මීගමු කටානේ දී කඩා වැටුනේ ලංකාවේ මිනුම් ක&#349

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මීගමු කටානේ දී කඩා වැටුනේ ලංකාවේ මිනුම් ක&#349

    මීගමු කටානේ දී කඩා වැටුනේ ලංකාවේ මිනුම් කටයුතුවල මුල් පදනමයි - එහෙත් "සුද්දා හදපුවා කැඩුනාට කලබල වෙන්න එපාලු, අපේ රජවරු හදපු දේවල් කැඩුණොත්ලු ප්‍රශ්නේ"


    [FONT=&quot]''The military reconnaissance survey accordingly plodded along for two more decades and Fraser's great task was completed 40 years after the work was started. A base of verification, 5 1/4 miles in length, was measured in 1845 by Galway and Skinner, in the Cinnamon plantations at Kadirane, near Negombo, and its extremities were sur-mounted by two towers to which the triangulation was connected.'' [/FONT][FONT=&quot](R.L. Brohier, (Dec.1948-Mar.1949), 'The Cartography of Ceylon in the early British Period and the the Evolution of the Topographical map, Bulletin of Ceylon Geographical Society, page 55). [/FONT]
    [FONT=&quot]ඉහතින් සදහන් වෙනුවේ[/FONT][FONT=&quot] ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ප්‍රධාන මිනින්දෝරු නිලධාරියාව සිටි කීර්තිමත් R. L.[/FONT][FONT=&quot]බ්‍රෝහියර් මහතා විසින් ශ්‍රී ලංකාවේ මිනින්දෝරු කටයුතුවල මුල්කාලය සම්බන්ධයෙන් 1948 දී ලියූ ලිපියකින් උපුටාගත්[/FONT][FONT=&quot] කොටසකි. මෙම කොටස විශේෂයෙන් උපුටා දක්වනුයේ එම ලිපියේ සදහන් ආකාරයට එවකට ප්‍රධාන [/FONT][FONT=&quot]මිනින්දෝරු[/FONT][FONT=&quot] ජෙනරාල් ෆ්‍රේසර් සහ තවත් නිලධාරීන් දෙදෙනෙකු වූ [/FONT][FONT=&quot]මේජර් ස්කිනර් සහ කැප්ටන් ගැල්[/FONT][FONT=&quot]වේ විසින් [/FONT][FONT=&quot]ත්‍රිකෝණීක (triangulation) මිනුම්ක්‍රමය යොදාගෙන ශ්‍රී [/FONT][FONT=&quot]ලංකාවේ මිනුම් කටයුතු සදහා [/FONT][FONT=&quot]මීගමුවේ පිහිටි ලන්දේසි කුළුණු දෙක යොදාගත් ආකාරය ගැන සදහන් කර තිබීම නිසාය. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එම [/FONT][FONT=&quot]මිනුම් කටයුතුවලදී ඉහත සදහන් ලන්දේසී [/FONT][FONT=&quot]කුළුණු දෙක[/FONT][FONT=&quot] කෙතෙක් ප්‍රයෝජනවත් වුයේදැයි [/FONT][FONT=&quot]එම [/FONT][FONT=&quot]මිනුම් කටයුතුවලට[/FONT][FONT=&quot] සම්බන්දවූ [/FONT][FONT=&quot]මේජර් ස්කිනර්ගේ ස්වයන් චරිතාපදානයේ, එනම් [/FONT][FONT=&quot]Thomas Skinner ගේ (1891) '[/FONT][FONT=&quot]Fifty Years in Ceylon 1804-1877:An Autobiography' කෘතියේ පිටු 272 සහ 273 වල පහත ආකාරයට සදහන් වේ.[/FONT]
    [FONT=&quot] [/FONT]
    මෙම විස්තර කියවා බැලීමේදී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන් විසින් සිදුකල ලංකාවේ මිනුම් කටයුතුවල සහ සිතියම් ගතකිරීම්වල දී පදනම (base line) ලෙස යොදාගෙන ඇත්තේ ඉහත සදහන් ලන්දේසින් විසින් ඉදිකළ කුළුණු දෙකය.


    ශ්‍රී ලංකාවේ විධිමත් මිනුම් කටයුතු, දත්ත සහ සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් මුලින්ම දැඩි උනන්දුවක් දැක්වුයේ ලන්දේසි යටත්විජිත පාලකයන්ය. ලංකාවේ මුල්ම මිනුම් කටයුතුවල නිරතවූ ලන්දේසි නිලධාරීන් ලෙස හැදින්වනුයේ Du Perron සහ Jonville ය. Jonville පසුව ලන්දේසි පාලනය යටතේ ප්‍රධාන මිනුම් ජෙනරාල්වරයා විය. කලක් ලන්දේසින්ගේ මීගමුව දිස්ත්‍රික්කය බාර ඒජන්තවරයා වනුයේ De Meuron Joinville නමැත්තෙකි, ඔහු සහ ඉහත සදහන් Jonville යනු එක්කෙනෙකුද නැතහොත් දෙදෙනෙකුදැයි නිශ්චිතව කිව නොහැක. කෙසේවුවද මීගමුවේ පිහිටි ලන්දේසි කුළුණු දෙක ඉදිකරනුයේ Jonville ගේ නායකත්වය යටතේ 1732 දී පමණය.

    [FONT=&quot]
    [/FONT] [FONT=&quot]මෙහි සදහන් එම කුළුණු දෙක පිහිටා තිබුනේ වර්තමාන කටුනායක ඇවරිවත්තේ සහ කටාන කදවල හෙවත් මීගමුවේ [/FONT][FONT=&quot]එවකට[/FONT][FONT=&quot]තිබු විශාලම කුරුදූ වතුවගාවන් සදහා යොදාගත් කදිරාන ප්‍රදේශයේය. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ගිය සෙනසුරාදා (28/11/2015) හිමිදිරි උදයේ කඩාවැටී ඇත්තේ ඉහත සාකච්චාකල කුළුණු දෙකකින් එකක් වන [/FONT][FONT=&quot]කදවල[/FONT][FONT=&quot]කුළුණ[/FONT][FONT=&quot]ය. කාලාන්තරයක් පුරාම ක්‍රමයෙන් දිරාපත්වීමට ලක්ව තිබු මෙම කදවල කුළුණ මෙන්ම [/FONT][FONT=&quot]කටුනායක ඇවරිවත්තේ [/FONT][FONT=&quot]කුළුණ ද කොයියම්ම හෝ මොහොතක කඩාවැටීමට ආසන්න බව ප්‍රදේශයේ ජනයා මෙන්ම දේශපාලන නායකයින්ද පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට සහ මධ්‍යම සංස්කෘතික අරමුදලටද දැන්වූ බව දැන් ප්‍රචාරණය වන මාධ්‍ය ප්‍රකාශනවලින් ඇසේ. කෙසේවුවද, [/FONT][FONT=&quot]කුළුණට හානිවූයේයැයි සලකන මහා මාර්ගය ඉදිකිරීමේ කටයුතුවලදී හෝ වෙනත් සෑම ආකාරයකින්ම මෙම [/FONT][FONT=&quot]කුළුණු ආරක්ෂා කරගැනීමට නොහැකිවීම ඇත්ත වශයෙන්ම කණගාටුවට පත්විය යුතු කරුණකි.[/FONT]
    [FONT=&quot]මෙම කුළුණු ගැන අවධානය යොමුවීම අරබුනේ අද ඊයේ සිට නොවේ. බ්‍රිතාන්‍ය පාලනයේ මුල්කාලයේ සිටමය. මේජර් ස්කිනර්ගේ ස්වයන් චරිතාපදානයේ සදහන් වන ලෙස 1848 පමණ කාලයේදීද මෙම [/FONT][FONT=&quot]කුළුණු ප්‍රතිසංස්කරණය කලයුතු බවට ඔහු දන්වා යැවූ බව සදහන්වේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එහෙත් නිදහසින් පසු කිසිම යුගයකදී මෙම [/FONT][FONT=&quot]කුළුණු [/FONT][FONT=&quot]කිසිදු ලෙසකින් ප්‍රතිසංස්කරණය කල බවක් අප අසා නැත. මෙම [/FONT][FONT=&quot]කුළුණු දෙක මෙන්ම මීගමු කොටුවද නොදුරු අනාගතයේදීම බිමට කඩාවැටෙනු ඇත. මීගමු ජනයා අදාල බලධාරීන්ව කෙතෙක් දැනුවත් කලද, මෙම ප්‍රදේශවල ඇති සීමිත පුරාවස්තුවන් කිහිපයවත් ආරක්ෂා කරදෙන ඉල්ලාසිටියද, කිසිදු නිලධාරියෙක් හෝ බලයට පැමිණි කිසිදු රජයක් තවම ඒ සම්බන්ධයෙන් කිසිවක් කර නොමැත. [/FONT][FONT=&quot]බලධාරීන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දුන් අපගේ මිතුරෙකුට දැනගැනීමට ලැබුනේ [/FONT][FONT=&quot]"සුද්දා හදපුවා කැඩුනාට කලබල වෙන්න එපා, අපේ රජවරු හදපු දේවල් කැඩුණොත් නම් තමා ප්‍රශ්නේ' යනුවෙනි. එම පිළිතුරෙන් [/FONT]ශ්‍රී ලංකාවේ [FONT=&quot] රාජ්‍ය [/FONT][FONT=&quot]නිලධාරින් අපේ පළාත්වල ථෙතිහාසික [/FONT][FONT=&quot]සහ සංස්කෘතික උරුමයන් රැකගැනීම සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය හොදහැටි නිරූපනය වේ. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    අවාසනාවකට අපේ පළාත්වල රජවරුන් ඉදිකළ කිසිවක් නොමැත. ඇත්තේ සුද්දා ඉදිකළ දෑ පමණි. ඒවා රටේ ජාතික උරුමයන් නොවන්නේද? එන එන ආණ්ඩු ගාල්ල හා මාතර පිහිටි ලංදේසි කොටු ප්‍රතිසංස්කරණට මුදල් වෙන්කලද මීගමුව කොටුව සහ එම ප්‍රදේශවල ඇති මෙවැනි ලන්දේසි කුළුණු හෝ අනෙක් ථෙ[/FONT][FONT=&quot]තිහාසික සහ සංස්කෘතික උරුමයන් හෝ රැකගැනීමට කටයුතු නොකරන්නේ මන්දැයි අප ඇසිය යුතුය. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කෙසේවුවද, ඉහත [/FONT][FONT=&quot]R. L.[/FONT][FONT=&quot]බ්‍රෝහියර්[/FONT][FONT=&quot]ගේ ලියවිල්ල සහ [/FONT][FONT=&quot]මේජර් ස්කිනර්ගේ ස්වයන් චරිතාපදානයේ සදහන්[/FONT][FONT=&quot] කරුණු හොදින් විමර්ශනය කලවිට පෙනීයනුයේ මීගමුව-කටාන, කදවලදී කඩා වැටී ඇත්තේ නිකම්ම් නිකම් ලංදේසි කුළුනක් නොව [/FONT]ශ්‍රී ලංකාවේ මිනුම් කටයුතුවල සහ සිතියම් ගතකිරීම්වල දී පදනම (base line) ලෙස යොදාගෙන ඇති ලන්දේසින් විසින් ඉදිකළ කුළුණු දෙකෙන් එකක් බවයි. අදට ද කටුනායක ඇවරිවත්තේ සහ කදවල පාර හදුන්වනුයේ, එදා මේජර් [FONT=&quot]ස්කිනර් හැදින්වූ ලෙසම, [/FONT] 'බේස්ලයින්' පාර ලෙසය. එහෙයින් කඩා වැටී ඇත්තේ අපේ රටේ අනාගත පරපුරට පවා මහත් අධ්‍යාපනික වටිනාකමක් ඇති ජාතික උරුමයක් නොවේද ? එය කටානට තිබු එකම පුරාවස්තුව පමණක් නොව සමස්ථ ලංකාවටම තුබූ පුරාවස්තුවක් නොවේද? නැවත එය ගොඩනැගීම අපේ පරම්පරාවට අයත් වගකීමක් යැයි සිතා වැඩකරමු.


    [FONT=&quot] මාකස් ප්‍රියන්ත පෙරේරා. [/FONT]
    [FONT=&quot]29/11/2015
    හිමිකම් කතෘ සතුය
    http://marcuspriyanthaperera.blogspot.com/2015/11/blog-post_28.html?spref=fb&m=1
    [/FONT]
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Mama dannawa me Elakiri eketh innawa suddata banina set ekak. Sudda nethnan ada sinhalu rajata kulaya anuwa wahal kan karana jathiyak. New technology okkoma suddage, Sudda mulu lokema beragaththa world war ekedi. Nethnam German Nazi kewwe assians la 'sub humans' kiyala. adu tharame nidahas wela 70 years welath thama jeewath wenne suddongenui & thambingenui
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    කඩා වැටුන ලන්දේසි කුලූණ සංරක්ෂණය කරන්න බැරිවෙයි

    කටාන කඳවල ප‍්‍රදේශයේ පිහිටි ඉපැරණි ලන්දේසි කුලූණ කඩාවැටීමට හේතුව පරීක්ෂණවලින් හඳුනාගෙන තිබෙනවා. පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසුවේ මෙම කුලූණ ප‍්‍රතිසංස්කරණය කළ නොහැකි තරමටම විනාශ වී ඇති බවයි.

    "ඒ කනුවේ තිබෙන දුර්වලතාවයක් නෙවෙයි මේ කඩා වැටීමට හේතුවෙලා තියෙන්නේ. ඒ ආසන්නයේ මාර්ගය සැකසීමේදී වුණු මැදිහත් වීම මේ කණුවේ විනාශයට බලපෑවා කියන එක තමයි අපට පරීක්ෂණ වලදී හෙළි වී තිබෙන්නේ.

    මෙම ස්මාරකය සංරක්ෂණය කළ නොහැකි මට්ටමටම විනාශ වෙලා තිබෙනවා. සම්පූර්ණයෙන්ම ගොඩනැගිල්ල කඩා වැටීම නිසා එහි තිබෙන ගඩොලක් පාසා සුනු විසිණු වෙලා තිබෙනවා. ඒ නිසා මේක සංරක්ෂණය කිරීමට හැකියාවක් අපට ලැබෙන්නේ නැහැ. මෙය නැවතත් ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. නමුත් පුරාවිද්‍යා මූලධර්ම වලට අනුකූලව එවැනි පුරාවස්තුවන් විනාශ වුනාම එය ප්‍රතිනිර්මාණය කිරීම පුරාවිද්‍යා මූලධර්ම වලට පටහැනියි".

    අදාළ කුලූණ කඩාවැටීමට හේතූන් ලෙස ඉකුත් දිනවල පැතිර ගිය ඇතැම් රාවයන් පිළිබඳව ද නෙත් නිවුස් මෙහිදී ප‍්‍රශ්න කළා.

    මේ ස්ථානයේ තිබුණු අකුණු සන්නායක පද්ධතියක් ගලවා ගැනීමට කිසියම් පිරිසක් උත්සහ කිරීම මේ කුළුන කඩා වැටීමට හේතුවක් බවට ඇතැම් පාර්ශව චෝදනා කරනවා මෙහි සත්‍ය අසත්‍ය තාවය කුමක්ද ?

    "මෙතන අකුණු සන්නායකයක් සහ පෙලොව තුළ අකුණු සන්නායකයට සම්බන්ද කරපු තැටියක් තිබෙනවයි කියන වාර්තාව අපට ලැබුණා. නමුත් මේ කඩාවැටීමටනම් එහි කිසිම සම්බන්ධයක් තිබෙන බව පේන්නේ නැහැ.ඇත්තටම මේක මාර්ගය සකස් කිරිමේ ක්‍රියාදාමය නිසා මේ මැනුම් කුළුනේ පදනම දුර්වල වෙලා කඩා වැටුණු බවයි දැනට අපට පැහැදිලි වෙලා තියෙන්නේ".

    කඩාවැටී විනාශ වුණු කටාන කඳවල ප‍්‍රදේශයේ පිහිටි ඉපැරණි ලන්දේසි කුලූණට සමාන තවත් කුලූණක් සඳලංකාව ප‍්‍රදේශයේ පිහිටා තිබෙනවා. එවැනි කුලූණු ශ‍්‍රී ලංකාවේ ඇත්තේ එපමණක් බවයි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.


    44.jpg


    55.jpg