මීලඟට එන Google Silver පරපුර ගැන දැනගනිමු

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    මීලඟට එන Google Silver පරපුර ගැන දැනගනිමු

    images


    Silver-Android-Wallpaper-e1396480571489.jpg


    bye-bye-nexus.png


    ඔබත් නියම ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන්නෙක් නම් pure android අත්දැකීමක් ලබාගත හැකි Nexus දුරකථන සඳහා ඔබටත් ඇල්මක් තිබෙන්නට ඇති. එහෙමත් නැත්නම් දැනටමත් ඔබ Nexus ජංගම දුරකථන හිමියෙක් වන්නට ඇති. නමුත් Google සමාගම සිය Nexus ජංගම දුරකථන නිපදවීම නවතා දමන්නට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

    ඔයාලා හැමෝම දන්න කරුනක් තමයි Android කියන්නේ Open Source මෙහෙයුම් පද්ධතියක්. ඉතින් Samsung, HTC වගේ දුරකථන නිෂ්පාදන සමාගම් android මෙහෙයුම් පද්ධතිය වෙනස්කම් වලට ලක්කරලා තමයි එයාලගේ devices වලට ඇතුලත් කරන්නේ. නමුත් එලෙස වෙනස් කිසිදු වෙනසක් නොකර pure android ඇති ජංගම දුරකථනයක් වසරකට එක බැගින් Google විසින් හඳුන්වා දුන්නා. නිෂ්පාදන කටයුතු සඳහා LG, Samsung, Asus වැනි සමාගම් සමඟ එකතු වී ඒ නිකුත් කළ ජංගම දුරකථන 5 යි පහතින් දැක්වෙන්නේ.


    5nexus-630x348.png


    මෙලෙස Google විසින් Nexus නවතා දමන්නට සූදානම් වන්නේ Silver නමින් වඩා උසස් තත්වයෙන් යුතු ජංගම දුරකථන පෙළක ආරම්භයක් සටහන් කරමිනි. Silver දුරකථන වලට pure android ඒ ආකාරයෙන්ම ඇතුලත් නොවූවත් ඊට ඉතාමත් ආසන්න අත්දැකීමක් අත් විඳිය හැකි වනු ඇති බවයි පැවසෙන්නේ. නමුත් Nexus මෙන් නොව Silver දුරකථන වසරකට කිහිපයක්ම වුවත් නිකුත් විය හැකි අතර Silver දුරකථන සඳහා වන ගූගල් රෙගුලාසි වලට එකඟ වන ඕනෑම ජංගම දුරකථන නිෂ්පාදන ආයතනයකට Silver දුරකථන නිපදවීමේ අවස්ථාව ලැබේ.

    nexus-silver.jpg


    නමුත් උසස් තත්වයෙන් හා ඒ හා සමානව මිලෙන්ද උසස් ජංගම දුරකථන පමණක් Silver දුරකථනයක් ලෙස නිපදවෙනු ඇති. Apple සමාගමේ iPhone සඳහා තරඟයක් ලබාදීමටත්, ගුණාත්මක බවෙන් අඩු ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතයෙන් අවම කරවීමටත් මෙම නව ජංගම දුරකථන පෙළ නිකුත් වන ඇති. ඒ අනුව මේ වන තෙක් Google ට මුහුණු දීමට තිබූ විශාලම ගැටළුව වන Android වෙළඳපොලේ අධිකාරිය තමන් සතු නොවීම මේ නව හඳුන්වාදීමත් සඳඟ ක්‍රමයෙන් අඩුවනු ඇත.