෙස දන්වා දුරකථනය විසන්ධි කර තිබේ.



    ATT3.jpg


    ATT1.jpg


    ATT5.jpg


    ATT6.jpg


    ATT2.jpg


    ATT4.jpg




    මේ සිදුවිම සම්බන්ධයෙන් මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගෙන් විමසූ විට ඔහු පැවසූවේ අදාළ පාරිභෝගිකයා තමන්ට ඒ මොහොතේම පැමිණිලි කළා නම් ඒ පිළිබඳව මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කරන්නට තිබුණ බවයි. තමනටත් මේ බව ආරංචි වු බවත් තවමත් එම නිල වෙබ් අඩවිය නරඹන්නට නොහැකි වූ බවත් පැවසූ මීගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂක ද්‍යෛ විජේලත් මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් මේ වනතෙක් මීගමුව මහජන සෞඛ්‍ය කාර්යාලය විසින් ආරම්භ කර නැති බවයි.


    Meepura-Logo-300x135.png