මුදලිහාමි ඇත්තටම ඉන්නවා 
මීටර් 100
"මුදලිහාමි, හෙට සවස ගෙදර වැඩක් මොකුත් තියෙනව ද?''
"වැඩක් නං නෑ මහත්තයා''
"හෙට සවස මාත් එක්‌ක කැකිරාවට යන්න ලෑස්‌ති වෙලා එන්න පුළුවන් ද?''
"පුළුවන් මහත්තය.''
"එහෙනම් ඉස්‌කොලෙ ඇරිල මාත් එකක් කැකිරාවට යනව කියල ගෙදර අයට කියල එන්න ඕනෑ''
"හොඳයි මහත්තය.''
"දැන් ඉන් අනිද්දා නේ කොළඹ යන්නේ. එහෙ ගිහින් දුවන කොට මෙහෙදී වාගෙ සරම පිටපට ගහගෙන දුවන්න බෑ මුදලිහාමිට මගේ ගණනේ කලිසමක් මස්‌සල දෙනව හෙට ගිහින් මිම්ම දීලා එමු.''
"හොඳමයි මහත්තය.''
"දැන් එහෙනම් ගෙදර යන්න''
මගේ ඉහේ මල් ගොන්නක් ම පිපුණා වගේ මට දැනුණා.
අලුත් මහත්තය ආවට පස්‌සේ ඉස්‌කෝලෙ කලින් තිබුණ පාළු ගතිය දැන් නෑ. ළමයිනුත් වෙනදාට වඩා ආසාවෙන් ඉස්‌කෝලෙ එනව. පසුගිය වාරේ අපේ ඉස්‌කෝලෙ ක්‍රීඩා උත්සවයක් තිබුණා. ඒකට මුල් වෙලා වැඩ කෙරුවෙත් අලුත් මහත්තය. ඒකෙන් දහතුනෙන් පහළ මීටර සියය දිවිමේ තරඟෙන් පළමු වෙනිය උණේ මමයි. ඒ පාර අලුත් මහත්තය මාව කැකිරාවටත් එක්‌කගෙන ගියා. එහෙදිත් මං පළමුවැනියා උණා. ඊට පස්‌සෙ අනුරාධපුරේටත් එක්‌ක ගියා. එහෙඳීත් මං පළමුවැනියා උණා. එදා තමයි මං ඉස්‌සරවෙලා අනුරාධපුරේ ගියේ. මගෙ අම්මේ අනුරාධපුරේ කඩ සාප්පු තියෙන තරං! ඒ වගේ මයි ඒවයේ තියෙන දේවල්. අපේ ගමේ විදානෙගෙ කඩෙත් කඩයක් ද කියල මට හිතුණා. කොළඹ ඊටත් වඩා ලොකු සාප්පු ඇති. සාප්පු විතරයැ ? කොළඹ මූදක් තියෙනව ලු. මූද අපේ වැව නෙවෙයි. කලාවැවටත් වැඩිය හුඟාක් ලොකු ඇති. එකේ නැව් යනවලු කොළඹ වරායකුත් තියනවලු මට ඒව ඔක්‌කොම බලන්ට පුළුවන් වෙයි.
එදා මං ඉස්‌කොලෙ ඉඳලා ගෙදර ආවේ කොහොමද කියල මට මතක නෑ. වෙනදා පාරේ තියෙන වක්‌කඩවල්, ඒ දඬු, වට කඩුලු එදා තිබුණද කියලවත් මට මතක නෑ.
"අම්මෙ, හෙට අලුත් මහත්තයත් එක්‌ක මං කැකිරා යනව.''
"ඒ මොකට ද?''
"මට අනිද්දා කොළඹ යන කොට ඇදගෙන යන්ට කලිසමක් මස්‌සොවංට, අලුත් මහත්තයා මස්‌සෝල දෙන කිව්ව.''
"හැබෑට ? ඉතින් උඹට එහෙදිත් දිනංට පුළුවන් වෙයි ද? කොළඹ රටේ ළමයි බොහොම හපන්නු ලු''
"හ්ම්, එහෙනං කෝ ඔය සරමයි බැනිමයි ගලෝල දියං හෝදලා දාන්ට. කැකිරා යන කොට කිළුටු ඇඳගෙන ගිහෑකෑ ? අන්න කුස්‌සියේ මයියොක්‌කා තම්බපුවා ඇති. අර මඩක්‌කුවේ ලුණුමිරිස් ඇති. අප්පොච්චිටත් ලුණු මිරිස් ටිකක් ඉතුරු කරලා කාපං.''
මං අමුඩේ ගහගෙන සරමයි බැනියමයි ගලෝල අම්මට දුන්නා, අම්මා ඒවත් අරං වැවට ගියා, මං කුස්‌සියට වැදුණා. අලුත් මහත්තය මං කලිසම විතරක් නොවෙයි ලස්‌සන කමිසෙකුත් අරන් දුන්නා. මං ගෙදරඳී තුන් හතර සැරයක්‌ම ඒවා ඇඳල බැලුව.''
"ඒ ඇඳුම් ඇද ගත්තහම අපේ මුදලියත් හරි හැඬයි. කකුල් දෙකට සපත්තු දෙකකුත් තිබුණ නං ඇරපු අතක් නෑ. සෙයිලමේ පැංචෙක් වගෙ මයි.''
පේ අප්පොච්චට හීන් සැරේ අම්මා කියනවා මට ඇහුණා
"කොළඹ ගිහිං ආවට පස්‌සෙ මටත් ඕක ඇඳල බලංට දියං අයියෙ.'''
හීන් මල්ලී මගේ කලිසමයි කමිසෙයි අත ගඟා කං කෙඳිරි ගෑවා.
"ඔය හිං එකා මොකදැ කරන්නෙ ? අතේ තියෙන ජරාව ඇදුමෙ ගාන්නෙ නැතුව පැත්තකට වෙයං.''
අම්මා මල්ලීට ගොලු ගත්තා.
"කොළඹ යන දවසෙ මෙහෙ ඉඳල මං ඕවා ඇඳගෙන යංට ඕනැ නෑ. අකුලාගෙන ගිහින් කෝචිචියේ දී ඇද ගනිං. ආයෙ මේකෙ එවුංට ඇහැ ගැහෙංට ගෙදර ඉඳලා ම ඇඳගෙන යන්නෙ මොකට දැ ?''
අප්පොච්චා එහෙම කිව්වෙ මං කලිසම ඇදගෙන යන කොට ගමේ උදවියගෙන් මේ ඇස්‌වහ කටවහ වැදෙයි කියල හිතාගෙන වෙන්ට ඇති. ඇස්‌වහ කටවහ වැදුණොත් මට දිනන්ටත් බැරි වෙයි. ඇස්‌වහ කටවහ වදින්නෙ මං කලිසං ඇදගෙන ගියොත් නේ.
"ඇයි මුදලි`හාමි සූට් එක ඇදගෙන ආවෙ නැත්තෙ''
කොළඹ යන දවසෙ උදේ පාන්දර ගිනිවුලකුත් බැදගෙන මාව ඉස්‌කොලෙට එක්‌කගෙන ගිය අපේ අප්පොච්චගෙන් මහත්තය ඇහුවා.
"කිළුටුවෙයි කියල මං කිව්ව කොළඹ කිට්‌ටුවට ගිහිං ඇද ගන්ට කියල.''
අප්පොච්චි මගේ මූණ දිහා බලාගෙන කිව්වා. අපි පුංචිරාළ මාමලගෙ මඟුල් ගෙදර යන කොටත් ඇඳුම් පොට්‌ටෙනි ගහගෙන ගිහිං මඟුල් ගෙදර කිට්‌ටුවදී තමයි ඇදගත්තෙ. ඒත් මං නං අද කලිසම ඇදගත්තෙ නැත්තෙ ගමේ මිනිස්‌සුන්ට පෙනෙයි කියලා. මහත්තයයි මායි ඉස්‌ටේසමට ඇරලල අපේ අප්පොච්චා යන්ට ලෑස්‌තිවෙලා මගෙ ඔළුව අතගාලා පුතා අයියනායක දෙයියංගෙ පිහිටෙන් ගිහිං වරෙං කියල කිව්ව. එළිය වැටෙන්ට කලින් අපි කිරි ටික දෝවගන්ට තියෙන හින්ද මිසක් නැත්තං අපි කෝච්චියට ගොඩ වෙන කල්ම
අප්පොච්චත් ඉස්‌ටේසමේ ඉඳියි.
අද කෝච්චිය වෙනදාට වඩා පරක්‌කුයි වගේ. වෙනදා නං කුකුළා දෙසරේ අඬලන කොට කෝච්චිය හූ කියාගෙන එනව. අපේ ගෙදරට ඇහෙනව. එතකොට තමයි මං නැගිටින්නෙ. අද නං කෝච්චිය හූඟක් පරක්‌කුයි. කොඩි අත බාන මිහිහට මතක නැතිවෙලා වත්ද?
කොඩි අත පතට බාන කල් කෝච්චිය එනවැය. අලුත් මහත්තය ඉස්‌ටේසමේ මහත්තය එක්‌ක කතා කර කර ඉනනෙ කෝච්චිය ගැන වෙන්ට ඇති චිං මේ කෝච්චිය අද එන්නෙ නැතුවා වද්ද? පහු ගිය සුමානෙ දවසකුත් ඉහළගම හරියෙඳී කෝච්චිය පිළි පැන්නලු. අදත් එහෙම වෙලාවත්ද? එහෙම උනොත් අපට කොළඹ යන්ට බැරිවෙයි. එතකොට තරඟ දිවිල්ලත් ඉවරයි. කොළඹ බැලිල්ලත් ඉවරයි.
චිං ! අපරාදේ ! නෑ. නෑ කෝච්චිය ආවෙ නැතත් මහත්තයා කොහොම හරි මාව කොළඹ එක්‌කගෙන යයි. ඒ මහත්තයට ඕනෑ එකක් කරන්නට පුළුවන්. හරි උගතා. සල්ලිත් තියෙනව. අපේ ඉස්‌කොලෙ තියා මේ කෝරළේ වත් නැතුව ඇති එච්චර හොඳ මහත්තයෙක්.
"මුදලිහාමි නින්ද ගිහින් ද? දැන් කෝච්චිය ළඟයි කෝ අර පාර්සලේ. ඒක අමතක කරන්න එපා.''
මං කල්පනා කර කර උන්නෙ මගේ ඇඳුම් පොදියත් තුරුල්කර ගෙනමයි. මහත්තයට ඒක පෙනෙන්ට නැතිව ඇති. මට නින්ද ගිහිං කියල මහත්තයට හිතුණට මොකද මට ගෙදරදී වත් හොඳට නින්ද ගියේ නෑ. නින්ද යාගෙන එනකොට මට කොළඹ කෝචිචිය එනව වගේ ඇහෙනවා. මං ගැස්‌සිලා ඇහැරෙනව.
අර පෙනෙන්නෙ කෝචිචියෙ එළිය ගස් අස්‌සෙන් එහෙට මෙහාට හැරෙනව. රෑට පොල්ගස්‌වල ඇට්‌ටි කන්ට වදුරෝ ඇවිත් ද කියල විදානෙ මාම, බැටරිය අල්ලනව වගේ. කෝච්චියෙ හුගක් හිටියොත් මට ගොඩවෙන්ට බැරි වෙයි. වද්ද? කොහොම හරි ඇතුළට රිංගාගත්තොත් ඉඳගන්ට නං නැති උණත් කමක් නෑ. එක වැඩියෙන් හොඳයි. මට ජනේලයක් අයිනෙ හිටගෙන වට පිට බල බලා යන්ට පුළුවන්. දැන් කළුවර තව ටික වේලාවකින් ඉර පායයි නේ.
මේ කොච්චිය මෙතන තවත්නන එකක් නොවෙයි වත් ද? එනව තද වැඩියි. නෑ. නෑ. ඔය ටික ටික සැර බාල වෙන්නෙ.
"මුදලිහාමි" "හ්ම්.''