මීලග_කොරෝනා_HOT_SPOT

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    චීනයට හා ඉතාලියට පසු මීලග කොරෝනා HOT SPOT එක ඉන්දියාවද?



    coronavirus-in-india-770x433.jpg




    එසේ වුවහොත් ඉන්දියාව සමග දේශ සීමා හුවමාරු කරගන්නා ශ්‍රීලංකාවද ඇතුළු සාක් රාජ්‍යයන් සියල්ලද කොරෝනා වසංගතයේ අවධානම ගැන මීටත් වඩා අවධානය යොමු කිරීම අනිවාර්යක් වනු නියතය.

    ලොව වැඩිම ජනගහනයක් සිටින රාජ්‍යයන් අතර ඉන්දියාව ද සිටින්නේ ඉදිරියෙනි.ඉන්දියාවේ සමස්ථ ජනගහණව බිලියන 1.3කි. මේ වන විට කොරෝනා රෝගය ව්‍යාප්ත වූ රාජ්‍යයක් වන ඉන්දීය සෞඛ්‍ය අංශ වාර්ථාවන්ට අනුව 166 දෙනෙකු කොරෝනා රෝගීන් ලෙස වාර්ථා වන අතර තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.

    නමුත් වොෂිංටන් පදනම් කරගත් රෝග, ආර්ථික හා ප්‍රතිපත්ති පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක සහ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය රාමනන් ලක්ෂ්මනාරායන් පවසන්නේ කොරෝනා වසංගතය මීලගට මරස්ථානනය විය හැක්කේ ඉන්දියාව බවයි.

    ඉන්දියාව ජනගහණය අධික විශාල භූමි ප්‍රමාණයක් කරා දිවෙන රටක් වීම , ගොඩ බිමි දේශ සීමා හුවමාරු කර ගැනීම ආදී හේතූන් මත පවතින තත්ත්වය බරපත ලෙස වෙනස් විය හැකිය. එමෙන් අධිකතම ජනගහනයක් සිටින මුත් සම්පූර්ණ වශයෙන් සාර්ථක ලෙස බෙදීගිය සෞඛ්‍ය පහසුකම් නොමැති, විවිද මිත්‍යා විශ්වාසයන්ගෙන් සමන්විත රාජ්‍යය වන්නේද ඉන්දියාවයි.

    එක්සත් ජනපදයේ රෝගීන්ගේ සංඛ්‍යාලේඛන සහ ඇස්තමේන්තු උපයෝගී කරගනිමින් ඔහු පවසන්නේ , නරකම අවස්ථාවෙහිදී, ඉන්දීය ජනගහනයෙන් 60% ක් ආසාදනය විය හැකි බවයි – එනම් මිලියන 700 ක් හෝ 800 ක් පමණ ජනතාවකි. කෙසේ වෙතත්, අතිමහත් බහුතරයකට එය සුළු වශයෙන් බලපානු ඇති බව ආචාර්ය ලක්ෂ්මනාරායන් මහතා පවසන අතර . ඉතා සුළු ප්‍රතිශතයක් බරපතල ලෙස රෝගාතුර වන අතර ඊටත් වඩා කුඩා ප්‍රතිශතයකගේ ජීවිත අහිමි වනු ඇති බව ඔහු පෙන්වා දෙයි. ඔශුට අනුව ඉන්දියාව තුළ මෙතෙක් හදුනා ගත් නොගත් රෝගීන් සංඛ්‍යාව 10 000 ට ආසන්න සංඛ්‍යාවක් සිටී.

    මේ වන විට ඉන්දීය නිළ වාර්ථා වලට අනුව ඉන්දියාව වසංගතයේ දෙවන ස්ථානයේ සිටින බවත් තුන්වන අවධිය කරා ළගා නොවන බව පැවසුවද ආචාර්ය ලක්ෂ්මිනාරායන් පවසන්නේ ඔහු ඒ හා එකග නොවන බවයි. ඔහුට අනුව මේ වන විට ඉන්දියාව තුන්වන අදියර වෙත ලගා වී ඇත. ලෝකයේ අන් රටවල අත්දැකීම් අනුව එවැනි නිගමනයකට එළැඹිය හැකි බව ඔහු පවසයි. ඔහුට අනුව න්දියාව දිනකට පරීක්ෂා කළ යුතු රෝගීන සංඛ්‍යාව 10 000කි . නමුත් මේ වන විට ඉන්දීය රජය පරිකීෂවට ලක් කර ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 11 500ක් පමණක් බව ඔහු චෝදනා කර සිටියි.

    ඇති විය හැකි තත්ත්වය සුළු පටු නොවන බව පවසන ඔහු ඒ සදහා ඉන්දීය රජය සෞඛ්‍ය අංශ දියුණූ කරමින් දැඩි පියවර ගත යුතු බව පවසයි.

    වෛද්‍ය විද්‍යාව පිළිබඳ උසස් පර්යේෂණ සඳහා ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ හිටපු ප්‍රධානී වෛද්‍ය ටී. ජේකොබ් ජෝන් පවසන්නේ මේ වන විට මුළු සංඛ්‍යාවේ වර්ධනය මන්දගාමී වී ඇති අතර, අපේ‍්‍රල් 15 වන විට “එම සංඛ්‍යාව 10 ගුණයකින් වැඩි වනු ඇති බවයි.

    මේ වන විට ඉන්දියාව තුළ වැඩිම සිද්ධීන ගණනක් වාර්ථා වන්නේ මහාරාෂ්ඨ්‍රයෙනි. රෝගීන් 39ක් දෙනා එහි වාර්ථා වන අතර එය හළ නාගරීකරණයක් ඇති ප්‍රාන්තයක් වීම තුල රෝගයේ ව්‍යාප්තිය ඉහළ යනු ඇති බවද අනුමාන කරයි.

    මෙම තොරතුරු සැළකිල්ලට ගනිමින් චීනය සහ ඉතාලියට පසු ලොව මීලගට කොරෝනා රෝගීන් වැඩිම පිරිසක් වාර්ථා වන රට ඉන්දියාව ලෙස අනුමාන කළ හැකි බව බොහෝ විශේෂඥයින්ගේ මතය වී ඇත.

    එසේ වුවහොත් ඉන්දියාව සමග දේශ සීමා හුවමාරු කරගන්නා ශ්‍රීලංකාවද ඇතුළු සාක් රාජ්‍යයන් සියල්ලද කොරෝනා වසංගතයේ අවධානම ගැන මීටත් වඩා අවධානය යොමු කිරීම අනිවාර්යක් වනු නියතය.
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සුපිරිම ආහාර හිගයක් එයි වගේ...
    දැන් ම ටික ටික මොනා හරි වවාගත්ත්නම් හොදයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    ඉතාලියේ වගේ ඉන්දියාවේ පැතිරුනොත් එහෙම ලංකාවේ අපිත් චකබ්ලාස් වෙලා ශට් ඩවුන් වෙලාම යනවා.
     
    • Like
    Reactions: Oli_Vili

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඉතාලියේ වගේ ඉන්දියාවේ පැතිරුනොත් එහෙම ලංකාවේ අපිත් චකබ්ලාස් වෙලා ශට් ඩවුන් වෙලාම යනවා.

    අර වන්දනාකාරයො ගෙදර යවල තියෙන්නෙ මෙකද. ඉන්දියාවෙ ගණණ් වලට වඩා කොරෝනා තියනව.
     
    • Like
    Reactions: Oli_Vili

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අර වන්දනාකාරයො ගෙදර යවල තියෙන්නෙ මෙකද. ඉන්දියාවෙ ගණණ් වලට වඩා කොරෝනා තියනව.

    ඒවා නම් මහා මෝඩ වැඩ...කව්ද දන්නේ නෑ ගෙදර යවන්න කිව්වේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර වන්දනාකාරයො ගෙදර යවල තියෙන්නෙ මෙකද. ඉන්දියාවෙ ගණණ් වලට වඩා කොරෝනා තියනව.

    කෑම තියෙනව රිලෝඩ් තමා නැත්තෙ.yanda one card tikak aran enda.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර වන්දනාකාරයො ගෙදර යවල තියෙන්නෙ මෙකද. ඉන්දියාවෙ ගණණ් වලට වඩා කොරෝනා තියනව.

    හමුදාපතිතුමා නම් ඔහොම කතාවක් කිවෙ නැනෙ ආපු ඔක්කොම තියා ගන්නව කියල නෙමේද කිවෙ.