මීළඟ පාර්ලිමේන්තුව............

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
මීළඟ පාර්ලිමේන්තුව............

ජනපතිවරණ ජයග්‍රහණ උණුසුමේ පාර්ලිමේන්තු මැතිවරණයක්‌ පැවැත්වුවහොත් එය ආණ්‌ඩුවට වාසිදායක බව ඉතිහාසය කියා දෙන පාඩමයි. 1988 දී ජනපතිවරණය පැවැත්වූ දිනම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. එබැවින් ඡන්ද 50.4% ක්‌ ලබා යන්තමින් ජනපතිවරණය දිනාගත් එජාපයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 125 ක්‌ හිමි විය. ඒ සමානුපාතික නියෝජනය ක්‍රමය යටතේ ලබාගත් වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාවයි. නමුත් 1999 දී පොදු පෙරමුණ ජනපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු ඒ උණුසුමේ පාර්ලිමේන්තු මැතිවරණයක්‌ පැවැත්වීමට උත්සුක නොවීය. පාර්ලිමේන්තු මැතිවරණයක්‌ පැවැත්වුණේ එයින් මාස දහයකට පසුවයි. එහි ප්‍රතිඵලය වුණේ අස්‌ථාවර ආණ්‌ඩුවක්‌ බිහි වී එහි ආයු කාලය වසරකට සීමා වීමයි. ජනපතිවරණය නිමා වූ සැණෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයකදී ආණ්‌ඩු පක්‍ෂයට විශිෂ්ට ජයක්‌ හිමිවන්නේ ඇයි?

මැතිවරණ අතර රජු ජනපතිවරණයි. ඒ ජනපතිවරණය රජු තෝරන මැතිවරණය වන හෙයිනි. එබැවින් ජනපතිවරණයට දෙපාර්ශ්වයම සිය සම්පූර්ණ ශක්‌තිය එක්‌ කරති. දෙපාර්ශ්වයට සහය පළ කරන ඡන්දදායකයන් ද සිය උපරිමයෙන් සිය ඡන්දය ප්‍රකාශ කරති. මේ සඳහා කදිම නිදසුන වන්නේ 2005 නොවැම්බර් ජනපතිවරණයයි. 2004 අප්‍රේල් මස පාර්ලිමේන්තු මැතිවරණයේදී ලක්‍ෂ 35 ක්‌ ඡන්ද ලැබූ එජාපය ඉන් මාස 19 කට පසු පැවැත්වූ ජනපතිවරණයේදී ලක්‍ෂ 47 ක්‌ ඡන්ද ලැබීය.

ජනාධිපතිවරණය පරාජයට පත්වන පාර්ශ්වය ඉදිරි මැතිවරණයන්ට මුහුණ දෙන්නේ දුර්මුඛවය. එම ඡන්ද ජයග්‍රහණය කළත් රටේ වෙනසක්‌ නොවන බැව් ඔව්හු දනිති. ඒ නිසාම ඔවුහු එම ඡන්ද පිළිබඳ උනන්දුවක්‌ නොදක්‌වති. විපක්‍ෂයේ ඡන්දදායකයෝ "කොහොමත් පරදිනවා" යන මානසිකත්වයෙන් ඡන්දය පළ කිරීමෙහි උදාසීන වෙති. ආණ්‌ඩුවේ ඡන්දදායකයන් සුළු පිරිසක්‌ ද "කොහොමත් දිනනවා" යන මානසිකත්වය හේතුවෙන් ඡන්ද පළ කිරීමට උනන්දු නොවෙති. විදෙස්‌ ගමන්, අසනීප, අවමඟුල්, උත්සව සහ ගමෙන් බැහැරව සිටීම වැනි හේතු මත ආණ්‌ඩු පක්‍ෂයේ පිරිස්‌ උදාසීන වන අතර විපක්‍ෂයේ ආධාරකරුවන්ට මෙම හේතු සියල්ලට අමතරව "පරාධීන මානසිකත්වය" ද බලපායි.

පසුගිය මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේදී ජනාධිපතිවරණ උණුසුමේ පාර්ලිමේන්තු මැතිවරණයක්‌ පැවැත්වුවහොත් ඡන්දය ප්‍රකාශ කිරීම ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 10% ක පමණ අඩුවීමක්‌ අපේක්‍ෂා කළ හැකි අතර එයින් 80% ක්‌ ම විපක්‍ෂ ඡන්දදායකයන්ය. මෙම ඓතිහාසික සාධකය අපි දැන් වර්තමානයට ගලපා ගනිමු.

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව වන 14,088.500 න් 10% ක්‌ වන 1,40,850 කින් පමණ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම පහත වැටීමට අවකාශ තිබේ. (දෙවන වගුව බලන්න) එයින් 20% ක්‌ හෙවත් ඡන්ද 281,770 පමණ "කොහොමත් දිනනවා" මානසිකත්වය හේතුවෙන් සංධානයට අහිමි වේ. එමෙන්ම එයින් 80% ක්‌ හෙවත් ඡන්ද 1,127,080 පමණ "පරාධීන මානසිකත්වය" හේතුවෙන් විපක්‍ෂයට අහිමි වේ. ඒ සමගම විපක්‍ෂය යාන්තමින් දිනූ දිගාමඩුල්ල (2%) සහ නුවරඑළිය (8.4%) දිසාවන්හි ජයග්‍රහණය සහ ප්‍රසාද මන්ත්‍රී ධුරය ආණ්‌ඩු පක්‍ෂයට හිමි වේ. එමෙන්ම ඡන්ද පදනම අඩුවීමෙන් පසු සංධානයට මන්ත්‍රී ධුර 114 ක්‌ හිමිවන විට විපක්‍ෂයට හිමි වන්නේ 60 කි. එමෙන්ම දිසා 18 ක්‌ දිනන සංධානයට ප්‍රසාද ආසන 18 ක්‌ හිමිවන විට විපක්‍ෂයට හිමි වන්නේ 4 කි. ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුර ආණ්‌ඩුව සහ විපක්‍ෂය අතර බෙදෙන්නේ 19(10 අනුපාතයටයි. එවිට ආණ්‌aඩු පක්‍ෂය වන සංධානයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 151 ක්‌ හිමිවන විට විපක්‍ෂයට හිමිවන්නේ 74 ක්‌ පමණි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකදී විපක්‍ෂය සංධානගත වී තරග කරනවාට වඩා එක්‌සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්‌ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සංධානය වශයෙන් වෙන වෙනම තරග කිරීමට ඉඩ ඇත. එවිට විපක්‍ෂයට හිමිවන මන්ත්‍රි ධුර ගණන තවත් අඩුවේ. දැනටමත් ආණ්‌ඩුවට ආසන 151 ක්‌ හිමි වී ව්‍යවස්‌ථා වෙනසකට අවශ්‍ය විශේෂ බහුතරය තිබෙනබැවින් වෙනම තරග කිරීමේ බලපෑම සෙවීමේ අවශ්‍යතාවක්‌ පැන නොනගී.

ඉහත විග්‍රහයෙන් පෙනී යන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීමට අවශ්‍ය අවම මන්ත්‍රී ධූර ගණන ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තනිවම ලබා ගැනීමට එක්‌සත් ජනතා නිදහස්‌ සංධානයට හැකියාව ඇති බවයි. එබැවින් නුදුරු අනාගතයේදීම අනිසි බලතල ඇති විධායක ජනපති ක්‍රමයත් මනාප බලු පොරයට රට තල්ලු කරන සමානුපාතික නියෝජන ක්‍රමයත් සංශෝධනය කිරීමට ආණ්‌ඩුවට හැකි වී සැබවින්ම සුබ අනාගතයක්‌ රටට උදාවනු ඇත.